රණ විරුවෙකු වැටී සිටි ළිඳකින් දිය නෑවෙමි .

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    රණ විරුවෙකු වැටී සිටි ළිඳකින් දිය නෑවෙමි .

    ෆෙස් බුක් එකේ තියෙනවා දැකලා ctrl+c ctrl+v කලේ.නැව ගිලුනත් බෑන් චුන් කියලා group එකක තිබ්බේ.මේ කතාවේ සම්පූර්න අයිතිය එය සතුයි.

    කියවන අයට මේක කියැවීමෙන් රසයක් දැනේද නැද්ද මම දන්නෑ . මම මේක ලියලම ඒ ගැන හිතන්න කැමතියි . . . .

    කාලෙකට කලින් මම වැඩ කරපු ආයතනය තුලදී මම විහින් ඇති කරගත්තු ගැටලු කීපයක් නිසා . මගේ බොස් මාව පුනුරුත්ථාපනය කරන්න කියලා හිතාගෙන මාව අපේම ආයතනයේ ඈත පළාතක ශාඛාවට මාරු කරා . ඔන්න ඔය කාල වකවානුවේදී තමයි මෙන්න මේ සිදුවීම මම අත් වින්ඳේ ..!

    දවසක්දා හිමිදිරි පාන්දරම පැය කීපයක දිගු ගමනකින් පස්සේ. ඈත පළාතේ ඉන්ස්ටිටියුට් එකට මාව අත ඇරපු බොස් . "සඳරු එහෙනම් මෙතනවත් වැඩේ හරියට කරගෙන පරිස්සමෙන් ඉන්න " කියලා කාර් එකත් පණ ගන්වාගෙන ආපහු යන්න ගියා .. උරහිසේ එල්ලං හිටපු රෙදි මල්ලත් එක්ක මම ඒ පාළු පළාතේ තනි වුණා ..

    මාව පිළිගන්න මුලින්ම ආවේ ඒ ඉන්ස්ටිටියුට් එකේ මැනේජර් . "අනිල්”

    "ඉතින් කොහොමද සඳරු ?” .. කියලා බොස් ඉදිරියේදී හොඳින් කතාබහ කරපු මැනේජර් මහතා , බොස් පිටවෙලා ගියාට පස්සේ අමුතුම කතාවක් කිවුවා ..

    "ඒ බ්‍රාන්ච් එකේ වගේ මෙහේදී අයියා මල්ලී කියලා කතා කරන්න එපා ඔයා මට සර් කියන්න ..!”

    අප්පට සිරි මුගේ ගනං බලකෝ මම .. "හරි මම ඔයාට අනිල් සර් කියන්නම් . ඔයත් මට සඳරු සර් කියන්න එතකොට හරි නේ" ..මමත් කටට ආපු උත්තරේ දුන්නා ..මේ ආයතන ජාලයේ පරණම සේවකයා වෙච්ච මට එහෙම දෙයක් කියන්න අයිතියක් තිබුණා .!. කොහොම හරි එතනින් පස්සේ "සර්" කෙරුවාව අහවර වුණා ..

    ඒ ඔය කියන බ්‍රාන්ච් එක පටන්ගත්තු මුල් අවධිය .. ඒ වෙනකොට ළමයි ඒ ඉන්ස්ටිටියුට් එකේ රෙජිස්ටර් වෙන්න ආවා ගියා විතරයි . අපි පන්ති පටන්ගන්න හිතලාවත් තිබුණේ නෑ මුලු Institute එකටම මමත් , ඒ බ්‍රාන්ච් එකේ මැනේජර් කාරයත් , අතුපතු ගාන කොලුවත් ඇරුණම . ඉතිරි වෙලා තිබුණේ පරිගණක කීපයකුත් හිස් පුටු බංකු කීපයකුත් විතරමයි .

    උගන්වන්න ළමයිනුත් නැති නිසා මට කියලා අමුතුවෙන් කරන්න වැඩක් තිබුණේ නෑ . ඉඳ හිට තිබුණු Individual කෝස් එකක් දෙකක් ඇරුණාම දවසේ පැය ගණනාවක් මම නිකං පුටු රත් කරමින් වාඩිවෙලා හිටියා. බ්ලොග් කියවමින් කමෙන්ට් කොටමින් හිටිය නිසා යම් තරමකින් මට තිබුණු පාළුව අඩු වෙලා ගියා ..

    මම නැවතිලා හිටියෙත් මම ඒ වැඩකරපු ඉන්ස්ටිටියුට් එකෙ ඇතුළෙමයි .හිස් මේසෙයක් උඩට බෙඩ් ශීට් එකක් එළාගෙන මගේ කොට්ටෙත් හරස් කරගත්තාම මට සනීපෙට නින්ද ගියා . බෝඩිමක් හම්බෙනකම් .. මට මෙහෙම ටික දවසක් ගත කරන්න වෙන බව මගේ බොස් මට කලින්ම කියලයි තිබුණේ .. ඒක නිසා මමත් අවුලක් නැතිව ඒ ඉන්ස්ටිටියුට් එක ඇතුළේම රැයවල් පහක් ගත කලා ..

    පස් වෙනි දවසේ අන්තිමේදී බොස් මට බෝඩිමක් හොයලා දෙන්න සමත් වුණා .කාමර කුලිය ඔෆිස් එක ගානේ

    "සඳරු ඔන්න ඔයාට අලුත් බෝඩිමක් හොයාගත්තා . අද ඉඳන් ඔය මේස උඩ නිදන්න ඕන නෑ . ගිහින් ඒ කාමරේ රෑට බුදියගන්න .. ආ …. තව දෙයක් . ඔයාටයි ඔහේ මැනේජර් අනිල්ටයි දෙන්නටම ඒකේ ඉන්න පුළුවන් .. එයා දැන් ඉන්න ගෙදර කුලිය වැඩියි ඒක නිසා එයත් ඔයත් එක්ක ඉඳපුදෙන් !”

    ඔන්න ඉතින් මට වෙච්ච වැඩේ !. බෝඩිමක් නම් ලැබුණා ඒත් ඒකේ ඉන්න වෙන්නේ තව එකෙකුත් එක්ක . මම කොහොමත් කැමති මගේ ටයිප් එකේ එවුං එක්ක ඉන්න . මට හරියන එවුන් 100 හිටියත් මට ඉන්න පුළුවන් අවුලක් නෑ.! ඒත් මගේ ටයිප් එකට පිටින් ගිය එකෙක් එක්ක මට ඉන්න කොහෙත්ම බෑ .මේ මැනේජර් කාරයා මට වඩා වසර හතරක් වැඩිමල් . ඒ මදිවට .ඒකා බොන මිනිස්සුන්ට පොඩ්ඩක්වත් කැමති නෑ .

    ඉතින් ඔය වගේ තත්වයක් මැද මම සහ මැනේජර් දෙන්නා අලුත් බෝඩිමට යන්න සූදානම් වුණා .!
    මම ඉන්ස්ටිටියුට් එක ඇතුළේ වනලා තිබුණු මගේ රෙදි සේරම එකතුකරලා මල්ලට දාගත්තා . පරිගණක උඩ වනලා තිබුණු මගේ කමිස , කලිසම් , තුවා බැනියම් , යට ඇඳුම් ආදිය එකතු කරගන්නම මට විනාඩි පහලවක් විතර ගියා .. පරිගණක වල උණුසුම නිසා රෙදි ඉක්මනට වේලෙනවා . ඒක නිසා මම සාමාන්‍යයෙන් යාන්තම් තෙත රෙදි පරිගණක අසලින් වනනවා ..

    මැනේජර් ගොයියා ළඟ කඩේකින් සාම්බ්‍රානි පැකට් එකක් ගත්තා ..! අලුත් බෝඩිමට දුං ගහන්න ..! මම අහිතකර බීම බාගෙකුයි , දුං කූරු හතරකුයි ගත්තා ..! දැන් ඉතින් ඉන්නේ බෝඩිමක නිසා . කාගෙන්වත් අහන්න දෙයක් නෑ ආයතනය ඇතුළේ බීවා කියලා බැණුම් අහන්න ඕනත් නෑ .. මම මගේ පාඩුවේ එළියට වෙලා මගේ විදිහට වැඩේ කරගන්නවා මම එහෙම හිතාගත්තා .. . . . .

    අපි ඒ බෝඩිමට යද්දී වෙලාව හවස හය හමාරට විතර ඇති .. බෝඩිම තිබුණේ ඉන්ස්ටිටියුට් එක අසලම පයින් යන දුරක වුණත් .බඩු පැක්කරගන්න වෙලා ගිය නිසා හිතගන්න බැරි විදිහට පමා වුණා ..

    ඒ බෝඩිම ගැන කීවොත් ඒක ලොකු ගෙයක් . ඒ ගෙදර හිටියේ විශ්‍රාමික කපල් එකක් .ගෙදරට පිටින් එළියෙන් පිහිටලා තිබුණු කාමරයක් තමයි අපිට නවතින්න පුළුවන් විදිහට ලෑස්ති කරලා තිබුණේ ..

    ඒ පැන්ෂන් ගිය අංකල් අපේ කාමරේ යතුර අපට දීලා .. "මෙන්න පුතාලා කාමරේ.! මොනා හරි ඕන වුණොත් මට කතා කරන්න !..ඒ වගේමයි පුතාලා අර ටැප් එකෙන් තමයි වතුර ගන්න තියෙන්නේ .එතකොට අර තමයි කක්කුස්සිය , අර තියෙන්නේ . අල්ලපු ගෙදර , එතකොට මේ පැත්තෙන් තමා ඉර බහින්නේ" ඔය වගේ කන් කලු හෑල්ලක් කියලා අපිට කාමරේ යතුරින් දොර ඇරලා දුන්නා ..

    කාමරේ නම් වරදක් නෑ නියමයි .. බඩු පැක්කරගෙන එහෙම අපි ඇඟපත හෝදගන්න එළියට ආවා .. මට නම් ඕනෑ වුණේ නාගන්න .. නෑම ගැන කියද්දී මම දැකපු දැකපු එක දෙයක් තමයි මමත් එක්ක හිටි මගේ මේ මැනේජර් කාරයාට ඇඟපත හෝදන වැඩවලට වතුර වීදුරුවක් හොඳටම ප්‍රමාණවත් බව ..

    ටැප් එක ළඟට ගිය මැනේජර් කාරයා . යන්තම් අතයි බෙල්ලයි මූණයි හෝදගෙන අඩියට දෙකට කාමරේට රිංගුවා .."මුගේ නෑම මේක නම් මූ ලැට් ගිහිල්ලා ඉවර වෙලා පස්ස හෝදන්නේ නැතුව ඇති" මට එහෙම හිතුණා .

    ඉස්න්ටිටියුට් එකේදී නම් මම බේසමට වතුර එකක්ම පුරවාගෙන පුංචි කෝප්පෙන් පැය භාගයක් විතර යනකම් හෙමීට නෑවා . මෙහේදී බේසමක් නැති නිසා ඒ වැඩේ කරන්න බෑ .. ඉතින් මම එළියේ වාඩිවෙලා විටක් කකා හිටපු අංකල් ගෙන් බේසමක් ඉල්ලුවා .

    "අංකල් මට නාගන්න බේසමක් දෙන්න පුළුවන්ද ?”

    "ආ ඇයි පුතා අර මහත්තයා දැන් යසට ඇඟපත හෝදගෙන ගියේ ..”

    "නෑ අංකල් එයාට වගේ නම් මට යන්තම් ඇඟහෝදන්න බෑ ..”

    අංකල් බුලත් හපේ කටේ තියාගෙනම මෙහෙම කීවා . "පුතා වතුර අපි දෙන්නේ නිකම්. කාමර කුලිය විතරයි අපි ලොකු මහත්තයාගෙන් ගත්තේ .! ලයිට් එක දානවාටවත් අපි සල්ලි ගන්නේ නෑ කියලා තමයි කතා වුණේ .. ඉතින් වැඩිය වතුර ඉහිරවන්නත් එපා .. හෙහ් හෙහ් ..”

    මේ බලපල්ලකෝ මේ කතාව ! දවසෙම වැඩ කරලා ගඳ ගගහා ඉන්න පුළුවන්ද ? මටනම් හැන්දෑවට නාන එක අනිවා කරන්නම ඕන නැත්තම් නිදාගන්නවත් බොරු ..

    "හරි අංකල් මම සල්ලි දෙන්නම් ඔයාට කියක් ඕනද ? මම නානවාට මම සල්ලි ගෙවන්නම්කෝ ..වැඩේ ඉවරයිනේ ..” මම මහ ලොකු සල්ලි කාරයෙක් නොවුණත් . නොනා බැරි නිසා මම එහෙම කීවා

    පුතා කොරහ ඇරෙන්න ගෙදර ලොකු භාජන මොකුත් නෑ .. හ්..ම් .. ඔයා මෙහෙම කරන්න . අර තියන පොදු ළිඳෙන් නම් නාගත හැකි .. ජල පෙරේත අංකල් එහෙම කීවා ..

    ළිඳක් ? ඒක කොයිතරම් හොඳ දෙයක්ද . කාන්තාරයේ අතරමං වෙලා වතුර නැතුව මාස ගාණක් පකීර් වෙලා හිටපු ඔටුවෙකුට දැනුණ හැඟීම මටත් දැනෙන්න ඇති ..

    කෝ අංකල් කෝ කොහෙද ළිඳ ?

    "පුත අර ඈත .. බලනු ..” අංකල් ක්‍ෂිතිජය දිහාවට ඇඟිල්ල දික් කලා ..

    අර තෙල පෙනෙන සීමාවෙන් ඔබ්බට ගොස් දකුණට හැරුණ විට නුඹට ළිඳ හමුවෙනු ඇත ..

    මමත් තුවාය , සබන් කෑලි , කමීස, කලිසම් , හෝදන රෙදි . මේ සේරම එක්කහු කරගත්තා !.බාගෙට නාපු මැනේජර් ලොක්කා ඇඳ උඩ පත්තරයක් බලනවා . උගේ ඇගෙන් හමන හම්පඩ ගඳ මගේ නාස්පුඩු අතරින් රිංගන්න ප්‍රබල උත්සාහයක යෙදෙනවා .. මම ඉක්මනට ළිඳ ගාවට යන්න පිටත් වුණා ..

    විනාඩි හතරක විතර කෙටි ගමනකින් පස්සේ .. මම ළිඳ ගාවට කිට්ටු වුණා. මගේ චීන ෆෝන් එකේ ටෝච් එක මට හොඳ එළියක් දීලා පාර පෙන්නුවා ..

    ඒක මහ පාළු තැනක තිබුණු ළිඳක් . හතර වටේම සරුවට වැවුණු තණකොළ පඳුරු . ඒ වගේම ලොකු පුවක් ගස් , මාර ගස් වලින් මේ ළිඳ වට වෙලා . ඒ ලිඳ රාජ්‍ය නොවන සංවිධානයකින් හදපු පොදු ළිඳක් බව ඒ ලිං ගැට්ටේ ගහලා තිබ්නු සමරු ඵලකයේ සඳන් වෙලා තිබුණා ..

    මමත් බාල්දිය අදිමින් එලටම නෑවා .. රෙදිත් හේදුවා .. හරිම සනීපෙට නාගත්තා . කරුවල වැඩි නිසාම ළිඳේ වතුර වල පාටවත් මට බලන්න බැරි වුණා .යහමින් පායලා තිබුණු හඳ එළියටත් ලොකු මාර ගස් වල අතුපතර නිසා සඳරුට උදවු කරන්න බැරි වුණා .. "වතුර නේ තියෙන්නේ" මම ඔහේ නාගත්තා ..

    මම නාලා රෙදි හෝදගෙන ආපහු යන්න හැරුණා .ආපු පාරෙන්ම ටිකක් දුර යනකොට මාව පහු කරගෙන ගියපු පුස් බයිසිකල් කාරයෙක් ආයෙමත් හරවගෙන මා ගාවට ඇවිල්ලා නැවතුණා ..

    මල්ලි කොහේද ?

    මම කොහේ වුණාම උඹට මොකද ඩෝ ! මගේ ගමේදී මමත් එක්ක තව කීපදෙනෙක් හිටියොත් නම් මම එහෙමයි අහන්නේ.. ඒත් මෙහේ වෙනස් මම තනියම අනික මේ මනුස්සයා ඇහුවේ කාරුණිකව ..

    "මචං..! මම අර අහවල් පළාතේ ..මම වැඩ කරන්නේ අර අහවල් හන්දියේ තියන කොම්පියුටර් පන්තියේ . නැතිලා ඉන්නේ අර අහවල් අයගේ ගෙදර ..”

    මල්ලී ඔයා නෑවේ අර අතන තියන ළිඳෙන්ද ?

    ඔවු මචං ඇයි ..? මගේ පපුවත් ඔටෝමැටිකලි ගැහෙන්න ගත්තා ..

    "මල්ලී ඔය ළිඳට දැන් මාසෙකට විතර උඩදී සිවිල් ආරක්‍ෂක කෙනෙක් වැටිලා මැරිලා හිටියා බොඩිය හොයාගත්තේ පැය දහයකට විතර පස්සේ .. ඔය ළිඳ ඊට පස්සේ කිසිම කෙනෙක් පාවිච්චියට ගත්තේ නෑ”

    මගේ ඇඟ හීතල වෙලා ගියා . ඇත්තටම කීවොත් මගේ කකුල් පණ නැති වුණා . උගුර කට වේලිලා මට දාඩිය දාන්නගත්ත

    "බලන්නකෝ අයියේ අර ගෙදර අංකල් මට මේ ළිඳ පෙන්නුවේ නාන්න කියලා ..”

    "ඔය මිනිහා මහ කුනා මල්ලී . ඔය එහා පැත්තේ තියන මගේ ඉඩමකුත් බලෙන් අල්ලගෙන ඉන්න මිනිහෙක් .. මල්ලි යමු අපේ ගෙදර අපි ආයෙමත් නාගමු .. නගින්න සයිකලේට ..”

    "නෑ අයියේ මම ආයේ ඔයාගේ ඇඟේ ගෑවෙන්න ඕන නෑ මම පයින් එන්නම්" .. ඒ නියම මනුස්සයා මට කොතරම් පෙරැත්ත කළත් මම පයින්ම ඒ කෙනාගේ ගෙදරට ගිහින් පැයක්ම නාගත්තා .. මගේ ලයිෆ් බෝයි කෑල්ල ඉවර වෙනකම් නෑවා ..

    මම හිටියේ පුදුම අවුලෙන් .. මගේ නාගැනීම අහලා අහල පහළ ගෙවල් වල අයත් මාව බලන්න වට වුණා . "අනේ බලන්න අර මනුස්සයා කරලා තියන වැඩක් .ඕකා හැඳිගෑවෙයං මේ අසරණ කොල්ලට කරපු වැඩේට !" .. ගොඩ දෙනෙක් මං වෙනුවෙන් දුක් වුණා .ඒත් හිත බිඳෙන්න එක පොඩි දෙයක් ඇති .එක පජාත මිනිහෙක් නිසා මට මේ පැත්ත පළාතම එපා වුණා . ..!

    අන්තිමේදී මම ඒ කාරුණික මනුස්සයා සහ තව කීප දෙනෙකුගේ ටෝච් එළි මැද්දෙන් ආයෙමත් බෝඩිමට ආවේ . පැන්ෂන් ගිය මැන්ටලේට හොඳ දෙකක් කියන්න හිතාගෙන ..

    මම ගේට්ටුවෙන් ඇතුළුවෙච්ච හැටියෙම අංකල් කාරයා මං දිහාට ආවා .. "පුතා මොකෝ පරක්කු අපි මේ බලන්න යන්න හැදුවේ ..”

    මම කතා කරන්න කලින් මට හමුවෙච්ච මනුස්සයා .. ඉස්සර වුණා .(මට එදා ඒ මනුස්සයාගේ නමවත් අහගන්න බැරි වුණා .)

    "මොනාද ධර්මෙ අංකල් කැත වැඩ කරන්නේ..! මිනිස්සුන්ට ඔහොමද සලකන්නේ..? ඔයා එදා හොඳටම දැක්කා අර ළිඳේ ගම්බට්ටෙක් වැටිලා මැරිලා ඉන්න හැටි..! ඔයා ඒක දැන දැන නේද මේ මල්ලිව ඒ ළිඳට යැවුවේ . වතුර ටිකකට ඔය තරම් ලෝභ වෙන්න එපා ලොක්කා ! “

    අංකලුත් සරම කරේ තියාගෙන කෑ ගැහුවා .. රිදිලා උන්නු මමත් ගමේ උන්ගේ හයිය අරගෙන අංකල්ට බැන්නා අමු සිංහලෙන්ම ..

    "අංකල් මාව මිනිහෙක් මැරිච්ච ළිඳකට නාන්න යැවුවට තමුසේ ලබන ආත්මේ දියබරියෙක්ම වෙලා උපදිනවා සුවර් ..! ලෝබෙයා !”

    ඔන්න මගේ බැණුම අතරේ එක පාරටම ෆෝම් වෙච්ච අංකල් මට අමතක නොවෙන උත්තරයක් දුන්නා ..

    අයිසේ ඔය ළිඳට වැටුණේ රට ජාතිය වෙනුවෙන් සටන් කරපු රණවිරුවෙක් නේද ? තමුසෙලා ලැජ්ජා වෙන්න ඕන ඒ වගේ මිනිහෙක්ව අප්පිරියා කරනවට .. තු:හ් උඹලා වගේ මිනිස්සු .

    "ධර්මේ මහත්තයා එහෙනම් ඔයාවත් අපි ඒ ළිඳට එක්ක ගිහින් නාවන්නද ? පාරේ අයිනේ මට සප් එක දෙන්න හිටපු තව කෙනෙක් කිවුවා ..”

    අංකල් ගිහිං මගේ බඩු මුට්ටු එළියට දාන්නයි සූදානම .. එයාව ඒකට මහන්සි නොකර මම කෙළින්ම ගිහිං මගේ බඩු මුට්ටු ටික ගත්තා ..මම බෑග් එකත් අරගෙන ආයෙමත් ඉන්ස්ටිටියුට් එකට යන්න පිටත් වුණා . මගේ අලුත් යාළුවෝ ටිකත් මා එක්කම මාව ඇරලවන්න ආවා ..

    මම ආයෙමත් ඇවිදින් මගේ පරණ පුරුදු මේසේ උඩ ඇලවුණත් නින්ද මගේ අහලකටවත් ආවේ නෑ .! නිදාගන්නත් මම බයවුණා . ලයිට් සේරම දාගෙන පරිගණකයක් ගාවට වෙලා හිටියත් මගේ හිතේ ගැස්ම යන්තමින්වත් අඩු වුණේ නෑ .. මම හොල්මං වලට අවතාර වලට කොහෙත්ම බය නෑ .. ඒත් මේ සිදුවීම නිසා මගේ හිත ගැස්සුණා .එදා මම මගේම හෙවනැල්ලටත් බය වුණා .. ඇඟපත කසනවා වාගේ හැඟීමක් දැනෙන්නත් වුණා ..ජනේලෙන් එපිට පේන කළුපාට හෙවණැලි වලට මගේ බය වැඩි වුණා

    කොහොමටත් ඒ ළිඳේ විෂබීජ පිරිලා ඇති මට මොන ලෙඩේ හැදේවිද මන්දා . ඔන්න ඔය හැඟීම නිසාම මම හිතෙන් ලෙඩ වුණා . උණ ගතියක් දැනෙන්නත් වුණා .

    ඔන්න ඔය වෙලාවේදී තමයි මට බෝතලේ මතක් වුණේ .. මම බාගේ බෝතලෙන් ටිකක් වීදුරුවකට අරං මගේ ඔළුවෙයි අතපයෙයි ගාගත්තා .. වසක් විසක් තියේ නම් එතකොට යන්නැතෑ . . . අමුවෙන්ම දෙකක් බඩටත් දාගෙන ටික වෙලාවකින් ටැප් එක ළඟට ගිහින් ආයේ නාගත්තා. . . වෙලාව පාන්දර එකට විතර ඇති ..මට නින්ද ගියා ..

    උදේ අවදි වෙනකොට නම් මම යන්තම් හොඳ තත්වයේ හිටියා

    මනුස්සකම කියන දේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා . මම ඒක අත් වින්ඳේ ඔය කියන ගමේදී . මට වතුර ටිකක් දෙන්න ලෝභ වෙච්ච බෝඩිමේ අංකල්ට වඩා මාව ජීවිතේටවත් නොදැක්ක මිනිස්සු කීපදෙනෙක් මට වචන වලින් උදවු කරපු හැටි මැරෙනකම්ම මගේ මතකයේ තියේවි ..

    ඉතින්..! රණ විරුවෙක් වැටිලා මැරිච්ච ලිඳකින් නාපු නිසා ඇතිවෙච්ච ජාත්‍යාල හැඟීම මතක් වෙන මේ මොහොතේ පවා මගේ ඇඟේ හිරිගඬු පිපිනවා .අදටත් ඒ අඳුරු ලිඳ මතක් වෙනකොටත් මාව වෙවුලන්න ගන්නවා .මම කීප වතාවක්ම හීනෙන් බය වුණා ..අදටත් මහ රෑක තට්ට තනියම පාරේ එද්දී මම ඉතිපිසෝ ගාථාව හිතින් මුමුනන්නේ එදා ලිඳෙන් නාගත්ත ජාත්‍යාලය තවමත් මගේ හිතේ නොමැකෙන්නම තැන්පත් වෙලා තියන නිසාම වෙන්නැති ..

    අපේ අනිල් මැනේජර් මහත්තයා ගැන කියනවා නම් ඉන්ස්ටිටියුට් එකේ සල්ලි වගේකුත් යටි මඩි ගහගෙන පෙඹරවාරි මාසේදී මිනිහා පැනලා ගියා . .
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    hmm patta story eka! aasawen kiyewwa

    machan meka hisahasa blog eke thibuna kathawak ban

    ඒක නම් මම දන්නේ නෑ යාළු.මම දැක්කේ ෆෙස් බුක් එකේ තියෙනවා.මමත් හුඟක් ආසාවෙන් කියවපු නිසා තමයි නොදැක්ක අයට බලන්න එළකිරියට දැම්මේ...
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    fatta kathawa machan

    ළිඳක් ? ඒක කොයිතරම් හොඳ දෙයක්ද . කාන්තාරයේ අතරමං වෙලා වතුර නැතුව මාස ගාණක් පකීර් වෙලා හිටපු ඔටුවෙකුට දැනුණ හැඟීම මටත් දැනෙන්න ඇති ..

    obawa mathaka wuna oba methana man eka bala iwaraweddi pudumai neh :P :lol::lol:
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    adoo me wage thwa story dapankkoo hitha koheda durata adila yanwa bn me wa kiwaddi mara natural ♥ rep +5

    හම්බුනොත් අනිවා දාන්නම් මචන්...මටත් මේක කියවද්දි මට මේ දේ සිද්ද වෙනවා වගේ දැනුනා බන්.ලියපු එකා කවුරු උනත් සුපිරියට ලියලා තියෙනවා...
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ළිඳක් ? ඒක කොයිතරම් හොඳ දෙයක්ද . කාන්තාරයේ අතරමං වෙලා වතුර නැතුව මාස ගාණක් පකීර් වෙලා හිටපු ඔටුවෙකුට දැනුණ හැඟීම මටත් දැනෙන්න ඇති ..

    obawa mathaka wuna oba methana man eka bala iwaraweddi pudumai neh :P :lol::lol:

    මට තේරුනේ නෑනේ උඹ කියපු එක...

    :lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    ළිඳක් ? ඒක කොයිතරම් හොඳ දෙයක්ද . කාන්තාරයේ අතරමං වෙලා වතුර නැතුව මාස ගාණක් පකීර් වෙලා හිටපු ඔටුවෙකුට දැනුණ හැඟීම මටත් දැනෙන්න ඇති ..

    obawa mathaka wuna oba methana man eka bala iwaraweddi pudumai neh :P :lol::lol:

    :D;):sorry:
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ammooo niyama kathawaa haffaaaaa math asawen hirigadu pepena gaman kiyewwa onna:yes::yes::yes::)


    kotu 4ta suba pathum saho:)
    kalin dela hinda danma denna ba:(

    ස්තූතියි සුභ පැතුම් වලට. මේව් වගේ සිද්දි අපි හැමෝටම වගේ වෙලා ඇති...ඒත් ඉතින් හුගක් අය මේවා ටයිප් කරන්න අකමැති කමට නිකන් ඉන්නවා...
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    Meka "hisashasa" blog eke tibunu kathawak.

    http://hisahasa.blogspot.com/2011/08/blog-post.html

    Menna link eka. Meka blog eka liyanne "Sandaru" kiyala sahodarayek. Ithama sundara liweeme hekiyawak tiyena sahodarayek
    :cool::love::yes:.

    අඩේ මරු බ්ලොග් එකක් නේ... ලියනවා කියලා මෙහෙමත් ලියන්න පුලුවන්ද? මචන් මේවා ලියන මේ සහෝදරට බුදු සරණයි කියල තමයි කෙටියෙන් කියන්න තියෙන්නේ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩේ මරු බ්ලොග් එකක් නේ... ලියනවා කියලා මෙහෙමත් ලියන්න පුලුවන්ද? මචන් මේවා ලියන මේ සහෝදරට බුදු සරණයි කියල තමයි කෙටියෙන් කියන්න තියෙන්නේ...
    :yes::yes::yes: