ඒ වගේම ඇඳන් දෙකක් අතර අඩි 5ක විතර විශාල පරතරයකුත් තියලා..
එකම රැල්ලක්වත් නැති වෙන්න එලපු සුදු පාට බෙඩ් ෂීට් එක, සුදුම සුදු පාට කොට්ට උරයක් දාපු කොට්ටේ, ඇඳේ කොනක ලස්සනට නවලා තිබුණු බ්ලැන්කට් එක හමුදාවේ විනය වගේම පිළිවෙලට හොඳම සාක්ෂි.. ඇඳට යාබදව ඇඳුම් එල්ල ගන්න විශාල ප්‍රාමාණයේ රෙදි රැක් එකක්, ඉඳගෙන ඉන්න ප්ලාස්ටික් පුටුවක් හැමෝටම දීලා තිබුණා..
සුදු පාටට තිබුණු මදුරු දැලත් අලුතෙන්ම හෝදලා එල්ලපු එකක්.. හැමදේම අපි වෙනුවෙන් සූදානම් කරලා.. තනි පුද්ගලයෙක් වෙනුවෙන් දෙන්න පුලුවන් උපරිම පහසුකම් දීලා තියෙද්දිත් තවත් අඩු පාඩු තියෙනවනම් දැනුම් දෙන්න කියලත් ඒ අය අපෙන් ඉල්ලා හිටියා..
මේ පැත්ත ගොඩක් සීතල නිසා හීටර් පවා හයි කරලා තිබුණා..(හීටර් වැඩ කලාට උණු වතුර ආවේ නෑ හැබැයි.
) මූණ හෝදන සින්ක් එක සහ වැසිකිළි පවා පැල්ලම් රහිතව හොඳින් පිරිසිඳු කරලා තිබුණා..
මීට කලින් සෑහෙන පිරිසක් නිරෝධායනය කරපු කඳවුරක් වුනත් අපි එද්දි අලුතෙන්ම ඉදිකරපු නිරෝධායන කඳවුරක් වගේ පිරිසිඳු කිරීම් සහ අවශ්‍ය කරන නඩත්තු කටයුතු කරලා තිබුණා..
අපි ආව ගමන් ගමන් මහන්සියට ඇළවුණු ඇඳන් මෙතෙන්ට ඉබේ පහළ වුණ දේවල් නෙමෙයි..
ඒ අය ගොඩක් මහන්සි වෙලා ගෙනත් තියපු ඒ අයගෙම ඇඳවල්.. ඉහළ නිලධාරීන්ගෙන් අනන්තවත් බැනුම් අහන්න ඇති කෙටි කාලයක් ඇතුළත මේ දේවල් සංවිධානය කරද්දී..
ඒ අයට ලැබෙන නියෝග අපිට ලැබෙන සැලකිලි තරම් සරල නෑ..
පැයක් ඇතුළත කාමරයක් හදන්න කිව්වොතින් ඒ අය නොකා නොබී හරි ඒ දේ කරලයි නවතින්නේ.. ඒ අයගේ ඒ කැපවීමේ දහඩිය මහන්සියේ ප්‍රතිඵල තමයි අපි මේ කඳවුරේදී භුක්ති වින්ඳේ..
. මූණ කට හෝදන් අපි ඇඳන් ආව ඇඳුම් මාරු කරලා ඉවර වෙද්දී උදේ 5:30ට විතර ඇති.. ගැඹුරු හුස්මක් අරන් ඇඳේ හාන්සි වුණේ තවත් දින 14ක් කඳුකරයේ හුදකලා වුණ දියතලාව කඳවුරේ ගත කරන්න වෙන නුහුරු නුපුරුදු සිතුවිල්ලත් එක්කයි..
කලින් දවසේ රාත්‍රියෙ ලැබුණ කෙටි කෑම වෙලට පස්සේ අපිට ලැබුණ පළවෙනිම සංග්‍රහය ඒක.. උණුවතුර බොතල් වලට දාපු තේ ඒ අය අපේ නේවාසිකාගාර වලට ඇතුළු වෙන තැන මේසයක් උඩින් තියලා යනවා.. ඒ අය එතනින් පිටවුනාට පස්සෙ තමයි අපිට ඒ අය තියලා යන කෑම බීම ගන්න අවසර ලබෙන්නේ..
තේ බොන්න ඕන කරන කෝප්ප කෑම කන්න සූදානම් කරල තියෙන ශාලාවේ ඇති වෙන්න තිබුණා.. තේක බිව්වට පස්සේ ආයේ ඇඳේ හාන්සි වුණා.. අතරින් පතර එක එක තොරතුරු එකතු කර ගැනීම සඳහා හමුදාවෙන් දුන්නු විවිධ නිවේදන නිසා නිදා ගන්න තරම් සුදුසු වාතාවරණයක් ලැබුණේ නෑ..
මොකද පළමු පැය කීපය අදාළ සංවිධාන කටයුතු කර ගන්න ඒ අයට අපේ තොරතුරු ඕනේ වෙනවා.. ඉතින් නිතර නිතර ඒ අයට අපිව සම්බන්ධ කර ගන්න වෙනවා.. ඒ අතරේ නැවත වතාවක් පුංචි ළමයින්ට සහ අසනීප තියෙන අයගේ අවශ්‍යතා තියෙනවනම් ඒ අයව දැනුවත් කරන්න කියලත් නිවේදනය කළා..
ශ්‍රී ලංකා යුධ හමුදාවේ තියෙන මානුෂීය බව ඒ හැම නිවේදනයකම ගැබ් වෙලා තිබුණා..
උදෑසන 7:30 වෙනකොට ආයේ නිවේදනයක් ලැබුණා උදේ කෑම ලෑස්තියි කියලා.. කලින් වගේම සුදු පාට කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක අහුරපු උදේ කෑම එක කලින් තේ තියලා තිබුණ මේසේ උඩ තියලා ගිහින් තිබුණා..
පොල් සම්බෝලයක්, මාලු හොදි එක්ක මාලු කෑලි දෙකක් සහ පරිප්පු එක්ක බතක් අපිට ලැබුණා.. 
ඉතින් ශරීර උෂ්ණත්වය මැන ගන්න එළියට ගියෙත් අවිදින මළමිනි වලටත් අන්ත මුස්පේන්තු විදිහට..
9:20ට විතර ආයේ කාමරේට ඇවිත් "අනේ අපිට කෑම එපා නිදා ගන්න දීපියව්" කියන හැඟීමෙන් ආයේ ඇඳට වැටුණට නිදා ගන්න ලැබුණේ නෑ..
10:00 වෙද්දී ආයේ තේකක් හදලා නිවේදනයක් දුන්නා ඇවිත් අරන් යන්න කියලා..
ඒ වෙද්දී හමුදාවේ සංග්‍රහයන් ඕනෑවටත් වැඩි වෙලයි හිටියේ නිදා ගන්නම බලන් උන්නු නිසා..
තේක ගන්න ගියාම තේකත් එක්ක උණු උණුවෙම චූටි සීනි බනිස් ගෙඩියකුත් තියලා ගිහින්..
බනිස් ගෙඩියත් එක්ක තේකත් අමාශගත කර ගත්තු අපේ කාමරේ හිටිය 8 දෙනා ඊලඟට දිගටම නොනිදා ඉන්න තීරණය කලා.. ආයේ මොනවහරි කන්න දෙන්න කතා කළාම නින්ද කඩාගෙන ගිහින් කනවට වැඩිය නිදි මරාගෙන කන එක ලාභ නිසා ඇඳට වෙලා හාන්සි වෙලා හිටියා..
අතුරු පස විදිහට යෝගට් එකකුත් දුන්නා.. ඉබේම වගේ ඇත්තටම අපි ඉන්නේ හමුදා කඳවුරකමද කියන සිතුවිල්ල ඔලුවට ආවා..
ඊලඟ තවත් පැය කීපයක් නොනිදාම ගත වෙලා ගියා.. හමුදාවත් එක්ක වැඩ කරනවනම් අනිවාර්යෙන්ම හැම දේකටම වෙලාවක් වෙන් වෙලා තියෙනවා වගේම ඒ වෙලාවට අපි හුරු වෙන්න ඕනේ.. ඉතින් ඒ වෙලාවල්වල නුහුරු බව නිසා සහ වෙලාව නොදන්න කම නිසා පළවෙනි දවසේ අපිට පොඩි අපහසුවක් දැණුනා..
නැවත හවස 4:00ට ආයේත් ප්ලේන් ටී එකක් එක්ක මාරි බිස්කට් ලැබුණා..
ඔන්න දැන් ටික ටික අපිට පියවි සිහිය ලැබෙන්න පටන් ගත්තා.. අපි ආවේ ගෙවීම් කරන්න ඕනේ නිරෝධායන කඳවුරටවත්ද? මෙහෙම කන්න දීලා අන්තිමට බිල දුන්නොත් මොකෝ කරන්නේ.. සුවර් එකටම අපි ආවේ හරි තැනටම නේද වගේ ප්‍රශ්න මතු වෙන්න ගත්තා..
ආයේ හවස 7:30 වෙද්දී රාත්‍රී අහාරයත් ලැබුණා.. කලින් වගේම සුදු පාට පිරිසිඳු කාඩ්බෝඩ් පෙට්ටියක දාපු කෑම එකක්.. එලවලු කපල දාපු මැකරෝනි එක්ක අල සහ කුකුළු මස්.. ඉන්නේ නිරෝධායන කඳවුරක වුනත් හෝටලයක නැවතිලා කෑම කනවා වගේ හැඟීමක් අපිට ඇති කරවන්න ශ්‍රී ලංක යුධ හමුදාව සෑහෙන මහන්සි වෙලා තිබුණා...
රාත්‍රී 8:45ට නැවත කොත්තමල්ලී පානයක් ලැබුණා.. දාවසේ අහාර සැපයුමේ අවසානම අංගය කොත්තමල්ලි පානය.. උදේ ඉඳලා අපිට ලැබුණු ආහාර පාන සහ සංග්‍රහ නිසා නිරෝධායනය වෙන අපිට වැඩියෙන් සතුටු වුණේ අපේ ගෙවල් වල ඉන්න දෙමවුපියන් සහ අනෙකුත් ඥාතීන්..
උදේ 5:25 ඉඳලා 5:55 වෙනකන් පිරිත් දානවා.. කලින් දවසේ තිබුණ කාර්‍ය්බහුලත්වය උඩ පිරිත් දාන්න වෙලාවල් ලැබුණේ නෑ.. එක දිගටම අපිව කාමර වලට යොමු කරවීම් සහ අවශ්‍ය උපදෙස් ලබා දීපු නිසා ශබ්දවාහිනිය එක දිගටම කාර්යබහුල වෙලයි තිබුණේ..පළවෙනිම දවසේ තද නින්දේ උන්නු අපිට එක පාරටම අගක් මුලක් මැදක් නොතේරෙන විදිහේ ඝෝෂාවක් වගේ ඒක ඇහුණත් ඊලඟ දවසේ ඉඳලම අපි 5:30 වෙද්දි අවධි වුණාම ඒ ගැටළුවත් නැති වුනා..
උදෙන්ම පිරිත් හඬත් එක්ක ගෙදරට ගත්තු දුරකතන ඇමතුම නිසාම ගෙවල් වල අයටත් අපි ගෙදරම හිටියා වගේ දැනෙන්න අති..
BUMP ......
UP ..
BUMP


bump



Thanks for sharing your story. Very interesting to read, nonetheless sad to hear your story

අවුලක් නැතිව ඉක්මනට ගෙදර යන්න ලැබෙවා මචෝ...!!!!


අවුරුදු ගාණකට පස්සේ ලංකාවට පය ගහපු අපිට ලංකාවේ සිම් පතක් නැති අඩුව සෑහෙන දැණුනු නිසා අපි ඒ ගැන හමුදා නිලධාරීන් දැනුවත් කළා..
මතුවෙන ඕනෑම ගැටලුවකට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න වගේම ගැටලුව නිරාකරණය කරලා දෙන්නත් යුධ හමුදාවට තිබුණේ පුදුම හැකියාවක්..
එදාම අපෙන් ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සහ නම ලියාගෙන ගිහින් ජංගම දුරකථන සමාගම එක්ක සම්බන්ධ වෙලා සිම්පත් ක්‍රියාත්මක කර ගැනීමේ ගැටලුව ඒ අය විසඳවලා තිබුණා..
මම කලින් කිව්වා වගේම හමුදා සාමාජිකයින් නිරෝධායන නීති අකුරුටම පිළිපදිනවා. ඒ අය අපේ සල්ලි අල්ලන්නෙත් නෑ.. අපේ ලඟට එන්නෙත් නෑ. ඈතින් ඉඳගෙන සිම් එක මේසයක් උඩින් තියලා යනවා.. ඒ වගේම ඒ අයගේ ලොග් පොතක සිම් එකට අදාල EMI නොම්මරය ඉස්සරහ අපේ ගුවන්ගමන් බලපත්‍ර අංකය, සම්පූර්ණ නම, අලුත් ජංගම දුරකථන අංකය ලියලා තියෙනවා. අදාළ තැන අපි අත්සනක් දාලා සිම් එක අරන් යන්න ඕනේ..
RE charge කාඩ් ඕන අය එතනම පෙට්ටියකට රුපියල් 100ක් දාන්න ඔනෙ.. ඊට පස්සෙ හමුදා නිලධාරියෙක් ඇවිත් කාඩ් එක මේසෙ උඩින් තියලා යනවා. එයා එතනින් අයින් වුණාට පස්සේ අපිට කාඩ් එක ගන්න පුලුවන්..
හැම දේම නිවැරදිව පිළිවෙලට අනවශ්‍ය කලබලයකින් තොරව කෙරෙනවා..අපේ අයගේ නොසැලකිල්ල සහ අවධානයක් නැති කම උඩ පොඩි පොඩි ප්‍රශ්න ඇතිවුනොතින් ඇරෙන්න හමුදාව පැත්තෙන් කිසිම විදිහක වරදක් දකින්නවත් ලැබුණේ නෑ..






එහෙම වෙලාවක අපි වෙන කාගෙන් හරි දෙයක් ඉල්ලුවනම් "රට ඉඳලා නේද ආවේ.. අපෙන්ම ඉල්ලන්න බලාගෙන එනවා" වගේ දේවල් විහිලුවට හරි අනිවාර්යෙන්ම අහ ගන්න වෙනවා.
. හැබැයි හමුදා සාමාජිකයින් වචනෙකින්වත් අපිට රිද්දුවේ නෑ අපිට මග හැරුණු අවශ්‍යතා ගැන ඒ අයට කියද්දී..
තුවායේ ඉඳලා රෙදි ටික සෝද ගන්න අවශ්‍ය කරන රින්සො පැකට් එකට එනකන් ඒ අය කාමර වලට වෙන වෙනම ගෙනත් දුන්නා..
සාමාන්‍ය බත් එකක් ආවත් ඒකට ව්‍යාංජන 4ක් අනිවාර්යෙන්ම එකතු කරලා තිබුණා..
ගස්ලබු කෑල්ලක්, ඇපල් ගෙඩියක්, යෝගට් එකක් දවල් ආහාරයට පස්සේ අනිවාර්යයි.. හවස තේ බොන්න මාරි බිස්කට් හරි ක්‍රීම් ක්‍රැකර් හරි බිස්කට් කීපයක් ලැබෙනවා.. 

කෑමක රසය වගේම පෙනුම ගැනත් හමුදාව ගොඩක් සැලකිලිමත් වෙලා තිබුණා..
කෑම එක ආරාධිත අමුත්තන්ට පිළිගන්වනවා වගේ සපයනවා..
ත්‍රස්තවාදීන් එක්ක සටන් කරද්දි පුරවැසියන් විදිහට අපි ඒ අයට ණය වුනා මදිවට විදේශ ගත වෙලා ආවට පස්සේ අපි ආයේ ඒ අයට නැවත ගෙවන්න බැරි විදිහට ණය වෙලා වගේ දැණුනා..
දරුවන් වෙනුවෙන් දෙමවුපියන් කරපු කැප කීරීමට ණය ගෙවලා ඉවර කරන්න බෑ වගේම හමුදා සාමාජිකයින්ගේ කැප කිරීම වෙනුවෙනුත් අපිට ණය ගෙවලා ඉවර කරන්න බැරි වෙයි..
අසනීපයක් උනාම අපේ අම්මලා අපිට අපි කැමති කෑම වර්ග හදලා දීලා උදේ හවස උණ බලලා, රෑට කොත්ත මල්ලි හදලා දීලා අපිව කාමරේට කරල තියෙනවා හා සමානවම හමුදාවෙනුත් අපි සිය ගාණක් සති දෙකක් පුරාවට ආරක්ෂා කරනවා..
නිරෝධායනය ඇතුළේ සැඟවුණු හමුදා ආරක්ෂාව පිටින් බලන කෙනෙකුට කවදාවත් පේන්නේ නෑ...



ඒ අයගේ කඳවුරේ තියෙන සීමිත වතුර ප්‍රමාණෙන් ඒ අයගේ අවශ්‍යතා සපුරගන්නකොට තිබුණ අපහසුතා ගැන අපි දැන ගත්තේ අපිට නැවත වතුර එන්න පටන් ගත්තට පස්සේ..
ඒත් අපිට වතුර නැති අඩුව පැය කීපෙකට විතරක් සීමා කරලා දෙන්න හමුදාව සෑහෙන වෙහෙසක් ගත්තා..
මුලින්ම ආව බවුසරේ මෝටර් එක වැඩ නොකරපු නිසා ටැංකි වලට වතුර පුරවගන්න බැරි වුණා..
දෙවනි පාර වෙනත් බවුසරයක් ගෙනත් ආයේ වතුර පුරවන්න පටන් ගත්තා..
) රෙදි ටික හෝද ගන්න සම්පූර්ණයෙන් ස්වය්‍යංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර දෙකක් තියලා තියෙනවා.. ඉතින් කාමර වලට වේලා ඒ අය අපිට කියපු නිරෝධායන නීති රීති පිළිපදින එක අමාරු දෙයක් නෙමෙයි.. 
ඒ නිසයි මෙතන ඕගොලොන්ට අකමැති තැනක් නොවෙන්න අපි මේ තරම් මහන්සි වෙන්නේ.. ඉතින් ඕගොලොන්ටත් යුතුකමක් තියෙනවා අපි කියන විදිහට ඉඳලා අනවශ්‍ය විදිහට හැසිරෙන්නේ නැතුව මෙතනින් හොඳින් නිරෝධායනය වෙලා තම තමන්ගේ ගෙවල් වලට යන්න.. ඒකට අපිට ඕගොලොන්ගේ සහයත් අවශ්‍යයි" කියන පණිවිඩය ඉහළ හමුදා නිලධාරීන් කීප දෙනෙකුගෙන්ම වෙන වෙනම අපිට අහන්න ලැබුණා.
ඒ නිසයි අනිත් අයගේ කාමර වලට යන්න එපා කියන්නේ. තමන්ගේ හිතවතුන් තමන්ගේ ලඟම තියා ගන්න අවස්ථාව දෙන්නෙත් ඒ නිසයි..
ඒවුනාට අපේ අය අනිත් අයගේ කාමර වලටත් යනවා..
එහෙම වෙලා කාට හරි රෝගය වැළඳුනොතින් ඒ අයට හුදකලා කලයුතු කාමරය තීරණය කරන්න අපහසු වෙනවා වගේම සෑහෙන පිරිසක් නැවත වතාවක් නිරෝධායනය කරන්න වෙනවා අපේ නොසැලකිල්ල නිසා..
හමුදාවෙන් මේ තරම් කැප කිරීමක් කරලා මේ තරම් සංවිධානාත්මකව මේ හැම දේම කරන්නේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරලා අපිව නිවැරදිව නිරෝධායනය කරවන්න..
ඒවුනත් අපේ අය රාත්‍රී කාලේ මත්පැන් සාදයක් දාලා තිබුණා..
තවත් පිරිසක් මත්පැන් පානයෙන් පස්සේ සින්දු කියලා ගැටළු වගයක් ඇති වුණා..
හමුදාවේ විනයත් එක්ක අපිට හැරෙන්නවත් බෑ.. මේව ලියන මට වුනත් ඒක පොදුයි.. ඒ අය ඇඳේ රැලි හදපු විදිහට ඇඳ අස් කරන්න මට තාම බෑ..
මදුරු දැල් අකුලලා තිබුණූ පිළිවෙලට ඒවා අකුලන්න අපි කාටවත් බෑ..
ඒ තරම් සියුම් විනයගරුක භාවයකින් පිරුණු හමුදාවකින් අපිට ලැබුණු සරල ඉල්ලීමක් ඉටු කරලා දෙන්න බැරිනම් අපි කොයි තරම් පහළ මට්ටමක ඉන්න ඕනේද..
ආකල්පමය අතින් අපි කොහෙද කියන එක තාම හිතා ගන්න බෑ....
මේ තරම් දැනුවත් කිරීම් කරලා, අපිට සියලුම පහසුකම් සලසන්න ඇස් මනා පිටම නොසෑහෙන්න මහන්සි වෙන හමුදාව කියන දේ පිලිපදින්න බෑ කියන්නේ ඒක අපේ ගෝත්‍රික ලක්ෂණයක්..
අවුරුදු ගාණක අවි පුහුණුවක් ලබපු, නොසෑහෙන්න දුෂ්කර අවධානම් වලට මූණ දුන්නු, අවුරුදු ගාණක් තිස්සේ වෙඩි උණ්ඩ බෝම්බ එක්ක ඔට්ටු වුණු හමුදාවකට අපිට නියෝගයක් දීලා ඒක අපි ලව්වා ක්‍රියාත්මක කරව ගන්න එක මහ දෙයක් නෙවෙයි..
ඒවුනත් ඒඅය හමුදාව කියන මානසිකත්වයෙන් සම්පූර්ණයෙන්ම මිදිලා මානුෂීය විදිහට ඉල්ලීමක් කලාම අපේ අය නිකන්ම ඒක අහක දැම්මා.. 
අපිට එක් රොක් වෙන්න එපා කියද්දිත් තව පිරිසක් කාඩ් ක්‍රිඩාවේ නිරත වෙලා හිටියා එළිමහනේ..
අව්ව වැස්ස පවා නොතකා අපි වෙනුවෙන් මහන්සි වෙන හමුදා සාමාජිකයින්ට පේන්නම එහෙම හැසිරෙන එක ගැන පුරවැසියෝ හැටියට අපි ඇත්තටම කණගාටු වෙන්න ඕනේ.. 
"ඇයි ඇයි දැන් මොකද්ද අවුල.. කාඩ් සෙල්ලම් කලා කියලා අවුලක් නෑනේ.. ඕගොල්ලො තමයි බොරුවට ප්‍රශ්න ඇති කරන්නේ.. කාමරේ අස්සට වෙලා දවසම ඉන්න පුලුවන්යෑ.." කියාගෙන අර හමුදා සාමාජිකයා එක්ක තර්ක කරගෙන ඉස්සරහට ගියා..
සිද්දිය බලන් උන්නු මගේ කටින් මිමිණුනු අසභ්‍ය වචන කන්දරාව අර හමුදා සාමාජිකයගේ කටින් පිටවුණේ නෑ..
බොහොම ඉවසීමෙන් සහ පැහැදිලිව අර තරුණියට කරුණු පැහැදිලි කලා මිසක් අඩුම ගානේ උස් හඩින්වත් කතා කළේ නෑ..
කාන්තාවකට දිය යුතු ගෞරවය ඒ අයගෙන් ඒ විදිහටම ලැබුණා කාන්තා පාර්ෂවයේ හැසිරීම කොයිතරම් අවැදගත් වුණත්.. රට ඉඳලා ආවා කියන පුහු මාන්නෙන් ඉන්න ඕනම කෙනෙක් අවි ආයුධ එක්කම ගැටුණු හමුදාවට නිකන්ම නිකන් හාල් කෑලි විතරයි..
අපේ අය කෑ ගහද්දි හමුදාව නිශ්ෂබ්දව බලන් ඉන්නවා කියන්නේ කෑ ගහන කෙනා නිකන්ම විහිලුවක් වෙනවා කියන එක..
වෙලාවක් අවේලාවක් නැතුව අපි වෙනුවෙන් මහන්සි වෙලා අපිට කරන සේවාවට ගරු කීරීම වෙනුවට අපේ අය, හමුදාව අපේ සේවකයෙක් කියන මානසිකත්වය ඇති කර ගන්නවා..
එහේ ඉන්නකන් නාහෙන් අඬනවා "කන්න බොන්න නෑ අනේ අපිව ඉක්මනට ගන්න" කිය කිය.. මෙහෙ ආවට පස්සේ හමුදාවට ලොකු කම් පෙන්නන්න යනවා..
අර තරුණියගේ හැසිරීම නිසා හිත ඇතුළෙන් අපේ තරුණ පරපුර ගැන ලොකු කණගාටුවක් වගේම ලැජ්ජාවකුත් ඇතිවුණා..
ඇත්තටම බත් එක ටිකක් ප්‍රමාණවත් මදි.
ඒවුනත් දවසට කන්න දෙන වේල් ප්‍රමාණෙත් එක්ක ඒක ඒ හැටි සැලකිය යුතු දෙයක් නෙමෙයි කියලයි ගොඩක් අය කතාවුණේ..
අනික අපි මහන්සි වෙලා වැඩ කරන්නෙත් නෑ.. ඔහේ ඇඳට වෙලා කාලේ ගත කරන එක විතරයි කරන්නේ.. ඉතින් කන ගමන් අරවගේ කතා කියන හමුදාවටම ගරහන පිරිස් ඉන්න එක ඇත්තටම අපේ අවාසනාවක් කියලා හිතුනා..
අඩුම ගානේ වැසිකිළිය පාවිච්චි කලාට පස්සේ ෆ්ලෂ් කරන එකවත් නොකරන පිරිස් හිටියා..
රටවල් වෙනස් කරන්න හදන අපි අපේම සමීපාරාක්ෂාව ගැන හිතන්නේ නෑ..අනිත් කෙනා ගැන හිතන්නෙත් නෑ..
මුල් දවසේම අපි පිරිසිඳු කිරීම් කටයුතු බෙදා ගත්තා.. දවසක් ඇර දවසක් එක එක්කෙනා ඇඳේ පිළිවෙලට පිරිසිඳු කරන්න ඕනේ.. අපේ පිරිස පිරිසිඳු කිරීම් බෙදා ගත්ත වුනාට හැම කෙනාම වගේ පුලුවන් වෙලාවට ඒක පිරිසිඳු කරලා ඇවිත් තිබුණා..
කොටින්ම මට තාම ඒක පිරිසිඳු කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ..
අපේ වැසිකිලි බඳුන අදටත් පළවෙනි දවසේ එනකොට තිබුණා වගේම සුදුම සුදු පාටයි..
ඒක කවුරුවත් එයාට භාර දුන්නු දෙයක් නෙමෙයි.. පුලු පුලුවන් විදිහට ඇහැට පේන පේන දේවල් පිරිසිඳු කරන්න අපේ කාමරේ අය ස්වේඡ්ඡාවෙන්ම ඉදිරිපත් වුණා..
එහෙම කරද්දී අපි නැතත් තව පිරිසක් ඒ දේවල් කරන්න පුරුදු වුණා.. කාන්තා පාර්ෂවේ අය පිරිසිඳු කරද්දී අපි ගිහින් ඒ දේවල් කරන්න පටන් ගත්තාම තව පිරිස් එකතු වුණා..
පිරිසිඳු කිරීම වල්ට දායක වෙන එක මග හැරුණ අය ඊලඟ දවසේ ඒ අයව දැනුවත් කරන්න කියලා ඉල්ලීමකුත් කළා..
මුල් දින හතර ඒ වගේ දේවල් වලට සම්බන්ධ වුනාට, පස්සේ පස්සේ වෙන වෙන පිරිස් වැඩි වැඩියෙන් ඉදිරිපත් වෙන්න පටන් ගත්තු නිසා අපි ඒ දේවල් වලින් හිමීට ඈත්වුණේ අවශ්‍ය වුනොතින් ආයේ ඉදිරිපත් වෙන බලාපොරොත්තුවෙන්..

bump



Bump
Digatama danna

Kiri puthe uba awada![]()
Agreebump.
ikmanatama job ekak hamba wewa. Wish u good luck bro


ඒවුනාට ඔගොල්ලෝ එපා කියන දේමනේ කරන්නේ.. නිරෝධායනය වෙන්න මෙහෙ එන අයගේ අසාදිතයින් ගාණ වැඩි වෙන්න වෙන්න අපිත් පරීක්ෂණ වලට ඉන්න ඕනේ.. ඕගොල්ලෝ එක පාරක් පී.සී.ආර් එක කරලා අමාරුයි කියනවා.. ඒවුනාට ඕගොල්ලො මෙතන පරෙස්සමක් නැතුව හිටියාම අපිත් PCR ඒක කරන්න ඕනේ..
ඒත් දැන් බලන්න ඕගොල්ලො ඉන්න විදිහ.. කොල්ලො ටික කියන කියන විදිහට කියන පැය ගාණ ඇතුළත වැඩේ කරලා තමයි ආපහු කෑම්ප් එකට ගියේ.. මිනිස්සුන්ට ඒවා ගාණක් නෑ..
ලයිට් දෙන්න කනෙක්ෂන් එක දෙන්නම ලක්ෂ 80 ගෙවන්න ඕනෙ විදුලි බල මණ්ඩලේට.. යුධ හමුදාවේ කොල්ලන්ගේ වැඩ වලට තියෙන සල්ලි ඒවා.. ඔගොලොන්ට කන්න දෙන්නෙත් ඒ සල්ලි වලින්.. බජට් පාස් වෙලා ඇපෲ වෙලා එන්න මාසයක් විතර යනවා. එක ඇපෲ වෙනකන් හිටියනම් ඔයාලට කන්න දෙන්න සල්ලි නෑ.. ඒ නිසා හමුදාවේ ෆන්ඩ් වලින් තමයි ඔයාලට කන්න බොන්න දෙන්නේ බජට් එක ඇපෲ වෙලා හමුදාවට සල්ලි ලැබෙනකන්.. අඩුම ගානේ අපි ඉන්න රූම් එකට ටී.වී එකක්වත් නෑ.. නිව්ස් ගැන දැන ගන්නේ ඕගොල්ලෝ ඇතුළේ ඉඳල ටී.වී එක බලලා ඇවිත් කියන දේවල් වලින්.. බලන්න අපි නැවතිලා ඉන්න තැන.ඒක සෑහෙන පරණ තැනක්.. ඔයලාට ඔය දීලා තියෙන පහසුකම් ඔයාලට සලකන අපිට නෑ. අපිට ඒවා ඕනෙත් නෑ.. අපි ඉල්ලන්නෙත් නෑ.. ඕන තැනක නොමැරී ඉන්න අපිට පුහුණුවක් තියෙනවා..ඒවුනාට ඔයාලට එහෙම බෑනේ මල්ලී.."
එතකොටම කඳවුරේ ටැංකි වලට වතුර පුරවපු බවුසරයක් අපි ඉස්සරහින් ගියා.. අපි කතා කර කර හිටියේ බවුසරයකට යන්න පුලුවන් ඉඩක් තියලා පාර දෙපැත්තට වෙලා..

බොන්න වතුර වෙනම බෝතල් පිටින් එවනවනේ.. අනික ඔය වතුර පිරිසිඳුයි.. ඒ නිසා බය වෙන්න එපා හරිද..
ඔයාලට බොන වතුර බෝතල් පිටින් දුන්නට අපි බොන්නේ ඔය ටැංකි වල වතුර.. අපිටනම් ඕවා ගාණක් නෑ. ඔයාලට එහෙම වතුර දෙන්න බෑනේ. පොඩි අයත් ඉන්නවනේ.. ඒකයි කියන්නේ දෙන එක කාල හරියට ඉඳලා යන්න කියලා.."


අනික ඕගොල්ලෝ අපි කියන දේ අහන්නෙත් නෑනේ.."

) කියලා කිව්වේ ලාවට හිනා වෙලා සැලියුට් එකක් ගහන ගමන් අපිට යන්න සංඥා කරන ගමන්..