රණවිරුවා හා පදක්කම

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    රණවිරුවා හා පදක්කම

    ඊයේ ආරක්ශක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කරතිබූ ප්‍රකාශයක් දැකල මේ සටහන ලියන්න හිතුනා. ඔහු කියල තිබුනෙ මුළු ලoකාවෙම රණවිරුවො ඉන්නෙ 28,000 යි කියල. ඒ කියන්නෙ ඔහුගේ අර්ථදැක්වීම අනුව රණවිරුවෙක් වෙන්න නම් අනිවාර්යෙන්ම යුද්දෙ වීර පදක්කමක් තියෙන්නම ඕන කියන පදනම.

    එතුමාගෙ නීර්ණය අනුව මම නම් රණවිරුවෙක්. මොකද මට අවස්ථා 5 කදි වීර පදක්කම් ප්‍රධානය කරල තියෙන නිසා. හැබැයි හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නිර්නායකය නම් මුළුමනින්ම වැරදි බව කියන්නම ඕන. මොකද ඔය යුද්දෙ ඇතුලෙ බොහෝ අවස්ථාවලදි පදක්කම් ලබාදුන්නෙ සාධාරණ ක්‍රමවේදයකට අනුව නොවෙයි. ලැබෙන්නම ඕන සමහර අයට මොකුත්ම ලැබුනෙ නෑ. සතුරා සමග මුහුණට මුහුණලා කිසිම වීර ක්‍රියාවක් නොකර සටනින් කිලෝ මීටර ගනනාවක් පිටිපස්සෙ හිටපු උදවිය මෙහෙයුම සැළසුම් කලාය ..... ගුවන්විදුලි පණිවුඩ හුවමාරුව සම්බන්ධීකරණය කලාය........... කියලත් වීර පදක්කම් ලබාගත්ත.

    කට කෑවත්, පැත්තක් ගියත් ඇත්ත කියන්න ඕන. ඔය පදක්කම් වලට නිර්දේශ කරද්දි සපුරාලිය යුතු පිරිවිතරයන් තියෙනවා. ඒවාට අනුව තමන් ගහගෙන ඉන්න පදක්කම ලබන්න තරම් දෙයක් තමන් අතින් සිදුවෙලා තියෙනවද කියල පපුවට තට්ටු කරල ඇහුවොත් ඕව ගහගෙන ඉන්න සෑහෙන පිරිසකගෙ හදවත නවතිනව. මොකද ඔතනදි හැන්ද අතේ තිබුන අය බෙදාගත්ත නිසා.

    මට පලවෙනි වීර පදක්කම ලැබුනෙ 1990 දි දෙවන ඊලාම් යුද්ධය පටන්ගත්ත ගමන්. අපි හිටියෙ අම්පාරෙ බක්කි ඇල්ලෙ. මම කණ්ඩායම් අණදෙන්නෙක්, කපිතාන් වරයෙක්. මගෙ යටතෙ තිබුන එක් අණුකන්ඩයක් වන බදුලු හන්දිය කියන කඳවුරට පොහොට්ටුවෙ උප සබාපති තුමා කොටි 400ක් අරගෙන ඇවිත් රෑ 11.00 ට ගහන්න පටන් ගත්ත. එතන අපේ උන් හිටියෙ 40 ක් විතර. ඒ අණුකණ්ඩය භාර නිලධාරී හිටපු දැන් බ්‍රිගේඩියර් නිශාන්ත වඩුගොඩපිටියත්, ලුතිනන් කුමාර දිසානායකත් දෙන්නටම තුවාල වෙලා සෙබලු 7 ක් දෙනෙක් සැරයන් වරයාත් සමගම මිය ගිහින්. ඒත් මේ නිලධාරීන් දෙන්නා ඉතාමත්ම ධයිර්ය සම්පන්නව කරුණාට මුහුණ දුන්න.

    මේක බලාගෙන ඉන්න බෑ. ඒත් ඔවුන්ට ආධාරයට යන්න තරම්, මුහුණදෙන්න පුළුවන් තරමෙ භඨපිරිසක් මා හිටපු බක්කි ඇල්ලෙ හිටියෙත් නෑ. වෙනදෙයක් වුනාවෙ කියල එතනින් සෙබලු 12 ක් අරගෙන G.P.M.G කියන තුවක්කු 4 කුත් අරන් අපි 2 කි.මී. විතර දුර තිබුන ප්‍රහාරයට ලක්වෙච්ච තැනට යන්න පිටත්වුනා. ඒ කඳවුර ආසන්නයේදීම අපිට කොටි හම්බවුනා. විනාඩි 20 ක් විතර ඇලකට බැහැගෙන වෙඩි තියාගනිද්දි උන් හිතුව අපිත් එක්ක විශාල පිරිසක් එනව කියල. මොකද අර G.P.M.G හතරෙ වෙඩි බලය අධික නිසා. ඒත් එක්කම තවත් ලුතිනන් වරයෙක් එක්ක 20 ක විතර භටපිරිසක් පුලුකුනාව කඳවුරෙන් ආව. එදා කොටි ගලවගෙන ගියා. නැත්නම් එදා උප සභාපතිය අපේ බදුලු හන්දිය කඳවුරේ හිටපු ඔක්කොම මරනව.

    ඉතින් මගෙ අණදෙන නිලධාරියා මාව වීර වික්‍රම විභූෂණ සම්මානයට WWV නිර්දේශ කලා. ඊලඟට ඒ නිර්දේශය යනව මණ්ඩලේකට. ඒ මණ්ඩලේ සමහර සාමාජිකයින් කවදාවත් යුද්දෙ භඨ පිරිසක් මෙහෙයවපු අය නොවෙන්න පුළුවන්. එයාල ඒ අයගෙ අභිමතය පරිදි නිර්දේශ සමාලෝචනය කරල අන්තිමට දෙන්නෙ දෙන්න පුළුවන් අඩුම එක. හැබැයි එදා මම අර කොල්ලො 12 දෙනාත් එක්ක ඔතන මැරුන නම් අනිවාර්යෙන්ම "පරමවීර විභූෂණ" පදක්කම ගන්න තිබුනා.

    මට 5 වතාවක් වීර පදක්කම් ලැබුන. මම එකක්වත් ඉල්ලුවෙ නෑ. හේතුව මම අදත් ගරුකරන මගෙ අණදෙන නිලධාරියෙක් හිටිය මේජර් ජනරාල්. ඩී. රත්නසභාපති කියල. එතුමා යුදහමුදාව තුල මගේ පරමාදර්ශී චරිතයක්. ඉතාමත්ම නිශ්ශබ්ද චරිතයක්. උපරිමෙන් කරල සද්දයක් නැතුව ඉන්නව. ඕන කෙනෙක් සම්මාන ගනින් කියල. ඔය ආදර්ශය නිසා ඉල්ලන්න ගියෙ නෑ. අනික ආත්ම අභිමානයක් තියෙන උන්ට ඕව කටක් ඇරල ඉල්ලන්නත් බෑ. අපි අපිවම රෙකමන්ඩ් කරගෙන මෙඩල් ගහගන්න එක.

    මේ යුද්දෙ ඇතුලෙ ඔය වගේ විශාල කැපවීම් කරපු කණිෂ්ඨ සෙබලුන් සහ මේජර් නිලයෙන් පහල නිලධාරීන් ගනනාවකගෙ කැපවීම් වලට සුදුසු පදක්කම් ලැබුනෙ නෑ. ඒව උසස් මූලස්ථාන වල හිටපු මාණ්ඩලික නිලධාරීන් බෙදාගත්ත. හඬක් නැති උපරිම කැපවීම් කරපු පහල නිලයින්ගෙ කැපවීම් නිසි ඇගයීමට ලක්නොවූ අවස්ථා වැඩියි. ඉතින් කරුම ශක්තිය අනුව ආයු වන්නෝ සුඛo බල කියල හිත හදාගන්න උනා හුඟාක් සත්‍ය 'රණවිරුවන්ට'

    ඒ නිසා ආරක්ශක ලේකම් තුමෝ........... ඔබ තුමාගේ නිර්නායකය නම් මුළුමනින්ම වැරදියි කියන එක කියන්නයි මේ ලිව්වෙ.

    ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න
     
    • Like
    Reactions: hzr27

    Vshmitha

    Active member
  • May 14, 2017
    247
    38
    28
    hamudawe inna hamoma ranaviruwo newe

    Yuddayata sahabagi wee nati ada iye hamudawata giya ekatat ranaviruwa kiyana eka sudusu na

    mn hitana widihata