ත්රීකුනාමලය පැත්තේ සංචාරයක් සඳහා ගියොත් රසවත් අයිස් ක්රීම් කන්න හොඳ තැනක් තමයි හැපී ක්රීම් හවුස් කියලා කියන්නේ.ත්රීකුනාමලය වගේ ටිකක් රස්නේ වැඩි ප්රදේශයක රසවත් අයිස් ක්රීම් වගේම තවත් සුලු කෑම වර්ග අඩු මිලකට පිරිසිදුව කන්න ගන්න පුලුවන් තැනක් තමයි මේ පුන්චි අවන්හල.අවන්හලක් කිව්වට මෙය සිල්ලර බඩු කඩයක් විදියටත් පවත්වාගෙන යනවා
අයිස් ක්රීම් බීම වලට අමතරව බිස්කට් කේක් වගේ ඒවත් අසුරලයි තියෙන්නේ.ඔක්කොම එක ගොඩේ වගේ පෙනුම නම් . බීම අවන්හලක ගතියක් නම් අවන්හල ඇතුලත පෙනෙන්නට නෑ.අවන්හල ඇතුලත පේලි දෙකට මේස පුටු අතුරලයි තියෙන්නේ.වැඩි සැප පහසුවක් නම් අවන්හල ඇතුලත නෑ.
මෙතන මූලිකවම අපිට අයිස් ක්රීම් කන්න ගන්න පුලුවන්. එකිනෙකට වෙනස් අයිස් ක්රීම් වර්ග දහයක් විතර කන්න ගන්න පුලුවන්.ඒ සියල්ලම 100-200 ත් අතර මිල සීමාවේ තමයි පවතින්නේ..ඒ වගේම ඔවුන්ගේ ෆලූඩා එකත් ඉස්තරම් තත්වයේ තියනවා.මේ ආහාර මේසයට පිරිනමන විදියත් ඉස්තරම්.අගනුවර සුපිරි අවන්හලක ආහාර සැකසෙන විදියට මේවා පිරිනමනවා.
පලතුරු සලාද වර්ග එක එක විදියට ඕඩර් කරන්නත් මෙතන පුලුවන්.ඒ අතරින් පලතුරු කොක්ටේල් එක සුවිශේශයි.ඔබ මෙහි ආවොත් මේ පලතුරු කොක්ටේල් එක රස විඳින්න නම් අමතක කරන්න එපා. ඒ තරම් රසවත්ව සහ ප්රනීත ලෙස එය සාදා තියෙනවා. පලතුරු රැසක් අතරේ මිදි කජු එකතු කරලා ඊට උඩින් අයිස් ක්රීම් එකතු කරලායි මේ කොක්ටේල් එක ඔවුන් සාදන්නේ. ඉතාම රසවත්.
මීට අමතරව මෙහි රෝල්ස් පැටිස් සහ එලවලු රොටී වගේ කැමත් විකුනන්න තියනවා.ඒවා නම් ඒ තරම්ම්ම හොඳ මට්ටමේ නෑ.කොහොම උනත් අයිස් ක්රීම් එකක් හරි පලතුරු බීම එකක් හරි රස බලන එකයි හොඳම දේ
මෙතනට එනවා නම් Central road එකේ එන්න ඕනි.හරියටම තියෙන්නේ කොමර්ශල් බැංකුව ඉදිරිපස.ස්ටේශන් එක පැත්තේ ඉඳන් එනවා නම් වෙරලට සමාන්තර ප්රධාන පාරේ ඇවිත් දකුනු අත පැත්තට තුන් වෙනි හරස් වීදියේ කෙලවරට ආපු ගමන් එතනම පෙනෙන්න තිබේවි.ටිකක් විමසිල්ලෙන් හොයන්න වෙනවා.මෙතන දුරකථන අංකය 0776170810..උදේ 7 ඉඳන් රාත්රී 8.30 විතර වෙනකන් මෙතන විවුර්ථයි.