රටවල් 24ක් ශ්‍රී ලංකාවට එරෙහි වෙයි

sl_m

Member
Sep 30, 2011
104
6
0
රටවල් 24ක් ශ්‍රී ලංකාවට එරෙහි වෙයි

රටවල් 47ක සහභාගීත්වයෙන් එක්සත් ජාතීන්ගේ 19 වන මානව හිමිකම් සැසිවාරය පසුගිය 27වනදා ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී ආරම්භ වුණා.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් කඩවීම පිළිබඳව, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගෙන එනු ලබන යෝජනාවක් එදිනම අමෙරිකාව විසින් මෙම සමුළුවට ඉදිරිපත් කරනු ඇතැයි සිතා රට පුරා උද්ඝෝෂණ රැල්ලක් පැවැත්වුනු නමුත් එවන් යෝජනාවක් එදින ඉදිරිපත් වුනේ නැහැ. ඒ නිසා රටේම ජනතාව සිටියේ මේ පිළිබඳව අවධියෙන්.

ඇමරිකාව විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගෙන එනු ලබන යෝජනාව අද ඉදිරිපත් කළ අතර මීට ටික වේලාවකට පෙර වැඩි ජන්දයෙන් සම්මත වී තිබෙනවා.

යෝජනාව සඳහා පක්ෂව ඡන්ද 24 ක්ද, එරෙහිව ඡන්ද 15 ක්ද ලැබුණ අතර රටවල් 8 ක නියෝජිතයින් ඡන්දය දීමෙන් වැළකී සිටියා.

යෝජනවට විරුද්ධව ජන්දය පාවිච්චි කළ රටවල් වන්නේ චීනය, රුසියාව, තායිලන්තය, කියුබාව, ඉන්දුනීසියාව, බංගලා දේශය, මාලදිවයින, ඉක්වදෝරය, කිරිකිස්තානය, පිලිපීනය, උගන්ඩාව, ඇංගෝලාව, කටාර්, කුවේට් සහ සෞදි අරාබියයි


Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/#ixzz1pqYxaLYw
 

sl_m

Member
Sep 30, 2011
104
6
0
අමෙරිකානු යෝජනාවට ඡන්දෙ වැටුණේ මෙහෙමයි (As Cha

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල්


01 මුරුසි දිවයින
02 චිලී රාජ්‍ය
03 කොස්ටරිකාව
04 පේරු රාජ්‍ය
05 උරුගුවේ
06 ඔස්ට්‍රියාව
07 බෙල්ජියම
08 ඉතාලිය
09 නෝර්වේ
10 ස්පාඤ්ඤයේ
11ස්විස්ටර්ලන්තය
12 චෙක් ජනරජය
13 හංගේරියාව
14 පෝලන්තය
15 රුමෙනියාව
16 මෝල්දෝවා
17 බෙනින්
18 කැමරූන්
19 ලිබියාව
20 නයිජීරියාව
21 ඉන්දියාව
22 ගෝතමාලාව
23 මෙක්සිකෝව
24 අමෙරිකා එක්සත් ජනපදය


අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට විපක්ෂව ඡන්දය දුන් රටවල්

01 කොංගෝව
02 මුරුටානියා
03 උගන්ඩාව
04 බංගලාදේශය
05 චීනය
06 ඉන්දුනීසියාව
07 කුවේටය
08 මාලදිවයින
09 කටාර් රාජ්‍ය
10 සෞදි අරාබිය
11 තායිලන්තය
12 කියුබාව
13 ඉක්වදෝර්
14 පිලිපීනය
15 රුසියාව

අමෙරිකානු යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය දීමෙන් වැළකි සිටි රටවල්

01 ඇන්ගෝලාව
02 බොට්ස්වානා
03 බුර්කිනා ෆාර්සෝ
04 සෙනගාලය
05 ජෝර්දානය
06 කිරිගිස්ථානය
07 මැලේසියාව
08 ජිබූටි