රට බේරගන්න පරක්කු වැඩියි-චන්ද්‍රිකා
අපේ පරම්පරාව බේරාගන්න දැන් පරක්කු වැඩියි - චන්ද්‍රිකා
2011 ඔක්තෝබර් 17 වෙනි සදුදා, 09:12 0 Comments
දැන් ලංකාවේ වැඩිම ලාභ ලැබෙන ව්‍යාපාරය දේශපාලනය වී ඇති බවත් ඉන් තමන්ගේ පරම්පරාව බේරාගත නොහැකි වුවද දරුවන්ගේ පරම්පරාව වත් ආරක්ෂා කළ යුතු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ත ලබාගත් සිසුන් 06 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ඊයේ (16 ඉරිදා) නිට්ටඹුව බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකට සහභාගී වෙමින් ඇය මේ බව පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද පැවසුවාය.
"අධ්‍යාපන ක්ෂේත්‍රය හරහා අපේ දරුවන් හැදුවෙ නැත්නම් අපේ පරම්පරාව ඉවරයි, මිත්‍රවරුනි. බලන්න අද පාර්ලිමේන්තුවේ ඉන්නේ මොක්කුද කියලා. මිනීමරුවෝ... හොරු... අමු හොරු... ඡන්දෙන් පත්වෙලා අපේ රටේ සියලු සම්පත් හොරකම් කරනවා. හැම පක්ෂෙන්ම එහෙමයි. පොරකකා පත්වෙන්නේ. තාත්තා එනවා. අම්මා එනවා. දුව එනවා. පුතා එනවා. නැන්දම්මා, මාමා හැමෝම. ඡන්දෙන් අර ආයතනවලට පත්වෙන්න. ඇයි? ලංකාවේ තියෙන වැඩිම ලාභ ලැබෙන බිස්නස් එක දේශපාලනය. රටේ සම්පත් හොරකම් කරලා. මේ තත්ත්වයෙන් අපේ තරුණ ළමයි, අඩුගානේ අපේ දරුවන්ගේ වයසේ ළමයින්වත් බේරගමු අපේ පරම්පරාව දැන් බේරාගන්න පරක්කු වැඩියි කියලා තමයි අපි කතා කරගත්තේ."
අනුර බණ්ඩාරනායක පදනම විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි

corrupted politicians and politics are all over the world. World will move on despite, just like it always has.. so will sri lanka. one will go and another will come.. Just do your part to help