රට උන්නු අපි සහ කොරෝනා සටන

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    uba patan gaththu widiyata mata ehema hithuna, eth eka uba wediya ganan ganna epa.
    math lankawe newei inne. eka nisa uba ubage kathawa kiyapan, mata wedagath wei ithin

    ඔක්කොමට ඉස්සෙල්ල කියපං මේ මල ඉලව්වේ දැන් ඔක්කොටම රිප්ලයි කරන්න බැරිද කියලා... ලිමිට් කරලද තියෙන්නේ.. බලපං උඹට රිප්ලයි කරලා අනිත් උන්ව කෝට් කරලා රිප්ලයි කලාම ඒක සබ්මිට් වෙන්නේ නෑ දැන්..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔක්කොමට ඉස්සෙල්ල කියපං මේ මල ඉලව්වේ දැන් ඔක්කොටම රිප්ලයි කරන්න බැරිද කියලා... ලිමිට් කරලද තියෙන්නේ.. බලපං උඹට රිප්ලයි කරලා අනිත් උන්ව කෝට් කරලා රිප්ලයි කලාම ඒක සබ්මිට් වෙන්නේ නෑ දැන්..


    mehemai ok quote karala insert karapan kalin ekata, nethnam be. thread eka diga wedi wena nisa ehema karala thiyenne
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මෝ බේරිලා ආපු එක ලොකු දෙයක්. වෙන රටවල් ගැන අහද්දී ලංකාව ඉන්න තත්වේ ගැන සැහෙන්න ආඩම්බර වෙන්න ඕනේ අපි :yes::yes:


    ඔව් ඔව් ඒකනම් ඇත්ත.. ඒකනේ වෙන රටවල් වල අයත් මෙහෙ එන්න දඟලන්නේ..
    හැබැයි ආඩම්බර වෙනවට වැඩිය බනින එක තමයි අවුල..
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔව් ඔව් ඒකනම් ඇත්ත.. ඒකනේ වෙන රටවල් වල අයත් මෙහෙ එන්න දඟලන්නේ..
    හැබැයි ආඩම්බර වෙනවට වැඩිය බනින එක තමයි අවුල..
    මෙහෙමයි ඔතන තියෙන්නේ දේශපාලන වහල් භාවය. යුධ්දේ කාලෙත් විපක්ෂේ උන් කියපු කතා මතකයි නේ. කිලිනොච්චි මැදවච්චි අලිමංකඩ පාමංකඩ/ ඕනේ ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් වගේ කතා. ඒ වගේ තමයි මේකත්. අනිත් ප්‍රබල රටවල දාස් ගැනන් මිය යද්දී අපේ උන් curfew is illegal, මිලිටරිකරණය කරනෝ, නිරෝදයන මද්යස්තාන වල පහසුකම් මදි/වයිෆයි නැතෝ, මගේ food order එක ගෙදරට ආවේ නැතෝ වගේ ප්‍රශ්නනේ කියන්නේ. ඒ ඉතින් වැරද්දක් අල්ලගන්න ඕනැවට කියන කතානේ. නැත්නම් මේ වගේ deadly pandemic එකකදී ප්‍රශ්න එන එක නවත්තන්න බෑ. අනිත් එක අරෙහෙ බලනු මෙහෙ බලනු කිව්වට තමුන්ගේ රටේ කොරෝනා වලින් ලබපු සාර්ථකත්වය ගැන කතා කරන්න අකමැතියි. ඒ තනිකරම දේශපාලන වහල් භාවය. හිරිකිතයි දකිද්දී. සමහරු බලන් හිටියේ මිනිස්සු වැඩිපුර මැරෙනකන් ආණ්ඩුව අසාර්ථකයි කියන්න ඕනේ කමට. කාලකන්නි.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Monday da awe machan.. mama danna kenekuth awa dubai idan ...


    නෑ මචන්.. අඟහරුවාදා උදේ.




