රටවල් 25 ක තානාපතිවරු රනිල්ට
අරලියගහ මන්දිරයට රැස්වූ රටවල් 25 ක තානාපතිවරුන් නීත්‍යාණුකූල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට රටේ ප්රජාතන්ත්රවාදය රැක ගැනීම සඳහා සහාය පළ කරන බව අද පැවසූහ.
ඇමරිකාව, එක්සත් ජනපදය, යුරෝපා සංගමයට අයත් රටවල් සහ ඉන්දියාව පාකිස්ථානය ඇතුළු ලොව ප්‍රධාන රටවල තානාපතිවරුන් 25 දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් අද සවස අරලියගහ මැදුරට රැස්වූ අතර අගමැතිවරයා ඔවුන්ට ජනාධිපතිවරයා විසින් සිදුකළ ව්‍යවස්ථා විරෝධී වත්මන් ක්‍රියා පිළිවෙත පිළිබඳ කරුණු පැහැදිලි කෙළේය.
ප්‍රජාතන්තවාදය සහ සංහිඳියාව ගෙන ඒම සඳහා තමා ඇතුළු එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සිදුකළ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය ගැන කරුණු පැහැදිලි කළ අගමැති වික්‍රමසිංහ මහතා තවත් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට ඇතැයිද පැවසීය. ඒ සඳහා කටයුතු කරමින් සිටින අවස්ථාවක දී ජනාධිපතිවරයා බහුතර බලයක් නොමැති වෙනත් පුද්ගලයෙකු අගමැතිවරයෙකු ලෙස පත් කිරීම ව්‍යස්ථා විරෝධී බව කරුණු සහිතව පැහැදිලි කෙළේය. මෑත දී ගෙන ආ විශ්වාස භංග යෝජනාවෙන් තමන්ට බහුතර බලය තිබෙන බව තමා විසින් ඔප්පු කර තිබියදී මේ ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියාව සිදුකරන ලද බවත්, දැන් පාර්ලිමේන්තුව කල්දමා ඇති බවත්, වහාම පාර්ලිමේන්තුව කැඳවා බහුතර බලය තමාට තිබෙන බව පෙන්වීමට අවස්ථාව ලබා දී ප්රජාතන්ත්රවාදයත් පාර්ලිමේන්තු සම්ප්‍රදායත් රැක ගැනීමට සහාය දක්වන ලෙස අගමැතිවරයා තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ සෑම තානාපතිවරයෙකුම පාහේ කියා සිටියේ ලංකාවේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා තමන් සහාය දෙන බවත් ඊට පටහැනිව සිදුකරන ක්‍රියා දාමය ගැන තමන් දැඩි අවධානයකින් පසුවන බවත්ය. ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් අගමැතිවරයා ලෙස පිළිගන්නා බව සනාථ කළහ.
මේ අතර බහුතර බලයක් නොමැති නීති විරෝධී අගමැති මහින්ද රාජපක්ෂ දිව්රුම් දුන්නද එකදු රටකින් හෝ ඔහුට මේ දක්වා සුබ පතා නැත. අඩුම ගණනේ සුබ්‍රමනියම් ස්වාමි හෝ සුබ පතා නැත.
Ranil is meeting diplomats in Colombo as PM of Sri Lanka