Questions රටේ තත්වය තුළ ජීවත් වීමට යමක්...

honaputha

Active member
  • Jan 1, 2015
    150
    79
    28
    සහෝදරවරුනි, මට අවුරුදු 32 යි, අවිවාහකයි. මම රජයේ රැකියාවක් කරන කෙනෙක්. නමුත් රටේ මෙම තත්වයන් යටතේ, රැකියාව තවදුරටත් ස්ථාවර නොවේ. මගේ අම්මයි තාත්තයි වයසයි, කවුරුහරි එයාලව බලාගන්න ඕන නිසා මට රට යන්නත් බෑ.. මම ඉතුරු කරපු මුදලින් ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ඉන්නවා. මම වැඩිය ඉතුරු කරලා නැහැ, හැබැයි ලක්ෂ 15ක් විතර තියෙනවා.

    මම කැමති විකල්ප කිහිපයක් තිබේ.
    1) සන්නිවේදන සාප්පුවක්
    2) මුද්‍රණාලය
    3) සයිබර් කැෆේ
    4) ජංගම දුරකථන සාප්පුව

    ඒත් මට ප්‍රධාන පාරට කිට්ටු තැනක් නැහැ.
    මෙම ව්‍යාපාරය සඳහා ස්ථානයක් මිලදී ගැනීම මිල අධිකය.

    සමහර විට ඔබට මීට වඩා හොඳ ව්‍යාපාරික අදහසක් තිබිය හැක.

    මම ඉස්සර freelancing කළා. නමුත් මගේ payoneer ගිණුම යම් හේතුවක් නිසා තහනම් විය. මම එය නැවත ලබා ගැනීමට බොහෝ උත්සාහ කළ නමුත් මට නොහැකි විය. මට වෙනත් ගිණුමක් සාදා ගැනීමට පවා නොහැකි විය. ඊ බේ විකිණීමට උත්සාහ කළා. නමුත් මට payoneer ගිණුමක් සෑදිය නොහැකි නිසා, එම උත්සාහය අසාර්ථක විය.
    මට ms word, adobe photoshop, adobe illustrator වැඩ කරන්න පුළුවන්. මම උපාධිධාරියෙක් නෙවෙයි, මම උසස් පෙළ කළේ වාණිජ විෂය ධාරාවෙන්. මට බයික් එකක් තියෙනවා. මට පරිගණකයක් තිබේ. මම cryptocurrencies වලට බයයි මොකද මගේ සල්ලි නැති උනොත්...
    යමෙකුට මට මග පෙන්වීමක් ලබා දිය හැකි නම්, මම සතුටු වෙමි...
    ❤️❤️❤️
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේවා ගැන හරියටම කියන්න බැ බන්. හැම බිස්නස් එකක්ම අවදානමේ තියෙන්නෙ.

    1) සන්නිවේදන සාප්පුවක් - මේක අවුලක් නැ. හැබැයි ප්‍රින්ටීන්, ෆොටෝ කොපි වගේ දේවල් එක්කම කරගන්න තිබුනොත් ගොඩයන්න පුළුවන්. ටයිප් කරන වැඩ වගේ ඒවත් කරන්න. රීලොඩ් විතරක් දාලා ගොඩ්ද යන්න බැහැ. ෆෝන් වගේ දේවලුත් විකුණන්න බලපන්

    2) මුද්‍රණාලය - මේක නම් පාඩුයි. බඩු ටික ගද්දිම හෙන ගානක් යනවා. කොළ, තීන්ත පට්ට ගනන්. මේකේ අවදානම ගොඩක් වැඩියි.

    3) සයිබර් කැෆේ - මෙවා දැන් කවුරුත් පවිච්චි කරන්නෙ නැ බන්

    4) ජංගම දුරකථන සාප්පුව - අංක 01ට දාලා තියන විදියට කමියුකේෂන් එකක් එක්ක මේකත් කරපන්.
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    සිල්ලර බඩු කඩයක් හරි කෑම කඩයක් හරි දාන්න. මිනිස්සු අත්‍යවස්ය දේවල් වලට විතරයි වියදම් කරන්නේ. උදේ, දවල් රෑ කෑම පිරිසිදුව අඩුවට දෙන්න පුළුවන් නම් ගොඩ.
     
    honaputha

    Active member
  • Jan 1, 2015
    150
    79
    28
    මේවා ගැන හරියටම කියන්න බැ බන්. හැම බිස්නස් එකක්ම අවදානමේ තියෙන්නෙ.

    1) සන්නිවේදන සාප්පුවක් - මේක අවුලක් නැ. හැබැයි ප්‍රින්ටීන්, ෆොටෝ කොපි වගේ දේවල් එක්කම කරගන්න තිබුනොත් ගොඩයන්න පුළුවන්. ටයිප් කරන වැඩ වගේ ඒවත් කරන්න. රීලොඩ් විතරක් දාලා ගොඩ්ද යන්න බැහැ. ෆෝන් වගේ දේවලුත් විකුණන්න බලපන්

    2) මුද්‍රණාලය - මේක නම් පාඩුයි. බඩු ටික ගද්දිම හෙන ගානක් යනවා. කොළ, තීන්ත පට්ට ගනන්. මේකේ අවදානම ගොඩක් වැඩියි.

    3) සයිබර් කැෆේ - මෙවා දැන් කවුරුත් පවිච්චි කරන්නෙ නැ බන්

    4) ජංගම දුරකථන සාප්පුව - අංක 01ට දාලා තියන විදියට කමියුකේෂන් එකක් එක්ක මේකත් කරපන්.
    thanks bro.. !
     
    • Like
    Reactions: EdNygma

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,264
    113
    වගා කටයුත්තක් බැලුවෙ නැද්ද? 50කින් විතර පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරල අදහසක් අරගෙන ටිකක් මහාපරිමාණෙට ගියොත්.
     
    honaputha

    Active member
  • Jan 1, 2015
    150
    79
    28
    වගා කටයුත්තක් බැලුවෙ නැද්ද? 50කින් විතර පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරල අදහසක් අරගෙන ටිකක් මහාපරිමාණෙට ගියොත්.
    a gena nam hithuwe ne, samanyen waga karala adayamak ganna puluwan dewal monada?
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඔයා options වශයෙන් දාලා තියෙන business ගැන මට ලොකු දැනුමක් නෑ. ඒත් ඔයා Freelance කරලා තියන නිසා මං කියන්නේ ආයෙත් ඒක පටන්ගන්න. MS Word වගේ දන්නවා කියන්නේ Virtual assistant වගේ සීන් එකක් කරන්න පුළුවන් වෙයි. තව No-code tools (Webflow, Wix) වගේ දේවල් වලින් websites හදනවා වගේ දෙයක් side එකෙන් practice කරන්න.

    Fiverr එකේ Payoneer අකවුන්ට් කනෙක්ට් නොකර Direct bank withdrawal ගන්න පුළුවන් මං හිතන්නේ. මේක ගැන හරියටම දන්න කෙනෙක් විස්තරයක් කියාවි. Crypto වගේ දෙයක් නම් කිසිදෙයක් නොදැන කරන්න යන්න එපා.