uba patan gaththu widiyata mata ehema hithuna, eth eka uba wediya ganan ganna epa.
math lankawe newei inne. eka nisa uba ubage kathawa kiyapan, mata wedagath wei ithin
ඔක්කොමට ඉස්සෙල්ල කියපං මේ මල ඉලව්වේ දැන් ඔක්කොටම රිප්ලයි කරන්න බැරිද කියලා... ලිමිට් කරලද තියෙන්නේ.. බලපං උඹට රිප්ලයි කරලා අනිත් උන්ව කෝට් කරලා රිප්ලයි කලාම ඒක සබ්මිට් වෙන්නේ නෑ දැන්..






"එම්බසි එකෙන් ගණන් ගන්නේ නෑ. ඒ අයට ගාණක් නෑ. කිසි කමකට නෑ.. උන්ට අපිව ලංකාවට යවන්න ඕන කමක් නෑ.. නිකන් පුටු රත් කර කර ඉන්නවා. මිනිස්සු මෙහේ මැරෙන්න යනවා උන්ට ගාණක්වත් නෑ.." වගේ දේවල් තමයි නිතරම අපේ කන් වලට ඇහුණේ..
විදේශ ගත වෙලා ඉන්න කෙනෙකුට ප්‍රශ්නයක් උනාම ඒ අය ඒවට විසඳුමක් දෙන්න ඕනේ තමයි.. ඒ අය ඉන්නේ ඒ දේවල් වලට තමයි..
කොහොම උනත් හරියටම 8 වෙද්දී එම්බසි එකේ දොරවල් ඇරුණා.. නිලධාරින් කීප දෙනෙක් ඇවිත් අපිව පෝලිමට තියාගෙන පිළිවෙලට ඇතුළට ගන්න උත්සහ කළා.. අපි එතෙන්ට ඇවිත් හිටියේ එක එක පළාත් වලින්.. සමහර පැති වල කොරොනා අවධානම සෑහෙන ඉහළයි.. ඉතින් ඒ වගේ අයට නිරාවරණය වෙන නිලධාරින් අපි නිසා ලොකු අවධානමක් ගන්නවා..
ඒ අය වැඩ කරන්න බෑ කියලා එම්බසි වහලා ඇතුළට වෙලා හිටියේ නෑ.. අපි ඉස්සරහට ඇවිත් අපි එක්ක කතා කලා.. පොදුවේ එතන හිටිය අපි හැමෝටම වගේ තිබුණේ සමාන ගැටළු. අහාර හිඟය, රැකියා අහිමි වීම්, මූල්‍ය ප්‍රශ්න, අසනීප, ඉක්මනින් ගෙදර යාමේ අවශ්‍යතාවය. ඉතින් ඔය වගේ ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න නිසාම ගොඩක් වෙලාවට එම්බසියට එන මිනිස්සුන්ට පුංචි දේකට උනත් සෑහෙන ලොකුවට තරහ යනවා..