ඉතිං නායකයො වෙන්නෙත් රටේ ඉන්න මනුස්සයො නේ බං. පිටරටවල් වල එවුන් ඇවිල්ල මෙහේ ඇමතිකම් දරන්නෙ නෑ නේ. ලංකාවෙම මිනිස්සු තමයි ඒවටත් යන්නෙ අමුතු කොඨ්ටාසයක් නෙමෙයි ඒ.ජපානය, කොරියාව වගේ රටවල් වල නායකයෝ තමන්ගේ රටට වැඩක් කරනවා කියලා පෙන්නලා තියෙනවා, එකනේ ඒ රටවල් අද දියණු වෙලා තියෙන්නේ. අපේ අය එහෙම කරන පාටක් තියෙනවද? දැනටත් ගෙන බෙහෙත් ටිකෙන් අනම් මනම් හොරකම් කරනවා.
ඉතිං ඒ රටවල් වල Higher education free දෙන්නෙ නෑ නේ. සල්ලි දීල ඉගෙනගෙන ඇත්තෙ ඒ මිනිස්සු. අනිත් එක ඒ රටවල් වල අය වෙන රටක සෙට්ල් වෙන්න යන ප්‍රතිශතය හරිම අඩු ඇති.ඔයා හිතනවද ජප්පෝ, කොරියන්, චීන්නු වෙන රටවල් වලට ගියේ නැ කියලා? අපි canada, USA සුද්දෝ ඇති කියලා ආවට අම්බානක ඉන්නවා ජප්පෝ, චීන්නු වගේ අය. උන්ට තමයි ගොඩක්ම මිඩ් ලෙවල් බිස්නස් තියෙන්නේ. ගොඩක් සුද්දන්ට වැඩිය සල්ලිත් තියෙනවා. උන් අදටත් එනවා, එහෙට වඩා මෙහෙ හොදයි කියලා
4.5%ක් කියන්නෙ ලොකු ගානක් මචං. මම දන්න විදියට රුපියල් බිලියන 100ක් විතර උසස් අධ්‍යාපනයට රජය යට කරනව. ඒ කියන්නෙ මේ වගේ ගානක්,ලංකාවේ මුළු Education වලටම යන්නේ 4.5% වගේ බජට් එකෙන්. සල්ලි ඉතුරු කරනවානම් ඊට කලින් කරන්න ගොඩක් දේවල් තියෙනවා (රජයේ වැඩිපුර ඉන්න සේවකයෝ අයින් කරන එක වගේ).
Rs. 100,000,000,000
එතකොට කෝටි 1.6ක් විතර නේ ලංකාවෙ 18ට වැඩි ජනගහනය. එහෙම බැලුවත් එක මනුස්සයෙක් රුපියල් 7000ක් විතර අවුරුද්දකට දෙනව ඒක කොච්චර ලොකු ගානක්ද කියල තේරෙනව ඇති නේ.
උඹ කියන අනිත් කතාව සහතික ඇත්ත මම එකඟයි මේක විතරක් නෙමෙයි වියදම් අඩු කරන්න තියෙන්නෙ මම ඒකයි කිව්වෙ මම මේ කියන්නෙ එකම එක ගැන නෙමෙයි, මෙයිට වඩා ගොඩක් දේවල් තියෙනව කරන්න මේකත් එකක් විතරයි.
ඒ කියන්නෙ උඹත් ඉන්නෙ මම ඉන්න මතයෙමයි. Free higher education දෙනව කියන්නෙ අවුල්. ඕකම තමයි ඉතිං මාත් කියන්නෙ. අනිත් එක රට ඇතුලෙ බලෙන් තියාගන්න ඕන නෑ ඒකත් අයිතිවාසිකම් කඩකිරීමක් නේ. හැබැයි නිකං උගන්නනව නම් එහෙම කොන්දේසියක් දාන්න ඕන ඒක ඩීල් එකක්. එහෙම නැතුව සල්ලි වලට දෙනව නම් ඒක අරගෙන ඇමරිකාවට නෙමෙයි ඉතියෝපියාවට ගියත් ප්‍රශ්නයක් නෑ.හැබයි higher education වලට සල්ලි ගන්න එකටනම් මමත් එකගයි. අඩු ගානේ දුප්පත් අයට නොමිලේ දීලා, අනිත් අයගෙන් කියක් හරි ගන්න ඕනේ, නැත්තම Student Loan වගේ දෙයක් තියෙන්න ඕනේ, රස්සාවක් කරන කාලෙක ගෙවන්න. උන් ඕවා කරන්නේ නැත්තේ අපිට ආදරේට නෙවේ. උන්ගේ ජන්ද කැඩෙන හන්ද
හැබයි නොමිලේ higher education හම්බුනා කියලා, ජිවිත කාලෙම අනිත් උන් හොරකම් කරන එකෙයි, උන්ගේ ජන්ද වලට ජොබ් දීපුවට පඩි ගෙවන්නයි, අත පය හතර හොදට ඉන්න උන්ට සමුර්ධි ගෙවන්නයි බලාපොරොත්තු වෙන එක අසාදාරණයි.