රට වෙනස්කළ සුද්දා

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    රට වෙනස්කළ සුද්දාගේ වතු වගාව



    ලංකාවේ රටේ ස්වභාවය 1800 දීට වඩා 1900 දී සීඝ්‍ර විපර්යාසයට භාජනය වී තිබුණි. අප රට වසර දහසකට පෙර පවා අරාබි සහ චීන වෙළඳුන්ගේ මැදිහත්වීම පැවති රාජ්‍යයකි. ඉන් පසු කලෙක 1500 සිට මුහුදුබඩ කලාපය යටත් කරගත් පෘතුගීසි සහ ලන්දේසි ජාතිකයෝ මුහුදුබඩ කලාපයේ බලය නතුකරගන ඒ කලාපයේ වගාවන් ප්‍රචලිත කරන්නට විය. මුහුදුබඩ කලාපයේ ලන්දේසීන්ගේ බලය නුවර පිහිටි කන්ද උඩරට රාජධානියට බලපෑම් කරන්නට විය. වෙළඳාම හේතුවෙන් රජු ගේ මට්ටමටම ආර්ථීක හා දේශපාලනික අතින් සවිමත් අධිකාරම් පන්තියක් කන්ද උඩරට රාජධානියෙන් බිහිවිය. එය කන්ද උඩරට සිංහල රාජධානිය අවසානයට එක් හේතුවක් විනැයි විද්වතුන් විසින් පෙන්වා දී තිබේ.


    සුද්දා වෙනස්කල රට​





    රට මැද තැන් තැන්වල යුද්ධ කලකෝලාහල අවස්ථාවලදී 1820ට ප්‍රථමයෙන් ඉංග්‍රීසි හමුදාවෝ යුද්ධ වලින් මියගියාට වඩා වැඩි ප්‍රමාණයක් යුද්ධය වෙත ළඟාවීමේදී අතරමගදී මිය පරලොව ගියේය. වෙරළබඩ නැව් තොටකින් රටට බහින හමුදාවෝ නිසි මාර්ග නොමැති වනාන්තර වගුරු මැදින් සිය කාලතුවක්කු ආම්පන්න සහ ආහාර රැගෙන නිවර්තන මැසි මදුරු උවදුරු සමග යුද්ධ කරන තැනට ළඟා විය යුතු විය. රටේ කුමක් කරන්නටත් මත්තෙන් තැනකින් තැනකට යා හැකි පහසුව වැඩිකළ යුතුයැයි සිතූ එඩ්වඩ් බාන්ස් ඇතුළු ආණ්ඩුකාරවරු රට පුරා මාර්ග පද්ධතිය සවිමත් කළෝය. කඳුකරයේ අපහසු දුර්ග හරහා පවා මාර්ග තැනූ ඉංග්‍රීසිහු 1815 රට බාරගන්නා අවස්ථාවේ පටන් 1887 දක්වා වසර 72ක කාලය තුල පමණක් මහාමාර්ග සැතපුම් 1350ක් තාර යොදා සංවර්ධනය කර තිබේ.


    history of plantation in Sri Lanka



    දුම්රිය සේවාව ආරම්භ කොට නාවලපිටිය දක්වා දිගු කිරීම, වරායේ නව දියකඩන තනා නාවුක පහසුකම වැඩිදියුණු කිරීම, රටේ නීති පද්ධතිය සවිමත් කොට පාලන තන්ත්‍රය විධිමත් කිරීම, විදුලි සංදේශ පහසුව ඇතිකිරීම, තැපැල් සේවාවක් ඇතිකිරීම හා එය පවත්වාගෙන යෑම, ආදී වැඩකටයුතු රාශියක් මගින් සුද්දාගේ මුල් සියවස තුල රටම වෙනස් කිරීමට ඔවුනට හැකිවිය.





    පොල් වගාවේ ආරම්භය​


    history of plantation in Sri Lanka



    පොල් වගාව ආරම්භ කළෝ ලන්දේසින් වූහ. කොළඹ සිට දකුණු දෙසට කළුතර දක්වා වූ වගුරු බිම් හි ජලය බස්සවා 1740 කාලයෙහි පටන් ලන්දේසීහු රට වටා වෙරළබඩ තීරයේ පොල් වගාව ඇති කළෝය. දැනට ඉන්දුනීසියා ලෙස හඳුන්වන ජාවා, සුමාත්‍රා, බෝර්නියෝ, සුලවැසි ආදී දිවයින් හි ඉංග්‍රීසි කොටසක් ලන්දේසීන්ට පවරමින් ඉංග්‍රීසින් ලන්දේසින් ලංකාවෙන් ඉවත් කරන ලදී. විශාල ඉන්දියානු උපමහද්වීපයේම බලය ඉංග්‍රීසින්ට නතු වූ බැවින්ද ලන්දේසි යටත්විජිත ජාවා සුමාත්‍රා කලාපයේ වැඩිවශයෙන් පිහිටි හෙයින්ද ලන්දේසීන් ඉංග්‍රීසින්ට සිලෝන් දිවයින පවරා ජාවා සුමාත්‍රා පළාතටම සිය බලය යොදවන්නට ඇත.





    වී වගාවේ පරිහානිය​


    history of plantation in Sri Lanka



    රජරට පලාත වී වගාවෙන් ස්වයංපෝෂී රාජ්‍යයක් ව පැවති සාධක එමට ඇතැයි ඉංග්‍රීසි නිළධාරින්ම සදහන් කර ඇතිමුත් ඔවුන් නැවත වී වගාව ඇතිකිරීම කෙරෙහි උනන්දුවක් නොවීය. සැබැවින්ම ඉංග්‍රීසි පාලනයට යටත් වන විටත් අනුරාධපුරය පොළොන්නරුව යනු ජනශූන්‍ය කලාප වීය. ඔවුන්ට පෙර ශතවර්ෂ ගනනාවකට පෙර අනුරාධපුර පොළොන්නරු සහ නැගෙනහිර පළාතේ වත්මන් කෙත් බිම් ඇති පෙදෙස් වනය තුල ගිලී තිබුණි.


    බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවේද බලය නතු කරගෙන සිටි හෙයින් ලංකාවේ වී වගාවෙන් අක්කරයකට ලැබෙන අස්වැන්නට වඩා බුරුමයේ බෙංගාලයේ සහ දකුණු ඉන්දියාවේ අස්වනු බොහෝසෙයින්වැඩි බැව් තක්සේරු කොට තිබුණි. අනෙක් අතින් වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීම් ආදියට වියදම් වන පවුම් දහස් ගණනක මුදලවත් නැවත ඒ වැව්වල දියවරින් වගාකරන වී වලින් උපායගත නොහේ යැයි අනුරාධපුර පළාත බාරව සිටි ඉංග්‍රීසි ජාතික මේජර් ස්කිනර්ගේ ද අදහස වී තිබුණි. සැබැවින්ම යුරෝපීයයනට අවශ්‍ය වූයේ මූල්‍යමය ලාභයයි. පුරාණ ස්වයංපෝෂී අර්ථ ක්‍රමයට වඩා වෙනත් බෝග හෝ කර්මාන්තයන් කොට ලබාගන්නා මුදලින් සහල් මුදලට ගැනීම ලාබයයි ඉංග්‍රීසීහු සිතූහ.





    කෝපි සහ තේ වගාව​


    history of plantation in Sri Lanka



    1868 තෙක් ලංකාවේ ප්‍රකටම ආර්ථික බෝගය වූයේ කෝපිය. කෝපි වගාවේ බිඳවැටීමත් සමග සිංකෝනා නම් පොතු ලබාගන්නා ගසක් හදුන්වාදුන් නමුත් එය වාණිජමය වශයෙන් අසාර්ථක විය. ඉන් පසුව තේ වලට යොමු විය. කෝපි වගාවට වඩා ඉතා ඉහල කඳුකරයේ පවා තේ වගා කළ හැකි හෙයින් තේ වගාව පිණිස ලංකාවේ කඳුකරය එළිපෙහෙළි විය.