    දෙවනි රැල්ල ඇවිත් ලංකාවට කෙල වෙලා මිනී ගොඩ ගැහෙනකම් බලා ඉන්නේ දේශපාලනික අනාථයෝ සෙට් එකකුත් ඉන්නවා


    ඒකනේ. හැමදාම විපක්ෂ නායක.. වැඩේ තියෙන්නේ බුවා හොඳයි කියන කට්ටියත් සෑහෙන ඉන්න එක..


    Mu nam maha gas ballek ban..

    සිරාවටම වැරැද්දක් වෙනකන්ම බලන් ඉන්න සෙට් එකකුත් ඉන්නවනේ..

    mul tike apitat ohma tmai ban..eth parana eka tram meka set wen ne mata nam..

    ඔව් මටත් ෆුල් අප්සට් වගේ.. දිගටම ත්‍රෙඩ් දාන්නම් කිව්වට දැන් නිකන් බෑ වගේ.. හෙන කලුවරයි මේක..


    :) :)


    :D

    other than the job , every thing is back to normal now , I guess , good luck

    Hopefully :)


    :)

    ok ok ok balamu ko lanawe aya oya kohma salakanne kiyala

    මට කිව්ව දේ තේරුණේ නෑ.. කවුරු කාට සලකන හැටිද..

    නිරෝධානයේ සිට එලකිරියට ලියන පෙම් හසුන් :P

    :P :P :D


    :D
    PCR test krada mcn
    Kohomda camp 1ka athula

    කලා මචන්.. එහෙදි එකක් කරලා මෙහෙ එවන්නේ.. ආයේ මෙහෙදිත් එකක් කලා.. මමත් තාම කෑම්ප් එකේ ඉන්න නිසා වැඩි විස්තර කියන්න යන්නේ නෑ.. කෑම්ප් එක ගොඩක් හොඳයි මචන්.. පහසුකම් දෙන්න හමුදාවේ අය ලොකු වෙහෙසක් ගන්නවා කියල විතරක් දැනට කියන්නම්.. ඒ අය අපිට සලකන විදිහ ගැන මම ඉස්සරහට කියන්නම්..


    :(


    :D

    mehemai ok quote karala insert karapan kalin ekata, nethnam be. thread eka diga wedi wena nisa ehema karala thiyenne

    එල මචන්..
    දැනුයි ඒක දැක්කේ.. සසර කලකිරෙනවා මේකෙ.. :(
     
    • Like
    Reactions: EnIgma001

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ මචං එකම කොල්ල නේද පවුලේ.....
    මම් ඒත් බැලුවා පහුගිය කාලේ වැඩිය ආවේ නැත්තෙ මොකෝ කියල අවුරුදු2ක් විතරම වැඩිය දැක්කේ නෑනේ....
    කොරෝන වලින් පස්සේ ආයෙම එන්න කිව්වොත් යන්න ඉතින් එහේ... පඩිහොදයිනේ මෙහෙට වැඩිය...මේ ටිකේ ශේප් එකේ ඉන්න ටිකක්.. ජය..!!!!
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හැමදේම ඉක්මනට හරි යයි බන්, ගොඩක් මිනිස්සුන්ට කෙල උනා මේ කොරෝන මගුලෙන් :-(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔක්කොමට ඉස්සෙල්ල කියපං මේ මල ඉලව්වේ දැන් ඔක්කොටම රිප්ලයි කරන්න බැරිද කියලා... ලිමිට් කරලද තියෙන්නේ.. බලපං උඹට රිප්ලයි කරලා අනිත් උන්ව කෝට් කරලා රිප්ලයි කලාම ඒක සබ්මිට් වෙන්නේ නෑ දැන්..
    මොකද්ද බම් මේ elakiriyaට වෙලා තියෙන්නේ.. ලයික් කරන්නත් පුලුවන්ද දැන්.. ඔලුව කැක්කුමයි වගේ..

    korona gahuwa huththo mekatath :lol:
     
