රට බේරා ගැනීමේ අවසාන අවස්ථාව

lilman

Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    copied ....

    දැන් මෙහෙමනෙ මචං.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විදියට යුද්ධයට අවශ්‍ය නායකත්වය මතුපිටින් දුන්න තමයි. ගෝඨාභයත් සයිඩ් එකකින් හිටියා තමයි. ඒක නෑ කියන්නෙ නෑ.

    හැබැයි බැසිල් රාජපක්ෂ තමයි යුද්ධය කරන්න අවශ්‍ය ආර්ථික හයිය හැදුවෙ. කාවන්තිස්ස වුණත් යුද්ධ කරන්න කලින් සද්ධාතිස්සව යවලා කුඹුරු හදලා රට සශ්‍රීක කරේ යුද්ධයක් කරනකොට ආර්ථිකයේ වැදගත්කම දන්න නිසානෙ.

    එහෙම බැලුවම මහින්ද යුද්ධයට නායකත්වය දුන්නට බැසිල් හිටියෙ නැත්තන් ආර්ථිකය කඩන් වැටිලා යුද්ධය කරන් යන්න බැරි වෙනවා. මතකනෙ යුද්ධෙ දරුණුවට යන කාලෙ අයවැය පරාද කරලා ආණ්ඩුව පෙරලන්න හදනකොට UNP එකෙන් 17ක් අරගෙන ගහපු ගේම. ඒවා ඉතින් බැසිල්ගෙ මොළෙන් ගහපු ගේම් තමා.

    අනිත් එක මචං වැදගත්ම දේ යුද්ධය වෙලාවෙ ඉන්දියාව වුණත් බැලන්ස් කරේ බැසිල්නෙ. මොනා වුණත් අන්තිම මොහොතේ ඉන්දියාව මේකට අත දැම්මනම් මහින්දට වුණත් මොකුත් කරගන්න බැරිවෙන්න තිබ්බනෙ මචං. දැක්කනෙ අච්චර පොරක් වෙච්ච ජේ ආර් ටත් ඉන්දියාව බැලන්ස් කරගන්න බැරි වුණ නිසානෙ යුද්ධෙ ඉවර කරගන්න බැරි වුණේ. ඉතින් හිතපංකො බැසිල් හිටියෙ නැත්තන් තාම ප්‍රභාකරන් ජීවත් වෙනවා.

    එහෙම බැලුවොත් ඇත්තටම යුද්ධ ජයග්‍රහණයේ වුණත් සැඟවුණු වීරයා බැසිල් රාජපක්ෂ..!!!

    අනිත් එක මචං බැසිල් එහෙම ලකුණු දාගන්න දඟලන පොරක් නෙවෙයිනෙ. දැන් බලපං යුද්ධ ජයග්‍රහණයේ ගෞරවය 2010දි මහින්දට ගන්න දුන්නා. 2019දි ඒ ගෞරවය ගෝඨාභයට ගන්න දුන්නා. හැබැයි අද වෙනකන් බැසිල් කියලා නෑනෙ මම තමයි හොඳටම කරේ කියලා. එහෙම තමයි මචං නියම නායකයෝ.ලකුණු දාගන්න නෙවෙයි වැඩ කරන්නෙ. රට වෙනුවෙන් කරන්න ඕන දේ කරලා උපහාර උත්සව අරවා මේවා නැතුව නිහඬවම යන්න යනවා. දැක්කනෙ 2015 ජනවාරි 09 උදේ බෑග් එකක් විතරක් අරන් නිහඬවම ගියපු විදිය.

    අනිත් එක අපි හැමෝම දන්නවනෙ ඉතින් බැසිල් ආර්ථිකය කළමනාකරණය කරන්න දක්ෂයා කියලා. මේ වෙලාවේ මහින්ද මහත්තයා ටිකක් වයස නිසා ඉස්සර ජනාධිපති කාලෙ වගේ මේව බලන්න අමාරුයි මචං.

    අනික ගෝඨාභයට මේක විසඳන්න පුළුවන් වෙන්න මේක ත්‍රස්තවාදී ප්‍රශනයකුත් නෙවෙයිනෙ මචං. ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නම් ගෝඨා ලේසියෙන්ම මේක විසඳනවා.

    දැන් තියෙන්නෙ ලොකු ආර්ථික ප්‍රශ්නයක්. ඒක විසඳන්න මචං ආර්ථිකය මෙහෙයවන්න දන්න මිනිහෙක් ඕන.

    අනිත් එක මචං බැසිල් ඔය ඇමරිකන් පුරවැසිභාවය වුණත් අයින් නොකර තියන් ඉන්නෙ දුරදිග බලලා රට ගැන හිතන නිසා මචං. බැරිවෙලාවත් බැසිල් ඕක අයින් කරගත්තනම් මචං මිනිහා නිකන්ම නිකං පුංචි ලාංකාවෙ පුරවැසියෙක් විතරයි.

    කවුද කියපංකො එතකොට මිනිහව ගණන් ගන්නෙ. ?

    ඒකට දැන් බලපං ඇමරිකන් පුරවැසිභාවයත් තියෙනව. එතකොට තියෙන අපිට ජාත්‍යන්තර ප්‍රශ්න වලට මැදිහත් වෙනකොට වුණත් ඒක මාර හයියක්නෙ මචං. දැන් බලපං ඉන්දියාව දැන් ඉන්නෙ ඇමරිකාව එක්ක. එතකොට අපේ ඕන වළියකට ඉන්දියාව බහිනවනෙ මචං ගින්නක් නැතුව. අනික නිකම්ම නිකන් ලංකාවෙ පොරක් කියනවට වඩා ඇමරිකන් පොරක් කිව්වම චීනෙ වුණත් පොඩ්ඩක් සැලෙන්ඩර් වෙනවනෙ මචං එතකොට.

    ඒ ඔක්කොම බැලුවම මිනිස්සු බැන්නට බැසිල් ආවොත් මචං ඉතින් අනිවාර්යයෙන්ම මේක ගොඩ දායි කියලත් හිතෙනව බං.

    මිනිස්සුන්ගෙ වැරදි නැත්තෙ නෑ මචං. සර්ව සම්පූර්ණ මිනිස්සු නෑනෙ. හැබැයි මේක තමයි රට බේරගන්න අපිට හම්බෙන අන්තිමම අන්තිම අවස්ථාව කියන එක අමතක කරන්න එපා මචං..!!! 🌷

    #රටටආදරේපරම්පරාව

    Pramith Ganearachchi