රට නොදන්නා ඔහු

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    රට නොදන්නා ඔහු

    71151372_720014828464992_7875044896262848512_n.jpg

    මේ ඡායාරූපයේ ඉන්නෙ දේශපාලකයෙක්.. නමින් උක්කුබණ්ඩා විජේකෝන්.. ඔහු J.R.ජයවර්ධන රජයේ රාජ්‍ය පරිපාලන, පලාත් සභා සහ ස්වදේශ කටයුතු ඇමති .. ප්‍රේමදාස රජයේ ඇගලුම් කම්හල් 200 ව්‍යාපෘතියේ නියමුවා ඔහු..එම රජයේ පේෂකර්මාන්ත ඇමති.
    1994දි ( වයස අවු 57දී පමණ)ඔහු දේශපාලනයෙන් සමුගන්නවා.
    ඉන්පසු ඔහු කාලය ගතකලේ තම බිරිඳ සමඟ .. ඔවුනට සේවකයන් සිටියෙ නැහැ. එන්ජින් ධාරිතාවය 1000cc කාර් එකක් ඔවුනට තිබුනෙ.. රියදුරෙක් හිටියෙ නැහැ. දුර ගමන් ගියෙ three wheeler එකකින් නුවර ටවුමට ගිහින් බස් එකේ..
    බිරිඳ සමගින් ලඟ පෙට්ටි කඩේට ගිහින් එළවළු මිලදී ගත්තෙ සාමාන්‍ය පාරිභෝගිකයෙක් විදියටමයි..ඔහු හිටපු ඇමතිවරයෙක් බව ලඟපාත කෙනෙක්වත් දැනගෙන හිටියෙ නැහැ.

    පොල් ත්‍රිකෝණයේ දඹදෙනිය ඡන්ද කොට්ඨාශයේ මන්ත්‍රී තුමා වී සිටි ඔහුට මම ඉඳහිට දිනක මගේ ගෙදර වත්තේ තිබුණ පොල් ගස් කිහිපයෙන් අළුත් පොල් ගිහින් දුන්නම බාරගත්තෙ හරිම සතුටෙන්..මොකද පර්චස් 30 පමණ ගෙදර ඉඩම හැරෙන්නට වෙන පොල්වතු කෙත්වතු ඔහුට නොතිබුණ නිසා..
    ඒ වගේම පොලොස් ඇඹුලක් ,ගමේ කෑමක් හැදුව දිනක මම ඔහුව බලන්න ගියා ...ඒ ඔහු මගේ ඥාතියෙක් නිසා..ඒත් දේශපාලනයෙන් ඥාතීන්ට උදවු නොකල නිසාම සමහර ඥාතීන් ඔහු අත්හැර තිබුණා..
    ඇත්තටම ඔහු තමන්ගෙ එකම පුතාටවත් දේශපාලන බලයෙන් රැකියා නොදුන් කෙනෙක්.. ඔහුගෙ පුතු නිරෝෂණ විජේකෝන්.. වසර 8 ක් එක දිගට ශ්‍රී ලංකා බැට්මින්ටන් ශූරයා වී තවමත් නොකැඩුන වාර්ථාවක් තැබූ ඔහු පෞද්ගලික ආයතනයක ඉහල නිලයක් දැරුවෙ ඒ ක්‍රීඩා කෞෂල්‍යය නිසා ලද වරප්‍රසාදයක් ලෙසින් මිස පියාගෙ බලයෙන් නෙවෙයි..

    ජීවිතයේ සැදෑ සමය සරල මිනිසෙකු ලෙසින් ගෙවූ ඔහු 2016 හදිසි හෘදයාබාදයකින් මහනුවර මහ රෝහලේදි මියයනවා. ඔහු මියගියේ ආත්ම තෘප්තියෙන් පිරුණු ජීවිතයක අවසානයේ..මව්රටට සේවය කල සතුට , රටෙන් හොරා නොකෑමේ නිරාමිස සතුට ඔහුට තිබුණා. ඔහුගෙ අවසාන ඉල්ලීම උනේ කිසිදු අවමගුල් උත්සවයකින් තොරව තම දේහය හැකි ඉක්මනින් තමන් ශිල්පලද පේරාදෙණිය සරසවියට බාරදීම..
    නුවර මහරෝහල ඉදිරිපස මල්ශාලාවෙ පැය කිහිපයකට පමණක් රැදවූ ඔහුගේ දේහය බලන්නට දුරබැහැර ඥාතීන්ටවත් ලැබෙන්නෙ නැහැ.
    ඒ වගේම ඔහුගෙ දේහයට හෝ ඉන්පසුව ගෞරව දක්වන්න කිසිදු දේශපාලකයෙක් එන්නෙ නැහැ.. මොකද දේශපාලනයෙන් ඔහු හදවතින්ම සමුගැනීම..ඔහු ඡන්දෙන් පැරදී ගෙදර ගියා නොව ඡන්දයකට ඉදිරිපත් නොවී නික්මුණ දේශපාලකයෙක්..එයින් නික්මුණු එතුමන් සැදෑ සමය ගෙවුවේ බුදු දහම ඇසුරේ පමණයි.

    වැලිමඩ ඡන්ද කොට්ඨාශයේ සරසවි වරම් ලද පලමු සිසුවා ඔහුයි.. දේශපාලනයට පෙර ඔහු දිසාපතිවරයෙක්..

    U.B විජේකෝන් සැබවින්ම ලාංකික දේශපාලනයේ මා දුටු කොල නොව සුදු චරිතයයි.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    අපේ සල්ලිත් හොරා කාලා අම්මා අප්පට සොහොන් හදන කාලේ
    මෙහෙම මිනිස්සු හිටියද කියල හිතෙනවා
     
    Sampath Aravinda

    Active member
  • Mar 10, 2016
    95
    36
    28
    මේවගේ චරිත ආයෙත් අපේ ජීවිත කාලේ දකින්න ලැබේවි කියල හිතන්න අමාරුයි. ඔබට නිවන්සුව.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,696

    පී සී ඉබුලන මහත්තයත් මේවගේ දේශපාලනය කරපු කෙනෙක්. අන්තිමට මිනිය තියන්නවත් තැනක් නැතුව කරවනැල්ල පන්සලේ හාමුදුරුවෝ භාර අරගෙන පන්සලේ මරණේ කටයුතු කරේ.:yes:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    අපේ සල්ලිත් හොරා කාලා අම්මා අප්පට සොහොන් හදන කාලේ
    මෙහෙම මිනිස්සු හිටියද කියල හිතෙනවා
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල එක්ක කොහෙද ගිහින් ආවට පස්සෙලු නේද මනුස්සයට දේශපාලනේ එපා උනේ..
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    අපේ සල්ලිත් හොරා කාලා අම්මා අප්ප බැංකුවෙ දාපු සල්ලිත් හොරා කාලා
    මෙහෙම මිනිස්සු හිටියද කියල හිතෙනවා

    :P:P:P:P:P
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    එදා මහත්වරුන්ගේ දේශපාලනය
    අද මහත්හොරුන්ගේ දේශපාලනය

    බැලමෙහෙවර කරන උදවිය මේකට බුරන්න එපා පීස්
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    පී සී ඉබුලන මහත්තයත් මේවගේ දේශපාලනය කරපු කෙනෙක්. අන්තිමට මිනිය තියන්නවත් තැනක් නැතුව කරවනැල්ල පන්සලේ හාමුදුරුවෝ භාර අරගෙන පන්සලේ මරණේ කටයුතු කරේ.:yes:

    ඉඹුලාන මහත්තයා රුවන්වැල්ලේ පොලිසියේ OIC ට කතා කරලා මම P C ඉඹුලාන කතා කරන්නේ කියලා කියපුවාම, " සර් කියලා කතා කරපං මිනිහෝ" කියාපු කතාව අතීතයේ බොහොම ප්‍රසිද්ධව තිබුනා.
    තම බලයෙන් රට හූරා කෑමෙන් වැළකුණු, තමන්ගේ ධනය රට වෙනුවෙන් වියදම් කල දේශපාලකයින් අතරට M D බණ්ඩා මහතා, බණ්ඩාරනායක මහතා (මැතිනිය නොවේ), ගාමණී ජයසූරිය, M D H ජයවර්ධන, C W W කන්නංගර, U B වන්නිනායක මහත්වරුත් ඇතුලත් කරන්න පුළුවන්.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    Three were this type of politicians . Though I have heard about his son who was undisputed champion for years never did he nor his father sought publicity from each other. Even now there are some unsung politicians but as in any other field they are not people who seek publicity from media including social media.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ජේ. ආර්. ගේ කැබිනට් එක කාට උනත් නම් වශයෙන් මතකයේ තිබ්බා කියලා අපේ අප්පච්චිලා කියනවා. අගමැති - ප්‍රේමදාස, වරාය - ලලිත්, මහවැලි - ගාමිණි, තැපැල් - ඩී. බී. විජේතුංග, විදේශ - ඒ. සී. එස්. හමීඩ් වගේ තවත් නම් ඒ අතර යූ. බී. විජේකෝන් නමත් කියවෙනවා.....
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මේවගේ අය දැනුත් ඉන්නවා ඇත්තටම අපේ රටට වැඩක් කරන්ඩ පුලුවන් දක්ෂ මිනිස්සු එත් අපේ රටේ දැන් තියන ජරා දේශපාලනය නිසා ඒ කවුරුත් ඉස්සරහට එන්නෙ නෑ.......