රට හදන්න කරන්න පුළුවන් දේවල්

මේවයින් මොනවද හොඳ? ඕන තරමක් වොට් කරන්න පුළුවන්.

  • දේශපාලනය ගරු සේවයක් කිරීම. පඩි/දීමනා/පෙන්ෂන් නැහැ

    Votes: 14 56.0%
  • රජයේ සේවය කප්පාදුව. ඉන්න උන් පන්නන්න බැරි හින්ද රජයේ සේවයට බඳවාගැනීම අවුරුදු 10ට දැඩිව සීමා කිරීම

    Votes: 17 68.0%
  • රජයේ උන්ට පඩියෙන් කොටසක් කැපෙන විදියේ පෙන්ෂන් එකක් ඇති කිරීම (EPF වගේ).

    Votes: 13 52.0%
  • පුද්ගලික බස් තනි ආයතනයකට පැවරීම මගින් තරඟය නැති කිරීම (බස් අයිතිකාරයෝ කොටස් හිමියෝ වෙන)

    Votes: 8 32.0%
  • කොච්චි වල ටිකට් ගණන් පොඩ්ඩක් වැඩි කරලා පහසුකම් වැඩි කිරීම

    Votes: 13 52.0%
  • කැම්පස් නොමිලේ දීම නතර කරලා ශිෂ්‍ය ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.

    Votes: 14 56.0%
  • රජයේ උන්ට KPI මත පඩි/increment. KPI විදියට කාර්යක්ෂමතාව, customer feedback වගේ ඒවා.

    Votes: 19 76.0%
  • පාඩු ලබන රජයේ ව්‍යාපාර, රජයේ බාවිතයට අරගෙන නැති ඉඩම් වලට පුද්ගලික ආයෝජනය

    Votes: 14 56.0%
  • මනාප චන්ද ක්‍රමය අවලංගු කිරීම

    Votes: 16 64.0%
  • මාර්ග නීති කඩ කිරීමට දඩ මුදල් වැඩි කිරීම, license අවුරුදු කීපෙකට අවලංගු කිරීම. පොලිසියට බොඩි කැමරා.

    Votes: 14 56.0%

  • Total voters
    25

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඇත්ත කතාව ඔව්. අපිට ණයට දීලා තමයි. දේශපාලකයෝ හොරා කෑවා කියන දේට වඩා ඇයි ඕවා නය උනේ කියලා බැලුවොත් තේරෙයි අපිට අඩු ගන්න වලට දීලා කියලා.
    janathawata aduwata dunne ne
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,780
    113
    janathawata aduwata dunne ne
    කොහොමද එහෙම කියන්නේ? උබ භූමිතෙල් ගන්නේ කීයටද? ඩීසල් ගන්නේ කීයටද? ඒවා හැම එකක්ම market price එක ඒ ගන්නට වඩා වැඩීයි. විදුලි ඒකකයකට පුදුම විදිහට සහනාධාරයක් හම්බ වෙනවා. හැබයි නඩත්තු වියදම් කවුද ගෙවන්නේ. අපි විදුලි බල මණ්ඩලයට ගෙවන ගාන පද්ධතිය ඇදන් යන්නත් මදි. රුපියල් විසිපහක් වෙන ඒකකයකට රු 10ගෙවන්න ඉඩ දීලා තියෙන්නේ. ඒ වගේ තමා අපි වගේ සහනාධාර ආර්ථික රටාවක් තියන රටක් මිනිස්සුන්ට අඩුවට දුන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ?
     
    • Like
    Reactions: sithija.h

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කොහොමද එහෙම කියන්නේ? උබ භූමිතෙල් ගන්නේ කීයටද? ඩීසල් ගන්නේ කීයටද? ඒවා හැම එකක්ම market price එක ඒ ගන්නට වඩා වැඩීයි. විදුලි ඒකකයකට පුදුම විදිහට සහනාධාරයක් හම්බ වෙනවා. හැබයි නඩත්තු වියදම් කවුද ගෙවන්නේ. අපි විදුලි බල මණ්ඩලයට ගෙවන ගාන පද්ධතිය ඇදන් යන්නත් මදි. රුපියල් විසිපහක් වෙන ඒකකයකට රු 10ගෙවන්න ඉඩ දීලා තියෙන්නේ. ඒ වගේ තමා අපි වගේ සහනාධාර ආර්ථික රටාවක් තියන රටක් මිනිස්සුන්ට අඩුවට දුන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ?
    ithin plan ekak nathuwa mula idan aduwata dunne ai? ohoma naya wenakan bala hitiye mokatad?? anthimata kela une janathawata.

    rata naya wela janathawa duppath wela deshapalaka sakkili ballo witharak posath une kohomada??????
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,780
    113
    ithin plan ekak nathuwa mula idan aduwata dunne ai? ohoma naya wenakan bala hitiye mokatad?? anthimata kela une janathawata.

    rata naya wela janathawa duppath wela deshapalaka sakkili ballo witharak posath une kohomada??????
    ඒක තමා 77ජේආර් ගෙනාපු තෑගි. ඛනිජ තෙල් සංස්ථාව එදා ඉදන්ම තෙල් වලින් ලාබ ලබපු ආයතනයක් නෙමේ. ඒකේ එක එක අංශ තිබ්බා නයලෝන්, පෝර, ලිහිසි තෙල්. වගේ දේවල්. 77න් පස්සේ ජේ ආර් පප්පාගේ හිතවතුන් ට එක එක වික්කා. උන් ඔක්කෝම ගලවන් ඉන්දියාවේ හයි කලා. මොකද වැඩි හරියක් ඉන්දියන් කාරයෝය එක්ක සම්බන්ධ නම් තිබ්බ උන් ගත්තේ. චන්ද්‍රිකා මැඩම් (ඔව් යහපාලන දේවතාවිය) ඉතිරි වෙලා තිබ්බ ලිහිසි තෙල් එකකත් වික්කා. IOC අදටත් ලාබ ගන්නේ ලංකාව ඇතුලේ ලිහිසි තෙල් වලින්. වෙන එකක් තියා ඛනිජතෙල් සංස්ථාවේ ලෝගෝ එකක් වික්කා. එදා ඉදන්ම ඛනිජ තෙල් වල පල්ලට තමා.
    විදුලි බල මණ්ඩලයට උනේ 77ඉදන් ඉස්සරහට තිබ්බ පැලෑන් ටික ක්‍රියාත්මක නොකිරීම. ජේ ආර් යනකොට දෙයියනේ කියලා මහවැලි ප්‍රොජෙක්ට් එක ඉවර කරලා ගිය හින්දා ලංකාවේ අවශ්‍යතාව සැපිරිලා තිබ්බා. හැබයි ඊළඟ ජනාධිපතිගේ සමනල වැව fail. නොරොච්චෝලේ පටන් ගන්න ඕනේ වැඩ පටන් ගත්තා විතරයි. ඊළඟට චන්ද්‍රිකා දැන් විදුලි බල ඉල්ලුම සැපයුමට වඩා වැඩියි. නොරොච්චෝල තාම පොතේ. ඉහල කොත්මලේ පටන් ගන්න වැඩ ටික පටන් ගත්තා විතරයි තොන්ඩා ඔරවපු ගමන් ඒකත් ඉවරයි. මහින්ද ඇවිත් ඔය දෙකම හැදුවා තමා.හැබයි එතකොට පරක්කු වැඩියි. 2000 2010 කලේ ඒකකය පනහට අරන් විස්සට විතර විදුලිබල මණ්ඩලය දුන්නා.අනික චන්ද්‍රිකා නෝනාගේ කැළණි තිස්සට නිකන් තෙල් ඛණිජ තෙල් එකෙන් දුන්නා. ආයේ ගෙවිලි නැහෑ.
    ඔය වගේ වැරදි තීන්දු හින්දා තමා අපිට කෙල වෙලා තියෙන්නේ. දැන් සාම්පූර් හදලා තිබ්බා නම් රටේ බලශක්ති ඉල්ලුම සම්පූර්ණ රන්න තිබ්බා.ඒකත් නැහැ.
    ඔය දේශපාලකයෝ ගසා කන එක හින්දා මේවා එකක් වත් බංකොලොත් වෙලා නැහැ. හැබයි අපි පත්කර ගත්ත දේශපාලකයෝ තමුන්ගේ හෙංචයියන්ට ගසා කන්න ගත්ත වැරදි තීන්දු වලින් තමා බංකොලොත් වෙලා තියෙන්නේ.