කලා නෙමෙ මොකක් උනත් උපාධි කියන දේ නැවත් සළකන්න වෙනවා.
උපාධි වැඩි කිරීම නෙමෙ කරන්න ඔනි .උපාධිය කියන දේ අනවශ්‍ය දෙයක් වෙන්න ඔනි ගොඩක් රැකියා වලට.
විෂේශයෙන් ගොඩක් අය මෙතන කතාවෙලා තියෙන අයි ටී ජොබ්ස් වලට.
අයි ටී ජොබ්ස් ගොඩකට අමුතුවෙන් උපාධි තෙරුමක්ම නැහැ.
සමහරක් රජයෙ ලිපිකරු ජොබ් වලට වත් උපාධි ඉල්ලනවා තෙරුමක්ම නැහැ .
සංවර්ධන නිලධාරිනි වගෙ පත්වීම් වලට මොකටද උපාධි ?
එව්වාට ඒ ඒ අංශ වලට පොඩි කොර්ස් ක්‍රමයක් ඇති කරල ඒ සුදුසු කම විතරක් ඇති මන් නම් කියන්නෙ ?
එතකොට ඔය කැම්පස් වල කාලෙ කන එක අඩු වෙනවා.
සල්ලිත් ඉතුරුයි.
මම සයන්ස් කරේ.අදටත් කැමති ආට් කරන්න තිබුන නම්.ඒ කාලෙ තේරුමක් තිබුනෙත් නෑ.සයන්ස් කරල පාස් නම් උනා ඉතින්.හොඳ යාලුවො ටිකක් හම්බුන එක ඇරෙන්න වෙන ලොකු හොඳක් උනේ නෑ.ආට් කරා නම් කැම්පස් ගිහින් සයිකොලොජි,දර්ශනය,සමාජ විද්‍යාව වගේ පැත්තකින් ඉස්සරහට යන්න තිබුනා.ජොබ් නම් කොහොමද දන් නෑ හැබැයි.ඒ උනාට කලාව කරන එක වැඩකට නැති වැඩක් කියල නම් මම හිතන් නෑ.
අනික මම හිතන් නෑ ඔය පාරවල් ගානෙ රස්සා ඉල්ලන අය ඒ ලෙවල් හොඳටම කරලා කැම්පස් ගිහින් ඩිග්රි එක ගත්ත අය කියල.ඒ අයට රස්සා හොයාගන්න ලොකු අවුලක් නැතුව ඇති.ගොඩක්ම රස්සා නැතුව ඉන්නෙ බාහිර උපාධි කරපු අය වෙන්න ඕන.
කොටසකට එකඟයි.
ඔව් මාත් මැත කරෙ.
මන් ත්‍රෙඩ් එකකුත් දැම්මා මැත්ස් කරපු එක ගැන මට හිතිච්ච දෙයක් ගැන .උඹ දකින්නත් ඇති .
මන් මැත කරන්න එන්න කලින් හිතාගෙන හිටිය
ෆිසික්ස් වලට සාපෙක්ෂතාවාදය, ග්‍රහ චලිතය ,තාරකා විද්‍යාව,කොන්ටම් වාදය වගෙ දේවල් ගැන ඉගෙන ගන්න ඇති කියලා .
එතකොට කෙමිස්ට්‍රි කිව්වහම් හිතාගෙන හිටියෙ.
ලැබ් එකක් ඇතුලට වෙල කෙමිකල් මික්ස් කර කර මොකක් හරි අළුත් දෙයක් සොයාගන්න වගෙ දේවල් උගන්නාවි කියලා .
එත් මට උන්ඩෙ ඩිසපොයින්ට් වෙන්න.
ලැබ් එක ඇතුලෙ ප්‍රැක්ටිකල් නම් කරා.
එත් ගොඩක්ම ෆොකස් එක උනෙ
පටන්ගත්ත වෙලාවෙ ඉඳලා ගණන් හදන එක තමා.
කලාවට මාත් කැමති.
සංගීතය,චිත්‍ර කලාව, චිත්‍රපට.
සමහරක් විට මන් ආර්ට්ස් කරානම් එක්කො ලොයර් කෙනෙක් (පොඩ්ඩක් කට තියෙනවා සහ තර්ක කරන්නත් පුළුවන්)
එක්කො කතුවරයෙක් ,
එක්කො ගීත රචකයෙක් .
අනෙ මන්දා මට මාවම නැති උනා වගෙ මැත්ස් කරන්න ගිහින් කියලත් වෙලාවකට හිතෙනවා .
හැබැයි මැත කරා කියන එකට ලැබෙන රෙස්පෙක්ට් එක වෙන කිසි සබ්ජෙක්ට් එකකට ලැබෙන්නෙ නැහැ .
------
Post added on Oct 23, 2021 at 2:41 AM