ekekta tax gahanawa, thawa ekekta gahanne na.
muna balala tax gahanawa. me seen eka awl nadda ban?
ඔව් ඒක ඇත්ත. හැබැයි ඇත්තටම මුං ටැක්ස් ගහන්නෙ අර වගේ බිස්නස් කරන අයට. කෙනෙක් දෙයක් පර්සනලි ගෙනැල්ල පාවිච්චි කරනව නම් රටේ සල්ලි එලියට යන්නෙත් නැත්නම් ඒක රජයට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඇත්තටම එයා බිස්නස් එකක් කරනව නම් පිටරටින් බඩු ගෙනැල්ල එතකොට ටැක්ස් එකක් නොගැහුවොත් අසාමාන්‍ය ලාබයක් ලබනව.
අනිත් දේ තමයි දැන් ඔය ඊබේ එකෙන් අරෙහෙන් මෙහෙන් ගේන හැම පාර්සල් එකම උන් නවත්තන්නෙ නෑ නේ. එහෙම කරන්නෙත් උන්ට ඕන බිස්නස් කරන අය අල්ලන්න. මේක ඉතිං හරියටම හොයන්න ක්‍රමයක් නෑ ඉතිං. ඒක තමයි ඒ Flexibility එක Customer officers ලට දීල ඇත්තෙ.
හැබැයි උඹ කියනව වගේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනව පොඩි. මේකෙ කෙනෙක් කියලත් තිබ්බ නේ මේක ලෝකෙම තියෙන ප්‍රශ්නයක් කියල.
කස්ටම් එකට එහෙම ෆ්ලෙක්සිබිලිටි එකක් දීල නැහැ
හරි නං සේරටම ටැක්ස් ගහන්න ඕන ගිෆ්ට් ඇරුනම. කස්ටම් ඔෆිසර්ස්ලා පර්සනලි ගේන දේකට ටැක්ස් එකක් ගහන්නෙ නැහැ ඒ ටැක්ස් ගහන්න බැරුව නෙමෙයි පොඩ්ඩක් මිනිස්සු ගැන හිතලා
අපේ එවුන් හිතන්නෙ ටැක්ස් ගැහුවම ඒ සල්ලි කස්ටම් එකේ ඔෆිසර්ට යනවා හරි ඒක හරි අසාධාරනයි කියලා හරි
මම ගෙනාපු බඩු ක්ලියර් කරන්න ගියාම සමහර එවුන් හම්බෙනවා රුපියල් 2000 ටැක්ස් එකට කස්ටම් එකේ එවුන්නෙ ආත්තම්මා සීයට පවා කුනුහරපෙන් බනිනවා. සමහරු හිතන් ඉන්නෙ උන් හෙනම entitled කියලා.
මම ගේන බඩු ක්ලියර් කරන්න වෙයාහවුස් එකට ගියාම එක සැරේ පැකේජ් 20ක් විතර කඩලා බලනවා කාටත් පේනව ඇතුලෙ තියන ඒවා
සමහරු එවන බඩු පෙට්ටි වල සයිස් එක සාමාන්‍ය ත්‍රීවිල් එකක් දාන්න පුලුවන් විතර සයිස් බොක්ස්, සමහරු ඒවයෙ රෙදි වල ඔතලා එක එක බඩු දාල එවනවා මම දැකලා තියනවා සමහර වෙලාවට ටීවී 4-5 එකම බොක්ස් එකේ රෙදි වල ඔතලා දාල තියනවා ඒවට ටැක්ස් ගැහුවම අර ගෙනාපු එවුන් කියන්නෙ අපි රට වැඩ කරලා ගෙදරට ගේන බඩු වලට ටැක්ස් ගහනවා කියලා. ගොඩක් වෙලාවට ටැක්ස් එක රුපියල් 10000ක් වගේ ගහපු ගමන් හිතන්නෙ කස්ටම් එකේ එවුන් ඒ ටැක්ස් එක ගෙදර අරන් යනවා කියලා. සමහරු බනින්නෙ කස්ටම් එකේ එවුන්ට සැප ගන්න අපිට ටැක්ස් ගහනවා කියලා.