රට උන්නු අපි සහ කොරෝනා සටන

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපිට වෙන්වුණු ඇඳන් බොහොම ලස්සනට වගේම බොහොම පිළිවෙලට පිරිසිඳුවට තිබුණා.. :love: ඒ වගේම ඇඳන් දෙකක් අතර අඩි 5ක විතර විශාල පරතරයකුත් තියලා..:) එකම රැල්ලක්වත් නැති වෙන්න එලපු සුදු පාට බෙඩ් ෂීට් එක, සුදුම සුදු පාට කොට්ට උරයක් දාපු කොට්ටේ, ඇඳේ කොනක ලස්සනට නවලා තිබුණු බ්ලැන්කට් එක හමුදාවේ විනය වගේම පිළිවෙලට හොඳම සාක්ෂි.. ඇඳට යාබදව ඇඳුම් එල්ල ගන්න විශාල ප්‍රාමාණයේ රෙදි රැක් එකක්, ඉඳගෙන ඉන්න ප්ලාස්ටික් පුටුවක් හැමෝටම දීලා තිබුණා..:yes: සුදු පාටට තිබුණු මදුරු දැලත් අලුතෙන්ම හෝදලා එල්ලපු එකක්.. හැමදේම අපි වෙනුවෙන් සූදානම් කරලා.. තනි පුද්ගලයෙක් වෙනුවෙන් දෙන්න පුලුවන් උපරිම පහසුකම් දීලා තියෙද්දිත් තවත් අඩු පාඩු තියෙනවනම් දැනුම් දෙන්න කියලත් ඒ අය අපෙන් ඉල්ලා හිටියා..:love:
    එක කාමරයක ඇඳන් 8ක් තිබුණත් හොඳට ඉඩ කඩ ඇතුව ඉන්න පුලුවන් වටපිටාවක් ඒ අය නිර්මාණය කරලා දීලා තිබුණා..

    ගමන් මහන්සියත් රැයක් පුරා ආපු ගමනත් නිසා මූණ සෝද ගන්න නාන කාමර තිබුණ පැත්තට ඇවිදන් ගියා.. වැසිකිළි කොටස වෙනමත්, නාන කොටස වෙනමත්, මූණ හෝද ගන්න සින්ක් එකයි කණ්නාඩියයි එක්ක වෙනම කොටසකුත් වශයෙන් අංග සම්පූර්ණ ඉතා පිරිසිඳු නානකාමර පේළියක් ඒ අය අපි වෙනුවෙන් ඉදි කරලා පිරිසිඳු කර ගන්න ඕන කරන දියර වර්ග පවා තියලා තිබුණා...:yes: මේ පැත්ත ගොඩක් සීතල නිසා හීටර් පවා හයි කරලා තිබුණා..(හීටර් වැඩ කලාට උණු වතුර ආවේ නෑ හැබැයි.:D) මූණ හෝදන සින්ක් එක සහ වැසිකිළි පවා පැල්ලම් රහිතව හොඳින් පිරිසිඳු කරලා තිබුණා..:cool: මීට කලින් සෑහෙන පිරිසක් නිරෝධායනය කරපු කඳවුරක් වුනත් අපි එද්දි අලුතෙන්ම ඉදිකරපු නිරෝධායන කඳවුරක් වගේ පිරිසිඳු කිරීම් සහ අවශ්‍ය කරන නඩත්තු කටයුතු කරලා තිබුණා..:)

    මේ දේවල් කරද්දී හමුදා සාමාජිකයින් කොයි තරම් කැප කිරීමක් කරන්න ඇතිද කියන එක නිතරම ඔලුවට ආවා..:sorry: අපි ආව ගමන් ගමන් මහන්සියට ඇළවුණු ඇඳන් මෙතෙන්ට ඉබේ පහළ වුණ දේවල් නෙමෙයි..:no: ඒ අය ගොඩක් මහන්සි වෙලා ගෙනත් තියපු ඒ අයගෙම ඇඳවල්.. ඉහළ නිලධාරීන්ගෙන් අනන්තවත් බැනුම් අහන්න ඇති කෙටි කාලයක් ඇතුළත මේ දේවල් සංවිධානය කරද්දී..:dull: ඒ අයට ලැබෙන නියෝග අපිට ලැබෙන සැලකිලි තරම් සරල නෑ..:no: පැයක් ඇතුළත කාමරයක් හදන්න කිව්වොතින් ඒ අය නොකා නොබී හරි ඒ දේ කරලයි නවතින්නේ.. ඒ අයගේ ඒ කැපවීමේ දහඩිය මහන්සියේ ප්‍රතිඵල තමයි අපි මේ කඳවුරේදී භුක්ති වින්ඳේ..:love:

    කලින් දවසේ උදේ ඉඳලම ඇඟට දැණුනු ගමන් මහන්සියත් අධික නිදිමතත් නිසා ඇඳට වැටෙන්නේ කොයි වෙලාවෙද වගේ හැඟීමකින් අපි හැමෝම හිටියේ.:baffled:. මූණ කට හෝදන් අපි ඇඳන් ආව ඇඳුම් මාරු කරලා ඉවර වෙද්දී උදේ 5:30ට විතර ඇති.. ගැඹුරු හුස්මක් අරන් ඇඳේ හාන්සි වුණේ තවත් දින 14ක් කඳුකරයේ හුදකලා වුණ දියතලාව කඳවුරේ ගත කරන්න වෙන නුහුරු නුපුරුදු සිතුවිල්ලත් එක්කයි..:nerd:

    උදේ 5:55 වෙද්දී අපි හැමෝටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන ගමන් නිවේදනයක් ලැබුණා.. ඒ උදෑසන තේ එක සූදානම් කියලා.. ආගන්තුක නිවසකට හරි, හිතවතෙකුගේ නිවසකට හරි ගියාම ලැබෙන සාප්‍රදායික පිළිගැනීමක් වුණ තේ එක මෙහෙදිත් අපිට පිරිනැමුණා..:love: කලින් දවසේ රාත්‍රියෙ ලැබුණ කෙටි කෑම වෙලට පස්සේ අපිට ලැබුණ පළවෙනිම සංග්‍රහය ඒක.. උණුවතුර බොතල් වලට දාපු තේ ඒ අය අපේ නේවාසිකාගාර වලට ඇතුළු වෙන තැන මේසයක් උඩින් තියලා යනවා.. ඒ අය එතනින් පිටවුනාට පස්සෙ තමයි අපිට ඒ අය තියලා යන කෑම බීම ගන්න අවසර ලබෙන්නේ..:yes: තේ බොන්න ඕන කරන කෝප්ප කෑම කන්න සූදානම් කරල තියෙන ශාලාවේ ඇති වෙන්න තිබුණා.. තේක බිව්වට පස්සේ ආයේ ඇඳේ හාන්සි වුණා.. අතරින් පතර එක එක තොරතුරු එකතු කර ගැනීම සඳහා හමුදාවෙන් දුන්නු විවිධ නිවේදන නිසා නිදා ගන්න තරම් සුදුසු වාතාවරණයක් ලැබුණේ නෑ..:no: මොකද පළමු පැය කීපය අදාළ සංවිධාන කටයුතු කර ගන්න ඒ අයට අපේ තොරතුරු ඕනේ වෙනවා.. ඉතින් නිතර නිතර ඒ අයට අපිව සම්බන්ධ කර ගන්න වෙනවා.. ඒ අතරේ නැවත වතාවක් පුංචි ළමයින්ට සහ අසනීප තියෙන අයගේ අවශ්‍යතා තියෙනවනම් ඒ අයව දැනුවත් කරන්න කියලත් නිවේදනය කළා..:) ශ්‍රී ලංකා යුධ හමුදාවේ තියෙන මානුෂීය බව ඒ හැම නිවේදනයකම ගැබ් වෙලා තිබුණා..:love: උදෑසන 7:30 වෙනකොට ආයේ නිවේදනයක් ලැබුණා උදේ කෑම ලෑස්තියි කියලා.. කලින් වගේම සුදු පාට කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක අහුරපු උදේ කෑම එක කලින් තේ තියලා තිබුණ මේසේ උඩ තියලා ගිහින් තිබුණා..:cool: පොල් සම්බෝලයක්, මාලු හොදි එක්ක මාලු කෑලි දෙකක් සහ පරිප්පු එක්ක බතක් අපිට ලැබුණා.. :love:

    උදේ 8:00 වෙද්දී අපිව ආයේ පොලිම් ගස්සලා ශරීර උෂ්ණතවය මැනලා ආයේ කාමර වලට යැව්වා.. කලින් දවසේ ඉඳලා ඇඟට දැණුන ගමන් මහන්සිය සහ තෙහෙට්ටුව නිසා කෑම ලෑස්තියි කියලා දෙන නිවේදනය පවා තරමක හිරිහැරයක් විදිහයටයි දැණුනේ..:sorry: ඉතින් ශරීර උෂ්ණත්වය මැන ගන්න එළියට ගියෙත් අවිදින මළමිනි වලටත් අන්ත මුස්පේන්තු විදිහට..:P 9:20ට විතර ආයේ කාමරේට ඇවිත් "අනේ අපිට කෑම එපා නිදා ගන්න දීපියව්" කියන හැඟීමෙන් ආයේ ඇඳට වැටුණට නිදා ගන්න ලැබුණේ නෑ..:lol: 10:00 වෙද්දී ආයේ තේකක් හදලා නිවේදනයක් දුන්නා ඇවිත් අරන් යන්න කියලා..:P ඒ වෙද්දී හමුදාවේ සංග්‍රහයන් ඕනෑවටත් වැඩි වෙලයි හිටියේ නිදා ගන්නම බලන් උන්නු නිසා..:rofl: තේක ගන්න ගියාම තේකත් එක්ක උණු උණුවෙම චූටි සීනි බනිස් ගෙඩියකුත් තියලා ගිහින්..:P බනිස් ගෙඩියත් එක්ක තේකත් අමාශගත කර ගත්තු අපේ කාමරේ හිටිය 8 දෙනා ඊලඟට දිගටම නොනිදා ඉන්න තීරණය කලා.. ආයේ මොනවහරි කන්න දෙන්න කතා කළාම නින්ද කඩාගෙන ගිහින් කනවට වැඩිය නිදි මරාගෙන කන එක ලාභ නිසා ඇඳට වෙලා හාන්සි වෙලා හිටියා..:lol:

    ඊලඟ නිවේදනය ලැබුණේ හවස 1:20ට විතර.. ඒ දවල් කෑම ලෑස්තියි කියලා..නින්දත් නොනින්දත් අතර හිටිය නිසා ඇඟ පත හෝදන් ඇවිත් දවල් කෑමට ලෑස්ති වුණා.. කෑලි කපපු අන්නාසි කෑලි, බත් එක මැද්දට ඉහපු ප්ලාමිස් එක්ක කුකුළු මස්, අල බැදුමක්, එලවලු සලාදයක් සහ චිලී පේස්ට් එක්ක ෆ්‍රයිඩ් රයිස් එකක්..:shocked: අතුරු පස විදිහට යෝගට් එකකුත් දුන්නා.. ඉබේම වගේ ඇත්තටම අපි ඉන්නේ හමුදා කඳවුරකමද කියන සිතුවිල්ල ඔලුවට ආවා..:eek: ඊලඟ තවත් පැය කීපයක් නොනිදාම ගත වෙලා ගියා.. හමුදාවත් එක්ක වැඩ කරනවනම් අනිවාර්යෙන්ම හැම දේකටම වෙලාවක් වෙන් වෙලා තියෙනවා වගේම ඒ වෙලාවට අපි හුරු වෙන්න ඕනේ.. ඉතින් ඒ වෙලාවල්වල නුහුරු බව නිසා සහ වෙලාව නොදන්න කම නිසා පළවෙනි දවසේ අපිට පොඩි අපහසුවක් දැණුනා..:yes: නැවත හවස 4:00ට ආයේත් ප්ලේන් ටී එකක් එක්ක මාරි බිස්කට් ලැබුණා..:oo: ඔන්න දැන් ටික ටික අපිට පියවි සිහිය ලැබෙන්න පටන් ගත්තා.. අපි ආවේ ගෙවීම් කරන්න ඕනේ නිරෝධායන කඳවුරටවත්ද? මෙහෙම කන්න දීලා අන්තිමට බිල දුන්නොත් මොකෝ කරන්නේ.. සුවර් එකටම අපි ආවේ හරි තැනටම නේද වගේ ප්‍රශ්න මතු වෙන්න ගත්තා..:lol: ආයේ හවස 7:30 වෙද්දී රාත්‍රී අහාරයත් ලැබුණා.. කලින් වගේම සුදු පාට පිරිසිඳු කාඩ්බෝඩ් පෙට්ටියක දාපු කෑම එකක්.. එලවලු කපල දාපු මැකරෝනි එක්ක අල සහ කුකුළු මස්.. ඉන්නේ නිරෝධායන කඳවුරක වුනත් හෝටලයක නැවතිලා කෑම කනවා වගේ හැඟීමක් අපිට ඇති කරවන්න ශ්‍රී ලංක යුධ හමුදාව සෑහෙන මහන්සි වෙලා තිබුණා... :love: රාත්‍රී 8:45ට නැවත කොත්තමල්ලී පානයක් ලැබුණා.. දාවසේ අහාර සැපයුමේ අවසානම අංගය කොත්තමල්ලි පානය.. උදේ ඉඳලා අපිට ලැබුණු ආහාර පාන සහ සංග්‍රහ නිසා නිරෝධායනය වෙන අපිට වැඩියෙන් සතුටු වුණේ අපේ ගෙවල් වල ඉන්න දෙමවුපියන් සහ අනෙකුත් ඥාතීන්..:)

    උදෑසන 5:55 ඉඳල හමුදාවෙන් අපිට අහාර පාන සපයන්න පටන් ගන්නවා.. අපි ඒ වෙලාවල් මතක තියාගෙන හිටියේ තේ ලබා දුන්නු උණු වතුර බෝතල් එහෙම වෙලාවට පිරිසිඳු කරලා ඊලඟ වාරේ තේ ගෙනත් දෙන්න ලෑස්ති කරලා ආයේ මේසේ උඩින් තියලා තියන්න ඕනෙ උන නිසා.. අපි හමුදාවේ කාලසටහන ගැන පොඩි අදහසක් ඇති කර ගත්තත් පහුවදා උදේ 5:25ට ඒ කාලසටහනේ එක තැනක් අපිට මග හැරිලා තිබුණා..:baffled: උදේ 5:25 ඉඳලා 5:55 වෙනකන් පිරිත් දානවා.. කලින් දවසේ තිබුණ කාර්‍ය්බහුලත්වය උඩ පිරිත් දාන්න වෙලාවල් ලැබුණේ නෑ.. එක දිගටම අපිව කාමර වලට යොමු කරවීම් සහ අවශ්‍ය උපදෙස් ලබා දීපු නිසා ශබ්දවාහිනිය එක දිගටම කාර්යබහුල වෙලයි තිබුණේ..පළවෙනිම දවසේ තද නින්දේ උන්නු අපිට එක පාරටම අගක් මුලක් මැදක් නොතේරෙන විදිහේ ඝෝෂාවක් වගේ ඒක ඇහුණත් ඊලඟ දවසේ ඉඳලම අපි 5:30 වෙද්දි අවධි වුණාම ඒ ගැටළුවත් නැති වුනා..:) උදෙන්ම පිරිත් හඬත් එක්ක ගෙදරට ගත්තු දුරකතන ඇමතුම නිසාම ගෙවල් වල අයටත් අපි ගෙදරම හිටියා වගේ දැනෙන්න අති.. :love:

    To be continued
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    BUMP ......
    UP ..

    (y)(y)


    :):)


    :cool::cool::cool:

    Thanks for sharing your story. Very interesting to read, nonetheless sad to hear your story

    There are so many sad stories bro.:(

    අවුලක් නැතිව ඉක්මනට ගෙදර යන්න ලැබෙවා මචෝ...!!!!

    ස්තූතියි මචන්..:love:


    ලයිට් ටික විතරයි අඩු..:rofl:


    :love:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඊලඟට අපිට තිබුණු ප්‍රධානම ප්‍රශ්නේ ලංකාවේ ජංගම දුරකථන අංකයක් නැති එක. :baffled: අවුරුදු ගාණකට පස්සේ ලංකාවට පය ගහපු අපිට ලංකාවේ සිම් පතක් නැති අඩුව සෑහෙන දැණුනු නිසා අපි ඒ ගැන හමුදා නිලධාරීන් දැනුවත් කළා..:)

    පහුවෙනිදම අවශ්‍ය තරම් සිමිපත් කඳවුරට ලැබුණත් සිම්පත් ක්‍රියාත්මක කර ගැනීමේ ගැටළුවක් වගේම පෙරගෙවුම් කාඩ්පත් වල ගැටළුවකුත් මතුවුණා..:no: මතුවෙන ඕනෑම ගැටලුවකට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න වගේම ගැටලුව නිරාකරණය කරලා දෙන්නත් යුධ හමුදාවට තිබුණේ පුදුම හැකියාවක්..:yes: එදාම අපෙන් ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සහ නම ලියාගෙන ගිහින් ජංගම දුරකථන සමාගම එක්ක සම්බන්ධ වෙලා සිම්පත් ක්‍රියාත්මක කර ගැනීමේ ගැටලුව ඒ අය විසඳවලා තිබුණා..(y) ඒ වගේම රුපියල් 100ක පෙරගෙවුම් කාඩ් පවා ඒ අය ගෙනල්ලා තිබුණා..:D මම කලින් කිව්වා වගේම හමුදා සාමාජිකයින් නිරෝධායන නීති අකුරුටම පිළිපදිනවා. ඒ අය අපේ සල්ලි අල්ලන්නෙත් නෑ.. අපේ ලඟට එන්නෙත් නෑ. ඈතින් ඉඳගෙන සිම් එක මේසයක් උඩින් තියලා යනවා.. ඒ වගේම ඒ අයගේ ලොග් පොතක සිම් එකට අදාල EMI නොම්මරය ඉස්සරහ අපේ ගුවන්ගමන් බලපත්‍ර අංකය, සම්පූර්ණ නම, අලුත් ජංගම දුරකථන අංකය ලියලා තියෙනවා. අදාළ තැන අපි අත්සනක් දාලා සිම් එක අරන් යන්න ඕනේ..:) RE charge කාඩ් ඕන අය එතනම පෙට්ටියකට රුපියල් 100ක් දාන්න ඔනෙ.. ඊට පස්සෙ හමුදා නිලධාරියෙක් ඇවිත් කාඩ් එක මේසෙ උඩින් තියලා යනවා. එයා එතනින් අයින් වුණාට පස්සේ අපිට කාඩ් එක ගන්න පුලුවන්..:cool: හැම දේම නිවැරදිව පිළිවෙලට අනවශ්‍ය කලබලයකින් තොරව කෙරෙනවා..අපේ අයගේ නොසැලකිල්ල සහ අවධානයක් නැති කම උඩ පොඩි පොඩි ප්‍රශ්න ඇතිවුනොතින් ඇරෙන්න හමුදාව පැත්තෙන් කිසිම විදිහක වරදක් දකින්නවත් ලැබුණේ නෑ..:love:

    එතනින් එහාට ගෙවුණු හැම දිනයක්ම විශේෂ දිනයක්.. හැමදාම ඇහුණු නිවේදන සෑහෙන මානුෂීය වගේම හිතට ගොඩක් සංවේදී ඒවා..:)

    "ඔයාලට මොනවහරි අවශ්‍යතාවක් හරි උවමනාවක් හරි තියෙනවනම් අපිව දැනුවත් කරන්න.මොකද ඔයාලා හැමෝටම අපි පොදුවේ හැමදේම සපයලා තියෙනවා..ඊට අමතරව අපේ කඳවුරේ නැති ඔබට අත්‍යවශ්‍ය දෙයක් තියෙනවනම් අපි ඒ දේවල් පිටින් හරි ගෙනල්ලා දෙන්න කටයුතු කරනවා.. ඒ නිසා එහෙම මොනවහරි ඕනෙනම් අපිව දැනුවත් කරන්න..":love:

    "අම්මා කෙනෙක් බබෙකුට කෙසෙල් වගයක් ඕනේ කිව්වා.. ඒ ටික ඇවිත් තියෙනවා.. ඒ අම්මා ඉස්සරහට ඇවිත් අරගෙන යන්න..:love:
    පොඩි බබෙකුට කිරි පැකට් එකක් ඕනේ කියලා තිබුණා.. ඒක දැන් ඇවිත් තියෙනවා.. චුට්ටක් ඉස්සරහට ඇවිත් ඒක අරගෙන යන්න..:love:
    මහත්තයෙක් සබන් කැටයක් ඉල්ලලා තිබුණා.. දැන් අපි ගාව සබන් තියෙනවා.. ඒ මහත්තයා පොඩ්ඩක් ඇවිත් අරගෙන යන්න..":love:

    අපි ආව දවසේ ඉඳලා අද වෙනකන් ශබ්ද විකාශණ යන්ත්‍රයෙන් ඇහුණු ඔය වගේ නිවේදන වලින් අඩුවක් තිබුණේ නෑ..:yes:

    අපි හැමෝම විදේශගත වෙලා ආව අය.. අපිට අමතක වුණු එහෙම නැත්තන් අන්තිම මොහොතේ අපිට අතපසු වුණ විවිධ අවශ්‍යතා තියෙනවා..:dull: එහෙම වෙලාවක අපි වෙන කාගෙන් හරි දෙයක් ඉල්ලුවනම් "රට ඉඳලා නේද ආවේ.. අපෙන්ම ඉල්ලන්න බලාගෙන එනවා" වගේ දේවල් විහිලුවට හරි අනිවාර්යෙන්ම අහ ගන්න වෙනවා.:sorry:. හැබැයි හමුදා සාමාජිකයින් වචනෙකින්වත් අපිට රිද්දුවේ නෑ අපිට මග හැරුණු අවශ්‍යතා ගැන ඒ අයට කියද්දී..:) තුවායේ ඉඳලා රෙදි ටික සෝද ගන්න අවශ්‍ය කරන රින්සො පැකට් එකට එනකන් ඒ අය කාමර වලට වෙන වෙනම ගෙනත් දුන්නා..:love:

    දහවල් ආහාරයට ඉස්සෝ හෝ දැල්ලෝ බැදුමක් එක්ක ෆ්‍රයිඩ් රයිස් එකක්, චොප්සි රයිස් එකක්, සාමාන්‍ය චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් වරදින්නෙම නෑ..:D සාමාන්‍ය බත් එකක් ආවත් ඒකට ව්‍යාංජන 4ක් අනිවාර්යෙන්ම එකතු කරලා තිබුණා..:yes: ගස්ලබු කෑල්ලක්, ඇපල් ගෙඩියක්, යෝගට් එකක් දවල් ආහාරයට පස්සේ අනිවාර්යයි.. හවස තේ බොන්න මාරි බිස්කට් හරි ක්‍රීම් ක්‍රැකර් හරි බිස්කට් කීපයක් ලැබෙනවා.. :love:
    රෑ කෑමත් ඒ වගේමයි.. හොදි වර්ග දෙකක් එක්ක සහ පොල් සම්බෝලයක් එක්ක පාන්.. චිකන් සහ අල එක්ක මැකරෝනි.. බැදපු සෝසේජස් දෙකක්, බැදපු බිත්තරයක්, බටර් පෙත්තක්, තම්බපු එලවලු වර්ග කීපයක් එක්ක කෝසස් එකක් එක්ක පාන් බාගයක් රෑ කෑම වෙලාවට ලැබුණා..:love:

    හැමදාම අපේ කෑම වේල් තුනෙන් එක වේලකට මොකක් හරි විශේෂත්වයක් එකතු කරලා..:cool: කෑමක රසය වගේම පෙනුම ගැනත් හමුදාව ගොඩක් සැලකිලිමත් වෙලා තිබුණා..:yes: කෑම එක ආරාධිත අමුත්තන්ට පිළිගන්වනවා වගේ සපයනවා.. :Dත්‍රස්තවාදීන් එක්ක සටන් කරද්දි පුරවැසියන් විදිහට අපි ඒ අයට ණය වුනා මදිවට විදේශ ගත වෙලා ආවට පස්සේ අපි ආයේ ඒ අයට නැවත ගෙවන්න බැරි විදිහට ණය වෙලා වගේ දැණුනා..:sorry: දරුවන් වෙනුවෙන් දෙමවුපියන් කරපු කැප කීරීමට ණය ගෙවලා ඉවර කරන්න බෑ වගේම හමුදා සාමාජිකයින්ගේ කැප කිරීම වෙනුවෙනුත් අපිට ණය ගෙවලා ඉවර කරන්න බැරි වෙයි..:dull: අසනීපයක් උනාම අපේ අම්මලා අපිට අපි කැමති කෑම වර්ග හදලා දීලා උදේ හවස උණ බලලා, රෑට කොත්ත මල්ලි හදලා දීලා අපිව කාමරේට කරල තියෙනවා හා සමානවම හමුදාවෙනුත් අපි සිය ගාණක් සති දෙකක් පුරාවට ආරක්ෂා කරනවා..:) නිරෝධායනය ඇතුළේ සැඟවුණු හමුදා ආරක්ෂාව පිටින් බලන කෙනෙකුට කවදාවත් පේන්නේ නෑ...:yes:

    ඔයාලට සමහරවිට හිතෙයි මේ කියන විදිහට මේ කඳවුර ඇතුළේ හැමදේම 100%ක්ම අඩුපාඩුවක් නැතුව තිබුණද එහෙම නැත්තං කිසිම අඩුපාඩුවක් අපහසුතාවයක් වුණේම නැද්ද කියලා.. එහෙම නැතත් අඩුපාඩු වගේ දේවල් ගැන දැන ගන්නම බලන් ඉන්න පිරිසකුත් ඉන්නවනේ..:rolleyes:

    ඒ ටික ඊලඟ කොටසෙදි...

    To be continued:yes:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පහුගිය දවසක කෑම්ප් එකට වතුර නැතිවුණා.. ජලාපවාහන මණ්ඩලයට අයත් නලමාර්ගෙක ගැටළුවක් නිසා කඳවුරට වතුර එන එක නැවතුනා.. ඉතින් කඳවුරේ ඉන්න අපේ ජල වශ්‍යතාවයන් සපුරන්න තවත් ලඟම හමුදා කඳවුරකින් මධ්‍යම රාත්‍රී 12 විතර වෙනකන් හමුදා බවුසර් වලින් වතුර ගෙනත් ටැංකි පුරවන්න පටන් ගත්තා.. අපිට වතුර ගෙනත් දුන්නු කඳවුරේ ජල අවශ්‍යතා සපුර ගන්නේ හමුදා බවුසර් මාර්ගයෙන්.. ඒ කඳවුරට ගෙනියන වතුර බවුසර් තමයි අපි වෙනුවෙන් එවලා තිබුණේ.. ලඟ තියෙන වතුර ටිකෙන් පිරිමහගෙන හමුදා කඳවුරේ කටයුතු කරගෙන ඒ අය වෙනුවෙන් ලැබෙන සීමිත වතුර ප්‍රමාණය පවා අපි වෙනුවෙන් මෙහෙට එවලා තිබුණා...:dull:

    හමුදා සාමාජිකයින්ගේ ඒ අයගේ ඇඳවල්, කොට්ට, මෙට්ට, මදුරු දැල් ,ඇඳ ඇතිරිලි, පිඟන් කෝප්ප පවා අපි වෙනුවෙන් දීලා අන්තිමට වතුරපොද පවා අපි වෙනුවෙන් කැපකළා..:sorry: ඒ අයගේ කඳවුරේ තියෙන සීමිත වතුර ප්‍රමාණෙන් ඒ අයගේ අවශ්‍යතා සපුරගන්නකොට තිබුණ අපහසුතා ගැන අපි දැන ගත්තේ අපිට නැවත වතුර එන්න පටන් ගත්තට පස්සේ..:( ඒත් අපිට වතුර නැති අඩුව පැය කීපෙකට විතරක් සීමා කරලා දෙන්න හමුදාව සෑහෙන වෙහෙසක් ගත්තා..:sorry: මුලින්ම ආව බවුසරේ මෝටර් එක වැඩ නොකරපු නිසා ටැංකි වලට වතුර පුරවගන්න බැරි වුණා..:shocked: දෙවනි පාර වෙනත් බවුසරයක් ගෙනත් ආයේ වතුර පුරවන්න පටන් ගත්තා..:dull:

    එහෙව් කැපකිරීමක් කරපු හමුදාව අපෙන් කළේ එකම එක ඉල්ලීමයි. ඒ හමුදාවෙන් දුන්නු උපදෙස් අනුව තම තමන්ගේ කාමර වලට වෙලා ඉන්න කියන එක.. කෑම බීම කිසිම අඩුවක් නැතුව ඒ අය ලඟටම ගෙනල්ල දෙනවා.. කම්මැලි කම කාන්සිය මග ඇර ගන්න වගේම ප්‍රවෘත්ති ගැන දැන ගන්න රූපවාහිණි යන්ත්‍ර හයි කරලා තියෙනවා.. ගෙදර එක්ක කතා කරන්න පහසු වෙන්න වයිෆයි පහසුකම් දීලා තියෙනවා..(කෝල් ගන්න පුලුවන් වුණත් වෙබ්සයිට් වලට යන්න තරම් අන්තාර්ජාල පහසුකම වේගවත් මදි..:rolleyes: ) රෙදි ටික හෝද ගන්න සම්පූර්ණයෙන් ස්වය්‍යංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර දෙකක් තියලා තියෙනවා.. ඉතින් කාමර වලට වේලා ඒ අය අපිට කියපු නිරෝධායන නීති රීති පිළිපදින එක අමාරු දෙයක් නෙමෙයි.. :)

    "ඕගොල්ලො ගෙදර එනකන් ඕගොලොන්ගේ දෙමවුපියන්, බිරිඳ හෝ දරුවන් මග බලාගෙන ඉන්නවා.. ඔගොල්ලොත් මෙහෙම කඳවුරකට වෙලා දවස් ගණන් ඉන්න කැමති නෑ.. ඉතින් අපිත් කැමති නෑ හමුදාවක් වශයෙන් මිනිස්සු අකමැති දේවල් කරන්න..:love: ඒ නිසයි මෙතන ඕගොලොන්ට අකමැති තැනක් නොවෙන්න අපි මේ තරම් මහන්සි වෙන්නේ.. ඉතින් ඕගොලොන්ටත් යුතුකමක් තියෙනවා අපි කියන විදිහට ඉඳලා අනවශ්‍ය විදිහට හැසිරෙන්නේ නැතුව මෙතනින් හොඳින් නිරෝධායනය වෙලා තම තමන්ගේ ගෙවල් වලට යන්න.. ඒකට අපිට ඕගොලොන්ගේ සහයත් අවශ්‍යයි" කියන පණිවිඩය ඉහළ හමුදා නිලධාරීන් කීප දෙනෙකුගෙන්ම වෙන වෙනම අපිට අහන්න ලැබුණා.:yes:

    අපිට දීලා තියෙන කාමරේ කාට හරි රෝගය තිබුණොතින් ඒ කාමරේ ඉන්න සියලු දෙනාවම තවත් දින 14ක් තියා ගන්නවා..:shocked: ඒ නිසයි අනිත් අයගේ කාමර වලට යන්න එපා කියන්නේ. තමන්ගේ හිතවතුන් තමන්ගේ ලඟම තියා ගන්න අවස්ථාව දෙන්නෙත් ඒ නිසයි..:yes: ඒවුනාට අපේ අය අනිත් අයගේ කාමර වලටත් යනවා..:angry: එහෙම වෙලා කාට හරි රෝගය වැළඳුනොතින් ඒ අයට හුදකලා කලයුතු කාමරය තීරණය කරන්න අපහසු වෙනවා වගේම සෑහෙන පිරිසක් නැවත වතාවක් නිරෝධායනය කරන්න වෙනවා අපේ නොසැලකිල්ල නිසා..:frown:

    දවස් 4ක් ඇතුළත අපේ අයගෙන් පිරිසක් හමුදාවේ මහන්සිය හෑල්ලුවට ලක් කලා..:dull: හමුදාවෙන් මේ තරම් කැප කිරීමක් කරලා මේ තරම් සංවිධානාත්මකව මේ හැම දේම කරන්නේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරලා අපිව නිවැරදිව නිරෝධායනය කරවන්න..:dull: ඒවුනත් අපේ අය රාත්‍රී කාලේ මත්පැන් සාදයක් දාලා තිබුණා..:angry: තවත් පිරිසක් මත්පැන් පානයෙන් පස්සේ සින්දු කියලා ගැටළු වගයක් ඇති වුණා..:growl: හමුදාවේ විනයත් එක්ක අපිට හැරෙන්නවත් බෑ.. මේව ලියන මට වුනත් ඒක පොදුයි.. ඒ අය ඇඳේ රැලි හදපු විදිහට ඇඳ අස් කරන්න මට තාම බෑ..:no: මදුරු දැල් අකුලලා තිබුණූ පිළිවෙලට ඒවා අකුලන්න අපි කාටවත් බෑ..:dull: ඒ තරම් සියුම් විනයගරුක භාවයකින් පිරුණු හමුදාවකින් අපිට ලැබුණු සරල ඉල්ලීමක් ඉටු කරලා දෙන්න බැරිනම් අපි කොයි තරම් පහළ මට්ටමක ඉන්න ඕනේද..:sorry: ආකල්පමය අතින් අපි කොහෙද කියන එක තාම හිතා ගන්න බෑ....:no: මේ තරම් දැනුවත් කිරීම් කරලා, අපිට සියලුම පහසුකම් සලසන්න ඇස් මනා පිටම නොසෑහෙන්න මහන්සි වෙන හමුදාව කියන දේ පිලිපදින්න බෑ කියන්නේ ඒක අපේ ගෝත්‍රික ලක්ෂණයක්..:dull: අවුරුදු ගාණක අවි පුහුණුවක් ලබපු, නොසෑහෙන්න දුෂ්කර අවධානම් වලට මූණ දුන්නු, අවුරුදු ගාණක් තිස්සේ වෙඩි උණ්ඩ බෝම්බ එක්ක ඔට්ටු වුණු හමුදාවකට අපිට නියෝගයක් දීලා ඒක අපි ලව්වා ක්‍රියාත්මක කරව ගන්න එක මහ දෙයක් නෙවෙයි..:yes: ඒවුනත් ඒඅය හමුදාව කියන මානසිකත්වයෙන් සම්පූර්ණයෙන්ම මිදිලා මානුෂීය විදිහට ඉල්ලීමක් කලාම අපේ අය නිකන්ම ඒක අහක දැම්මා.. :(

    පිරිමි පාර්ෂවය වගේම බොහොම තරුණ වයසේ කාන්තා පාර්ෂවයෙනුත් කණගාටු දායක ප්‍රතිචාර ලැබෙන හැටි මම දැක්කා..:dull: අපිට එක් රොක් වෙන්න එපා කියද්දිත් තව පිරිසක් කාඩ් ක්‍රිඩාවේ නිරත වෙලා හිටියා එළිමහනේ..:angry: අව්ව වැස්ස පවා නොතකා අපි වෙනුවෙන් මහන්සි වෙන හමුදා සාමාජිකයින්ට පේන්නම එහෙම හැසිරෙන එක ගැන පුරවැසියෝ හැටියට අපි ඇත්තටම කණගාටු වෙන්න ඕනේ.. :oo:

    හමුදා නිලධාරියෙක් ලඟට ඇවිත් "ඔයාලට ඔහොම එළියේ ඉන්න බෑ.. අනික ඔහොම එකතු වෙලා එළිමහනේ කාඩ් සෙල්ලම් කරන්නත් බෑ.. ඔගොල්ලෝ ඉන්න ඕනේ නිරෝධායණ නීති රීති යටතේ..ඒ නිසා කරුණා කරලා ඔගොල්ලො හැමෝම තම තමන්ගේ කාමර වලට යන්න." කියලා කිව්වාම එයා එක්ක තර්ක කරන්න ගියේ තරුණ වයසේ ගෑණු ළමයෙක්..:baffled: "ඇයි ඇයි දැන් මොකද්ද අවුල.. කාඩ් සෙල්ලම් කලා කියලා අවුලක් නෑනේ.. ඕගොල්ලො තමයි බොරුවට ප්‍රශ්න ඇති කරන්නේ.. කාමරේ අස්සට වෙලා දවසම ඉන්න පුලුවන්යෑ.." කියාගෙන අර හමුදා සාමාජිකයා එක්ක තර්ක කරගෙන ඉස්සරහට ගියා..:frown:

    අපිට ලං වෙන්නවත් බැරි අපේ හමුදාවේ තියෙන අසාමාන්‍ය විනයට මේ සිද්දියම හොඳම සාක්ෂියක්..:yes: සිද්දිය බලන් උන්නු මගේ කටින් මිමිණුනු අසභ්‍ය වචන කන්දරාව අර හමුදා සාමාජිකයගේ කටින් පිටවුණේ නෑ..:love: බොහොම ඉවසීමෙන් සහ පැහැදිලිව අර තරුණියට කරුණු පැහැදිලි කලා මිසක් අඩුම ගානේ උස් හඩින්වත් කතා කළේ නෑ..:) කාන්තාවකට දිය යුතු ගෞරවය ඒ අයගෙන් ඒ විදිහටම ලැබුණා කාන්තා පාර්ෂවයේ හැසිරීම කොයිතරම් අවැදගත් වුණත්.. රට ඉඳලා ආවා කියන පුහු මාන්නෙන් ඉන්න ඕනම කෙනෙක් අවි ආයුධ එක්කම ගැටුණු හමුදාවට නිකන්ම නිකන් හාල් කෑලි විතරයි..:D අපේ අය කෑ ගහද්දි හමුදාව නිශ්ෂබ්දව බලන් ඉන්නවා කියන්නේ කෑ ගහන කෙනා නිකන්ම විහිලුවක් වෙනවා කියන එක..:yes: වෙලාවක් අවේලාවක් නැතුව අපි වෙනුවෙන් මහන්සි වෙලා අපිට කරන සේවාවට ගරු කීරීම වෙනුවට අපේ අය, හමුදාව අපේ සේවකයෙක් කියන මානසිකත්වය ඇති කර ගන්නවා..:dull: එහේ ඉන්නකන් නාහෙන් අඬනවා "කන්න බොන්න නෑ අනේ අපිව ඉක්මනට ගන්න" කිය කිය.. මෙහෙ ආවට පස්සේ හමුදාවට ලොකු කම් පෙන්නන්න යනවා..:frown: අර තරුණියගේ හැසිරීම නිසා හිත ඇතුළෙන් අපේ තරුණ පරපුර ගැන ලොකු කණගාටුවක් වගේම ලැජ්ජාවකුත් ඇතිවුණා..:sorry:

    හමුදාවෙන් දුන්නු ඉස්සෝ පිරිච්ච බත් එක කන ගමන්, "තව බත් ටිකක් වැඩිපුර දාලා දුන්නනම් මුන්ට හෙන ගහනවද නේ.." කියලා අහපු අයත් අවාසනාවකට වගේ අපි එක්කම ඇවිත් හිටියා..:sorry: ඇත්තටම බත් එක ටිකක් ප්‍රමාණවත් මදි.:) ඒවුනත් දවසට කන්න දෙන වේල් ප්‍රමාණෙත් එක්ක ඒක ඒ හැටි සැලකිය යුතු දෙයක් නෙමෙයි කියලයි ගොඩක් අය කතාවුණේ..:yes:අනික අපි මහන්සි වෙලා වැඩ කරන්නෙත් නෑ.. ඔහේ ඇඳට වෙලා කාලේ ගත කරන එක විතරයි කරන්නේ.. ඉතින් කන ගමන් අරවගේ කතා කියන හමුදාවටම ගරහන පිරිස් ඉන්න එක ඇත්තටම අපේ අවාසනාවක් කියලා හිතුනා..:sorry:

    හමුදාවෙන් පිරිසිඳු කරලා අලුත්ම විදිහට අපිට දුන්නු වැසිකිළි බඳුන් ගොඩ දෙනෙක් හරියට පාවිච්චි කරලා තිබුණේ නෑ.. පිරිසිඳු කර ගන්න අවශ්‍ය දියර වර්ග දීලත් ඒවා හරියට පිරිසිඳු කරගෙන තිබුණේ නෑ..:no: අඩුම ගානේ වැසිකිළිය පාවිච්චි කලාට පස්සේ ෆ්ලෂ් කරන එකවත් නොකරන පිරිස් හිටියා..:shocked: රටවල් වෙනස් කරන්න හදන අපි අපේම සමීපාරාක්ෂාව ගැන හිතන්නේ නෑ..අනිත් කෙනා ගැන හිතන්නෙත් නෑ..:dull:

    කාමරේ ඉන්න 8 දෙනෙකුට ලැබෙන්නේ එක වැසිකිළියක්.. ඒක පොදුවේ පිරිසිඳුව පාවිච්චි කරන්න ඕනේ..:yes: මුල් දවසේම අපි පිරිසිඳු කිරීම් කටයුතු බෙදා ගත්තා.. දවසක් ඇර දවසක් එක එක්කෙනා ඇඳේ පිළිවෙලට පිරිසිඳු කරන්න ඕනේ.. අපේ පිරිස පිරිසිඳු කිරීම් බෙදා ගත්ත වුනාට හැම කෙනාම වගේ පුලුවන් වෙලාවට ඒක පිරිසිඳු කරලා ඇවිත් තිබුණා..:love: කොටින්ම මට තාම ඒක පිරිසිඳු කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ..:D අපේ වැසිකිලි බඳුන අදටත් පළවෙනි දවසේ එනකොට තිබුණා වගේම සුදුම සුදු පාටයි..:cool:

    නාවික හමුදාවෙන් ඉවත් වෙලා විදේශ ගත වෙච්ච කෙනෙකුත් අපේ කාමරේ හිටියා.. එයා තනියම නාන කාමරේ සින්ක් ටික පිරිසිඳු කරලා ඇවිත් තිබුණා..:love: ඒක කවුරුවත් එයාට භාර දුන්නු දෙයක් නෙමෙයි.. පුලු පුලුවන් විදිහට ඇහැට පේන පේන දේවල් පිරිසිඳු කරන්න අපේ කාමරේ අය ස්වේඡ්ඡාවෙන්ම ඉදිරිපත් වුණා..:) එහෙම කරද්දී අපි නැතත් තව පිරිසක් ඒ දේවල් කරන්න පුරුදු වුණා.. කාන්තා පාර්ෂවේ අය පිරිසිඳු කරද්දී අපි ගිහින් ඒ දේවල් කරන්න පටන් ගත්තාම තව පිරිස් එකතු වුණා..:yes: පිරිසිඳු කිරීම වල්ට දායක වෙන එක මග හැරුණ අය ඊලඟ දවසේ ඒ අයව දැනුවත් කරන්න කියලා ඉල්ලීමකුත් කළා..:love: මුල් දින හතර ඒ වගේ දේවල් වලට සම්බන්ධ වුනාට, පස්සේ පස්සේ වෙන වෙන පිරිස් වැඩි වැඩියෙන් ඉදිරිපත් වෙන්න පටන් ගත්තු නිසා අපි ඒ දේවල් වලින් හිමීට ඈත්වුණේ අවශ්‍ය වුනොතින් ආයේ ඉදිරිපත් වෙන බලාපොරොත්තුවෙන්..:cool:

    To be continued.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දින 9ක් එක දිගට කාමරේ ඇතුළේම හිටිය නිසා පිරිසිඳු වාතාශ්‍රය විඳගන්නත් එක්ක විනාඩි කිහිපයකට එළියට ආවා.. ආව දවසේ ඉඳලා අපි පේන්න නොහිටිය පිරිසක් නිසා කඳවුර භාර හමුදා සාමාජිකයෙක් අපි එක්ක කතාවට වැටුණා.. :)

    "ඔන්න අපිනම් ඔගොල්ලො කියපු විදිහටම කාමරේ ඉඳලා අද තමයි ටිකක් එලියට ආවේ.." කියලා කියන ගමන් අපි ඔහු එක්ක ටිකක් කතා බහ කලා..:love:

    "වැඩක් නෑ මල්ලී කතා කරලා. ඔගොල්ලෝ නිසා අපිටත් ගෙවල් වලට යන්න විදිහක් නෑ ඉතින්..:sorry: ඒවුනාට ඔගොල්ලෝ එපා කියන දේමනේ කරන්නේ.. නිරෝධායනය වෙන්න මෙහෙ එන අයගේ අසාදිතයින් ගාණ වැඩි වෙන්න වෙන්න අපිත් පරීක්ෂණ වලට ඉන්න ඕනේ.. ඕගොල්ලෝ එක පාරක් පී.සී.ආර් එක කරලා අමාරුයි කියනවා.. ඒවුනාට ඕගොල්ලො මෙතන පරෙස්සමක් නැතුව හිටියාම අපිත් PCR ඒක කරන්න ඕනේ..:sorry:

    දැන් පේනවනේ.. අපි මෙච්චර මහන්සි වෙනවා.. එවුනාට ඔයාලා එක්ක ආපු සමහරු එළියේ ක්‍රිකට් ගහනවා..
    මෙතන කොල්ලෝ මාර විදිහට කට්ට කෑවා.. මේක සම්පූර්ණම ගස් වැවිලා තිබුණු අතඇරලා දාපු කැලයක්..:shocked:ඒත් දැන් බලන්න ඕගොල්ලො ඉන්න විදිහ.. කොල්ලො ටික කියන කියන විදිහට කියන පැය ගාණ ඇතුළත වැඩේ කරලා තමයි ආපහු කෑම්ප් එකට ගියේ.. මිනිස්සුන්ට ඒවා ගාණක් නෑ..:no: ලයිට් දෙන්න කනෙක්ෂන් එක දෙන්නම ලක්ෂ 80 ගෙවන්න ඕනෙ විදුලි බල මණ්ඩලේට.. යුධ හමුදාවේ කොල්ලන්ගේ වැඩ වලට තියෙන සල්ලි ඒවා.. ඔගොලොන්ට කන්න දෙන්නෙත් ඒ සල්ලි වලින්.. බජට් පාස් වෙලා ඇපෲ වෙලා එන්න මාසයක් විතර යනවා. එක ඇපෲ වෙනකන් හිටියනම් ඔයාලට කන්න දෙන්න සල්ලි නෑ.. ඒ නිසා හමුදාවේ ෆන්ඩ් වලින් තමයි ඔයාලට කන්න බොන්න දෙන්නේ බජට් එක ඇපෲ වෙලා හමුදාවට සල්ලි ලැබෙනකන්.. අඩුම ගානේ අපි ඉන්න රූම් එකට ටී.වී එකක්වත් නෑ.. නිව්ස් ගැන දැන ගන්නේ ඕගොල්ලෝ ඇතුළේ ඉඳල ටී.වී එක බලලා ඇවිත් කියන දේවල් වලින්.. බලන්න අපි නැවතිලා ඉන්න තැන.ඒක සෑහෙන පරණ තැනක්.. ඔයලාට ඔය දීලා තියෙන පහසුකම් ඔයාලට සලකන අපිට නෑ. අපිට ඒවා ඕනෙත් නෑ.. අපි ඉල්ලන්නෙත් නෑ.. ඕන තැනක නොමැරී ඉන්න අපිට පුහුණුවක් තියෙනවා..ඒවුනාට ඔයාලට එහෙම බෑනේ මල්ලී..":)

    දෙන්න උත්තරයක් නැතුව අපි සෑහෙන ගොලු වුණා..:sorry: එතකොටම කඳවුරේ ටැංකි වලට වතුර පුරවපු බවුසරයක් අපි ඉස්සරහින් ගියා.. අපි කතා කර කර හිටියේ බවුසරයකට යන්න පුලුවන් ඉඩක් තියලා පාර දෙපැත්තට වෙලා..:baffled:

    හමුදා සාමාජිකයගේ කතාවට නිරුත්තර වෙලා අනාථ වෙලා උන්නු මං "මේවට වතුර ගන්නේ කොහෙන්ද..?" කියලා ආයෙත් අතුරු ප්‍රශ්නයක් ඇහුවා..:yes:

    "ආහ්. මෙහේ ඉතින් කඳුනේ මල්ලි. ඕන තරම් ඇළවල් දොළ පාරවල් තියෙනවා.. වතුර එකක් ගහන් එනවා ලඟ තැන් වලින්.. ඕගොලොන්ට ඔය වතුර දෙන්නේ බාත් රූම් වල පාවිච්චියට විතරයි..:love: බොන්න වතුර වෙනම බෝතල් පිටින් එවනවනේ.. අනික ඔය වතුර පිරිසිඳුයි.. ඒ නිසා බය වෙන්න එපා හරිද..:) ඔයාලට බොන වතුර බෝතල් පිටින් දුන්නට අපි බොන්නේ ඔය ටැංකි වල වතුර.. අපිටනම් ඕවා ගාණක් නෑ. ඔයාලට එහෙම වතුර දෙන්න බෑනේ. පොඩි අයත් ඉන්නවනේ.. ඒකයි කියන්නේ දෙන එක කාල හරියට ඉඳලා යන්න කියලා..":dull:

    හමුදා නිලධාරියාගේ හැම වචනයක් වචනයක් ගාණේම අපිව අසරණ උනා වගේ දැනුනේ අපේම අයගේ හැසිරීම නිසා..:sorry:

    "ඉතින් මල්ලී ආයේ රට යනවද ඔගොල්ලෝ.."කියලා හිනා වෙලා මගෙන් අහද්දී, "අනේ මන්දා අයියේ. ආයේ ගිහින් හමුදාවට මෙහෙම ණය වෙන්නනම් බෑ.." කියලා කිව්වේ මේ වෙද්දිත් අපි ගෙවලා ඉවර කරන්න බැරි තරම් හමුදාවට ණයයි කියලා දැණුනු නිසා..:sorry:

    "එහෙම එකක් නෑ මල්ලී.. යුද්ධයක් ආවත් මොන විදිහේ කේස් එකක් ආවත් අපි බහිනවා.. කවුරුවත් අපිට ණයයි කියලා අපි හිතන්නේ නෑ.. හැබැයි අපි කාටවත් ණය වෙන්න වැඩ කරන්නේ නෑ. අනීක ටෙරා කේස් එකක්නම් පැනපු ගමන් ගහගෙන ගහගෙන යන්නනේ තියෙන්නේ.. මේක වෙලා තියෙන්නේ ඇහැටවත් පේන්නේ නැති මගුලක් එක්කනේ අපිට ගේම ගහන්න වෙලා තියෙන්නේ.. :eek:අනික ඕගොල්ලෝ අපි කියන දේ අහන්නෙත් නෑනේ..":no:

    තව සැරයක් අපිව නිරුත්තර කරපු ඒ වචන ටිකට මේ පාර හිත ඇතුළෙන් ලොකු දුකකුත් දැනුණා..ඈත කඳුකරය පැත්තේ ඉඳලා ලොකු වැස්සක් ආව නිසා අපි හමුදා නිලධාරියාට සමු දුන්නා.. :)

    "ඔයාලට ආත්ම ගාණකට පිං හොඳේ.. අපි කන බොන විදිහ මේ ඉන්න විදිහ ගැන ගෙදරට පෙන්නුවාම ඒ මිනිස්සු දෙන පිනම ඇති..."කියල අපි කිව්වාම"පින් පව් ගැන නම් අපි දන්නේ නෑ මල්ලී.. අපිට දෙයක් කිව්වොත් අපි ඒක කරනවා පුලුවන් උපරිම විදිහට. අපි දන්නේ එච්චරයි.. එහෙම කරලත් බැන බැන යන මිනිස්සු ඕන තරම් ඉන්නවා.. ඕවනම් මොනවද.. කෑම උයන එකත් ලේසි නෑනේ මල්ලී..ඉඳලා හිටල ලුණු ටිකක් වැඩි වෙලා පොඩි අවුලක් උනොත් ඉතින් ගණන් ගන්න එපා හොඳේ.." (අද වෙනකන් එහෙම වෙලා නෑ..:yes:) කියලා කිව්වේ ලාවට හිනා වෙලා සැලියුට් එකක් ගහන ගමන් අපිට යන්න සංඥා කරන ගමන්..

    ඒ වගේම එළියට පුටු අරන් ඇවිත් සෙට් වෙන්න හදපු පිරිසකට, "ඕගොල්ලෝ එළියේ පුටු දාගෙන මොකද කරන්න හදන්නේ.. ඇතුළට යන්න.. මේ වැස්සේ තෙමෙන්න එපා.. තව දවස් කීපයයිනේ තියෙන්නේ.. ඒ ටික පරෙස්සමෙන් ඇතුළට වෙලා ඉන්න කියලා කියාගෙන" එතනින් පිට වෙලා ගියා..


    To be continued
     
    Last edited: