රටට අත්වන ඉරණම
වෙනත් රටවල බැංකු ගිණුම්වලට හොර රහසේ ඇතුළු වී ඒවායේ රහසිගත දත්ත වෙනස් කර රුපියල් කෝටි ගණන් මුදල් කොල්ල කන රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට පත්වූවොත් රටට අත්වන ඉරණම කුමක් වේද?
රාජ්‍ය දේපොළ දේශපාලනඥයන් විසින් ප්‍රසිද්ධියේම කොල්ලකෑම මහා පරිමාණයෙන් සිදු වන්නට පටන් ගත්තේ පසුගිය රජය සමයේදී ය. රාජ්‍ය දේපොළ කොල්ලකෑම නීත්‍යනුකූල තත්ත්වයට පත්වන තරමටම එය ඉහවහා ගොස් තිබුණේය.
වර්තමාන රජයේ පාලනය යටතේ ද එහි වෙනසක් නොමැත. යහපාලන රජය බලයට පත් වී වැඩි දවසක් යන්නට පෙර ඉතිහාසයේ සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව සිදු වුණේය. මහ දවල් මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර මගඩිය ඉතිහාසයේ එකවර සිදු වූ විශාලතම මුදල් කොල්ලය විය.
මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අර්ජුන් මහේද්‍රන් සිංගප්පූරුවේ පුරවැසිභාවය ලබා සිටින පුද්ගලයෙකි. රටේ කීර්තිනාමය කෙළෙසා දමා රටේ ආර්ථිකය ද විනාශ කර දමන තත්ත්වයට පත් කළ තායිවාන බැංකු වංචාවේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු වන ජනක චමින්ද නම්මුණි රටින්ම පුරවැසි භාවය ලැබූවෙකි. ශලීල මුණසිංහ එංගලන්තයේ පුරවැසියෙකි.