රටේ ඉන්ධන හිඟයක ලකුණු !!!

Ayyoo

Member
Apr 4, 2013
125
56
0
රටේ ඉන්ධන හිඟයක ලකුණු !!!

වරාය බෝයාවේ නළය පිපිරීමෙන් ප්‍රශ්නය දුර දිග යයි

නැව් පහක තෙල් ගොඩ බාගන්නට බැරිව
වරායෙන් පිටත නවත්වලා, කිමිදුම්කරුවන් කිව්වා
ඇණවුම් කළ තෙල් නැව් ගෙන්වන්න එපා කියලා!

ඒත් කවුරුවත් ඇහුවේ නැහැ



habour1.jpg


ශිරාන් රණසිංහ

මේ වන විට කොළඹ වරායේ ගබඩාවල ඇති පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් ඇතුළු ඉන්ධන වර්ග ක්‍රම ක්‍රමයෙන් හිස්‌ වෙමින් පවතින බවත් ඉදිරි සති දෙක තුළ පිරිපහදු කළ පෙට්‍රල්, ඩීසල් ගොඩබාගත නොහැකි වුවහොත් ඉන්ධන හිඟයක්‌ මතුවීමට ඉඩ තිබෙන බවත් තෙල් සංස්‌ථාවේ උසස්‌ නිලධාරියෙක්‌ කීවේය.

කොළඹ වරායේ සහ උස්‌වැටකෙයියාවේ පිහිටි තෙල් ගොඩබාන බෝයා දෙකේ නළ පසුගිය මැයි 23 වැනිදායින් පසුව පුපුරා යැම නිසා මේ වන විට මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ හතරකට ආසන්න බොරතෙල් ඇතුළු පිරිපහදු කළ ඉන්ධන අඩංගු නෞකා පහක්‌ තෙල් ගොඩබාගත නොහැකිව කොළඹ වරාය පිටත නැංගුරම්ලා තිබේ.

මෙරට තෙල් ගබඩාවල ගබඩා කළ හැකි ප්‍රමාණයටත් වඩා ඉන්ධන ප්‍රමාණයක්‌ මෙම නෞකාවල තිබීම නිසා බෝයාවල නළ පද්ධති අලුත්වැඩියා කළ පසුවද ප්‍රශ්නය විස¹ ගැනීම අසීරු වී ඇතැයි තෙල් සංස්‌ථා උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය.

කොළඹ වරායට පසුගිය මැයි 22 වැනිදා පැමිණි නෞකාවෙන් ඉන්ධන ගොඩබාමින් තිබියදී වරායේ පිහිටි බෝයාවේ නළය පිපිරී ගිය අතර නළය අලුත් වැඩියා කිරීමට සති තුනකට වැඩි කාලයක්‌ ගතවන බව කිමිදුම්කරුවන් ප්‍රකාශ කළද තෙල් සංස්‌ථාවේ නිලධාරීන් එය නොතකා ඇණවුම් කළ නෞකා අවලංගු කිරීමට ක්‍රියා නොකළ නිසා ඉන්ධන නෞකා මෙරටට ළඟා වූ බවද හෙතෙම කියා සිටියේය.

මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ කටයුතු බරපතළ අර්බුදයකට ලක්‌ව තිබෙන අතර විදුලි බලාගාරවලට අවශ්‍ය දැවිතෙල් නැති බවද ඒ වෙනුවට මිල වැඩි අඩු සල්µර් ඉන්ධන භාවිතා කරන බවද තෙල් සංස්‌ථාවේ නිලධාරීහු පවසති.

මෙරටට ළඟා වී ඇති නෞකා පහ වෙනුවෙන් ප්‍රමාද ගාස්‌තු ගෙවීම, වරාය ගාස්‌තු ගෙවීම මෙන්ම සපුගස්‌කන්ද පිරිපහදුව වසා දැමීමෙන් සිදුවන පාඩුව හැකි නම් රටට හෙළි කරන ලෙස තෙල් සංස්‌ථාවේ වෘත්තීය සමිති කළමනාකාරීත්වයෙන් ඉල්ලා සිටියි.


Divaina


කෝකටත් කියල තෙල් ටිකක් කෑන් එකකට ගෙනත් තියාගත්තොත් හොඳයි.:eek:
 
Last edited: