රත්තරං මුද්දක් ගත්ත මගේ කතාව - Gold Ring Purchase Story - 2024 December

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    ආයුබෝවන්ඩ!

    අද ගියා තෑග්ගකට රු.30,000-40,000 අතර මුද්දක් ගන්න කියලා. ක්‍රෙඩිට් කාඩ් වලට ලොකු ලොකු තැන් කීපයක හොද ඩිස්කවුන්ට් තියෙනවා කියලා තිබ්බ නිසා ඒකත් එක්කම ගන්නවා කියලා තමා හිතන් ගියේ එහෙම්ම ගෙවන්න ගන්න පුලුවන් නිසා.

    මුලින්ම ගියේ Vogue එකට. උන්ගෙ ලොකු කලෙක්ශන් එකක් නෑ ඒ ගානට. උන්ගේ පටන් ගන්නෙත් 54000/- ඒකත් කාඩ් වලට ඩිස්කවුන්ට් එක්ක. ඔය කලින් කිව්ව ගානට තිබ්බ මුද්ද ග්‍රෑම් 1.3යි ගානක්. අද රත්තර මිල රු. 24000 ගානක්. එතකොට ඒකේ රත්තරං වටිනාකම ආසන්නව රු. 30000 ගානක් වෙනවා. ඉතුරුවා හදන්න ගිය වියදම සහ අනෙක් එව්ව කියල මන් හිතාගත්තා.

    ගාන වැඩි නිසා මම ගියා සී ස්ට්‍රීට් එකේ රවී එකට. හම්මට එතන තමා බිස්නස් යන්නේ. පට්ට සෙනගක්. බලන් ඉන්න උනේ නෑ එක්කෙනෙක් කතා කරලා මුදු ටිකක් දුන්නා. කලෙක්ශන් එක හොදයි. එතන මුද්දක් තිබ්බා 1.44g එකක් රු.42500 කට දෙන්නම් කිව්වා. ඒක එතකොට රත්තරං වටිනාකම වෙනවා රු. 35000/- විතර. ඉතුරු 7500 හදන්න ගිය වියදම සහ අනෙක් ඒවා කියලා හිතාගත්තා. මගේ කරුමෙට ඒක ගන්න හදද්දි කාඩ් වලින් ගන්න බෑ කිව්වා. :(

    ඒටපස්සේ ගියා මල්ලිකා හේමචන්ද්‍ර එකට. උන්ගෙත් මුදු කලෙක්ශන් එක හොදයි. මෙන්න මුන් කියාපි ක්‍රෙඩිට් කාඩ් එකට 20% ඩිස්කවුන්ට් එකක් එනවා ඒත් කෑශ් ගන්නවා නම් ඊට වඩා ගාන අඩු වෙනවා කියලා. අඩුවෙන ගානත් ක්‍රෙඩිට් කාඩ් එකෙන් අඩුවෙලා එන 65000ක මුද්දක් තව රු.54000 වගේ ගානකට අඩු වෙනවා. එතකොට ක්‍රෙඩිට් කාඩ් වල ඩිස්කවුන්ට් කතන්දරේ තනිකරම බොරුවක්. කොහොමහරි එතන සෙට් වෙච්ච මුද්ද ගහල තිබ්බා 1.188g ඒක රු.47200 කට දාලා දෙන්නම් කිව්වා. හොදම හරිය බිල ගෙනාවට පස්සේ. බිලේ තියෙන්නේ බර 1.08g කියලා. ඊට අමතරව අර කලින් කිව්ව ගානෙන් 7200ක් ම VAT. බර ගැන ඇහුවම කිව්වේ ඒක Wastage එක කියලා ඔහොම එකක්.

    මට තියෙන ප්‍රශ්න. එච්චර වේස්ටේජ් එකක් තියෙන්න පුලුවන්ද? මොකක්ද ඒ කතාව?

    කොහොමහරි තෑග්ගකට මේක ගත්තා මිසක් මුදලේ වටිනාකම අවපතනය වීමට මුහුන දෙන්න කියලා හිතන් තියෙන සල්ලි වලින් මේ ලංකාවේ රත්තරං වල ආයෝජනය කරන එක ප්‍රාය්පොගික නෑ මේ 18% වැට් බද්ද එක්ක. මට මේ ගැන දැනට තියෙන දැනුම අත්දැකීම් එක්ක මගෙ මතය මේක දැන්.


    ආ අර මුද්ද දාල තිබ්බ පෙට්ටිය මේ දැන් මුද්ද බලන්න කියල ඇරලා බැලුවා විතරයි කැඩිලා ගියා. මල්ලිකා ගේ පෙට්ටි පට්ට බාලයි 🤮
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    හොඳ රත්තරං තියෙන්නේ කෝකෙ ද? දන්න කෙනෙක් කියන්න බලන්න.
     
    • Haha
    • Like
    Reactions: imhotep and KAZPER

    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    තව බල්ලෝ ජාතියක් ඉන්නවා ගෙවන්න කාඩ් එක දීපු ගමන් තව 3%කුත් එකතු කරනවා මුළු ගානට. Central bank එකේ නීතිය හරියට ගත්තොත් උන්ට තහනම් එක අපෙන් ගන්න.ගේම ඉල්ලපන් දැකපු තැන.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    තව බල්ලෝ ජාතියක් ඉන්නවා ගෙවන්න කාඩ් එක දීපු ගමන් තව 3%කුත් එකතු කරනවා මුළු ගානට. Central bank එකේ නීතිය හරියට ගත්තොත් උන්ට තහනම් එක අපෙන් ගන්න.ගේම ඉල්ලපන් දැකපු තැන.
    mekanam hamatanama bn. pena hatiyata 3% kagena ganne kiyala law ekak na.
     

    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    mekanam hamatanama bn. pena hatiyata 3% kagena ganne kiyala law ekak na.
    ඒක ගන්නේ ව්‍යාපාරිකයන්ගේ ගාස්තුවෙන්. පැහැදිලිවම ඒක පෙන්නලා තියෙන්නේ මචං.
    Visa\Mastercard\amex ඕනම එකකින් 3% common rate එකක් විදිහට ගන්නවා බැංකුවෙන්.(Low rate තියෙනවා සමහර උන්ට)

    හරියට ගේම ඉල්ලුවොත් අපෙන් ගත්ත 3% මුදලාලිගෙන් අපිට ගන්න පුළුවන් සහ card machine කිසිම බැංකුවකින් ගන්න බැරි වෙන්න කරන්න පුළුවන්
     

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    "ආ අර මුද්ද දාල තිබ්බ පෙට්ටිය මේ දැන් මුද්ද බලන්න කියල ඇරලා බැලුවා විතරයි කැඩිලා ගියා. මල්ලිකා ගේ පෙට්ටි පට්ට බාලයි 🤮"

    :lol::lol::lol:
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Jewellery wala card discount kiyanne patta boruwak. cash deepan un patta ganak adu karanne. man masa 2ta udadi wage Vouge eken pawum 2.5 malayak gatta. 720,000 wage idan un adu karannam kiyala card ekata 618,000 dennam kiwwa. passe cash denawa nam kohomada kiyala un last dennam kiwwa 517,000. mage parana malei athin 145,000 da koheda cash deela man gatte. old chain ekata un hariyatama eda pawume gana adu kala.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    මට තියෙන ප්‍රශ්න. එච්චර වේස්ටේජ් එකක් තියෙන්න පුලුවන්ද? මොකක්ද ඒ කතාව?
    ඔතන මෙහෙම දෙයක් වෙනවා. උන ලග එකම ඩිසයින් එකෙන් කොලිටි දෙකක් තියෙනවා. හොද කොලිටි එක පෙන්නලා පර්චස් කරන එකාගෙ අරමුන බලල ගිෆ්ට් එකක් වගෙ නම් ලො කොලිටි එකට මාරු කරල දෙන්නෙ.
    මගේ යාලුවෙක් දවසක් නිලේකා ගාල්ලෙ එකෙන් මාලයක් ගත්ත කෙල්ලට. ඌ ඒක බලලා සිලෙක්ට් කරලා පැක් කරන්න කියල ඇවිත් රත්තරන් වැඩ කරන එකෙක් එක්කන් ගිහින් ගන්න කලින් බලලා එතකොට තමයි අහුවෙලා තියෙන්නෙ පෙන්නපු එක නෙමෙයි දෙන්න හදල තියෙන්නෙ කියල. ඊට පස්සෙ ඔරිගිනල් එක දීල තිබුනා. :yes: :yes:
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    White gold මුදු ගණන් කොහොමද මචන්? මම අර අපල වලට දාන silver මුද්දක් දාන් ඉන්නවා දැන් කාලෙක ඉඳන්. දැන් ආසයි white gold ring එකක් ගන්න 🙂 (yellow gold රත්තරන් වලට ආස නෑ)
     

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    1.3 ග්‍රෑම් walata ring tiyada ban???????
    0.9g idan wage thiyenwa machan

    ඔතන මෙහෙම දෙයක් වෙනවා. උන ලග එකම ඩිසයින් එකෙන් කොලිටි දෙකක් තියෙනවා. හොද කොලිටි එක පෙන්නලා පර්චස් කරන එකාගෙ අරමුන බලල ගිෆ්ට් එකක් වගෙ නම් ලො කොලිටි එකට මාරු කරල දෙන්නෙ.
    මගේ යාලුවෙක් දවසක් නිලේකා ගාල්ලෙ එකෙන් මාලයක් ගත්ත කෙල්ලට. ඌ ඒක බලලා සිලෙක්ට් කරලා පැක් කරන්න කියල ඇවිත් රත්තරන් වැඩ කරන එකෙක් එක්කන් ගිහින් ගන්න කලින් බලලා එතකොට තමයි අහුවෙලා තියෙන්නෙ පෙන්නපු එක නෙමෙයි දෙන්න හදල තියෙන්නෙ කියල. ඊට පස්සෙ ඔරිගිනල් එක දීල තිබුනා. :yes: :yes:
    Meka hama thanama wena seen ekak da?
    ------ Post added on Dec 26, 2024 at 9:39 PM
     
    • Like
    Reactions: Nidarshana_k