රට පනින්න ඇමෙරිකාවේ සහාය
පසු ගිය ජනාධිපතිවරණයෙන් දින දෙකක් ඉක්ම වෙන්නට පෙර තමා ඇතුලු පවුලේ සියලු දෙනාට ශ්රී ලංකාවෙන් පිට වී යාමට අවස්ථාව උදා කර දෙන ලෙස හිටපු යුද හුදාපති මෙන්ම එම මැතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා ඇමෙරිකානු රජයෙන් ඉල්ලීමක් කරන ලදැයි විකිලීක්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මෙම වෙබ් අඩවියේ පළවෙන වාර්තාව පදනම් කර ගෙන ඇත්තේ ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය විසින් එ රට රාජ්ය දෙපාර්තමේන්තුවට යවන ලද කේබල් පණිවිඩයකි.
ෆොන්සේකා මෙම ඉල්ලීම කර ඇත්තේ සිංගප්පූරුව බලා පිටත්වීමටය. නමුත් ශ්රී ලංකාවේ ආරක්ෂක අංශ ඔහු සිටි හෝටලය වටලා සිටි අතර ඔහු යන එන තැන් පිළිබදව නිතර විමසිලිමත් වෙමින් සිට පසුව චෝදනා කිහිපයක් ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගනු ලැබ පසුව තවත් චෝදනා ගණනාවකට නඩු පවරන ලදී.