මුන් හිතන්නේ මේරටේ මිනිස්සු රජ වරැන්ට කැමති නෑ කියල


යකෝ අපේ රටේ රජවරැ තමා රටට වැඩක් කරල තියන්නේ....
අපේ රටේ මිනිස්සු රජවරුන්ට අදරෙයි....
අවුරුදු දෙදාස් ගානක් මේරටේ රජවරු රජ කලා...
හරි හමන් ජාතකයක් තියන උන්ගේ ලේවල තියනව ඒ ගතිය...
අර පරසුද්දන්ට කලවම් වෙච්ච අවජාතක උඹල වගේ උන් මේ රටේ ඉන්නේ ටිකයි...
27 වෙනිදට ඉලක්කමෙන්ම කියන්නම් කීයද කියල


මචන් අතීතයේ අවුරුදු ගානක් රට පාලනය කලේ ක්ෂත්රීය පරම්පරාවකින් පැවත එන රාජ උරුමය තියෙන රජවරු 17 වන ශතවර්ෂෙදි ඒ පරම්පරාවෙ අන්තිම පුරුකත් නැති උනා ඊට පස්සෙ තමා මෙහෙට ඉන්දියාවෙන් රජවරු import කලේ අපි දන්නවනේ උන් කරපු හරිය
කාටවත් ඕනෙ උනාට එහෙම රජ වෙන්න බෑ ඒකට මෞලි මංගල්ලයක් තියෙල අදාල චාරිත්ර වලට අනුව ඔටුන්න පළදන්න ඕනේ
නැතුව නිකන් මිනිස්සුට කියල රජතුමා කියාගනිද්දි වස් වදිනව!
උඹ මෙතන අතීතෙ හිටපු රජවරු ගැන කියල මහින්ද මාමා රජා කියල කියන්න ඇත්තෙ මහින්ද යුද්දෙ දින්න හින්ද නම් පොඩ්ඩක් මේ ගැනත් හිතපන්
1 දුටුගැමුණු රජ තුමා එළාරව පරද්දද්දි එයාකන්ඩිෂන් කාමරේකට වෙලා ඔඩර්ස් දුන්නෙ නෑ කෙලින්ම එළාර ඉස්සරහට ගිහිල්ල ද්වන්ධ සටනකින් එළාරව මරා දැම්මෙ ඒ සටනෙද දුටු ගැමුණු රජතුමාගෙ කන් පෙත්ත සීරී යාමට ඊතලයක් විද්ද එළාරගේ යොධයෙක්ව ඵුස්ස දේව යොධයා විසින් කටට ඊතලයක් විද මරා දමනු ලදැයි සදහන් වෙනව යුද්දෙදි කන්පෙත්ත සීරි හො ලේ හැලුව දුටුගැමුණු රජතුමා එසේ බේරුනේ පුරුවෙ පිනකට නොව යුද සටන් ශිල්පය දන්නා නිසයි නැත්තම් කන් පෙත්ත වෙනුවට මුන මැදට ඊතලේ වැදීමට තිබ්බ
2 වළගම්බා රජතුමා ඉන්දියානු ආක්රමණීකයන්ට එරහිව යුද්ද කරද්දී සත්වරක් කැළයේ සැගවී සේනා සංවිධානය කළබව සදහන් වෙනව (කැලේ ඒ සී කාමර නෑ මදුරුවො තල තල යමර දුකක් විදින්න ඇති) සිය බිරිද වන සොමා දේවිය ඉන්දියානුවන් අල්ලාගෙන යද්දී බිසව පවා කැප කර රට බේරා ගත් රජකෙනෙක් (උඹ අහල ඇති නෙ ඒ කතාව රජතුමා එක පාරක් පලා යද්දි රථයේ බර සැහැල්ලු කරන්න බිසව රථයෙන් බැස්ස බව)
3 පළමු විජය බාහු ඒ සී කාමර වල ඉදන් ඕඩර් දුන්නෙ නෑ යුදපිටියට බැහැල සටන් කලා
මචන් මට කියන්න තියෙන්නෙ උඹට මහින්ද මාමා රජ කෙනෙක් කියල අපේ අතීතෙ හිටපු රජ වරුන්ට අපහාස කරන්න එපා
උඹ කියන විදිහට රජ වේන්න නම් එකම සුදුසුසා වන්නෙ SF එතුමා රට වෙනුවෙන් හමුදාවට සිය ජීවිතයත් ජීවිතයේ තරුණ කාලයත් කැපකරා . රට වෙනුවෙන් සටන් පෙරමුණු වල ඉදන් සටන් කලා
සතුරව විනාශ කලා හමුදාපති තනතුරට අහසින් පාත් උන් නෑ කැඩෙට් ඔෆිසර්ගෙ ඉදන් ක්රමානුකූලව වගකීම් ඉෂ්ට කරමින් උසස් වීමි ලබා ගත්ත.
අතීත රජවරු ගැන කියල මේ රටේ ජනතාවට රජෙක් ඕනෙ නම් SF ට වඩා වෙන කවුද රජ කමට සුදුසු?