අපේ රටේ මිනිස්සු තරම් කුහක ආත්මාර්ථකාමී මිනිස්සු මේ ලෝකේ කොහේවත් නැතිව ඇති.. අවුරුදු 76 යූඑන්පී ශ්රීලංකා ජේවීපී තව අලුත් පක්ෂ , අරක දෙමළා අරකා තම්බි අරකා සිංහල අරක පද්දා මේක බෙරවා මේකා ගොවිගම කිය කියා එදා ඉදන් බෙදුනා, ලැබුණු දෙයක් තියෙනවා ද... තිස් වසරක වේදනාවක් පිරිණු යුද්ධයක් අපේම සිංහල දමිළ තරුණ පිරිස මැරුණ.. ආර්ථික විනාශය එක්ක සමාජය හිතාගන්න බැරි තරම් අපේක්ෂා බංග වෙලා ජරාජීර්ණ වුනා... අත්වින්දා අනන්ත දුක්... ඇයි මේ වතාවේවත් නිකමට වෙනස් වෙන්න බැරි.. මේක තමා අපිට තියෙන රට අපි ලෝකේ කොහේ කියලා යන්නද... අපි අනුරට අවස්ථාව දීලා බලමු.. කකුලෙන් අදින්නේ නැතිව ආශිර්වාද කරමු.. සමහර මිනිස්සු බලන් ඉන්නවා අවුරුද්දක් යන්න කලින් මේ රට බංකොලොත් වෙලා යනකන්.ඇයි මෙච්චර කුහක... මේක අනුරගේ සජිත්ගෙ මහින්දගෙ රනිල්ගෙ රට නෙවේ,අපේ රට අපේ උපන් නූපන් දරුවන්ගේ රට... ලස්සනට වෙනස්ව හිතමු.. කිසිම පක්ෂයකට නැතිව රටට ආදරය කරයි කියලා හිතන පිරිසක් අලුතින් පාර්ලිමේන්තුවට යවමු.කකුලෙන් නොඇද අවුරුදු පහක් උදව් කරමු... හොරු දූෂිතයන් වෙනුවෙන් අපි නොබෙදී අපේ රට වෙනුවෙන් මිනිස්සු විදියට අපි එකතු වෙමු.මගේ රට ලස්සන රටක් විදියට අභිමානයක් එක්ක ඉන්න ආසා තැනක් කර ගමු...
