රත්තරං මුද්දක් ගත්ත මගේ කතාව - Gold Ring Purchase Story - 2024 December

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    ආයුබෝවන්ඩ!

    අද ගියා තෑග්ගකට රු.30,000-40,000 අතර මුද්දක් ගන්න කියලා. ක්‍රෙඩිට් කාඩ් වලට ලොකු ලොකු තැන් කීපයක හොද ඩිස්කවුන්ට් තියෙනවා කියලා තිබ්බ නිසා ඒකත් එක්කම ගන්නවා කියලා තමා හිතන් ගියේ එහෙම්ම ගෙවන්න ගන්න පුලුවන් නිසා.

    මුලින්ම ගියේ Vogue එකට. උන්ගෙ ලොකු කලෙක්ශන් එකක් නෑ ඒ ගානට. උන්ගේ පටන් ගන්නෙත් 54000/- ඒකත් කාඩ් වලට ඩිස්කවුන්ට් එක්ක. ඔය කලින් කිව්ව ගානට තිබ්බ මුද්ද ග්‍රෑම් 1.3යි ගානක්. අද රත්තර මිල රු. 24000 ගානක්. එතකොට ඒකේ රත්තරං වටිනාකම ආසන්නව රු. 30000 ගානක් වෙනවා. ඉතුරුවා හදන්න ගිය වියදම සහ අනෙක් එව්ව කියල මන් හිතාගත්තා.

    ගාන වැඩි නිසා මම ගියා සී ස්ට්‍රීට් එකේ රවී එකට. හම්මට එතන තමා බිස්නස් යන්නේ. පට්ට සෙනගක්. බලන් ඉන්න උනේ නෑ එක්කෙනෙක් කතා කරලා මුදු ටිකක් දුන්නා. කලෙක්ශන් එක හොදයි. එතන මුද්දක් තිබ්බා 1.44g එකක් රු.42500 කට දෙන්නම් කිව්වා. ඒක එතකොට රත්තරං වටිනාකම වෙනවා රු. 35000/- විතර. ඉතුරු 7500 හදන්න ගිය වියදම සහ අනෙක් ඒවා කියලා හිතාගත්තා. මගේ කරුමෙට ඒක ගන්න හදද්දි කාඩ් වලින් ගන්න බෑ කිව්වා. :(

    ඒටපස්සේ ගියා මල්ලිකා හේමචන්ද්‍ර එකට. උන්ගෙත් මුදු කලෙක්ශන් එක හොදයි. මෙන්න මුන් කියාපි ක්‍රෙඩිට් කාඩ් එකට 20% ඩිස්කවුන්ට් එකක් එනවා ඒත් කෑශ් ගන්නවා නම් ඊට වඩා ගාන අඩු වෙනවා කියලා. අඩුවෙන ගානත් ක්‍රෙඩිට් කාඩ් එකෙන් අඩුවෙලා එන 65000ක මුද්දක් තව රු.54000 වගේ ගානකට අඩු වෙනවා. එතකොට ක්‍රෙඩිට් කාඩ් වල ඩිස්කවුන්ට් කතන්දරේ තනිකරම බොරුවක්. කොහොමහරි එතන සෙට් වෙච්ච මුද්ද ගහල තිබ්බා 1.188g ඒක රු.47200 කට දාලා දෙන්නම් කිව්වා. හොදම හරිය බිල ගෙනාවට පස්සේ. බිලේ තියෙන්නේ බර 1.08g කියලා. ඊට අමතරව අර කලින් කිව්ව ගානෙන් 7200ක් ම VAT. බර ගැන ඇහුවම කිව්වේ ඒක Wastage එක කියලා ඔහොම එකක්.

    මට තියෙන ප්‍රශ්න. එච්චර වේස්ටේජ් එකක් තියෙන්න පුලුවන්ද? මොකක්ද ඒ කතාව?

    කොහොමහරි තෑග්ගකට මේක ගත්තා මිසක් මුදලේ වටිනාකම අවපතනය වීමට මුහුන දෙන්න කියලා හිතන් තියෙන සල්ලි වලින් මේ ලංකාවේ රත්තරං වල ආයෝජනය කරන එක ප්‍රාය්පොගික නෑ මේ 18% වැට් බද්ද එක්ක. මට මේ ගැන දැනට තියෙන දැනුම අත්දැකීම් එක්ක මගෙ මතය මේක දැන්.

    ආ අර මුද්ද දාල තිබ්බ පෙට්ටිය මේ දැන් මුද්ද බලන්න කියල ඇරලා බැලුවා විතරයි කැඩිලා ගියා. මල්ලිකා ගේ පෙට්ටි පට්ට බාලයි 🤮
    Uba kadi aran walalu hadapan labai
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,782
    113
    Gampaha
    මේකෙ තියෙන කමෙන්ට්ස් බහුතරයක් කිසිම තේරුමක් නැති දේවල්.
    ක්‍රෙඩිට් කාඩ කියන්නෙ තනිකරම බොරුවක් ජුවලරි ශොප් වල. ඊලගට උන් ඩිස්කවුන්ට් කියල ලොකුවට කියන්නෙත් උන්ගෙ හැදුම්කුලී වලට. ඒ උනාට ඒ හැදුම්කුලී ඔක්කොම රන් මිලට දාල තියෙන්නෙ.
    1.08g = 47,200 පවුම 210,00 න් දීල තියෙන්නෙ ඒක හොද මිලක්. සාමාන්‍යයෙන් අපි විකුනන්නෙ 208,000 න් මේ දවස්වල. හදනකොට wastage යනව. ඒ කියන්නෙ පොඩ්ඩක් අහක යනව. ඊට අමතරව හැදුම් කුලී යනව. ඊට අමතර ලාබෙත් එකතුකරල තමා ඔය ගාන වෙන්නෙ. එහෙම රත්තරන් මාරු කරන්නෙ නෑ. මුඩුක්කු කඩවලට ගියපු උන් කියන කතා ඕව. අනික බැංකුවකින් කවදාවත් රත්තරන් කොලිටි එක හරියටම මනින්න බෑ. රෆ්ලි නම් හොයා ගන්න පුලුවන්. 6 වසරෙදි ඉගැන්නුව ආකිමිඩීස් තියරියෙන් බැංකුව බලන්නෙ. ඩෙන්සි මීටරය. ඉතින් ලොකු එරර් රේට් එකක් තියෙනව.

    කාඩ් වලින් 3% ගත්ත කියල ලොකු ලබ්බක් නෑ. අපි බැංකුවෙන් ඇහුවාම උන් කියන්නෙ ඔයා කැමති දෙයක් කරගන්න කියල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    කොහෙන් ගත්තත් මේ වගේ ටෙස්ට් රෙපොට් එකක් එක්ක ඉල්ලාපන් , නට්ටන් සතපහකට සුවර් කරන්න බැ දැන් ඉන්න උන්ව

    ලඟ තියෙන රත්තරන් බඩු වලටත් මෙහෙම ටෙස්ට් රිපෝර්ට් ගන්න පුලුවන්ද? එහෙම ගන්න පුලුවන් නම් කීයක්‍ යනවද රිපෝට් එකකට? උන් එතකොට ඒ වෙලාවෙ තියෙන වටිනාකමට කියනවද භාන්ඩෙ වටිනාකම?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලඟ තියෙන රත්තරන් බඩු වලටත් මෙහෙම ටෙස්ට් රිපෝර්ට් ගන්න පුලුවන්ද? එහෙම ගන්න පුලුවන් නම් කීයක්‍ යනවද රිපෝට් එකකට? උන් එතකොට ඒ වෙලාවෙ තියෙන වටිනාකමට කියනවද භාන්ඩෙ වටිනාකම?
    හෙට්ටිවීදියේ චෙක් කරන තැන් තියෙනවා , rs 300ක් විතර වෙන්නේ karat ගානයි බරයි දැනගත්තම අපිටම වටිනාකම හිතාගන්න පුළුවන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    හෙට්ටිවීදියේ චෙක් කරන තැන් තියෙනවා , rs 300ක් විතර වෙන්නේ karat ගානයි බරයි දැනගත්තම අපිටම වටිනාකම හිතාගන්න පුළුවන්

    ඕක උස්සන් ඉතින් හෙට්ටිවීදියේ තැනකටම පලකො.. 😣
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔව්. මහ ලොකු ජුවලරි ෂෝප්වල තියන බඩුවල තත්ත්වේ බැංකුවක උකස් අංශයේ වැඩ කරන එකෙක්ගෙන් ඇහුවොත් හොදට කියලා දෙනවා. උබලත් මොන ජුවලරි ගත්තත් බැංකුවකට දීලා චෙක් කර ගනින්. උන් මේකේ ඇත්ත වටිනාකම කියනවා. හැබැයි වෝග් එකේ බඩු ගාණ වැඩි උනාට, ඇත්තම රත්තරං ප්‍රමාණය හරියටම තියනවා.

    අපේ මගුල් මාලෙ ගත්තෙ වෝග් එකෙන්. ගල් අල්ලපු එකක්. උන්ගෙ බිල් එකේ ඔක්කොම ඩීටේල් එක්ක බිල් එක දුන්නෙ. රන් බර සහ ගල්වල බර වෙනම. 2011 දි. 1,20 ක් කිව්ව එක 90කටද කොහෙද දුන්න. ඒ කාලෙ පවුමක් 38-40 අතර ගානක් වගේ මතක
     
    • Like
    Reactions: KAZPER

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මේකෙ තියෙන කමෙන්ට්ස් බහුතරයක් කිසිම තේරුමක් නැති දේවල්.
    ක්‍රෙඩිට් කාඩ කියන්නෙ තනිකරම බොරුවක් ජුවලරි ශොප් වල. ඊලගට උන් ඩිස්කවුන්ට් කියල ලොකුවට කියන්නෙත් උන්ගෙ හැදුම්කුලී වලට. ඒ උනාට ඒ හැදුම්කුලී ඔක්කොම රන් මිලට දාල තියෙන්නෙ.
    1.08g = 47,200 පවුම 210,00 න් දීල තියෙන්නෙ ඒක හොද මිලක්. සාමාන්‍යයෙන් අපි විකුනන්නෙ 208,000 න් මේ දවස්වල. හදනකොට wastage යනව. ඒ කියන්නෙ පොඩ්ඩක් අහක යනව. ඊට අමතරව හැදුම් කුලී යනව. ඊට අමතර ලාබෙත් එකතුකරල තමා ඔය ගාන වෙන්නෙ. එහෙම රත්තරන් මාරු කරන්නෙ නෑ. මුඩුක්කු කඩවලට ගියපු උන් කියන කතා ඕව. අනික බැංකුවකින් කවදාවත් රත්තරන් කොලිටි එක හරියටම මනින්න බෑ. රෆ්ලි නම් හොයා ගන්න පුලුවන්. 6 වසරෙදි ඉගැන්නුව ආකිමිඩීස් තියරියෙන් බැංකුව බලන්නෙ. ඩෙන්සි මීටරය. ඉතින් ලොකු එරර් රේට් එකක් තියෙනව.

    කාඩ් වලින් 3% ගත්ත කියල ලොකු ලබ්බක් නෑ. අපි බැංකුවෙන් ඇහුවාම උන් කියන්නෙ ඔයා කැමති දෙයක් කරගන්න කියල.
    Gold business eketh innawada?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    dan ring ekak mona ekada hoda, 18 kt ewath lassana ewa tiyenawa.

    Devi ekata giya nam hari.. man credit card eken gevanna gaththe interest free. .
    mokakda gatte.. pic dannako
    ------ Post added on Jan 3, 2025 at 1:23 AM
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Oya welawata card eken cash advance karala, Ravi eken cash deela gatthanan labai neda. cash advance ekakata card eken wadipura kapenne 5% maximum.
     
    • Like
    Reactions: KAZPER

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    "ආ අර මුද්ද දාල තිබ්බ පෙට්ටිය මේ දැන් මුද්ද බලන්න කියල ඇරලා බැලුවා විතරයි කැඩිලා ගියා. මල්ලිකා ගේ පෙට්ටි පට්ට බාලයි 🤮"

    Animated GIF
     
    • Haha
    Reactions: KAZPER