රට බංකොලොත් වන බව ප්‍රථම වරට රජය කියයි..

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කවුද බන් මෙච්චර උබේ හැලි කියවන්නේ.

    ඒක තමයි බන් උඹලට තියෙන ප්‍රශ්නේ.............උඹලා වගේ අහිංසක ගොබ්බයෝ හිතාගෙන ඉන්න විධියට මේවා වෙන්නේ නෑ............. :lol: :lol: :lol: උඹලා කොස් කොළ කකා ගාටනවා.......... :yes: :yes: :yes: :yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ගොන් මාධ්‍ය, මෛත්‍රීගේ ඉව හා රනිල් ගේ ස්ට්‍රැටෙජිය

    විවිධ බ්ලොග් කරුවන් රට අරාජිකත්වයට යනවා යයි කියයි. නායකත්වයක් නැතැයි කියයි. මගේ ආකල්පයට අනුව මේවා හුදෙක් මතුපිටින් පෙනෙන්නට තිබෙන දෑ හා වෙනත් ගොසිප් මත පදනම් වුනු විවේචන මිස ගැඹුරින් තොරතුරු ගවේෂණය කොට සිදු කරන ඒවා නොවේ.

    රට අරාජික බව, නායකත්වයක් නැති බව පෙනීම ලැබුණු නිදහස ගොනුන් මෙන් භාවිතා කරන වෘත්තීය සමිති කිහිපයක්, අන්තරේ හා ලංකාවේ ඇම්.බී.බී.ඇස් ඩොක්කුන්ගේ නිළ ත්‍රස්තවාදී සංවිධානය වන වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවත්වන උද්ගෝෂණ ජන ජීවිතයට කරන බාධා නිසා ඇතිවූවකි.

    මෙම බොහෝ උද්ගෝෂණ ජය පරාජයකින් තොරව අවසන්වේ. හොඳම උදාහරණය පෝට් සිටි විරෝධී උද්ගෝෂණයයි. එයට කුමක් සිදුවී දැයි උද්ගෝෂණ නායකයින් පවා නොදන්නා ගානය. එකල පෝට් සිටි උද්ගෝෂණ ලංකාවේ වසල මීඩියාකාරයින් භාවිතා කලේ ඇත් කුණ මත නැගගෙන එය කමින්, එහි නිදා ගනිමින්, එහිම මළමුත්‍රා කල නරියා මෙනි.

    මාස ගාණක් ඇත් කුණෙන් ජීවත් වුනු කුජීත නරියාට දැන් සයිටම් ඇත් කුණ හමුවී ඇත. ඊට පෙර උතුරේ ආවා ගෲප් ඇත්කුණ, නැගෙනහිර බුදුපිලිම කැඩීමේ ඇත්කුණ, ජීවිතේට තම දෑසින් විල්පත්තු අභයභූමියේ ගේට්ටුව වත් නොදැකපු පරිසර ලවර්ස්ලාගේ බදුර්දීන් ඇත් කුණද, ගෝස්ෆෙස් නත්තල් ගස් ඇත් කුණ, විසිපන්දාගේ රථවාහන දඩ ඇත් කුණ ආදී ඇත් කුණු ලැබී තිබුණි. ඒවාට සිදුවූයේ කුමක්ද? කිසිවක් නැත. මාද්දිය වසලයින් කොතෙක් ඩෙඟා නැටුවද සිදුවූ දෙයක් නැත. ආණ්ඩුව ඉදිරියටම යයි. මෙතරම් ඩෙඟා නැටුවද මහින්දගේ ඒකා බද්දෙ අලුත්ම වෙඩි මුරයට පවා හරිහමන් ශ්‍රී ලංකා කාරයෙක් ගෙන්නා ගන්නට හොරු රැළට බැරිවිය.

    සයිටම් හැරුණවිට අන් සියලු ඇත් කුණු කාළයාගේ ඇවෑමෙන් පස්වී ගිය අතර ඒ ඇත්කුණු මත නැගී, කමින්, කෑගසමින්, එතනම පහරමින් සිටි මාද්දිය නරි හා ඒකා බද්දේ ලොම් හැළුණු වෘක්කයින්, ඒ කුණ පස්වී යන විට අලුත් කුණක් ඉව අල්ලමින් ගාටන්නට පටන් ගනී.

    W3 පැරකුම් වැනි සමහර බ්ලොග් කාරයින්ට හා යුධ විරෝධී විකා(චා)රකයින්ට අනුව මෛත්‍රීට කොන්දක් නැත්තේ වැරදිකල ආමි කාරයින්ට දඬුවම් නොදීම නිසාය. මෛත්‍රී එය නවත්වාගෙන ඉන්නා බව ඔවුන් කියයි. එයින් පෙනෙන්නේ මෛත්‍රීට කොන්දක් න් ඇති බව නොව, කෙසඟ සිරුරක් ඇති මෛත්‍රීගේ තීක්ෂණ දේශපලන ඉව බවයි.

    හමුදා නායකයින් අධිකරණයට ගෙනවිත් කලින් රනිල්ගේ ආණ්ඩුව වට්ටවාගත් "මිලෙනියම් සිටි" වැනි දේශපාලන විනාශයක් කරගැනීමට මෛත්‍රීට මෙන්ම රෑ මිලෙනියම් සිටි වලේ වැටී ආණ්ඩුවද නැතිවනු රනිල්ට මහදවාලේ පෙනි පෙනී වැටීමට උවමනාවක් නැත. රට අරාජිකවෙලා කියා කෑ ගසන බ්ලොග් කාරයෝ කියන දේවල් වලින් පාඩු වෙන්නේ දුක් විඳිමින් ආණ්ඩුවක් හදාගෙන ඒක කරගෙන යන්නට වලි කන මිනිස්සුන්ට මිස පාට් ටයිම් බ්ලොග් කාරයින්ට නොවේ. ආණ්ඩුව නැතිවෙන්නේ උන්ටය. ගුටි කන්ඩ වෙන්නේ උන්ටය.

    බ්ලොග් කාරයින්ට නොතේරුනාට මේ රටේ මිනිස්සුන් යුද්ධය අවසන් කල හමුදාවට දක්වන ගෞරවය බිඳක් හෝ අඩුවී නැත. නන්දිකඩාල් පොත අරගෙන ගෙදර තියාගත්තත් සැපැයි කියමින් මිනිස්සු පොර කකා ඒ පොත ගත්තේ පිස්සුවට නොව සැබැවින්ම හමුදාවට ආදරය කරන බැවිනි. පදක්කම් පුරවාගෙන උසාවි පැමිණෙන හමුදා ලොක්කන් හා ගෝඨා පදක්කම් ගලවා, ජම්පරය අන්දවා රිමාන්ඩ් කල හොත් ආණ්ඩුවට සිදුවන දෙය මෛත්‍රීගේ දේශපාලන ඉවට හොඳින් ග්‍රහණයවේ. ඔහු එම ක්‍රියාන්විතය ලත් තැනම ලොප් කොට දැමුවේ ඒ නිසාය.

    නායකත්වය යනු වාචාලකම, මදාවිකම හා පුහු මාන්නය යයි සිතාගෙන ඉන්නා ලාංකික මෝඩයින්ට මෛත්‍රීව හා රනිල්ව තේරුම් ගත නොහැක්කේ ඒ බැවිනි. W3 අජිත් පැරකුම් එවැනි මෝඩයෙක් යයි මම නොකියන මුත්, අජිත් පැරකුම්ට පවා මෙම දෘෂ්ඨිමානයෙන් එහා නොපෙනෙන්නේ, ටීවී, පත්තර, රේඩියෝ මාද්දිය හිඟන්නන්ගේ නරි නාටක වලින් දෑස් නිලංකාරවී ඇති නිසා විය යුතුය.

    රනිල් ගහන්නේ වෙනම ගේමකි. ඒත් එය මෛත්‍රීගේ ගේමට වෙනත් ආනතියක යන ගේමක් නොව මනා සුසංයෝගයකි. වතාවන් තිස්ගාණක් පැරදුනු නපුංසක මෝඩයා යයි මහින්දගේ ත්‍රීවීලර් දේසප්‍රේමී නඩය රනිල්ට හිනාවුනද එසේ පැරදීමෙන් රනිල් ලබා ඇති දෑ ඔවුන්ට නොතේරෙයි.

    රනිල් යනු පැරදෙන්නට බය නැති මිනිහෙකි. 25,000 දඩ කළබැගෑනිය, රු.30 ලොතරැයි අවනඩුව මෙන්ම, හමුදා ලොක්කන් උසාවි ගෙනෙ ඒමේ ගොන් පාට් එකේදී රනිල් අඩියක් පස්සට ගෙන නිහඬව පැරදුනේය.

    මෛත්‍රීට විරුද්ධව වචනයක් නොකී මෙන්ම ගෝලයිගේ කටවල්ද පරිස්සම් කරගත් ඔහු ගහන්නේ සටනක් දෙකක් පැරදී පසුබැස යුද්ධය දිනීමේ ස්ට්‍රැටෙජියයි. රනිල්ගේ නිහඬ පසුබැසීම නිසා මෛත්‍රීට සිය ගෞරවය ආරක්ශාකරගෙන රනිල්ව හා යූ ඇන් පිය කොන්ට්‍රෝල් කරගෙන යා හැකි නායකයෙක් බව පෙන්වන්නට හැකිවේ. එහි වාසිය මෛත්‍රීට පමණක් නොව රනිල්ටද ලැබේ. රනිල් පැටලෙන (හා රවී වැනි ගොන් තඩියන් පටවන ) පඹගාල්වලින් ගැලවීමේ මාර්ගය මෛත්‍රී පත්තෙරෙන් දැකගෙන ලබදෙන විසඳුම් නිසා ලැබේ.

    රනිල් හා මෛත්‍රී ගහන්නේ ටෙස්ට් මැච් එකකි. විකට් එකක් දෙකක් පූජා කොට, නොඉඳුල් ඕවර ඕනෑ තරම් යන්නට හැර දීර්ඝ ඉනිමක් ගොඩ නැගීම මේ මිනිසුන් දෙන්නාගේම අරමුණ බව පෙනේ. 20යි 20 ලාමක දේශපාලන ත්‍රිල් ලබාගෙන පුරුදු ලාංකිකයාට මෙවැනි ලෝන්ග් ටර්ම් ගේම් හරිම බෝරිංය. ඒත් කරන්න දෙයක් නැත. රටට ඕනෑ දීර්ඝ ඉනිමක් ගොඩනගන ආණ්ඩුවක් මිස මුරලිදරන්ගේ බැටිං ස්ටයිල් එකෙන් පොල් අඩි දෙකතුනක් පලා ඉක්මණට ගෙදර යන ආණ්ඩුවක් නොවේ.

    සිරස, හිරු, දිවයින, නෙත් වැනි මාද්දිය තක්කඩි කොතරම් නැටුවද, දවසේ කොතරම් පැය ගාණක් ආණ්ඩුව විවේචනය කලද, මහින්ද නඩයට හා ආණ්ඩුවට බැනීමට කොතරම් පිටු ගානක් වෙන් කලද රනිල් හා මෛත්‍රී ඒවා ගණන් නොගන්නේ රේටින් පස්සේ ගාටන, සල්ලිදීලා ශ්‍රාවකයින්, ප්‍රේක්ෂකයින් මිළදීගන්නා, කෝටි 2ක් මිනිස්සු ඉන්නා රටේ පිටපත් 25,000ක් විකුණාගන්නට බැරි ජාතික පත්තර කඩමාළු හා චැනල් අයිතිකාර මුදලාලිට හා උන්ගේ හිඟන මාද්දියවේදී නඩයට ඕනෑ විධියට රටක් ගෙනයා නොහැඛි බැවිනි.

    උඹලා ඕනෑතරම් බැනපල්ලා, නටපල්ලා, අපේ ගමන අපි යනවා......... රනිල් හා මෛත්‍රී ගහන ගේම ඕකය. ඕක තේරුම් ගන්නට බැරි අයට මේ ආණ්ඩුව හා රට වේගයෙන් අරාජික වෙමින් යයි.

    ස්වීට් ඇනර්කි ඩ්‍රීම්ස්.......අරාජිකත්වයේ සුබ සිහින දකිමින් නිදන්න...... ඔබ ඇහැරෙන විටද රනිල් අගමැති, මෛත්‍රී ජනපති....

    එදා රෑ මෘගසං වර්ශාවක් එක්ක මහා හෙණ ගෙඩ් පිටින් ලක් පොළොවට පතිත වුනා... මහ පොළොව කම්පා වුනා.. ලංකාව වටේ මහ මුහුදේ ඇති වූ කුණාටු නිසා නැව් ගොඩාක් අනතුරට ලක් වුනා. ඩේසි ආච්චි ගේ මැණික් මල්ල අතුරුදහන් වුනා. මෙත්පල් සරල පුංචි ගොවි පුත්‍රයාගේ සරල මැටි නිවස පිටුපස වනා තිබූ සරල අමුඩය කවුදෝ හොරකම් කලා.... මහා විනාශයක පෙරනිමිති පහළ වුනා. වර්ශාව නිසා ළඟ තිබූ ෆාමසියෙන් සමහන් පැකට් එකක් ගන්න යන්න බැරි වුන නිසා පුංචි රනිල් මැතිඳු මේ සිරි ලක්දිව පහළ වෙන්න අවශ්‍ය සියළු පරිසරය ලස්සනට සැකසුනා.... කවුරුත් ඒ රාත්‍රියට ශාප කලා.. ඒත් එදා තමයි අපේ "ජාතියේ __පියා" පහළ වුනේ.

    කුඩා කල සිටම ඔහු සමනලුන් ට ආශා කලා. අනිත් පිරිමි ලමයි තුවක්කු එක්ක සෙල්ලම් කරද්දි කුඩා රනිල් සෙල්ලම් කලේ සමනල්ලු එක්ක. ඒත් එකල රට පාලනය කල මුර්ගයා සමනල්ලු සියල්ල සුදු වෑන් වලින් පැහැරගෙන මරා දමන්න නියෝග කලා. කුඩා රනිල් දුටු මේ අසාධාරණ නිසා ඔහු තමන්ටම ශපත කරගත්තා කවදා හෝ රටේ අගමැටි වෙලා මේ දුශ්ට පාලනය ඉවර කර නැවතත් රටේ සමනල් ගහණය වැඩි කරනවා කියලා... ඒ සඳහා රනිල් මැතිඳු යොදා ගත්තේ මෙලෝ හසරක් නොදත්, සරල අමුඩය පවා නැති වූ, පුටින් ට දාව උපන් පුත්‍ර රත්නයකට පියා වූ, ග්‍රාමසේවක මෙත්පල් මැතිඳු වයි. බළලුන් ලවා කොස් ඇට බෑවීමෙ න්‍යාය ලොවට හඳුන්වා දෙමින් රනිල් මැතිඳු කෙසේ හෝ මුර්ග පාලනය එළවා දැම්මා......

    රනිල් මැතිඳුනි.... ඔබ රජෙක්. ඔබයි නූතන දියසෙන් කුමාරයා. රට එක්සේසත් කරපු 99 වෙනි ගැමුණු කුමාරයා. සමනල් පාලනයට ජය වේවා..... !

    *******************************************************

    ඒ 1987 වර්ෂයේ දිනයක්..වෙනදා වගේම හේන් රකින්න ගිහින් උන්නු ව්ලැඩ්මීර් පුටින් සහ අපේ සිරිසෙන් මැතිඳු ස්වර්ණජයන්තී මැණිකේ උදේ හීල අරන් පැලට එනකල් බලාන උන්නේ කරමල් නැති හබන් කුකුළන් දෙදෙනෙකු වගේ... මැණිකේ එන්න පරක්කු වු නිසා සිරිසෙන් මැතිඳු උදැහැනැක්කේ ම පැන් ඩ්ංගක් සනහා ගැනීම පිණිස පිටත් වුණා. පැළේ තනියම උන්නු පුටින් මැතිඳු සවන් යොමාගෙන උන්නේ බේසමේ තිබුණු ජලය සරල ප්ලාස්ටික් ජෝගුවෙන් මුලින්ම සිරිසෙන් මැතිඳුගේ හිසටත් ,ඉන් පසුව ශරීරයටත්, අවසන බිමටත් වැටෙන සරල හඬටයි...පුටින් මැතිඳු සිරිසෙන් මැතිඳුට මේ තරම් ඇලුම් කළේ මේ සරල බව නිසාමයි.. ජයන්ති මැණිකේ ආප්ප වට්ටියක්ම අරගෙන පැලට ආවේ මේ අතරෙ..ස්නානය කරලා පැලට එනවිට පුටින් මැතිඳු දකින්නට නැති නිසා සිරිසෙන් මැතිඳු වටපිට බැලුවේ පිහාටු නැති පැස්බරෙක් වගේ... අන්තිමේදී පුටින් මැතිඳුගේ අමුඩ ලේන්සුව පැලේ දොර උඩ තිබෙනු දුටු සිරිසෙන් මැතිඳු ඈනුමක් ඇරියේ හෙමිහිට බූරු ඇඳේ වාඩිවෙන ගමන්.. ටික වේලාවකින් එලියට ආපු පුටින් මැතිඳු එක්ක සිරිසේන මැතිඳු ජයන්ති මැණිකේ ගෙනාපු ආප්ප කෑවෙ ගොඩක් සතුටින් ... ඒ වෙලාවෙ එතනින් ගිය ලෙනාඩ් වුල්ෆ් කියන සුදු ජාතිකයා තමයි මේ දුර්ලභ ඡායාරූපය ලබා ගත්තේ..

    *****************************************************

    අවරගිරෙන් බැස යන හිරු හාත්පස නැගෙන මීදුමත් එක්ක එකතු කලේ අමුතුම ආදරණීය බවක්. හිරිගඩු පිපෙන සීත සුළංරැලි සිරිකොතේ කාමර සිසාරා යයි....
    "මොනවාද ඔච්චරටම කල්පනා කරන්නේ සාගල....?"
    එකපාරටම උකුල හරහා අත දැමූ රනිල් මැතිඳු සාගල මැතිඳු ගේ කම්මුල් සිපගත්තේ සමණලයෙක් මලකින් රොන් උරන්නා වගේ...
    "නෑ, මට දුක හිතුනා"
    එහෙම කිව්ව සාගල මැතිඳු ගේ ඇස් වලින් කඳුලු කැට කඩා හැලුනේ වසර ගණනකින් ඇදහැලෙන උල්කාපාත වර්ශාවක් වගේ......
    අමාරුවෙන් හිත හයිය කරගත් රනිල් මැතිඳු නැගීසිටියේ රොබින්හුඩ් ගේ දුන්නෙන් විසිවුන ඊතලයක් වගේ....

    "මට රට ගැන හිතන්න වෙනවා සාගල.
    ඔයා ගැන හිතන්න වෙන්නේ පස්සෙ. මේ වෙලාවේ රටේ හැමතැනම බෝම්බ පුපුරනවා. මට පළමුවත් මවුබිම, දෙවනුවත් මවුබිම, තෙවනුවත් මවුබිම තමයි වටින්නේ සාගල......"

    මේ වචන පිටවුන ගමන් පැටවු හතරහමාරක් නැතිවූ වැලහින්නක් වගේ අඬන්නට වූ සාගල මැතිඳු ව අස්වසන්න රනිල් මැතිඳු ගේ ලෝම ගහක් වත් නැති කාන්තාරයක් වගේ උණුසුම් පපුවට පුලුවන් වුනා...

    "සාගල, රටේ ජනාධිපති වුනත් මහින්ද මේ වෙලාවේ හැංගිලා ඇත්තේ. විපක්ෂ නායක විදිහට මට ලොකු වගකීමක් තියෙනවා. මට දිරි දෙන්න. කෝ දැන් මේ ඇස් දිහා බලන් දැන් වත් කියන්න මගෙ රත්තරං, මට ඉදිරි ආරක්ශක වලල්ලට යන්න ඉඩ දෙනවා කියලා......."

    සාගල මැතිඳු පුංචි පන් මල්ලකට බිස්කට්, පාන්, කෙසෙල්, කොස් කොළ, ක්‍රෝටන් කොළ අසුරා කිරි හට්ටි 2ක් සමග රනිල් මැතිඳු අත තැබුවා....
    "කිරි හට්ටි..... සාගල මම නෑගම් නෙවෙයි යන්නේ...."
    ඇස් ගෙඩි පොඩි කරගත් සාගල මැතිඳු "දන්නවා රනී.... ඔයාට කිරි කද්දි මාව මතක් වෙයි" කියලා කිව්වා.
    ආදරයෙන් සාගල මැතිඳු ගේ නලල සිපගත් රනිල් මැතිඳු ඒ හිරිගඩු පිපෙන සීතලේ යුද මුක්ත කලාපයේ ඉදිරි ආරක්ශක වලල්ලට ඇදුනා....

    ත්‍රස්තවාදී සමයේ අපේ රනිල් මැතිඳු එහෙමයි රට ආරක්ශා කලේ... මුර්ගයා වගේ හැංගිලා හිටියේ නෑ...
    ආඩම්බරයි නේද අපේ රනිල් මැතිඳු ගැන.....??

    *****************************************************


    16388366_265128543917524_7149114023462624999_n.jpg


    16299175_1209179739197855_7589447539166514091_n.jpg
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඒක තමයි බන් උඹලට තියෙන ප්‍රශ්නේ.............උඹලා වගේ අහිංසක ගොබ්බයෝ හිතාගෙන ඉන්න විධියට මේවා වෙන්නේ නෑ............. :lol: :lol: :lol: උඹලා කොස් කොළ කකා ගාටනවා.......... :yes: :yes: :yes: :yes:


    පිස්සුද බන්. ක්‍රොටන් හා කොස් කොල තොපිලාට පොනිල් අනලා කවයි.

     
    Last edited: