කොන්ඩේ සුදු වෙච්ච නාකි පොරක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    කොන්ඩේ සුදු වෙච්ච
    නාකි පොරක්
    එක සිකුරාදා දවසක
    හවස හතහමාරට විතර

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ජුවලරි ෂොප් එකකට ගොඩ වැදුනලු. මෑන්ස් ආවේ තනියෙම නෙවෙයි, තරුණ ලස්සන කෙල්ලෙකුත්අතින් අල්ලන්. මිනිහට ඕනේ උනා මේ කෙල්ලට ලස්සන මුද්දක් අරන් දෙන්න.
    “අරන් එන්න බලන්න ඔයාලා ළඟ තියෙන ස්පෙෂල් මුද්දක්. මට ගන්න ඕනේ එකක්!”
    නාකි අංකල් සාප්පුවේ ලොක්කට කිව්වා.
    වචනේ ගැලවිච්ච ගමන්ම සාප්පුවේ මෑන් ගිහින් උස්සන් ආවා එළට් මුද්දක්. ගාණ ගහලා තියෙනවා ලක්ෂ 10ක් කියලා. නාකි
    මෑන්ස්ගේ මූණ අඳුරු උනා.
    “මං හිතන්නේ ඔහේට තේරෙන්නේ නෑ ස්පෙෂල් කියන වචනේ තේරුම? මීට වඩා හොඳ මුද්දක් නැද්ද? අංකල් සද්දේ දාලා ඇහුවා. ඒ පාර සාප්පුවේ මෑන් නැගිටලා ගිහිල්ලා ගෙනාවා සුපිරි මුද්දක්, “මෙන්න සර්, මේක නම් අති විශිෂ්ඨයි. මේකේ ගාණ ලක්ෂ 50ක්.”
    මුද්දේ ලස්සනට වඩා ගාණ ගැන කෙල්ල ගොඩක් කැළඹුනා. කෙල්ලව වෙව්ලන්නත් ගත්තා. නාකි මෑන්ස් නෙවෙයි සැලුනේ, “මම මේ මුද්ද ගන්නවා!” පොර ස්ථීරවම කිව්වා.
    “සර් කොහොමද පේමන්ට් එක කරන්නේ? කෑෂ්ද, ක්‍රෙඩිට් කාඩ් එකෙන්ද එහෙම නැත්නම් චෙක් එකකින්ද?” සාප්පු කාරයා ඇහුවා.
    “මං චෙක් එකකින් ගෙවන්නම්. ඒත් ඔහේට සැකයි වගේ නේද? කමක් නෑ.
    මං දැන් චෙක් එක ඔහෙට දීලා යනවා. ඔහේ සඳුදා උදේට බෑන්ක් එකට කතාකරලා කන්ෆර්ම් කරගෙන මට කෝල් එකක් දෙනවකෝ. එතකොට මං සඳුදා උදේට ඇවිත් මේ මුද්ද අරන් යන්නම්.”

    එහෙම කියපු නාකි මෑන් කබායෙන් චෙක් පොත අරන් එවෙලෙම රුපියල් ලක්ෂ පනහකට චෙක් එකක් ලියලා සාප්පුවේ ලොක්කට දුන්නා.ඊට පස්සේ කෙල්ලගේ
    අතින් අල්ලන් බොහොම උජාරුවෙන් සාප්පුවෙන් පිටත් උනා. කෙල්ලත් ආවට වඩා ආදරෙන් නාකි මෑන්ගේ අතේ එල්ලිලා ගියා.
    සඳුදා උදේ ටිකක් අප්සෙට් මූඩ් එකෙන් ජුවලරි ෂොප් එකේ ලොක්කා නාකි මෑන්ස්ට කෝල් එකක් ගත්තා, “සර්, හරි වැඩේනේ. බැංකුවෙන් ඇහුවම කියනවා සර්ගේ
    එකවුන්ට් එකේ සල්ලි නෑ කියලා. දැන් මොකද කරන්නේ?”
    “මම දන්නවා!” නාකි මෑන් අර නොසැලෙන ස්වරයෙන් කිව්වා,
    ” ඒ උනාට තමුසේ හිතලා බලනවකෝ ඒ චෙක් එක හින්දා මං සති අන්තේ කොයි තරම්
    ආතල් එකක් ගන්න ඇතිද කියලා!”
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,929
    113
    එකමත් එක රටක
    නාකි පොර රනිල් ද ? කෙල්ල රාජ්‍ය සේවකයා ද ? ආතල් එක තැපල් චන්ද ද ? 🥱

    ඔය කිව්වට නාකි බුවා ට නගින්නේ නැති නිසා ආතල් ගන්න බැරි වෙන්න ඇති . :rofl:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    නාකි පොර රනිල් ද ? කෙල්ල රාජ්‍ය සේවකයා ද ? ආතල් එක තැපල් චන්ද ද ? 🥱

    ඔය කිව්වට නාකි බුවා ට නගින්නේ නැති නිසා ආතල් ගන්න බැරි වෙන්න ඇති . :rofl:
    අවුරුදු 10 කට කලින් කවුරු හරි share කරපු කතා වක් 🥴