රට උන්නු අපි සහ කොරෝනා සටන

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    balan giyahama lankawe rata idala awahama kari gonnune inne .sirawa kalakiruna aa
    kari gonnu nen nan ban. math rata inne. eth mehe ena hugak unta awama hitiya widiha mathaka. pale indala kale riila apu unta pahu weddi ac nathuwa inda ba. adiyak dekak awuwe payin yanda ba. kfc mcdonald nathuwa ba. puduma widihata oluwa idimenne salli tikak dakiddi. matanan penda ba ehema ewun.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අවසාන කොටස.

    දියතලාව යුධ හමුදා කඳවුරට අයත් නිරෝධායන කඳවුරේ සති දෙකකට ආසන්න කාලයක් ගත කරපු අපි නැවත පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දුන්නා..:dull: ප්‍රතිඵල බොහෝදුරට සතුටුදායක නිසා අපිව ගෙවල් වලට යවන්න අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් සංවිධානය කරන්නත් යුධ හමුදාවව සූදානම් වුණා..:D ලඟම පොලිසිය සහ ආසන්නතම නගරය ගැන විස්තර ලබා ගන්න ඒ අය අපි හැමෝටම කාමර වලින් එළියට එන්න කිව්වා.. ගෙදර යන්න බලන් උන්නු අපි වගේම අපි වෙනුවෙන් මහන්සි වුණ නිලධාරින්ගේ ඇස්වලත් අමුතු සතුටක් දකින්න ලැබුණේ අපි කාටවත් කොරෝනා ආසාදනය වෙලා නෑ කියන විශ්වාසය ඒ අයගේ මහන්සිය සහ කැපවීම අපතේ ගියේ නෑ කියන එක නිසා වෙන්න ඇති..:yes:

    දින දෙකකට විතර පස්සේ අපි හැමෝටම නැවත වතාවක් එළියට එන්න කිව්වා.. කලබලෙන් එළියට දුවගෙන ආව අපිට හමුදා සාමජිකයෙක් කතා කළා...:shocked:

    "ඔයාල ගෙන් සෑහෙන පිරිසකගේ පී.සී.ආර් රිපෝට් හොඳයි..:yes: අනිත් අයගේ ඒවත් ඉකමනින් අපිට ලැබෙයි.. ඔයාලගේ ශරීර උෂ්ණත්වය අපි දිනපතාම මැනල බැලුවා.. එක එක්කෙනාගේ ශරීර උෂ්ණත්වයන් වෙන වෙනමම හමුදා වෛද්‍යවරුන් නිතරම විශ්ලේෂණය කලා.. ඔයාලට එහෙම සෞඛ්‍ය ගැටළු නෑ..:) එහෙම නැත්තන් අපි ඔයාලව මෙහෙම එළිමහනට ගන්නේ නෑ.. අපි ඔයාලට කිසිම විදිහක හානියක් වෙන්න දෙන්නේ නෑ.. කාගේ හරි රිපෝට් එකක ප්‍රශ්නයක් තිබුණොත් අපි ඒ කෙනාව ඒ වෙලාවෙම ඔයාලගෙන් වෙන් කරනවා.. නිකන් හරි කවුරුහරි Positive නම් ඔයාලා දැන ගන්නත් කලින් අපි ඒ අයව අරගෙන යනවා..:yes: ඔයාලට ඒ අයගෙන් ඈත් වෙවී ඉන්න අපි ඉඩ තියන්නෙ නෑ.. කොරෝනා අවධානම අපි භාරගන්නවා ඔයාලා වෙනුවෙන්.. ඒ නිසා ඔයාලා කිසිම විදිහකින් කිසිම කෙනෙක්ව චනෙකින්වත් එහෙම කොන් කරන්න එපා..:sorry: අපි ඔයාලව කොන් කළෙත් නෑනේ කොයිම වෙලාවකවත්..:love: ඊයේ ගැටළුවක් ඇති වෙලා තිබුණා ඔයාලා පිරිසක් කොන් කළා කියලා.:shocked: ඒ නිසයි හැමෝටම එන්න කිව්වේ.. ඔයාලට මිනිස්සු කොන් කරන්න අවශ්‍ය නෑ එහෙම..:no: අපි ඔයාලට කිසිම විදිහක අවධානමක් ඇති කරන්නේ නෑ.. ඒක අපේ වගකීම.. අපි අපේ වගකීම කොච්චර කැපවීමකින් ඉටු කරනවද කියන එක ඔයාල මේ දවස් කීපෙදි දකින්න ඇති. ඒ නිසා මිනිස්සුන්ට එහෙම කරන්න එපා..:) රිපෝට් එක එනකන්ම අපි ඔයාලව බලා ගත්තනේ.. ඒ නිසා ඔයාලත් එක්ක එකට ආව අයට එහෙම කරන්න එපා පවු ඒ මිනිස්සු.. සති දෙකක් එකට ඉඳලා ඕගොල්ලෝ එක පාරටම කාමරේට එන්න එපා කිව්වාම ඒ මිනිස්සුන්ගේ හිත රිදෙනවනේ..":love:

    නිල ඇඳුම් ඇඳපු හමුදා නිලධාරියෙකුගෙන් පිටවුණු ඒ වචන ටිකම මොනතරම් සංවේදීද. මොන තරම් මානුෂීයද කියලා හිතුනත් උන දේ හිතා ගන්න බැරිවුණ නිසා අපිත් හේතුව ගැන අහලා බැලුවා..:shocked:

    කලින් දවස්සේ පී.සී.ආර් පරීක්ෂණේට සහභාගිවුණ කීපදෙනෙකුගේ රිපෝට් එකේ පොඩි අපැහැදිලි ගතියක් නිසා ඒ අයට ආයේ පරීක්ෂණේට එන්න කියලා.. ඒ කතාව අන්තිම කෙලවරට ගිහින් තියෙන්නේ ඒ කීපදෙනාගේ රිපෝට් පොසිටිව් කියලා..:oo: සමහරවිට ඒ අය දමිළ නිසා ඇතිවුණ සන්නිවේදන ගැටළුත් ඒකට හේතුවක් වෙන්න ඇති..:no:

    අපි මෙහෙන් පිටවෙන් දිනය ලං වෙන නිසාම සමහරු කඳවුරු අවට පිරිසිඳු කරන්න පටන් ගත්තා..:love: මම කලින් කිව්වා වගේ පිරිසක් වැඩක් කරද්දී අවශ්‍ය ශ්‍රමය තියෙනවා කියලා පෙනි පෙනිම වැඩි ලකුණු දාගන්න උදව් වෙන්න ගිහින් කැපී පේන්න දඟලන ගතිය අපේ කාමරේ අයට නෑ.. ඒ නිසාම අපි පාඩුවේ හිටියා.. එළියට ගිහින් අනවශ්‍ය විදිහට උදව් කරනව වෙනුවට අපි හිටිය කාමරේ සම්පූර්ණෙන් අතු ගාලා පිරිසිඳු කළා.. ඉඩක් ලැබුණොත් රාත්‍රී කෑමෙන් පස්සේ කෑම කන කාමරය පිරිසිඳු කරන්න අපි කතා කර ගත්තා..:cool:

    ඒ අතර අපිට නැවත ගෞරවණීය නිවේදනයක් ලැබුණා..:) ඒ අපිට ලැබුණු සත්කාර වෙනුවෙන් ඇතිවුණ පැහැදීම නිසා මේ කඳවුර වෙනුවෙන් යම්කිසි ත්‍යාගයක් හෝ මුදල් හෝ ලබා දෙන්න උත්සහ කරන්න එපා.. එහෙම කිසිම දෙයක් ඒ අය භාර ගන්නේ නෑ.. එහෙම ලබා දෙන්න දැනටමත් කටයුතු කරලා තියෙනවනම් ඒ අය ඒක කාරුණිකව ප්‍රතික්ෂ්‍යේප කරනවා කියන එක..:oo: කිසිම ගැටළුවක් ඇති නොවෙන්න ඕනම දෙයක් සංවිධානය කරන ශ්‍රී ලංකා යුධ හමුදාව ඉදිරියේදි ඇති වෙයි කියලා හිතුනු ගැටළු වලට පවා සූදානම් වෙලා..:yes:

    ඇත්තටම ඒ අයගේ සත්කාර ලැබෙද්දී අතේ තියෙන දේ හරි ඒ අය වෙනුවෙන් දීලා එන්න හිතෙනවා.. ඒත් ඇත්තටම බැලුවොතින් වෙන්න ඕනේ ඒක නෙමෙයි..:) අපිට ඒ අය වෙනුවෙන් දෙන්න පුලුවන් එකම ත්‍යාගය ඒ අය කියන විදිහට ඉන්න එක. දෙන උපදෙස් හරියටම පිළිපදින එකෙන් ඒ අයව අනවශ්‍ය විදිහට වෙහෙසට පත් නොකරන එක තමයි හමුදාව වෙනුවෙන් අපිට දෙන්න පුලුවන් ඉහළම ගෞරවය..:yes:

    තවත් දිනකින් හෝ පැය කීපයකින් අපි මෙහෙන් පිට වෙලා යාවි..:)
    සති දෙකක් පුරා සිදුවුණු සියලුම දේ පුලු පුලුවන් විදිහට එලකිරියත් එක්ක බෙදා ගන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි..:love:
    හැමදාම කියනවා වගේ ඔයගොලොන්ට ගන්න පුලුවන් දෙයක් අර ගන්න ගමන් හිතෙන දෙයක් කියලා යන්න කියලා ඉල්ලනවා.. වෙච්ච හැම සිදුවීමක්ම ඇස් දෙකෙන් දැකපු හදවතට දැණුනු සිදුවීම්..:cool: ලියපු හැම වචනයක් පාසාම ඔලුවට ආවේ එලකිරි සාමාජිකයෙකුත් මේ කඳවුරේ හිටියනම් කියලා..:yes: එහෙම වුණානම් මම කියන දේට සාක්ෂියක් එකතු වෙනවා.. මගේ ලඟම හිතමිතුරන්ට නම් මම මේ වෙනකන් වට්සප් එකට එකතු කරපු ස්ටේටස් වලින්ම මම කියන දේවල් දැනටමත් තහවුරු වෙලා ඉවරයි.. මගේ එක්ක නිතර කතා කරන මගේ දෙමව්පියන්ටනම් මෙහෙන් දෙන සංවේදී නිවේදන පවා අනන්තවත් ඇහිලා තියෙනවා.. තව දින කීපෙකින් මුහුණු පොතට එකතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඡායාරූප සහ විස්තර එක්ක ලඟම මිතුරන්ට මේ කියන දේවල් වල නිවැරදි බව තහවුරු වෙයි.. එලකිරි සාමාජිකයින් කීප දෙනෙකුත් ඉන්න නිසා ඒ අයත් විස්තර කියයි.. ඒ නැතත් ඔයාලා මාව විශ්වාස කරයි කියලා හිතනවා..:)
    එහෙම නොකරන අය අඩුම ගානේ ආරක්ෂක අංශ වල හෝ හමුදාවේ අයට නිකරුණේ දෝශාරෝපණය නොකරයි කියලා හිතනවා..:yes:
    අඩුම ගානේ අපිට ලැබෙන සෞඛ්‍යමය උපදෙස් විහිලුවකට නොගෙන සරලව හිතන්නෙ නැතුව හරියටම පිළිපදින්න බලන්න.. මොකද හමුදාව හෝ අදාළ සෞඛ්‍ය අංශ කිසිම වෙලාවක මේ දේවල් සරලව සැහැල්ලුවෙන් බැලුවේ නෑ..:dull: ඉතින් පුරවැසියන් හැටියට ඒ මේ වගේ අවස්ථාවක වගකීමෙන් වැඩ කරන එක අපෙත් යුතුකමක්..:yes: අපේ ගෙදරින් දැනටමත් අහල පහළ ගෙවල් වලට දැනුම් දීලා ඉවරයි සති දෙකක් යනකන් අපේ ගෙදර එන්න එපා කියලා. ඒ වගේම පොඩි අයව අපේ ගෙදර එවන්න එපා කියලා..:)

    අපේ සමහර වැරදි අපිටම පේන්නේ නෑ වගේ සමහරවිට අපි අතිනුත් සුලු සුලු අත් වැරදි වෙන්න ඇති.. අපි උනත් 100%ක්ම නිවැරදි කියන මතේම ඉන්න එක සුදුසු නෑ...:oo: ඒවුනත් අපි හමුදාවේ උපදෙස් පුලුවන් උපරිම විදිහට පිළිපැද්දා කියන සියුම් ආඩම්බරයත් එක්ක ත්‍රෙඩ් එකෙන් සමු ගන්නවා..:D
    පුරවසියන් හැටියට අපි කොයිතරම් විනයගරුකද.? මානූෂීයද.? කියලා තමන් එක්කම සංසන්දනය කරලා හිතලා බලන එක ඔයාලට බාරයි..

    හිත මිතුරු රිචා..
    දියතලාව නිරෝධායන කඳවුරේ සිට..

    :):)
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    Photo tikak dapanko mekatama
    Ubalata depression awe nadda ohoma idala
    Rata htya kynne ithin awulak nathuwa athi
    Rata inneth thani wela ne neda
    Mehe innakota thani wela na ne
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    පාස්පෝට් එක HR එකේ, මොකා මොන හුයන්නක්ද ඒ ? පොටෝකොපියක් ගහන්න වගෙ දේකට ඇරෙන්න එහෙම කාටවත් තියාගන්න දෙන්න බෑ
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඇස් දෙකට කදුලුත් ආවා යකෝ.... අපේ ජාතිය ගැන නම් මොනවට කියනවද බන්... කන්න දෙන අත හපාකනවා කියන්නේ නිකන් නෙමෙයි නේ.. ඔය මොක කිව්වත් අපේ ආමි එකේ උන්ව ඔය කාලකන්නින්ට මතක් වෙන්නේ එක්කෝ යුද්දයක් ආවොත් නැත්තන් ස්වාභාවික විපතක් ආවොත් විතරයි. එකත් උදව් කරලා ඉවර උනාට පස්සේ අට පාස් උන් කියලා කියන ජාතියක් නේ බන් අපි.

    එනිවේ.. උඹ ගෙදර ආවද??
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඉතුරු දවස් ටිකත් ඉඳලා පරිස්සමට ගෙදර වරෙන්.
    ආවට පස්සේ සෙට් වෙමු.
    ආයෙත් ඉන්න වුන එක ගැනත් දාන්න