රට වට යනකොට හිත යන කෑම කඩ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,060
    34,584
    113
    අනේ අපි වගේ දුප්පතුන්ට මේ වගේ තැන් වලින් කනව බොනවා කියන්නේ හීනයක්. ඒත් ඉතින් සල්ලි තියෙන ඇත්තෝ මේ තැන්වලින් කනව බොනව දකින එක අපිට සතුටක්. සියලු සත්වයෝ අන් අයගේ සැප දැක සතුටු වෙත්වා!
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    මචන් ත්රෙඩ් ඵක නං සුපිරි!

    රෙප් 8+ දිගටම කරන් යන්න
     

    gepa

    Well-known member
  • රත්නපුරේ හරහා කතරගම යනව නම් හරි ඒ පැත්තෙන් බදුල්ල පැත්තට දිගු ගමනක් හරි යනව නම් නැවතිලා රසට ආහාර වේලක් ගන්න පුලුවන් තැනක් තමයි සිල්වර් රේ අවන්හල

    silverray2.jpg


    ගොඩ දෙනෙක් අතර නම කියූ පමනින් ජනප්‍රිය අවන්හලක් විදියට සිල්වර් රේ අවන්හල ප්‍රසිද්ධයි.

    මෙතන ඇතුලත හොඳින් ඒ සී කරලා තියෙන්නේ. ඇතුලත වයි ෆයි පහසුකමත් තිබෙනවා.ඉතා සැප පහසුවට මේස පු‍ටු.වැඩකරන සේවකයන් පවා හොඳින් ඇද පැලදගෙනයි ඉන්නේ.එක වරකට මෙතන ඉඳන් 60ක් 70කට ආහාර ගන්න පුලුවන්.හොඳ පාකිං පහසුක්ලමත් මෙතන සලසනවා.වැඩි තදබදයක් නම් නෑ.

    silverray1.jpg


    මෙතන කෑම වර්ග වල මිල ටිකක් විතර සාමාන්‍ය මිලට වඩා වැඩියි.බේකරි කැම වර්ග බනිස් පේස්ට්‍රි කට්ලට් වගේ කෙටි කෑම වර්ග හැම එකක් ම ඉතාම රසවත්. එහි පිරවුම ඉතා රසවත්.ඒ වගේම නැවුම් ගතියකින් යුක්ත වෙනවා.සාමාන්‍යයෙන් කෙටි කෑම වර්ග 50-100 අතර මිල සීමාවේ පවතින්නේ.
    මෙතන දිවා වරුවට බුෆේ එකක් තියනවා.තමන්ට ඇති පමනට බෙදාගෙන කාලා අතුරුපසත් කන්න ගන්න පුලුවන්. කෑම ඉතා රසවත්.පෙලක් දිනයන්ට විශේශිත් ආහාර වර්ගත් ගන්න පුලුවන්.බුෆේ එකක් 400 මිල සීමාවේ පවතින්නේ.

    silverray.jpg


    මෙතනින් විවිද වර්ගයේ කේක් මිලට ගන්නත් පුලුවන්.මේ කෑම සියලු දැ මෙහි ප්‍රවීන කෝකි වරුන් තමයි හදන්නේ. ඒ නිසා වෙන්න ඕනි මේ තරමට රස.ඔබ මෙතනට ආවොත් ප්ලේන්ටියක් බොන්නත් අමතක කරන්න එපා මොකද මෙහි අයිතිකරු තමයි දැනගත්තු විදියට ලන්කාවෙන් වැඩිම තේ ප්‍රමානයක් අපනයනය කරන්නේ.ඉතින් ඔහුගේ තේ කර්මාන්තශාලාවල නිපදවන නැවුම් තේ කෝප්පයක් රස බලන එකත් වටිනවා.ඒක සුවුශේශී..දෙන්නෙක්ට රුපියල් 1000ක් වියදම් කලොත් නොසැහෙන්න කන්න පුලුවන්.

    මෙතනට එනවා නම් රත්නපුරේ ඉන්දන් පැල්මඩුල්ල පැත්තට කිලෝමීටර් 15ක් වගේ එන්න ඕනි.මේ හරියට කියන්නේ ලෙල්ලුපිටිය කියලා.ලෙල්ලුපිටිය හංදිය පහු කරලා කිලෝමීටරයක් විතර ගිහාමයි සිල්ව රේය් අවන්හල හම්බෙන්නේ.මේ හරියේ කාගෙන් ඇහුවත් කියාවි මෙතන ගැන.පාරෙන් වම් අත පැත්තේ සුවිසල් ගොඩනැගිල්ල පහසුවෙන් මිස් වෙන එකක් නම් නෑ.

    issuwea methanin badajari.com
     
    • Like
    Reactions: yakshaya

    gepa

    Well-known member
  • මහනුවර නගරයේ පිහිටි ද පබ් අවන්හල කෑම වගේම බීම සපයන ජනප්‍රිය අවන් හලක්. නගරය මැද ඉපැරනි ගොඩනැගිල්ලක ඉඳන් බීර වීදුරුවක් තොල ගාන්න වගේම රසට ආහාර වේලක් ගන්න හොඳ තැනක් තමයි පබ් එක කියන්නේ..

    thepub1.jpg


    දලඳා වීදියේ බේක් හවුස් එක තියන ගොඩනැගිල්ලේ උඩු මහලක තමයි මෙය පිහිටන්නේ.. ආහාර ගැනීමට තැනක් බැල්කනියක් සහ බාර් එකකින් මෙය සමන්විතයි.මෙම ගොඩනැගිල්ල අවුරුදු සිය ගනනකට එහා ඉදි කල ගොඩනැගිල්ලක්.එහි ඉතිහාසය බ්‍රිතාන්‍ය කොලෝනියල් යුගයට දිව යනවා..හොඳින් පිරිසිදුව අවන් හල පවත්වාගන යනවා. මෙහි ඉතිරි පසින් ඇති පඩි පෙල හරහා පලමු මහලට පිවිසීමෙන් අවන් හලට ගොඩ වෙන්න පුලුවන්.

    සීතල නුවර ඇඟ උනුසුම් කරගන්න බීර වීදුරුවක් බොනවා නම් මෙහි බැල්කනිය පන්කාදුයි.එහි කුඩා මේසය වටා වියූ පු‍ටුවක් මත ඉඳන් වීදිය දිහා බලමින් හෝ පොඩි කතා බහකට එතන පංකාදුයි..

    මෙහි හොඳ මෙනු එකක් තිබෙනවා.. ස්ටාටර් වල ඉඳන් රයිස් වර්ග බයිට් කොක්ටේල් සහ බියර් සහ සැර බීම වෙනකන් කෑම සහ බීම ඔබට ඕඩර් කරන්න පුලුවන්.මෙතන් විදේශිකයන් ගොඩක් එන නිසා ඒ අයට හරියන කැම වර්ගත් ගොඩක් තියනවා. පෙලක් නම් නම් අපිට ටිකක් නුහුරුයි.

    thepub.jpg


    අපි කැමට ගත්තේ ‍ෆිශ් අල් ඕලි fish al orly එකක්. මේක විදේශිකයන් ගේ ප්‍රියතම කැම එකක් . වෙනසකටත් එක්ක අපිත් උත්සහ කලා.ක්‍රීම් ගතියට තැවරූ මාලු පෙති ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සමග තම්බපු කැරට් බෝන්චි එහි ඇතුලත්.මාලු කැල්ල හොඳින් ඉඟුරු සුදුලූනු සහ ලුනු රසයෙන් හොඳට පදම් වෙලා තිබුනා. එය ලාක්ශනික කැම රසයට ගොඩක් සමානයි.
    ලොකු පෝශන් එකකකුත් ඔබට ලැබෙනවා. එය පොඩි බඩජාරි දෙන්නෙක්ට ප්‍රමානවත්.ඒ වගේමයි ස්පැගටි එකත් ඔබ මෙහි ආවොත් ට්‍රයි කරන්න.

    thepubb.jpg


    කැමට වඩා බීමට මෙතන අනර්හයි. මිතුරෙකු සමග දොඩමලු වෙන ගමන් බීර් කෝප්පයකින් ඇඟ උනුසුම් කරගන්න හොඳ තැනක් තමයි ද පබ් කියන්නේ. සවස පහෙන් පස්සෙ තමයි බාර් එක අරින්නේ. එවේලෙන් පස්සේ ටිකක් මෙතන කාර්‍ය බහුල වෙනවා. කාල්ස්බර්ග් ,ලයන් බියර් වගේ හුරු නම් වලින් වගේම විදෙශීය බීම වර්ග වලිනුත් ඔබට බීම වර්ග ගන්න පුලුවන්.. බීර එකක් එක්ක කජු බයිට් එක ඉස්තරම්.
    හොඳ කොක්ටල් වීදුරුවකට උනත් මෙතන ඉස්තරම්. විවිද වර්ගයේ නැවුම් යුශ ,හරියට පලතුරු කෙලින්ම ඔබේ බඳුනට මිරිකුවා වගේ.මිල නම් ටිකක් විතර වැඩී.ඒත් ඔබ පසු තැවෙන එකක් නෑ.

    මෙතනට එනවා නම් දලදා වීදියේ එන්න ඕනි.නුවර ප්‍රදාන ඔරලෝසු කනුව පැත්තේ ඉඳන් එනවා නම් ස්වර්නමහල් එක එහෙම පහු කරපු ගමන් බේක් හවුස් එක තියන ගොඩනැගිල්ලේ උඩ තට්‍ටුවේ.හොයා ගන්න එක අපහසු නෑ.
     
    • Like
    Reactions: Sachira123

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    රත්නපුරේ හරහා කතරගම යනව නම් හරි ඒ පැත්තෙන් බදුල්ල පැත්තට දිගු ගමනක් හරි යනව නම් නැවතිලා රසට ආහාර වේලක් ගන්න පුලුවන් තැනක් තමයි සිල්වර් රේ අවන්හල

    silverray2.jpg


    issuwea methanin badajari.com

    ගෙදර ඉදන් එලියට බෑස්ස තෑනම තියන කෑම කඩේ දාන්න ඈයි මෙච්චර කල් ගියේ...

    බඩජාරී ඩොට් කොම්
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අනේ අපි වගේ දුප්පතුන්ට මේ වගේ තැන් වලින් කනව බොනවා කියන්නේ හීනයක්. ඒත් ඉතින් සල්ලි තියෙන ඇත්තෝ මේ තැන්වලින් කනව බොනව දකින එක අපිට සතුටක්. සියලු සත්වයෝ අන් අයගේ සැප දැක සතුටු වෙත්වා!

    me uba kiyana de apata thren na machan.uba kiyanne ubata rupiyal 700k 800k na kiyalada kema welak kanda.rupiyal 2000k 3000k wena kema welak hemadama kanne na anik minissuth.idala hitala kanawa misak.ubata idala hitalawath kemak wenuwen rupiyal 2000k wiyadam karanda berinam mokadda ban ube life eka.anik ayata puluwan mata ba kiuwama othana thanikara hiinamane ban.ithin kawadawath diyunu wenne na.
     

    gepa

    Well-known member
  • me uba kiyana de apata thren na machan.uba kiyanne ubata rupiyal 700k 800k na kiyalada kema welak kanda.rupiyal 2000k 3000k wena kema welak hemadama kanne na anik minissuth.idala hitala kanawa misak.ubata idala hitalawath kemak wenuwen rupiyal 2000k wiyadam karanda berinam mokadda ban ube life eka.anik ayata puluwan mata ba kiuwama othana thanikara hiinamane ban.ithin kawadawath diyunu wenne na.

    :yes:
     

    gepa

    Well-known member
  • ගෙදර ඉදන් එලියට බෑස්ස තෑනම තියන කෑම කඩේ දාන්න ඈයි මෙච්චර කල් ගියේ...

    බඩජාරී ඩොට් කොම්

    අහ් ලඟ තියෙනකොට යන්ට කම්මැලියි බන්.. අගයක් නෑ,,
     

    gepa

    Well-known member
  • කොලඹ ඉඳන් යාපනේ යනවනම් හරියටම ඒ අතර මැදි දුරින් පිහිටන රසවත් නවාතැන් පොලක් තමයි නෙලුම් කොලේ බත් කඩේ කියන්නේ.කඩේ නම වගේම තමයි ඔවුන් ආහාර සපයන්නේ නෙලුම් කොලේ.ඒ දේ ඉතාම සුවිශේශයි.දේශීය සංචාරකයින් අතර මෙතන ඉතා ජනප්‍රිය තැනක්.ගොඩ දෙනෙක් ඒ නවය පාරෙ යාපනේ යනවා නම් අනුරාධපුරේ රඹෑවේ තියන නෙලුම් කොල් බත් කඩෙන් කැම වේලක් අරගෙනයි යන්නේ.

    nelumkole.jpg


    මෙතන ඉතා කුඩා තැනක්.වටේටම ලෑලි ගහපු අවන්හල පොල් අතු වලින් සෙවිලි කරලා.කඩේට ගොඩ වෙන්න තියෙන්නේ ලී දඬු වලින් හදපු පාලමක්.ඇතුලත කුඩා ස්ටූල් තියෙනවා. එතන ඉඳලත් ආහාර ගන්න පුලුවන්.ඒ වගේම හොඳම දේ එලියේ තියන ජැම් පේර ගහ යට ඉඳන් ඒ නයින් එක දිහාත් බලාගෙන ආහාර ගන්න එක.

    ඔබ මෙතනට දිවා ආහාරයකට එනවා නම් රස බලන්න හොඳම කැම තමයි වැව් මාලු එක්ක බත්.බත් තියෙන්නේ බුෆේ විදියට .තමුන්ට කැමති කෑම වර්ග බෙදා ගන්න පුලුවන්.මාලුව වර්ග පහ හයක් තියනවාමයි.බැදපු වැව් මාලු කැල්ලක් එක්ක ලුනු ඇඹුල් පදමට වෙච්ච කොල සම්බෝලයක් ඇට පරිප්පු ,මාලු හොදි ටිකක් එක්ක බැදපු මිරිස් කරල් දෙකක් සහ පපඩම් තමයි අපේ ආහාරය උනේ.
    උදැසන ආහාර වේලකට එනවානම් බත් වගේම ඉඳි ආප්ප ආප්ප පිට්‍ටු වගේ කෑම්ත් කන්න ගන්න පුලුවන්.මාලු හොද්ද එක්ක ඒවත් නියමෙට පෑහෙනවා.උදේට බත් කෑවත් ඉඳි ආප්ප කෑවත් පොල් සම්බෝල නම් අනිවාර්යයි.උදේට බුෆේ එකේ තියන කෑම දවල්ට වෙනස් වෙනවා.

    nelumkole2.jpg


    මෙතන ඔබ ප්‍රධාන ආහාර වේල මග හැරිලා ආවොත් ඉඟුරු දාලා තේකක් බොන්න .එයත් කදිම අත්දැකීමක්.ඒත් එක්ක කන්න ගන්නව නම් ලැවරියා කැවුම් වංඩු තලගුලි එහෙමත් තියනවා. ඉඟුරු රස තේකට පංකාදුයි මේ පැනි රසත්.ඔක්කොම කෑම නිවසේ හැදුවා වාගේමයි.

    කොලඹ පැත්තේ ඉඳන් මෙතනට එනවා නම් අනුරාධපුර නගරය පහු කරලා ඒ නයින් පාරේ කිලෝ මීටර් 20ක් විතර එන්න ඕනි රඹෑව හංඳියට.මිහින්තලේ පැත්තෙන් ආවත් යාපනේ පාරෙන් රඹැව හන්දියට ඇවිත් එතනින් හරියටම කිලෝ මීටරයක් ගිහාම පාරෙන් දකුනු අත පැත්තෙ මේ අවන්හල හමු වේවි.

    nelumkole3.jpg


    දුරකථන 025 3 251281

    මෙතන ඉතාම රසවත් පිරිසිදු කෑම කඩයක්.ඔබ යාපනේ යන ගමන් අතර මග ගමේ ක්‍රමයට කෑම ගන්න නම් මෙතන ඉතාම හොඳ ‍තෝරා ගැනීමක්.කොහොම උනත් මෙතන ආහාර දෙන්නේ උදේ සහ දිවා කාලයට විතරයි.ඒක හංදා එන වෙලාව ගැනත් සැලකිල්ලෙන්.