ithin plan ekak nathuwa mula idan aduwata dunne ai? ohoma naya wenakan bala hitiye mokatad?? anthimata kela une janathawata.
rata naya wela janathawa duppath wela deshapalaka sakkili ballo witharak posath une kohomada??????
ඒක තමා 77ජේආර් ගෙනාපු තෑගි. ඛනිජ තෙල් සංස්ථාව එදා ඉදන්ම තෙල් වලින් ලාබ ලබපු ආයතනයක් නෙමේ. ඒකේ එක එක අංශ තිබ්බා නයලෝන්, පෝර, ලිහිසි තෙල්. වගේ දේවල්. 77න් පස්සේ ජේ ආර් පප්පාගේ හිතවතුන් ට එක එක වික්කා. උන් ඔක්කෝම ගලවන් ඉන්දියාවේ හයි කලා. මොකද වැඩි හරියක් ඉන්දියන් කාරයෝය එක්ක සම්බන්ධ නම් තිබ්බ උන් ගත්තේ. චන්ද්‍රිකා මැඩම් (ඔව් යහපාලන දේවතාවිය) ඉතිරි වෙලා තිබ්බ ලිහිසි තෙල් එකකත් වික්කා. IOC අදටත් ලාබ ගන්නේ ලංකාව ඇතුලේ ලිහිසි තෙල් වලින්. වෙන එකක් තියා ඛනිජතෙල් සංස්ථාවේ ලෝගෝ එකක් වික්කා. එදා ඉදන්ම ඛනිජ තෙල් වල පල්ලට තමා.
විදුලි බල මණ්ඩලයට උනේ 77ඉදන් ඉස්සරහට තිබ්බ පැලෑන් ටික ක්‍රියාත්මක නොකිරීම. ජේ ආර් යනකොට දෙයියනේ කියලා මහවැලි ප්‍රොජෙක්ට් එක ඉවර කරලා ගිය හින්දා ලංකාවේ අවශ්‍යතාව සැපිරිලා තිබ්බා. හැබයි ඊළඟ ජනාධිපතිගේ සමනල වැව fail. නොරොච්චෝලේ පටන් ගන්න ඕනේ වැඩ පටන් ගත්තා විතරයි. ඊළඟට චන්ද්‍රිකා දැන් විදුලි බල ඉල්ලුම සැපයුමට වඩා වැඩියි. නොරොච්චෝල තාම පොතේ. ඉහල කොත්මලේ පටන් ගන්න වැඩ ටික පටන් ගත්තා විතරයි තොන්ඩා ඔරවපු ගමන් ඒකත් ඉවරයි. මහින්ද ඇවිත් ඔය දෙකම හැදුවා තමා.හැබයි එතකොට පරක්කු වැඩියි. 2000 2010 කලේ ඒකකය පනහට අරන් විස්සට විතර විදුලිබල මණ්ඩලය දුන්නා.අනික චන්ද්‍රිකා නෝනාගේ කැළණි තිස්සට නිකන් තෙල් ඛණිජ තෙල් එකෙන් දුන්නා. ආයේ ගෙවිලි නැහෑ.
ඔය වගේ වැරදි තීන්දු හින්දා තමා අපිට කෙල වෙලා තියෙන්නේ. දැන් සාම්පූර් හදලා තිබ්බා නම් රටේ බලශක්ති ඉල්ලුම සම්පූර්ණ රන්න තිබ්බා.ඒකත් නැහැ.
ඔය දේශපාලකයෝ ගසා කන එක හින්දා මේවා එකක් වත් බංකොලොත් වෙලා නැහැ. හැබයි අපි පත්කර ගත්ත දේශපාලකයෝ තමුන්ගේ හෙංචයියන්ට ගසා කන්න ගත්ත වැරදි තීන්දු වලින් තමා බංකොලොත් වෙලා තියෙන්නේ.