    • Haha
    Reactions: richlife and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මචන් මම කියන්නේ මම දැකපු සහ මම අහපු දේවල්.. මම කිසිම වෙලාවක දේශපාලන ත්‍රෙඩ් දන්නේ නෑ උන්ව ශුවර් නැති නිසා.. ඉලෙක්ෂන් ප්‍රොමෝෂන් එකක් කියලා හිතෙනවනම් මම ඉලෙක්ෂන් එකෙන් පස්සේ ඉතුරු ටික හිමීට දාන්නම්.. අනිත් මෙම්බර්ලා ඒ ගැන තීරණය කරයි. මට බොරු කියන්න කිසිම හේතුවක් නෑ.. මම කලිනුත් ත්‍රෙඩ් දාලා තියෙනවා මගේම සමහර අත්දැකීම් ගැන.. දන්න අය දන්නවා මම කියන්නෙ මොකද්ද කියලා .ඒ ඇති..
    මේකේ ඉන්න දේශපාලන අනාථ යෝ කියන ඒවා අහන්න එපා බං . උන් වැටිලා ඉන්න වල උබ ට පේනවනේ . එළකිරි එකේ නිරෝධායන කියලා පෝස්ට් එකක් දැම්මොත් එකාටත් හුල්ලනව 😀😀 එච්චරට කොඩේ 😀
    ඇතටම අපිත් ආසයි ඇතුළේ මොක වෙන්නේ කියලා දැන ගන්න . ඉතුරු ටිකත ලියන්න . මොක ද වහල්ලු බිරුව ට කදු පාත් වෙන්න නේ නැහැනේ 😀😀😀🤩
     
    • Like
    Reactions: richlife and kinkon

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තානපති කාර්යාලය

    කලින් කිව්වා වගේම අප්‍රේල් මාසේ 29 විතර අපි ඩුබායි ශ්‍රී ලංකා තනාපති කාර්යාලෙට ආවා.. ඒ වෙද්දි අපි ඔන්ලයින් රෙජිස්ටර් වෙලා හිටියත් හැමෝම කියන නිසා අපි තානාපති කාර්යාලයෙන් මොනවහරි තොරතුරක් ගන්න පුලුවන්ද කියලා බලන්න ආවා.. ඒ වෙද්දී තත්ත්වේ සෑහෙන අවධානම් වගේම එක එක අයගෙන් අපිට ලැබුණේ එක එක විදිහේ සෘණාත්මක තොරතුරු. :sorry:"එම්බසි එකෙන් ගණන් ගන්නේ නෑ. ඒ අයට ගාණක් නෑ. කිසි කමකට නෑ.. උන්ට අපිව ලංකාවට යවන්න ඕන කමක් නෑ.. නිකන් පුටු රත් කර කර ඉන්නවා. මිනිස්සු මෙහේ මැරෙන්න යනවා උන්ට ගාණක්වත් නෑ.." වගේ දේවල් තමයි නිතරම අපේ කන් වලට ඇහුණේ..:eek:

    තවත් දෙයක් කියන්න ඕනේ..

    කොරොනා ආව නිසා හෝ අපිට මොකක් හරි කරදරයක් උන වෙලාවක අපි එම්බසි එකට ඇවිත් ගියා මිසක්, අපි කරගෙන උන්නු අපේ රැකියාවෙන් කීයක් හරි අපිට හම්බකරගෙන අපේ පාඩුවේ යනවා මිසක් කවදාවත් එම්බසි එකක් තියෙනවද කියලවත් හොයලා බලන්නේ නෑ..:no: විදේශ ගත වෙලා ඉන්න කෙනෙකුට ප්‍රශ්නයක් උනාම ඒ අය ඒවට විසඳුමක් දෙන්න ඕනේ තමයි.. ඒ අය ඉන්නේ ඒ දේවල් වලට තමයි..:yes: ඒත් මේ වගේ ආධුනික ගැටලු, ලෝකෙටම තර්ජනයක් උනු හදිසි තත්ත්ව වලදී ඒ අයට ගරහන්න කලින් අපිත් චුට්ටක් ඉවසන්න ඕනේ.:dull:

    මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නවා. කන්න නෑ. ඉන්න තැන් වලින් යන්න කියලා, වැටුප් ලැබිලා නෑ.. රස්සාවල් නැති වෙලා, අසනීප වෙලා, දූ දරුවේ දෙමව්පියෝ ගිනි ගොඩවල් වල.. ඒ පීඩනයත් එක්ක ගෙන්න ගන්න පරක්කු වෙනකොට, ෆ්ලයිට් වැඩ කරන්නෙ නැති උනාම, සීමිත පිරිසක් විතරක් ගෙන්න ගන්නකොට ඒ පිරිසට අපිව අයිති නොවුනාම හිතට ලොකු දුකක් එක්ක කලකිරීමක් ඇති වෙනවා..:sorry:ඒ පීඩනයට මමත් මූණ දුන්නා.:(. මගෙත් එක්ක තව හිතවතුන් කීපදෙනෙක්ම මූන දුන්නා. සමහරු පලු යන්න එම්බසි වලට බනින අතරේ අපි පුලුවන් තරම් ඉවසීමෙන් බලන් හිටියා..:( හේතුව අපිව මෙහෙ එක්කන් ආවේ එම්බසි එකෙන් නෙමෙයිනේ.. රට ගිහින් රස්සාවක් කරන්න කියල එම්බසි එකෙන් අපිට කිව්වෙත් නෑ.. ඒ හැම දේම අපි ගත්තු අපේ පෞද්ගලික තීරණ.. අඩුම ගානේ එම්බසි එකෙන් දන්නෙත් නෑ මෙහෙම දෙයක් නොවී අපි අපේ ජීවිත හදා ගෙන ගෙදර ගියානම්. ඒ නිසා ඒ අයට බනින්නම් වාලේ බනින එක එච්චරම සාධාරණ නෑ..:no:

    අපේ කන් වලට ඒ වෙනකන් ඇහුණු දේවල් හිතේ තද කරන් අපිත් තනාපති කාර්යාලෙට ආවා.. පොදු ප්‍රවාහණය ඒ වෙද්දිත් සීමා කරලා තිබුණ නිසා කිලෝ මීටර් 4ක විතර දුරක් අපිට පයින්ම එන්න උනා.. ගිණි අව්වත් එක්ක එම්බසිය අරිනකන් අපි එළියේ හිටගෙන හිටියා. ඒ වෙද්දිත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙක් විතර ඇවිත් හිටියා.. එතන හිටගෙන හිටිය දෙන්නෙක් විතර කිසිම තොරතුරක් නොදැන "අපි මේ ගිනි අව්වේ හිටගෙන ඉන්නවා, එක්කො කලින් අරින්න ඕනේ.. ඒගොල්ලෝ එනවා ඇතුළට යනවා අපි මෙහේ වේලි වේලි ඉන්නවා ගාණක් වත් නෑ" කිය කිය අපි එක්ක එම්බසි එකේ අයට බනින්න පටන් ගත්තා..:dull:


    අපි කාටවත් එන්න කියලා ආරධනා කරලා නැති නිසා සහ අපි එනවා කියලා ඒ අයට දැනුම් දීලත් නැති නිසා අපි යන්න ඕනේ අවස්ථාවක් ඉල්ලගෙන අපේ ගැටළුව ඒ අයට ඉදිරිපත් කරන්න..අපේ අය යන්නේ ඒ අය අපිව බලාපොරොත්තුවෙන් හිටියා කියන මානසිකත්වයෙන්. ඒක මට හොඳින්ම දැණුනු දෙයක්..

    ඕනම ආයතනයක් අරින වහන වෙලාවල් තියෙනවා. ඒක ඕනම රටක සාමාන්‍ය දෙයක්. එම්බසි එක අරින්නෙ 8ට. ඉතින් අපි 7:30ට ආවා කියලා ඒ වෙලාවටම අපිව ඇතුළට ගන්න ඕනේ කියන මානසිකත්වෙන් යනවනම් ඒක අපේ වරදක්.. 8ට වැඩ පටන් ගන්නනම් ආයතනයේ සේවකයින් 8ට කලින් එන්න ඕනෙනේ. ඉතින් ඒ අය 8 වෙද්දි සූදානම් වෙන්න 8ට කලින් ඇතුළට යනවා.. අපේ වාරේ එනකන් අපිට ඉවසන්නම වෙනවා වගේම කොච්චර අපහසු උනත් ඒ වෙලාවේ පවතින බාහිර කාලගුණික තත්ත්වය ඒ ඉවසීමට අදාළ කර ගන්න එක හොඳ මදි..:no: මිනිස්සුන්ගේ තියෙන පීඩනය උඩ එම්බසි එකේ අයට බනිනව කියල හිතා ගත්තත් එම්බසි එකෙන් වැඩක් නෑ කියන මානසිකත්වෙන්ම එතෙන්ට එනවනම් හැමදේම පේන්නේ වැරදියට.. ඒ නිසයි කාර්‍ය මණ්ඩලේ අය ඇතුළට යද්දි අපේ අය ඒ අයට බනින්න ඇත්තේ.:oo: කොහොම උනත් හරියටම 8 වෙද්දී එම්බසි එකේ දොරවල් ඇරුණා.. නිලධාරින් කීප දෙනෙක් ඇවිත් අපිව පෝලිමට තියාගෙන පිළිවෙලට ඇතුළට ගන්න උත්සහ කළා.. අපි එතෙන්ට ඇවිත් හිටියේ එක එක පළාත් වලින්.. සමහර පැති වල කොරොනා අවධානම සෑහෙන ඉහළයි.. ඉතින් ඒ වගේ අයට නිරාවරණය වෙන නිලධාරින් අපි නිසා ලොකු අවධානමක් ගන්නවා..:love: ඒ අය වැඩ කරන්න බෑ කියලා එම්බසි වහලා ඇතුළට වෙලා හිටියේ නෑ.. අපි ඉස්සරහට ඇවිත් අපි එක්ක කතා කලා.. පොදුවේ එතන හිටිය අපි හැමෝටම වගේ තිබුණේ සමාන ගැටළු. අහාර හිඟය, රැකියා අහිමි වීම්, මූල්‍ය ප්‍රශ්න, අසනීප, ඉක්මනින් ගෙදර යාමේ අවශ්‍යතාවය. ඉතින් ඔය වගේ ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න නිසාම ගොඩක් වෙලාවට එම්බසියට එන මිනිස්සුන්ට පුංචි දේකට උනත් සෑහෙන ලොකුවට තරහ යනවා..:sorry:

    කොහොම උනත් අපිව ඇතුළට ගත්තට පස්සේ මම අර කලින් කිව්ව දැඩි අව්ව ගැනත් අපිට කලින් තානාපති කාර්යාලයේ නිලධාරින්ම හොයලා බැලුවා.. පෝලිමට පුලුවන් තරම් අව්ව නොවැටෙන තැනක් හොයලා දෙන්න ඒ අය ලොකු උත්සයක් ගත්තා.. Covid19 positive උන දෙන්නෙක් එතනට කලින් ඇවිත් තිබුණ නිසා ඒ අය පරතරය තියා ගන්න එක ගැන නිතරම මතක් කළා.. ( Covid19 positive වෙලා තානාපති කාර්යාලෙට ආව දෙන්නම ඒ ගැන කලින්ම ඒ අයට කියලා ඒ අයගේ යුතුකම හරියටම ඉටු කරලා තිබුණ එක ගැන අපි සතුටු වෙන්න ඕනේ... ඒක ලොකු දෙයක්. මොකද ඒ අය එහෙම දැනුවත් කරපු නිසා එම්බසි එකේ අය අනිත් අයව ඈත් කරලා ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න පුලුවන් කම ලැබිලා තියෙනවා.. ඒ නිසා ඒ දෙන්න ගැන ගොඩක් ස්තූති පූර්වක විදිහට තමයි එම්බසි එකේ අය කතා කළේ)

    හැමෝගෙම ප්‍රශ්න පොදු නිසා මම හිතුවේ අපිව එකට තියලා පුංචි සාකච්ඡාවක් තියලා අපිව යවයි කියලා. ඒත් උනේ ඒක නෙමෙයි.. අපි හැමෝගෙන්ම අපේ ප්‍රශ්න වෙන වෙනම පෞද්ගලිකව අහලා ඒ අය සටහන් කර ගත්තා.. අපි කියන දේවල් අපි ඔන්ලයින් රෙජිස්ටර් උන වෙලාවේ කියවිලා තියෙනවද කියන දේත් ඒ අය අපි ඉස්සරහම හොයලා බැලුවා.. ඊට අමතරව තමන්ගේ විස්තර ලියලා ගැටළුව ගැන සඳහනක් කරන්න කියලා වෙනම ලොකු පොතක් දුන්නා.. පරතරය මදි නිසා හැමෝම ලඟ ලඟ පෝලිම් ගැහෙන නිසා ආයේ පොත් කීපයක් මේස කීපයක තියලා ඒ අපේ ලිඛිත තොරතුරු එකතු කර ගන්න වැඩේ තව ටිකක් පුළුල් කලා.. ඒ අතරේ තානාපති තුමා එළියට ඇවිත් වැඩේ වෙන හැටි නිරීක්ෂණය කලා.. පෝලිම් වල මිනිස්සු ගොඩක් වෙලා නොතියා ඉක්මනින් යවන්න තව නිලධාරියෙකුට ලැප්ටොප් එක අරන් ඉස්සරහට එන්න කියලා ජංගම දුරකතනෙන් ඒ වෙලාවෙම පණිවිඩයක් දුන්නා.. (නිලධාරීන්ට උපදෙස් දිදී ඇතුළට වෙලා ඉන්නේ නැතුව කොරොනා අවධානම සහිත සාමාන්‍ය මිනිස්සු ඉන්න තැනකට ලං උන එකත් ඇත්තටම අගය කරන්න ඕනේ..) නිලධාරින් හැමෝම හරි හරියට මිනිස්සුන්ගේ ගැටළු ගැන අහන ගමන් විශේෂ ගැටළු හෝ අසනීප ගැනත් වෙන වෙනම සටහන් කර ගත්තා.. පැයකට පස්සේ ඒ වැඩ ටික ඉවරයි. ඒ වෙද්දිත් 4000 ගාණක් ලියපදිංචි වෙලා.. ඒ වගේම ශ්‍රී ලංකාවේ එයා පෝට් එක වහලා. කිසිම රටක ගුවන් සේවාවක් වැඩ කරන්නේ නෑ.. ලැබුණු තොරතුරු වලට අනුව ශ්‍රී ලංකා රජයේ උපදෙස් අනුව ඒ අය අපිව දැනුවත් කරන්නම් කියලා කිව්වා.. ඒත් ඒක එච්චරම හිතට සහනයක් දැනුන සාර්ථක උත්තරයක් නෙමෙයි.:sorry: හැබැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ගැන අපේ කන් වලට ඇහුණු ගොඩක් තොරතුරු නිවැරදි නෑ කියන එකනම් තේරුණා..:yes:

    පිට රටවල් වල දහස් ගණන් වැඩ කරනවා.. ඉතින් ඒ අයට යම්කිසි ගැටළුවක් ආවාම තානාපති කාර්යාල වලින් ඒ ගැටළු විසඳන්න කටයුතු කරනවා.. සාමාන්‍ය රටාව ඒක නිසා කාර්යාලෙක වැඩ කරන්නේ 10ක හෝ 15ක නිලධාරීන් ප්‍රමාණයක්.. ඒත් අපි කවුරුත් නොහිතපු විදිහට ලෝකෙටම මෙච්චර ලොකු ගැටළුවක් ආවාම අර සාමාන්‍ය රටාව වෙනස් වෙනවා විතරක් නෙමෙයි රටාව වෙනස් කරල විශේෂ විධිවිධාන යොදවන්නත් යම්කිසි කාලයක් ඕනේ.. ඒ අතරේ අපි ඔක්කොම ගෙදර යන්න ඕනේ කියාගෙන දහස් ගනන් වලින් එකතු උනාම තානාපති කාර්යාල වලටත් ලොකු ප්‍රෙෂර් එකක් එනවා.. යන්න ඕනේ කිව්ව පලියට අපිව ගෙවල් වලට යවන එක ප්‍රායෝගිකව කරන්න හරිම අපහසුයි.. ඒ දේවල් කරන්න ඕනේ විශේෂ පිළිවෙලවල් තියෙනවා.. මම අර කලිනුත් කිව්වා වගේ අපිව ගෙනාවේ එම්බසි එකෙන් නෙමෙයි නිසා අපිට ඒ අයට බල කරන්න අයිතියක් නෑ අපිව ඉක්මනට යවන්න කියලා.. අපිව යවන්න කියන ඉල්ලීම විතරයි අපිට කරන්න පුලුවන්.. අපිට හරි ගියාම සද්ද නොකර ගෙදර යනවනම් වැරදුනාම ඒ අයට කරදර නොකර අනවශ්‍ය විදිහට පීඩනයක් ඇති නොකර අපි ඒක කර ගන්න උත්සහ කරන්න ඕනේ..:dull:

    එම්බසි වලින් විවිධ විදිහේ අමිහිරි අත්දැකීම් ලැබුණ අයත් අනිවාර්යෙන්ම ඉන්නවා.. මොකද මම දැකපු දේවල් සහ දැනුනු දේවල් ගැන මම මෙහෙම කිව්වට ඊට හාත් පසින්ම වෙනස් අමිහිරි අත්දැකීම් ලැබුණු අයත් ඉන්නම ඕනේ.. අපි හැමෝටම එකම විදිහේ අත්දැකීම් ලැබෙන්නේ නැති නිසා එහෙම අයට මගෙත් කණගාටුව. හැබැයි අපේ හැසිරීම සහ ඉවසීම මත අපිට ලැබෙන සැලකිල්ල සහ අවාධානයත් සෑහෙන වෙනස් වෙනවා කියන එකනම් කියන්නම ඕනේ..:yes:


    ඩුබායි වල PCR පරීක්ෂණය සහ පිටත් වීම ගැනත් ඉස්සරහට ලියන්නම්..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දේශපාලනික මානසිකත්වයෙන් බලන්න එපා.. කියලා තියෙන දේ ගැන පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න..:)
     
    • Like
    Reactions: jmzsl

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    දේශපාලනික මානසිකත්වයෙන් බලන්න එපා.. කියලා තියෙන දේ ගැන පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න..:)
    UAE Sri Lankan එම්බසි එකේ අයට කොරෝනා හැදිලා නේද . දැන් එම්බසී එක වහලා නේද තියෙන්නේ ?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේකේ ඉන්න දේශපාලන අනාථ යෝ කියන ඒවා අහන්න එපා බං . උන් වැටිලා ඉන්න වල උබ ට පේනවනේ . එළකිරි එකේ නිරෝධායන කියලා පෝස්ට් එකක් දැම්මොත් එකාටත් හුල්ලනව 😀😀 එච්චරට කොඩේ 😀
    ඇතටම අපිත් ආසයි ඇතුළේ මොක වෙන්නේ කියලා දැන ගන්න . ඉතුරු ටිකත ලියන්න . මොක ද වහල්ලු බිරුව ට කදු පාත් වෙන්න නේ නැහැනේ 😀😀😀🤩
    කියන්න හදන දේ එහෙම් පිටින්ම අවුල් කරනවනේ.. එතකොට එපා වෙනවා බං.. :oo: තමන්ට ඕනේ කෙනෙකුට ඡන්දේ දෙන්න පුලුවන්නේ. (අපේ අය දුන්නොත් දෙන්නෙ අං තට්ටුවයි නැට්ටයි අඩු එකෙකුට.. ඒක වෙනම කතාවක්.:lol:) ඒකට එලකිරියේ පොස්ට් බල බල ඉඳලා තීරණ අරන් හරි යන්නේ නෑ. මිනිස්සු කරපු කියපු දේවල් දිහා බලලා තීරණය කරන්න ඕනේ..:yes: