දින සති මාස ගත වෙලා ගිහින් අවුරුදු කීපෙකට පස්සේ ආයේ එලකිරියට ත්‍රෙඩ් එකක් එකතු කරනවා.. 
එලකිරියට ගොඩ නොවුනු කාල සීමාව ඇතුළත එලකිරිය සෑහෙන වෙනස් වෙලා..
කට්ට කලුවර වෙච්ච සයිට් එක අස්සේ ත්‍රෙඩ් එකක් දාන්න එහෙමෙහෙ හැප්පි හැප්පි අතපත ගගා ඇවිදින්න ගිහින් එපා උනා..
යූසර් සීපී එක හොයා ගන්න නෑ..
මැසේජ් බොක්ස් එක කොයි ලෝකෙද දන්නේ නෑ..ජී.ටී අයියට සෑහෙන හචිං යන්න ඇති අද මං නිසා. ගොඩාක් ස්තූතියි මේ කොරොනා අස්සේ කලුවරේ අනාත කලාට..
ජීවිතයේ අත්දැකපු සමහර අත්දැකීම්, ජයග්‍රහණ සහ අහිමී වීම් වගේම වැරදුනු තැන් ගැන ඉඳලා හිටල එලකිරියත් එක්ක බෙදා හදා ගත්තු පුරුද්දට දූන්නු විරාමය මෙතනින් එහාට ඉවර වෙනවා.. ඒ කියන්නෙ ආයෙත් ඉඳලා හිටල මගෙන් ත්‍රෙඩ් එකක් දෙකක් එලකිරියට වැටෙන්න ඉඩ තියෙනවා කියන එක..
අද මම කියන්න අපි හැමෝගෙම ජීවිත වලට සෑහෙන ලොකු බලපෑමක් කරපු, ජීවිත දහස් ගණනක් ලෝකෙට අහිමි වුණු දස දහස් ගණනකට ආසාධනය උනු කොරෝනා හෙවත් Covid19 වසංගතය විදේශ ගත වෙලා උන්නු අපිට බලපෑව විදිහ ගැන..
ලංකාවේ ඉන්න ඔයාලට වගේම විදේශ සේවයේ නිරත වෙලා ඉන්න අපිටත් ශාරීරික, ආර්ථික වගේම මානසිකවත් සෑහෙන ලොකු බලපෑමක් කරපු කාලයක් මේක..
කාත් කවුරුවත් නැතුව තනියම ජීවිතේ ගෙවපු මටනම් කොරෝනා උවදුර දරුණුවටම බලපෑවා.. මාර්තු 26 වෙනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මම හිටිය පළාත සම්පූර්ණයෙන්ම වහලා දැම්මා.. (ඉදිරියේදී කියන සමහර කාරණා නිසා මම පළාත නොකියා ඉන්න තීරණය කලා. දන්න අය ඉන්නවනම් ඒ අයත් මම කියනකන් ටිකක් ඉන්න
)
ඒ නිසා පුලුවන් තරම් බිස්කට්, නූඩ්ල්ස් වගේ කල් තියාගෙන කන්න පුලුවන් විදිහේ කෑම බීම වර්ග ගෙනත් තියා ගත්තා.. ඒ වගේ කෑම බීම වලින් මාස තුනක් ජීවත් වෙන්න වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ. ඒත් ඒක එහෙම උනා.. පෙබරවාරි මාසේ පඩියෙන් ටිකක් ගෙදරට යවලා ඉතුරු ටික මෙහේ ජීවත් වෙන්න තියා ගත්තේ ඊලඟ පඩිය ලැබෙන දිනයක් තියා අඩුම ගානේ ආයේ රැකියාව ගැනවත් කිසිම විස්වාසයක් නැතුව..
Lock down එකත් එක්ක අපිට තිබුණ ප්‍රධානම ගැටලුව උනේ කෑම සපයා ගන්න එක.. අපේ රැකියාවල් එක්ක තිබුණු Tight working schedule එකත් එක්ක උයාගෙන කන්න පුලුවන් කමක් තිබුණෙම නෑ..
ඉතින් මාසෙකට ගාණක් ගෙවලා මෙස් එකකින් කෑම ගෙන්න ගත්ත එක තමයි කරන්න උනේ.. ඒත් පළාතම වැහුව එකෙන් අපිට කෑම එවන එක නැවතුනාට පස්සේ තත්ත්වේ සෑහෙන දරුණු උනා.. උයාගෙන කන්නත් අවශ්‍ය කරන උපකරණ මුකුත් අපි ලඟ තිබුණේ නෑ වගේම මේ වගේ වෙලාවක ඒ වගේ දේවල් අමුතුවෙන් සල්ලි දීලා ගන්න වියදම් කරන එකත් තේරුමක් නෑ..
මැයි මාසේ 7 වෙනිදා අපි රැකියාවට ආවම ප්‍රධානියා මට දෙන්න තිබුණ අවාසනාවන්තම පණිවිඩය දුන්නා. ඒ "Hr මැනේජර්ට කියලා පාස්පෝට් එකත් අරගෙන ඉක්මනින් ඔයාලගේ රටේ Embassy එකට ගිහින් මේ ගැන දැනුවත් කරලා පුලුවන් විදිහකින් ආයේ ගෙදර යන්න ක්‍රමයක් හදා ගන්න" කියන එක.
HR එකෙන් passport එක ගන්න එක හරිම අමාරු වැඩක් වගේම මගේ රාජකාරි ස්වභාවයත් එක්ක ගෙදර යන්න කලින් සම්පූර්ණ කළයුතු ක්‍රියාපටිපාටි සීයක් විතර තියෙද්දී ඒ කිසිම දෙයක් නැතුව පාස්පෝට් එක ගන්න කියපු විදිහ නිසා මට වෙන්න යන්න දේ බැරෑරුම් කම ගැන පුංචි ඉවකුත් දැනුණා..
මෙතනින් එහාට වැඩ කලාට වැටුප් ගෙවන්න තරම් ආයතනයට වත්කමක් නෑ, Air ticket එක දෙන්න පුලුවන් කමකුත් නෑ කිව්වා වගේම වැඩ කරපු මාර්තු මාසෙටවත් කිසිම කෙනෙකුට පඩි දෙන්න ක්‍රමයක් නෑ කිව්වා.. මගේ ඉව හරියටම හරි ගියා. ඉතින් අවශ්‍ය උනොත් අදාළ තැනකට ඉදිරිපත් කරන්න පුලුවන් විදිහට ආයතනයෙන් ලියුමක් ගත්තා විස්තර සහිතව. නීති මාර්ගෙන් ලැබිය යුතු දේවල් ගන්න ක්‍රම තිබුණත් එහෙ මෙහෙ ඇවිදලා ජීවිතේට අවදානමක් ගන්න මම කැමති උනේ නෑ..
අපි හිටිය ගොඩනැගිල්ලෙත් ආසාදිතයෙන් කීප දෙනෙක් ඉන්නවා කියලත් නිල නොලත් ආරංචි ආවා.. ඒ අතරේ කොරිඩෝ එක දිගේ ඇවිදන් යද්දී හදිස්සියේ දැකපු හොඳින් ඔතපු මළ සිරුරක් දැක්කට පස්සේ ජීවිතේ ගැන කොයි තරම් අවධානමකද අපි ඉන්නේ කියන දේ වගේම වටින් පිටින් ආරංචි වෙන නිල නොලත් ආරංචි වලත් ඇත්තක් තියෙනවා කියලා තේරුණා..
ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යංශය හරහා පොඩි හරි සහනයක් ලබා ගන්න බලාගෙන කීප සැරයක්ම ගිහින් ආවා..
හැමෝම බනින ලංකාවේ එම්බසිය ගැන මගේ අත්දැකීම, අපිව එක්කන් යන්න ආව විශේෂ ගුවන් යානය හා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සත්කාර ගැන මම මේ ත්‍රෙඩ් එකේම ලියන්නම්..
ත්‍රෙඩ් එක දිගටම ලියාගෙන යන ගමන් ඉන්න නිසා ඕගොලොන්ගේ කමෙන්ට් වලට රිප්ලයි දාගන්න ටිකක් වෙලා යයි..
එතකන් ඔයාලා හැමොටම සුබ දවසක්..
හිත මිතුරු,
RichLife හෙවත් රිචා,
දියතලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන කඳවුරේ සිට

එලකිරියට ගොඩ නොවුනු කාල සීමාව ඇතුළත එලකිරිය සෑහෙන වෙනස් වෙලා..
කට්ට කලුවර වෙච්ච සයිට් එක අස්සේ ත්‍රෙඩ් එකක් දාන්න එහෙමෙහෙ හැප්පි හැප්පි අතපත ගගා ඇවිදින්න ගිහින් එපා උනා..
යූසර් සීපී එක හොයා ගන්න නෑ..
මැසේජ් බොක්ස් එක කොයි ලෝකෙද දන්නේ නෑ..ජී.ටී අයියට සෑහෙන හචිං යන්න ඇති අද මං නිසා. ගොඩාක් ස්තූතියි මේ කොරොනා අස්සේ කලුවරේ අනාත කලාට..
ජීවිතයේ අත්දැකපු සමහර අත්දැකීම්, ජයග්‍රහණ සහ අහිමී වීම් වගේම වැරදුනු තැන් ගැන ඉඳලා හිටල එලකිරියත් එක්ක බෙදා හදා ගත්තු පුරුද්දට දූන්නු විරාමය මෙතනින් එහාට ඉවර වෙනවා.. ඒ කියන්නෙ ආයෙත් ඉඳලා හිටල මගෙන් ත්‍රෙඩ් එකක් දෙකක් එලකිරියට වැටෙන්න ඉඩ තියෙනවා කියන එක..

අද මම කියන්න අපි හැමෝගෙම ජීවිත වලට සෑහෙන ලොකු බලපෑමක් කරපු, ජීවිත දහස් ගණනක් ලෝකෙට අහිමි වුණු දස දහස් ගණනකට ආසාධනය උනු කොරෝනා හෙවත් Covid19 වසංගතය විදේශ ගත වෙලා උන්නු අපිට බලපෑව විදිහ ගැන..

ලංකාවේ ඉන්න ඔයාලට වගේම විදේශ සේවයේ නිරත වෙලා ඉන්න අපිටත් ශාරීරික, ආර්ථික වගේම මානසිකවත් සෑහෙන ලොකු බලපෑමක් කරපු කාලයක් මේක..
කාත් කවුරුවත් නැතුව තනියම ජීවිතේ ගෙවපු මටනම් කොරෝනා උවදුර දරුණුවටම බලපෑවා.. මාර්තු 26 වෙනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මම හිටිය පළාත සම්පූර්ණයෙන්ම වහලා දැම්මා.. (ඉදිරියේදී කියන සමහර කාරණා නිසා මම පළාත නොකියා ඉන්න තීරණය කලා. දන්න අය ඉන්නවනම් ඒ අයත් මම කියනකන් ටිකක් ඉන්න
)ඒ නිසා පුලුවන් තරම් බිස්කට්, නූඩ්ල්ස් වගේ කල් තියාගෙන කන්න පුලුවන් විදිහේ කෑම බීම වර්ග ගෙනත් තියා ගත්තා.. ඒ වගේ කෑම බීම වලින් මාස තුනක් ජීවත් වෙන්න වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ. ඒත් ඒක එහෙම උනා.. පෙබරවාරි මාසේ පඩියෙන් ටිකක් ගෙදරට යවලා ඉතුරු ටික මෙහේ ජීවත් වෙන්න තියා ගත්තේ ඊලඟ පඩිය ලැබෙන දිනයක් තියා අඩුම ගානේ ආයේ රැකියාව ගැනවත් කිසිම විස්වාසයක් නැතුව..

Last edited: