රණවිරුවකුගේ වේදනාව

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රණවිරුවකුගේ වේදනාව


    රිපෝස්ට්ද දන්නේ නෑ. එහෙමනම් සමාවෙන්ඩ ඕනේ.

    විනාඩියක කාලයක් වැය කරලා මේක කියවන්න ...😔😔

    "උසස් පෙළ පාස් වෙලා මම කොතලාවල ආරක්ෂක පීඨයට ගිහින් දෙවන ලුතිනන් වරයෙක් විදියට හමුදාවට එකතු උනේ අම්මලගෙ කැමැත්තට විරුද්ධව. මට සමාවෙන්න අම්මෙ,
    ඔයාල ජීවිත කාලයම හම්බ කරපු සල්ලි වියදම් කරල මාව පිට රට යවල මට ඉංජිනේරුවෙක් වෙන්න උගන්නන්න හැදුවට මට පොඩි කාලේ ඉදල රට බේර ගන්න තිබිච්ච උවමනාව. ඒ නිසා කොටි එක්ක යුද්දෙට යන්න තිබ්බ උවමනාව නිස හමුදාවට ගියේ අම්මල එක්කත් රණ්ඩු වෙලා.

    2006 මම ඇකඩමියෙන් එලියට එන කොට නැගෙනහිර යුද්ධට දරුණුවටම යනව.කොමිෂන් නිළධාරියෙක් විදියට මම පලවෙනි වතාවට සටන් බිමට ගියෙ නැගෙනහිර යුධ පිටියට. මම අම්මලට කිව්වෙ මම ඉන්නෙ යුද්ධෙ නැති පැත්තෙ කියල, පලවෙනි වතාවට මට ජීවිතෙ මරණ බය දැනුනෙ මගෙ ටීම් එකෙ කොල්ලො දෙන්නෙක් මගෙ ලග ඉදිදි මෝටාර් එකක කෑල්ලක් වැදිල මැරුනම…

    අපි හතර දෙනෙක් ටෙරාලට ගහ ගෙන යද්දි අපිට ලොකු කවුන්ටර් ඇටෑක් එකක් ආව….අපි හතර දෙනාම උන්නෙ හිට ගෙන…එක සැරේටම මමයි තව එකෙකුයි ඩවුන් ගියත් අනෙක් කොල්ලො දෙන්න දිගටම ෆයර් කලා. අපි ගන් එක ලොඩ් කරද්දි..අපෙ ඉස්සරහම වැටුනු මෝටාර් එකෙන් මගෙ කොල්ලො දෙන්නම් එතනම මැරුන..මම හුගක් ඇඩුවා අම්මෙ….මට තුවාල උනා….හැබැයි මම ඇඩුවේ වේදනාවට නෙවෙයි අම්මෙ…මට මරණ බය දැනුන අම්මෙ..මට අම්ම අක්ක,මල්ලි මතක් උනා අම්මේ…

    තාත්තගෙ පොඩි කාලෙ ඉදල තිබ්බ හීනය උනෙ මාව ඉංජිනේරුවෙක් කරන එක…මට උසස් පෙළින් ලංකාවෙ ඉංජිනේරු පීඨෙකට යන්න බැරි උනා..එත් අම්මල තත්තල මාව රට යවන්න හදද්දි මම බලෙන් ම හමුදාවට ආව…

    මම මැරුනනම් අම්මල කොයිතරම් අඩාවිද හිතුන අම්මේ..

    මෝටාර් එකෙන් වෙච්ච තුවාල නිසා ආමි හොස්පිටල් ඉද්දිදි මල්ලි ආව මාව බලන්න ..

    මම එයාට කිව්ව අම්මට කියන්න එපා මට තුවාලයි කියල….මට නියුමෝනියාව හැදිල ඉස්පිරිතාලෙ ඉන්නව කියල මම ගෙදරට පනිවිඩේ යැව්වෙ ඒ නිසා.මට මල්ලිට කියන්න උනා කියන්න එපා කියල…කොහොම හරි අම්මට මාව බලන්න එන්නම් ඔන කියල අන්තිමට කට්ටියම මාව බලන්න ආව….බැන්ඩෙච් ගහල ප්ලාස්ටර දාල ඉන්න මාව දැකල අම්ම විලාප තියල අඩද්දි මට හිතුන මේ ලෝකෙ අම්ම කෙනෙක් තරම් දරුවෙකුට ආදරේ වෙන කෙනෙක් නෑ කියන එක කොයි තරම් ඇත්තද කියල. තාත්ත බොහොම උපේක්ෂාවෙන් බලන් උන්නා..

    “අමාරුද”
    “පොඩ්ඩක් රිදෙනව තාත්තෙ”
    “හම්”
    “සනීප උනාම ගෙදර ඇවිල්ල යන්න අයෙ යන්න කලින්”
    “හම්”

    තාතගෙයි මගෙයි සංවාදය ගියෙ ඔය ටික විතරයි.හැබැයි මුළු පැය ගානම මගේ අම්ම කලේ පොළවේ හැපි හැපී අඩපු එක…. කොහොම හරි සති දෙකක් විතර හමුදා රෝහලෙ ඉදපු මම සනීප වෙල දවස 18 ක නිවාඩුවක් ලැබිල ගෙදර ගියා….ඊට පස්සෙ නැවතත් සටන් බිමට…ඊට පස්සෙ ඊලග අවුරුදු දෙකෙම මරණය පෙනි පෙනී යුද්ධ කලා අම්මෙ..

    මගෙ ඉස්සරහ ඉන්න කොල්ල වෙඩි වැදිල මැරුනම උගේ weapon එකත් අරං උගේ position එක ගත්ත වෙලාවල් තියනවා..

    ඔය අතරෙ මම විශේෂ බලකා පාඨමාලාවත් කලා..අම්මේ, අම්මට කිව්වෙ නෑ මම..
    2008 අවසාන කාලේ වෙද්දි අපි කුඩා කණ්ඩායම් විදියට මරණය අතේ තියන් සතුරගෙ බල ප්‍රදේශ වල කරක් ගැහුවේ.අම්ම හිතන් උන්නෙ මම ඉදිරි ආරක්ෂක වළල්ලෙ කියල..අපි Ambush එකකට ගිහින් ආවම අම්මට කෝල් කරල මම බොරු සියයක් කියද්දි අම්ම කලෙ නොනවත්වාම අඩපු එක..

    2008 අවුරුද්දෙ අවාසනාවන්ත දවසක මගේ ජීවිතය වෙනස් වුනා අම්මෙ….අපේ ටීම් එක ට ලොකු counter Attack එකක් ආව…මට කකුලට වෙඩි වැදින අම්මේ…ඇවිද ගන්න බැරි අපෙ කොල්ලො ඔක්කොම ඩවුන් position උන්නෙ….ඒ තරමට වෙඩි තියනව ටෙරාල.ඔලුව උස්සන්න බෑ…..අපේ කොල්ලොන්ට මාව අරන් Withdrawal වෙන්න අමාරුයි…මම උන්ට කිව්ව මාව දාල පලයන් කියල…උන් මගේ නියෝග පිලි පැද්දෙ නෑ අම්මෙ..උන් මාව දාල ගියේ නෑ..

    එක කොල්ලෙක් එක සැරෙටම නැගිටල…මාව කරෙ තියාගෙන එක පාරටම දුවන්න ගත්ත …ඌ මාව cover එකකට අරන් ආව…මීටර 300 විතර පස්සෙ ..හැබැයි අම්මෙ …මම වෙනුවෙන් ඌත් වෙඩි කෑව…එක අතක් වැල මිටට උඩින් වෙන් වෙන්නම් ඌට වෙඩි වැදිල….කොහොම හරි අපි දෙන්නව safe position එකකට ගෙනවට පස්සෙ පිටි පස්සෙන් Team එකක් ඇවිල්ල අපිව ට්‍රැක්ටරෙකට පටවන් අපේ ලයින් එකට අරං එද්දි මොනවදෝ කරුමෙකට ට්‍රැක්ටරයට අඩි කීපයක් දුරින් ආටියක් වැටුන අම්මේ..

    ට්‍රැක්ටරෙ උන්න තුවාලකාරයන් ගෙන් භාගයක් විතර මැරුණ මගෙ පණ බේරල වෙඩි කාපු කොල්ලත් ඒ මැරුන උන්ගෙ ගොඩෙ කියල මම දන්නෙ මාස ගානකට පස්සෙ අම්මෙ…

    මට සිහිය එද්දි මම හිටියෙ රෝහලක.එක කකුලක් දනහිසට පහලින් ඉවත් කරල අනෙක් කකුල කලවය ගාවින් ඉවත් කරල….වම් අත වැල මිට ගාවින් ඉවත් කරල….ඔලුවෙ පැත්තක් හිස් කබල නෑ…අම්මගෙ කිරි පොවල අතක් පයක් නොකඩ හදපු පුතා ඇදක් උඩ මිනිස් භාගයක් විදියට ඉන්නව..මම විලාප තියල අඩන්න හැදුව අම්මෙ..එත් කිසිම සද්දයක් කටින් පිට උනේ නැහැ…මට මුලු ලෝකෙම නැති උනා අම්මෙ…..මට මම කවුද ? මොනාද ? කරන්නෙ කියල හිතා ගන්න බැරි උනා…මට මතකයි අම්ම ආව….මට අම්ම කියන කිසි දෙයක් ඇහුනෙ නෑ අම්මෙ….සත්තයි මම ඇඩුව …ඒ උනාට අම්මට එක ඇහුනෙ නෑ අම්මෙ…

    මම අවුරුදු ගානක් ඉස්පිරිතාලෙ හිටියා.මගෙ අම්ම හැමදාම මාව බලන්න ආව…අම්මා එන හැමදාම ඇඩුවා අම්මගෙ කදුළු එකතු කලා නම් කදුළු මුහුදක් වෙනව අම්මෙ..ඇයි අම්මේ මෙතරම් මට ආදරේ…?

    රණවිරු සෙවනේ මම ඉන්න කොට මට හිතෙනව මගෙ ජීවිතෙ මොකටද කියල අම්මෙ…..මට කියල කිසිම දෙයක් කර ගන්න බෑ..මගෙ අම්මෙ….ඔයාලා කියන කිසි දෙයක් ඇහෙන්නෙ නෑ….මම හිතන කිසි දෙයක් ඔයාලට කියා ගන්න බෑ අම්මෙ….අම්ම කාලයත් එක්ක හැමදාම වගෙ අඩපු ඇස් දෙකට ආව කදුල හිර කරන් උන්න.හැබැයි ඒ බොහොම ආයාසයෙන් අම්මෙ..මම ඒක දැනන් උන්න

    අද මාව කාලෙකට පස්සෙ ෆුල් යුනිෆෝම් දාල ලෑස්ති කලා රණවිරු සෙවනෙ කොල්ලො…

    මම ඇහුව මොකටද කියල…උන් මට කිව්වා හමුදාවෙ කට්ටියක් ගමනක් යනව කියල….තව රණවිරු සෙවනෙ කොල්ලො දෙන්නෙක් එක්ක මාව හමුදාවෙ වෑන් එකකට දාගෙන වාහනය යනවා…කාලෙකින් පාරක ගිහින් නෑ..රට හරියට වෙනස් වෙලා.මට හිතා ගන්න බැරි උනා කොහෙද යන්නෙ කියල..මම ඇහුවට කිසි කෙනෙක් කිව්වෙ නෑ අම්මේ.

    එක පාරටම මට අපි ඉන්න ප්‍රදේශය පොඩි හුරු ගතියක් දැනෙන්න ගත්ත..මට තේරුනා අපි මෙ ඉන්නෙ අපේ ගෙවල් පැත්තට යන පාරෙ කියල….මට තේරුනා අපි මේ යන්නෙ ගෙදර කියල….එහෙම ගෙදර යන නම් විශේෂ හේතුවක් තියෙන්න ඔන කියල…මම ගිය අනෙක් කොල්ලො දෙන්නට මගේ තියන එකම අතින් ඇනලා මගේ ගොළු භාෂාවෙන් ඇහුවා..උන් මොනවද කිව්ව …මට තේරුනෙ නෑ…..මට තේරුනා ඉංජිනේරුවෙක් වෙලා ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න හිටිය මම ගොළුවෙක් බීරෙක් කොරෙක් විදියට මට මාවම නැති වෙලා කියලා…මේ ජිවිතේ මොකට ජීවත් වෙනවද කියල මට හිතුන අම්මෙ..

    වාහනය අපේ ගෙවල්වලට හරවන පලවෙනි අතුරු පාර ගාවට ආවා..මට ඈතින් පේනව සුදු කොඩියක් ..

    මගේ අම්මේ..

    මගේ හදවත් නැවැතුන අම්මෙ…ඇස් වල කදුළු පිරුණා...මම දැනගත්ත අම්මෙ කරදරය වෙලා තියෙන්නෙ අපේ පවුලෙ කෙනෙක් ට කියල..මට කෑගහල අඩන්න ඕන උනා අම්මෙ ….එත් මට බෑ….වාහනය ගෙදරට හරවන පාර ගාවට ලං උනා..

    අනේ මගේ රත්තරං අම්මෙ..මට අම්මගෙ නම එක්ක පින්තුරයක් දාල ගහපු ලොකු බැනර් එකක් පෙනුනා..අම්ම මාව දාල ගිහින් ද අම්මේ..මට නොකියම..?

    මගේ ජීවිතේ මම මේ ලෝකෙ පලවෙනි හුස්ම ගත්ත වෙලෙත් මම වෙනුවෙන් අඩපු වේදනා විදපු….අන්තිමවතාවට මාව බලන්න ආව වෙලෙත් අඩපු.. මම වෙනුවෙන් හැම වේදනාවක්ම විදපු මගෙ අම්මා..

    අවුරුදු 31ක් මම වෙනුවෙන් දුක සතුට හිනාව කදුල තුලින් ජීවිතය පුරවන් උන්න මගේ අම්ම ….. බය වෙන්න එපා.මගේ රත්තරං අම්මා නිවන් දකිනවා..සත්තයි නිවන් දකිනව අම්මේ…සත්තයි මම අම්මට ආදරෙයි මගේ අම්මේ..

    මම අම්මට පොරොන්දු වෙනවා…අම්මා එපා කියන දෙයක් මම මීට පස්සෙ උපදින කිසිම ආත්මයක කරන්නේ නෑ අම්මෙ..

    අම්මට මුරණ්ඩු වෙන්නෙ නෑ මම….අම්මගෙ ඇහැට කදුලක් දෙන්නේ නෑ අම්මෙ
    ඇත්තමයි මම පොරොන්දු වෙනවා..
    මම මේ දැනන දුක එක්ක අම්මා ළඟට ඉක්මනට එනවා අම්මේ.."

    කොල්ලෝ ටික මාව වාහනෙන් එළියට ගන්න හදන්නේ..මම මේ යන්නේ මගේ අම්මාව බලන්නද දෙවියනේ..මම අන්තිමට දැක්කේ කඳුළු පුරවගෙන මගේ එක පැත්තක බර අතට ගත්ත තාත්තාගේ මූණ අම්මේ..අනේ මට සමාවෙන්න රත්තරං අම්මේ…!

    ඇස් ඉස් මස් ලේ පුදා මාතෘභුම්ය රැකගත් විරෝධාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා.

    _48110048_wheelchair766ap.jpg


    උපුටා ගැනීම - ෆේස්බුක් ...

    උබලගෙනුත් ඉල්ලන්නේ පුළුවන් විදියට මේ රණවිරුවන්ට අපි උදව් කරමු.
    බස් එකේ යද්දී රණවිරුවෙක් නැග්ගම තමන් ඉදගෙන ඉන්න සිට් එක දෙන්ඩ පැකිලෙන්ඩ එපා. මේ මිනිස්සු උබලා අපි වෙනුවෙන් අද මේ තත්වෙට වැටිලා ඉන්නේ.
    උබල උපන්දින සාද ගන්ඩ හොදට තියන මිනිස්සුන්ටම කන්ඩ බොන්ඩ දීලා දහස් ගණන් වැය කරන වෙලේ රණවිරු සෙවනට ගිහින් මේ මිනිස්සු එක්ක කාල බීලා සින්දුවක් කියල කතා කරලා වරෙල්ල.
    ඒක ඒ මිනිස්සුන්ගේ හිතටත් සැනසීමක් වෙයි.

    sl_wheelchair_soldier.jpg


    11546381_1463696479.0158.jpg

     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බස් වලනම් ගිය කාලයක් මතක නැ. ඒත් අනන්තවත් හමුදාවේ කොල්ලන්ව කැම්ප් ලග ඉන්නකොට කොලඹ එක්ක ඇවිත් තියනවා. ලොකු බැග් එක්කලා බස් එනකන් පාරේ බලාගෙන ඉන්නවා. පව්. සමහර පැතිවලට ට්‍රාන්ස්පොට් නැ. එන ගමන් විස්තර කතා කර කර කාලා බීලා එන්නේ.
     
    • Like
    Reactions: Ayesh Dilshan

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක කොල්ලෙක් එක සැරෙටම නැගිටල…මාව කරෙ තියාගෙන එක පාරටම දුවන්න ගත්ත …ඌ මාව cover එකකට අරන් ආව…මීටර 300 විතර පස්සෙ ..හැබැයි අම්මෙ …මම වෙනුවෙන් ඌත් වෙඩි කෑව…එක අතක් වැල මිටට උඩින් වෙන් වෙන්නම් ඌට වෙඩි වැදිල….කොහොම හරි අපි දෙන්නව safe position එකකට ගෙනවට පස්සෙ පිටි පස්සෙන් Team එකක් ඇවිල්ල අපිව ට්‍රැක්ටරෙකට පටවන් අපේ ලයින් එකට අරං එද්දි මොනවදෝ කරුමෙකට ට්‍රැක්ටරයට අඩි කීපයක් දුරින් ආටියක් වැටුන අම්මේ..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    mama ipadune e wijewirage sellan kale thama
    ape eka maama kenek JVP(ekale DJV) una kiyala
    ape ammage family eke 4 denek polisiyen maruwa
    සේම් හියර් මචන්. මට යාන්තම් 6-7ක් ඇති ඒ කාලේ. හැමදාම කේස් අපේ ගෙවල් පැත්තේ.. උදේට STF එකෙන් රැට JVP එකෙන්. ඉවරයක් නැ.. අන්තිමට අපේ ගෙදරට 24x7 ආර්මි එකෙන් හිටියා. මොකද අපේ අප්පච්චි ආර්මි එකේ කන්ට්‍රැක්ට් කලා. ඒ නිසා ජෙප්පො කිව්වා අපේ මුලු පවුලම මරලා ගේ අස්සට දාලා ගිනි තියනවා කියලා. එහෙව් සීන් අද කාටද මතක බන්. ප්‍රබාකරන් එච්චර වැඩ පෙන්නුවේ නැ දකුනේ.. ඒවත් මිනිස්සුන්ට අමතක නම් යුද්දේ මතක තියෙද බන්.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බස් වලනම් ගිය කාලයක් මතක නැ. ඒත් අනන්තවත් හමුදාවේ කොල්ලන්ව කැම්ප් ලග ඉන්නකොට කොලඹ එක්ක ඇවිත් තියනවා. ලොකු බැග් එක්කලා බස් එනකන් පාරේ බලාගෙන ඉන්නවා. පව්. සමහර පැතිවලට ට්‍රාන්ස්පොට් නැ. එන ගමන් විස්තර කතා කර කර කාලා බීලා එන්නේ.

    :yes::yes:
     
    • Like
    Reactions: kellsupun

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    mama ipadune e wijewirage sellan kale thama
    ape eka maama kenek JVP(ekale DJV) una kiyala
    ape ammage family eke 4 denek polisiyen maruwa

    සේම් හියර් මචන්. මට යාන්තම් 6-7ක් ඇති ඒ කාලේ. හැමදාම කේස් අපේ ගෙවල් පැත්තේ.. උදේට STF එකෙන් රැට JVP එකෙන්. ඉවරයක් නැ.. අන්තිමට අපේ ගෙදරට 24x7 ආර්මි එකෙන් හිටියා. මොකද අපේ අප්පච්චි ආර්මි එකේ කන්ට්‍රැක්ට් කලා. ඒ නිසා ජෙප්පො කිව්වා අපේ මුලු පවුලම මරලා ගේ අස්සට දාලා ගිනි තියනවා කියලා. එහෙව් සීන් අද කාටද මතක බන්. ප්‍රබාකරන් එච්චර වැඩ පෙන්නුවේ නැ දකුනේ.. ඒවත් මිනිස්සුන්ට අමතක නම් යුද්දේ මතක තියෙද බන්.

    :(:(:(
     
    Sep 8, 2017
    22
    2
    0
    අනේ මට කියලා දියල්ලකෝ මේකට අලුතෙන් පෝස්ට් එකක් දාන විදිය.... කවුරු හරි ස්ක්‍රීන් රෙකෝට් එකක් කරලා මට එවහල්ලකෝ....ගොඩක් පිං...