අදටත් පුරුදු පාරේ මම තනිවම යනවා
තවමත් මතක හිත තුල මගේ වද දෙනවා
පොඩි පුතු ලගට වී ඔබ ගැන විමසනවා
ඔබ විරයෙකු වූ හැටි මම පවසනවා
තවමත් නිළ ඇදුම් දැක්කම හිත ගැස්සෙනවා
ඔබගේ රුව ඇති හිතලා මම රැවටෙනවා
හිතටත් දුකක් දැනිලා මං තාමත් විදවනවා
අදටත් පන්සලට උබ සිහිකර දන්දෙනවා
තවමත් පිළිගන්න බහ උබ ගියපු වග
සීල් කරපු පෙට්ටියේ උබ ගල්වි හිටපු වග
කුස තුල මගේ උබෙ පැටියෙකු උන්නු වග
මම දැනගන්නකොට උබ සමුගෙන ගිහින් දුර
Last edited:

