කැබිනට් මණ්ඩලය රැස් නොවීම නිසා ඉන්ධන ඇතුළු හදිසි මිලදී ගැනීම් කිසිවක් වෙනුවෙන් මුදල් වෙන් කිරීමට නොහැකිව ආර්ථික කටයුතු ඇණහිට ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.
මෙම තත්වය යටතේ පක්ෂ නායක රැස්වීම හරහා ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය මිලදී ගැනීම් සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට බලය පැවරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව ද ප්‍රතික්ෂේප වී තිබෙනවා.
අදාළ යෝජනාවට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම් සහ එම්.ඒ.සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් විරෝධය පළ කර ඇත්තේ, කැබිනට් අනුමැතියකින් තොරව කිසිදු සහතිකයක් ලබාදිය නො හැකි බව සඳහන් කරමින් යනුවෙනුයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙම තත්ත්වය නිසා අත්‍යවශ්‍ය සේවා සියල්ල දින නියමයක් නැතිව ඇණ හිටීමෙන්, ජනතාව ඉදිරියේ දී අර්බුද රැසකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇතැයි අදාළ රජයේ ප්‍රකාශකයා කියා සිටියා.
Source

ඌට දැන් වෙන සිහියක් නෑ.