රට යනවද? ලන්කාවෙ ඉන්නවද? 🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    රට යන්න එපා බන් ලන්කාවෙම ඉදපන්.

    කොච්චර ආතල් ද ලන්කාව.

    බලහන් දේශපාලකයො කොච්චර හොදද?

    මොන ආන්ඩුව ආවත් උබලට කොච්චර සලකනවද.

    බලහන් මේ ලගදි උබලගෙ තෙල් මිලත් අඩු කලා.

    බොරුවට හරි ඔය හාල් මැස්සො දෙන්නෙක් තුන් දෙනෙක් අල්ලල හිරෙත් දානව.

    මයින්ඩ මාත්තිය නාකියි නෙ, ඒ මනුස්සයට පාඩුවෙ ඉන්න දෙන්නෙ ඒකයි. පව්නෙ හිරේ දාන එක.
    මිනිහ තව ටික දවසකින් මැරිල යයි, නඩු අහන්නෙ අපරාදෙනෙ.
    මිනිහ හොරකන් කරල සල්ලි හොයල ඒව කොහෙටද ගියෙ කියන එක මිනිහත් එක්කම වැලලිලා ගියදෙන්, මොකටද නිකන් නඩු අහන්නෙ?
    ඕව හොයන්න ගියොත් නාමලුත් හිරේ යන්න ඉඩ තියෙනව. අනවශ්‍යයි නෙ ඒ වගේ දේවල්

    එන්ගලන්තය සුපිරි, වීස ගන්නත් ලේසී, ගිය ගමන් වීස දෙනව අවුරුඩු ගනන් බලන් ඉන්න ඕනෙ නෑ 😅 ජීවත් වෙන්නත් හොදයි. අන්න රටවල්. කිසි ප්‍රශ්නයක් නෑ, වර්ගවාදී අදහස් නෑ. කලු ජාතිකයන්ට තමයි වැඩිපුරම ගවුරව කරන්නෙ. ලන්කාවෙ එවුන් ගියාම විශේශ සැලකිලි. හම්මේ ගවුරවේ ලන්කාවෙ එවුන්ට.

    ඔය ඔස්ට්‍රේලියාව වගේ රටවල් හොද නෑ. යන්නම එපා 😅 කිසි ආතල් එකක් නෑ 😏 නිදහසක් නෑ 😅 රෑ නිදාගන්න ගියාම හිතෙනව ගෙදරට හොරු පනීද වගේ ඒවත්, ආරක්ශාවක් නෑ.
    පොලීසිය දැක්කම බය හිතෙනව, කතා කරන්නෙත් නෑ එයාල ලන්කාවෙ පොලිසිය වගේ මිත්‍රශීලී නෑ. මිනිස්සු ගැන හිතන්නෙ නෑ. 😅🤡
    රජයේ තැනකට ගියාම වටේ යවනව වැඩේ කරල දෙන්නෙ නෑ, ලන්කාවෙ වගේ ලේසියෙන් ඉක්මනින් කරගන්න පුලුවන් කමක් නෑ. 😏

    කොහොම උනත් ලන්කාව දාල නම් යන්න එපා. ලන්කාව තරම් ප්‍රවුඩ ඉතිහාසයක්, නිදහසක්, සහ ලන්කාවෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන් රටක් වෙන කොහෙවත් නෑ. 😏