    එතැන් සිට ස්වදේශීක වගාකරුවෝද විදෙස් වලින් පැමිණි අයද තරගයට මෙන් ඉඩම් අඩුමිලට රජයෙන් ගෙන තේ වවන්නට විය. එවකට ලෝකයට තේ සැපයීමේ ප්‍රමුඛයා වූයේ චීනයයි. ඉන්දියාවේද බෙංගාලයේ තේ වගාව එවකට පැතිරී තිබුණි. එහෙත් ඉන්දියාවේ තේ වලටත් වඩා ඉමිහිරි රසකින් යුක්ත වූ බැවින් ලංකා තේ වඩාත් ඉක්මණින් ලෝ පතළ විය. අලුත්ම කර්මාන්තයක් වූ බැවින් දළු වලින් තේ කොළ ලබාගැනීමද විධිමත් කිරීමේ හැකියාවක් ලාංකික වගාකරුවන්ට හැකි වුණි. ඒ තුලින් උසස් තත්වයේ තේ නිපදවන්නට ලංකාව ඉක්මනින්ම සමත් විය.





    තේ වගාවේ බලපෑම​


    history of plantation in Sri Lanka


    සමස්ත ඉංග්‍රීසි පාලන සමය තුලම ඉංග්‍රීසි රජය මුහුණදුන් එක් ගැටළුවක් නම් ප්‍රමාණවත් ඉංග්‍රීසි ජනකායක් ලංකාවට නොපැමිණීම වේ. එවකට නවසීලන්තය ඔස්ත්‍රේලියාව සහ මලයාව වැනි සනීපදායික දිවයින්ද තිබූ බැවින් එංගලන්තය හැරදා යන ඇතමෙක් ඒ යටත්විජිත වල සුව සොයා නික්මුනි. නිවර්තන දිවයින තෝරාගත්තේ වුවද ඔවුන්ගේ ආයෝජන කාලය හමාර වූ කල ඔවුන් නැවත නැව් නැග එංගලන්තයටම ගියෝය.


    තේ වගාව උඩරට දුම්රිය මග ඇතිවන්නට ප්‍රබල හේතුවක් විය. ලංකාවේ ප්‍රථම වෘත්තිය සමිතිය ජෝජ් වෝල් නැමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් ආරම්භ කළේ එවකට එංගලන්ත රජය ලාංකික වතු වගාවන්ට ලබාදෙන පහසුකම් වැඩිදියුණු කරගන්නා අදහසිනි. දුම්රිය මග උඩරට කදුකරය සිසාරා යන්නට වැවිලිකරුවන්ගේ ඉල්ලීම් ද හේතු විය.


    history of plantation in Sri Lanka


    ලංකාවේ එවකට තේ වගාව වැනි කර්මාන්තයකට අවැසි ශ්‍රමය සොයාගන්නට අපහසු විය. එවිට දකුණු ඉන්දියාවෙන් ඒ ද්‍රවිඪ ජනයාට විවිධ කතාන්දර කියමින් ලංකාවට කුලී ශ්‍රමිකයින් ගෙන ආහ. කදුකරයේ සීතල දේශගුණය බොහෝ දකුණු ඉන්දීය ජනයාට පීඩාවක් විය. මුල් කාලයේදී මන්නාරම් තොටින් ලක් වතු සේවය පිණිස ගොඩබට දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනයා කඳුකරයට යෑමට මත්තෙන්ම බුරුතු පිටින් දැඩි උවදුරු ආදියට මුහුණ පෑ බැව් වාර්තා වල සඳහන් වේ.





    ආර්ථිකයට කළ බලපෑම​


    history of plantation in Sri Lanka


    පසුකලෙක වී වගාව ලක් රජය විසින් දියුණු කළ ද එය ආර්ථිකමය අතින් වාසිදායක වගාවක් මට්ටමට තවමත් පත් වී නොමැත. යටත්විජිත බවින් නිදහස ලැබී වසර 70කට ආසන්න වන නමුත් අප රට තවමත් තේ පොල් රබර් සහ කුළු බඩු මත යැපේ. ආර්ථීකයට ඉන් පසු එකතු වූ එක් ආදායම් මාර්ගයක් විදෙස් ශ්‍රමිකයන් වූ අතර අනෙක නම් රෙදි පිළි නිමි ඇදුම් කර්මාන්තය වේ. දේශපාලනික අතින් අපි නිදහස් වුණැයි කීවද තවමත් අපි ඒ යටත්විජිත ආර්ථික බෝගවල පහසින් යැපෙන රටක් බැව් අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදු වේ.



    උපුටාගැනීම - life.lk
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Tfs mcn

    ලංකාවේ තේ කර්මාන්තය කඩා වැටෙනවා mcn දැන්. දවසේ පඩිය 1000 තාම. කට්ටිය යන්නේ නෑ. දළු කඩන්නේ machine එකෙන්. එතකොට මෝරපු ඒවත් කැපෙනවා. එතකොට තේ වල රස වෙනස් වෙනවා ලොකුවට.

    ආයේ ඉන්දියන් පිහිට තමා 🤷
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Tfs mcn

    ලංකාවේ තේ කර්මාන්තය කඩා වැටෙනවා mcn දැන්. දවසේ පඩිය 1000 තාම. කට්ටිය යන්නේ නෑ. දළු කඩන්නේ machine එකෙන්. එතකොට මෝරපු ඒවත් කැපෙනවා. එතකොට තේ වල රස වෙනස් වෙනවා ලොකුවට.

    ආයේ ඉන්දියන් පිහිට තමා 🤷
    tea wala pohora pasne tama tiyenne... mila hodai.. mila hoda unaata pora hondare 19000i giya maase.. ena adayamen lokuu panguwak nadaththuwata ynwa
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    tea wala pohora pasne tama tiyenne... mila hodai.. mila hoda unaata pora hondare 19000i giya maase.. ena adayamen lokuu panguwak nadaththuwata ynwa

    පිස්සු නූගත් ගෝටාගේ වැඩ තමා..මොන මෝඩයද ලාභ ලබන වගාවක් කාබනික කරලා ඒකේ අාදායම අඩු කරන්න වැඩ කරන්නේ..උෟට නම් අැත්තටම පිස්සු..නැත්නම් උෟ වෙන රටකින් දීපු ලොකු මුදලකට රට බංකොලොත් වෙන්න ඕන කමින්ම වැඩ කරා.ගොඩක් වෙලාවට ඉන්දියාව වෙන්න පුළුවන් මොකද ලංකාව වැටුනොත් ඉන්දියාවට තමා ඒ වාසිය යන්නේ..ගෝටා දිනල දවසෙන් දෙකෙන් ඉන්දියාවට ගිය ඵකත් සැකයක්..
     
    Last edited:

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    The current number 1 export was with the assistance of Martin Trust.

    Father of Sri Lanka Apparel Industry, Martin Trust dies in the US​


    Martin Trust, widely regarded as the father of the modern Sri Lankan apparel industry has passed away in the US.
    image1-5.jpg


    He founded MAST Industries with his wife Dena in 1970 with just USD 1000 of capital. It would go onto become a global enterprise with over USD 1 billion in sales. Martin or “Marty” as he was popularly known, created a network of manufacturing facilities and joint ventures around the world. He invested in over 20 different businesses in Sri Lanka over a period of 30 years. Martin Trust is credited with putting Sri Lanka on the map as a world-leader in production for the fashion industry.
    Trust was credited with recruiting European leaders in intimate apparel (Triumph) and swimwear (Speedo) to invest with him, along with his Sri Lankan partners, to create state-of-the-art production facilities for leading brands in the US and Europe.
    At one time, Joint Ventures founded by Trust employed over 20,000 people in Sri Lanka.
    In 1994, due to his long-standing and active involvement in Sri Lanka’s textile industry, he was recognised by the Government of Sri Lanka, which awarded him the honorary title of “Sri Lanka Ranjana.”
    “How did a tiny country that few Americans have heard of become a go-to country for intimate apparel? How did Sri Lanka come to punch way above its weight — even competing with China? The answer is Marty Trust. He had the vision. He took the risks. He partnered with great young entrepreneurs and he brought the (often reluctant) customers to Sri Lanka. People trusted Marty, and so they placed orders in Sri Lanka. — Marty Trust is the sine qua non.” said A. Mark Neuman, a close advisor to Mr Trust, who accompanied Trust on numerous trips to Sri Lanka over a period of two decades.
    Funeral services for Mr Trust will be held in Brookline, Massachusetts on September 1, 2019.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Tfs mcn

    ලංකාවේ තේ කර්මාන්තය කඩා වැටෙනවා mcn දැන්. දවසේ පඩිය 1000 තාම. කට්ටිය යන්නේ නෑ. දළු කඩන්නේ machine එකෙන්. එතකොට මෝරපු ඒවත් කැපෙනවා. එතකොට තේ වල රස වෙනස් වෙනවා ලොකුවට.

    ආයේ ඉන්දියන් පිහිට තමා 🤷
    මම නිකං කියන්නෙ ඔටෝමේටඩ් කරන්න එක තමයි අපේ වතු වගාව බේරගන්න තියෙන්නෙ . හැබැයි එහෙම එකෙක් එකක් හොයා ගත්තොත් ගොඩම තමයි .


    පිස්සු නූගත් ගෝටාගේ වැඩ තමා..මොන මෝඩයද ලාභ ලබන වගාවක් කාබනික කරලා ඒකේ අාදායම අඩු කරන්න වැඩ කරන්නේ..උෟට නම් අැත්තටම පිස්සු..නැත්නම් උෟ වෙන රටකින් දීපු ලොකු මුදලකට රට බංකොලොත් වෙන්න ඕන කමින්ම වැඩ කරා.ගොඩක් වෙලාවට ඉන්දියාව වෙන්න පුළුවන් මොකද ලංකාව වැටුනොත් ඉන්දියාවට තමා ඒ වාසිය යන්නේ..ගෝටා දිනල දවසෙන් දෙකෙන් ඉන්දියාවට ගිය ඵකත් සැකයක්..
    මම නම් ඕක කලින් ඉදන් කියනවා , පාස්කු සීන් එක දෙගොල්ලො එකතු වෙලා කරලා වගේ. ඒකෙන් මූව බ්ලැක්මේල් කරගෙන වැඩ ටික කළා.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මම නිකං කියන්නෙ ඔටෝමේටඩ් කරන්න එක තමයි අපේ වතු වගාව බේරගන්න තියෙන්නෙ . හැබැයි එහෙම එකෙක් එකක් හොයා ගත්තොත් ගොඩම තමයි .

    Mcn දැන් උබ කියපු හින්දා නිකන් මම hatton plantations plc පොඩ්ඩක් හොයල බැලුව
    එක අයිති Lotus Renewable Energy (Private) Limited ලෝටස් එක අයිති G and G Group Of Companies PTE Ltd (india) 😂

    watawala plantations (Singapore)

    අපි පව් බං 🌝
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Mcn දැන් උබ කියපු හින්දා නිකන් මම hatton plantations plc පොඩ්ඩක් හොයල බැලුව
    එක අයිති Lotus Renewable Energy (Private) Limited ලෝටස් එක අයිති G and G Group Of Companies PTE Ltd (india) 😂

    watawala plantations (Singapore)

    අපි පව් බං 🌝
    අපිට ඔය ඉඩම් දෙන්නෙ නෑනෙ කාලකන්නි , පිටරට උන්ට කුණු කොල්ලෙට විකුණනවා. ඕවා ලංකාවේ උන්ට දුන්න නම් මොකද ( අනිවාර්යයෙන්ම කුට්ටි කරලා විකුණන්න තහනම් කරලා ) .
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    පුරාණ ස්වයංපෝෂී අර්ථ ක්‍රමයට වඩා වෙනත් බෝග හෝ කර්මාන්තයන් කොට ලබාගන්නා මුදලින් සහල් මුදලට ගැනීම ලාබයයි ඉංග්‍රීසීහු සිතූහ

    හිතුව නෙවෙයි මේක හරි. ලංකාවෙ පොලොව වටිනව වී වගාවට වෙන් කරන එක පාඩුයි. වෙනත් එලවලු පලතුරු බෝග වලට මාරු කරල ඒ ආදායමෙන් හාල් ගේන එක සෑහෙන වටිනව.
     
    • Like
    Reactions: usa_nihaal

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    Tfs mcn

    ලංකාවේ තේ කර්මාන්තය කඩා වැටෙනවා mcn දැන්. දවසේ පඩිය 1000 තාම. කට්ටිය යන්නේ නෑ. දළු කඩන්නේ machine එකෙන්. එතකොට මෝරපු ඒවත් කැපෙනවා. එතකොට තේ වල රස වෙනස් වෙනවා ලොකුවට.

    ආයේ ඉන්දියන් පිහිට තමා 🤷

    ගෝතාබය වේසියේ පුටා පොහොරවලට කරපු දේ නිසා දැන් තේ වගාව ආපහු ගොඩ ගන්න අමාරු තත්වෙක තියෙන්නේ
    අපෙන් ගිලිහෙන ඉන්ටර්නැෂනල් මාර්කට් එක ඉන්දියාවයි චීනෙයි අල්ලනව