රත්තරන් ප්ලැටිනම් ඉස්තරම් කියලා හිතන ලෝක
පෙනුමින් රිදී පාටට තිබ්බට මේ ලෝහය වටිනාකමින් රත්තරන් වලටත් වඩා වැඩියි. එහෙම උනාට මේ ලිපිය ලියන මොහොත වෙනකොට නම් ප්ලැටිනම් වල වෙළඳපොළ වටිනාකම රත්රන් වලට වඩා තරමක් අඩු අගයකයි පවතින්නෙ. කවුද දන්නේ, හෙට අනිද්දට ආයෙමත් රත්රන් පරද්දල ප්ලැටිනම් උඩට එන්න ඉඩ තියනවා. කොහොම වෙතත් ලංකාවේ නම් ඉහල මධ්‍යම පන්තිය බොහොම ආදරෙන් තමන්ගේ ආභරණ තනාගන්නට මෙය භාවිතා කරනවා. කතාවට නම් කියන්නේ සාමාන්‍ය විසිත්ත කාමරයක් පුරවන්නට විතරයි ලෝකේ ප්ලැටිනම් තියෙන්නේ කියලා. තවම ලංකාවේ ගොඩක් අය ලෝහයක් විදියට ප්ලැටිනම් වල වටිනාකම දන්නේ නැහැ. සමහරවිට උකස් තියන්න බැරි නිසා වෙන්න ඇති.
ග්‍රෑම් 01 ක මිල (දළ වශයෙන්) : රු. 4558
මිනිසාගේ රත්තරන් භාවිතය ගැන ඉතිහාසය හාරන්නට පටන් ගත්තොත් නිමක් නැති අතීතයක් තමයි හමුවෙන්නේ. ලෝහයකට වන්දනාමාන කල අතීතයක් තිබෙනවා නම් එහෙව් අතීතයක් තිබෙන්නේ රත්තරන් වලට තමයි.වසර බිලියන 4කටත් එපිට පෘථිවිය නිර්මාණය වෙද්දී එහි තිබූ රත්රන් ඇතුලු ලෝහ බොහොමයක් පෘථිවියේ ගැඹුරු අභ්‍යන්තරයේ නිදන් වෙලයි පවතින්නේ.නමුත් පොලොව මතුපිට කැණීම් මගින් සොයාගත හැකි රත්රන් මෙලොවට පැමිණ තියෙන්නේ පෘථිවියේ උපතින් වසර මිලියන 200කට විතර පස්සේ ඇතිවුණ විශාල උල්කාපාත වර්ෂාවක් හේතුවෙන් කියලයි විද්‍යාඥයො විශ්වාස කරන්නෙ.මෙහෙම වටිනාකමක් ඇති රත්තරං ලෝකයේ තිබෙන්නේ ඔලිම්පික් පිහිනුම් තටාක 3.25ක් පිරෙන ප්‍රමාණයක්ලු .කොහොම වෙතත් මේ රත්තරන් ප්‍රමාණය කොතරම්ද කියන එක ගැන තියෙන්නෙ එකිනෙකට වෙනස් ඇස්තමේන්තුවක් තමයි. අඩුම වශයෙන් ලෝකය තුල රත්රන් ටොන් එක්ලක්ෂ පනස් දහසක් වගේ ප්‍රමාණයක් තියන බව සමහරු කියද්දි, තවත් සමහරුන්ට අනුව ඒ ප්‍රමාණය ටොන් මිලියන 2.5ක් පමණ ඉහල අගයක් ගන්නවා.
ග්‍රෑම් 01 ක මිල (දළ වශයෙන්) : රු. 6600
රයිනෝවන්ගේ අඟ වෛද්‍යමය අවශ්‍යතාවන් සඳහා භාවිතා වෙන අතර බොහෝ වාජීකරණ බෙහෙත් සඳහා රයිනෝ අඟෙහි කුඩු භාවිතා වෙනවා. ලොව රතු දත්ත පොතට ඇතුලත්ව සිටින රයිනෝ සතුන් රැක ගැනීමට ස්වේච්ඡා සංවිධාන පවා බිහිවී තිබෙනවා.
ග්‍රෑම් 01 ක මිල (දළ වශයෙන්) : රු.10,000
මෙතම්ෆෙටමින් හෙවත් ක්‍රිස්ටල් මෙත් කියන්නේ කොකේන් වගේම මත්ද්‍රව්‍යයක්. ලංකාවේ එතරම් ප්‍රසිද්ධ නැතිවුනත් විදේශවල වසංගතයක් තරමට පැතිරිලා තිබෙන මේ ක්‍රිස්ටල් මෙත් නිසා වසරකට තරුණ ජීවිත දහස් ගණනක් අහිමිවෙන බව පැවසෙනවා. 1881 පමණ ඈත කාලයකදී නිපදවා ඇති මෙය භාවිතා කර ඇත්තේ නිද්‍රාශීලි බව නැතිකරන බෙහෙතක් වශයෙන්ලු.
ග්‍රෑම් 01 ක මිල (දළ වශයෙන්) : රු.12,000
කොකේන් කියන්නෙත් ක්‍රිස්ටල් මෙත් වගේම සහ ඊට වඩා මිලෙන් අධික මත්ද්‍රව්‍යක්. දකුණු ඇමරිකාවේ වැවෙන කොකා ශාකයෙන් ගන්නා අමුද්‍රව්‍ය වලින් තැනෙන මේ මත්ද්‍රව්‍ය මුලින්ම ජනතාව අතරට එන්නේ බෙහෙත් වර්ගයක් විදියටයි.
ග්‍රෑම් 01 ක මිල (දළ වශයෙන්) : රු.13,000
ප්ලූටෝනියම් කියන්නේ බොහොම විකිරණශිලී ලෝහයක්. අධික ශක්තියක් නිපදවන්න පුළුවන් මේ ලෝහය පරමාණු බෝම්බ සඳහා භාවිතා කරන බව කියවෙනවා. 1945දී ජපානයේ නාගසාකි නගරය වෙතට ඇමරිකාව විසින් හෙලන ලද “Fat Man” බෝම්බය සඳහා භාවිතා කර ඇත්තේ වර්ග සෙන්ටිමීටරයක් තරම් කුඩා ප්ලූටෝනියම් ප්‍රමාණයකුයි.
ග්‍රෑම් 01 ක මිල (දළ වශයෙන්) : රු.611000
අතිශය දුර්ලභ මේ පාෂාණ වර්ගය ලෝකේ තිබෙන බව දන්නෙත් කිහිප දෙනයි කියලයි කියන්නේ. තැඹිලි සහ රතු මිශ්‍ර දුඹුරු පැහැයක් තිබෙන මේ පාෂාණය විද්‍යාඥයින් සොයාගන්නේ 1950 ගණන් වලදීයි. ඔවුන් පවසන ආකාරයට මේ වර්ගයේ පාෂාණ පළමුවෙන්ම හමුවී ඇත්තේ මියන්මාරයෙන්ලු.
ග්‍රෑම් 01 ක මිල (දළ වශයෙන්) : රු.1,375,000.00
ටාෆෙයිට් කියන්නේ නිල්සහ රතු මිශ්‍ර වර්ණ සහිත කිරින්චි වර්ගයකටයි. ආලෝක කදම්බයක් එල්ල කලවිට ඇතිවන ද්විත්ව වර්තනය වීම් නිසා ඔවුන් මෙය සාමාන්‍ය කිරිංචි වර්ගයක් ලෙස වර්ගීකරණය කලත් පසුව එහි පවතින සුවිශේෂී බව නිසා මේ සොයාගෙන තිබෙන්නේ ලොව පවතින දුර්ලභම කිරින්චි වර්ගයක් බව තේරුම් අරන් තිබෙනවා. මෙන්න මේ හේතු නිසා ලොව පුරා මැණික් එකතුකරන්නන්ගේ ප්‍රධාන සිහින වලින් එකක් ලෙස ටෆෙයිට් පාෂාණයක් සොයා ගැනීම පෙන්වා දෙන්නට පුලුවන්.
ග්‍රෑම් 01 ක මිල (දළ වශයෙන්) : රු.3,051,800.00
කැරට් 01 ක මිල : රු.610360.00
වෙන මොනවත් අටුවා ටීකා ටිප්පනි මොකටද මෙතෙක් කාලයක් ලොව සොයාගෙන තිබෙන ශක්තිමත්ම කාබනික බන්ධනයක් තිබෙන මේ පාෂාණය කිසිවකින් බිඳ හෙලන්නට නොහැකි බව පැවසෙනවා. ඒ වගේම දියමන්තියක් කපන්නට භාවිතා කරන්නේ දියමන්තියක් පමණක් බවද පැවසෙනවා.
ග්‍රෑම් 01ක මිල (දළ වශයෙන්) : රු. 8,400,000.00
කැලිෆෝර්නියම් ගැන කියන්නට හැකි පහසුම කෙටිම ක්‍රමය තමයි රසායනාගාර පරිසරයක නිර්මාණය කල ලොව වටිනාම රසායනික මුලද්‍රව්‍යය යනුවෙන් එය හඳුන්වා දීම. එයට මේ නම ලැබෙන්නේ මේ සොයාගැනීම කරන විශ්වවිද්‍යාලය පිහිටා තිබෙන්නේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ නිසාවෙන්.
කැරට් 01 ක මිල : රු. මිලියන 4122
මේ ලෝකයේ ඇති වටිනාම වස්තුව හැටියටයි මේ ප්‍රතිපදාර්ථය හෙවත් ඇන්ටි මැටර් හැඳින්වෙන්නේ. සාමාන්‍ය පදාර්ථයට විරුද්ධ ලෙසින් ප්රතිඅංශු වලින් සමන්විතව තමයි මේ ප්‍රතිපදාර්ථය පවතින්නෙ. මෙය අනාගතයේ අභ්‍යවකාශ යානා වලට ඉන්ධන සඳහා යොදාගැනීමට හැකිවේයයි මතයක් තිබුණත්, ප්‍රති පදාර්ථයේ ඇති දුර්ලභ බව නිසාම එය සැබෑවක් කරගන්න හැකි වේවිද යන්න සැක සහිතයි.
ග්‍රෑම් එකක මිල (දළ වශයෙන්) : රු. ට්‍රිලියන 9543
රත්තරන් ප්ලැටිනම් ඉස්තරම් කියලා හිතන ලෝකේ ඇත්තෝ මේ වටිනාම ද්‍රව්‍ය ගැනත් දන්නවා නම්?
අපි කතාවට අපි ආදරේ කරන අයව හඳුන්වන්නේ “රත්තරන්” එහෙම නැත්තම් “මැණික් කැටේ” කියලානේ. ඒ මුළු ලෝකෙන්ම වටිනාකමින් වැඩිම දේවල් විදියට ඒව ගැන අපි හිතාගෙන ඉන්න නිසයි. ඒ වුනත් අපි පොඩ්ඩක් අන්තර්ජාලේ කරක් ගහනකොට අපිට දැනගන්න ලැබුණා රත්තරන් මැණික් වලටත් වඩා වටිනා දේවල් ගොඩක් මේ ලෝකේ තියෙනවා කියලා අපි නොදන්නවා වුනාට.
ඉතින් මෙන්න මේ නිසා අපි රත්තරනුත් අපේ ලිස්ට් එකට එක්කහු කරගෙන අර කියපු වටිනා ද්‍රව්‍යත් එක ලැයිස්තුවකට අරගෙන ඔබ වෙතට ගේන්න හිතුවා මෙන්න මේ විදියට.

1. ප්ලැටිනම් (Platinum)
පෙනුමින් රිදී පාටට තිබ්බට මේ ලෝහය වටිනාකමින් රත්තරන් වලටත් වඩා වැඩියි. එහෙම උනාට මේ ලිපිය ලියන මොහොත වෙනකොට නම් ප්ලැටිනම් වල වෙළඳපොළ වටිනාකම රත්රන් වලට වඩා තරමක් අඩු අගයකයි පවතින්නෙ. කවුද දන්නේ, හෙට අනිද්දට ආයෙමත් රත්රන් පරද්දල ප්ලැටිනම් උඩට එන්න ඉඩ තියනවා. කොහොම වෙතත් ලංකාවේ නම් ඉහල මධ්‍යම පන්තිය බොහොම ආදරෙන් තමන්ගේ ආභරණ තනාගන්නට මෙය භාවිතා කරනවා. කතාවට නම් කියන්නේ සාමාන්‍ය විසිත්ත කාමරයක් පුරවන්නට විතරයි ලෝකේ ප්ලැටිනම් තියෙන්නේ කියලා. තවම ලංකාවේ ගොඩක් අය ලෝහයක් විදියට ප්ලැටිනම් වල වටිනාකම දන්නේ නැහැ. සමහරවිට උකස් තියන්න බැරි නිසා වෙන්න ඇති.
ග්‍රෑම් 01 ක මිල (දළ වශයෙන්) : රු. 4558
2. රත්තරන් (Gold)
මිනිසාගේ රත්තරන් භාවිතය ගැන ඉතිහාසය හාරන්නට පටන් ගත්තොත් නිමක් නැති අතීතයක් තමයි හමුවෙන්නේ. ලෝහයකට වන්දනාමාන කල අතීතයක් තිබෙනවා නම් එහෙව් අතීතයක් තිබෙන්නේ රත්තරන් වලට තමයි.වසර බිලියන 4කටත් එපිට පෘථිවිය නිර්මාණය වෙද්දී එහි තිබූ රත්රන් ඇතුලු ලෝහ බොහොමයක් පෘථිවියේ ගැඹුරු අභ්‍යන්තරයේ නිදන් වෙලයි පවතින්නේ.නමුත් පොලොව මතුපිට කැණීම් මගින් සොයාගත හැකි රත්රන් මෙලොවට පැමිණ තියෙන්නේ පෘථිවියේ උපතින් වසර මිලියන 200කට විතර පස්සේ ඇතිවුණ විශාල උල්කාපාත වර්ෂාවක් හේතුවෙන් කියලයි විද්‍යාඥයො විශ්වාස කරන්නෙ.මෙහෙම වටිනාකමක් ඇති රත්තරං ලෝකයේ තිබෙන්නේ ඔලිම්පික් පිහිනුම් තටාක 3.25ක් පිරෙන ප්‍රමාණයක්ලු .කොහොම වෙතත් මේ රත්තරන් ප්‍රමාණය කොතරම්ද කියන එක ගැන තියෙන්නෙ එකිනෙකට වෙනස් ඇස්තමේන්තුවක් තමයි. අඩුම වශයෙන් ලෝකය තුල රත්රන් ටොන් එක්ලක්ෂ පනස් දහසක් වගේ ප්‍රමාණයක් තියන බව සමහරු කියද්දි, තවත් සමහරුන්ට අනුව ඒ ප්‍රමාණය ටොන් මිලියන 2.5ක් පමණ ඉහල අගයක් ගන්නවා.
ග්‍රෑම් 01 ක මිල (දළ වශයෙන්) : රු. 6600
3. රයිනෝ අඟ (Rhinoceros’s Horn)
රයිනෝවන්ගේ අඟ වෛද්‍යමය අවශ්‍යතාවන් සඳහා භාවිතා වෙන අතර බොහෝ වාජීකරණ බෙහෙත් සඳහා රයිනෝ අඟෙහි කුඩු භාවිතා වෙනවා. ලොව රතු දත්ත පොතට ඇතුලත්ව සිටින රයිනෝ සතුන් රැක ගැනීමට ස්වේච්ඡා සංවිධාන පවා බිහිවී තිබෙනවා.
ග්‍රෑම් 01 ක මිල (දළ වශයෙන්) : රු.10,000
4. මෙතම්ෆෙටමීන් (Methamphetamine)
මෙතම්ෆෙටමින් හෙවත් ක්‍රිස්ටල් මෙත් කියන්නේ කොකේන් වගේම මත්ද්‍රව්‍යයක්. ලංකාවේ එතරම් ප්‍රසිද්ධ නැතිවුනත් විදේශවල වසංගතයක් තරමට පැතිරිලා තිබෙන මේ ක්‍රිස්ටල් මෙත් නිසා වසරකට තරුණ ජීවිත දහස් ගණනක් අහිමිවෙන බව පැවසෙනවා. 1881 පමණ ඈත කාලයකදී නිපදවා ඇති මෙය භාවිතා කර ඇත්තේ නිද්‍රාශීලි බව නැතිකරන බෙහෙතක් වශයෙන්ලු.
ග්‍රෑම් 01 ක මිල (දළ වශයෙන්) : රු.12,000
5. කොකේන් (Cocaine)
කොකේන් කියන්නෙත් ක්‍රිස්ටල් මෙත් වගේම සහ ඊට වඩා මිලෙන් අධික මත්ද්‍රව්‍යක්. දකුණු ඇමරිකාවේ වැවෙන කොකා ශාකයෙන් ගන්නා අමුද්‍රව්‍ය වලින් තැනෙන මේ මත්ද්‍රව්‍ය මුලින්ම ජනතාව අතරට එන්නේ බෙහෙත් වර්ගයක් විදියටයි.
ග්‍රෑම් 01 ක මිල (දළ වශයෙන්) : රු.13,000
6. ප්ලූටෝනියම් (Plutonium)
ප්ලූටෝනියම් කියන්නේ බොහොම විකිරණශිලී ලෝහයක්. අධික ශක්තියක් නිපදවන්න පුළුවන් මේ ලෝහය පරමාණු බෝම්බ සඳහා භාවිතා කරන බව කියවෙනවා. 1945දී ජපානයේ නාගසාකි නගරය වෙතට ඇමරිකාව විසින් හෙලන ලද “Fat Man” බෝම්බය සඳහා භාවිතා කර ඇත්තේ වර්ග සෙන්ටිමීටරයක් තරම් කුඩා ප්ලූටෝනියම් ප්‍රමාණයකුයි.
ග්‍රෑම් 01 ක මිල (දළ වශයෙන්) : රු.611000
7. පේනයිට් (Painite)
අතිශය දුර්ලභ මේ පාෂාණ වර්ගය ලෝකේ තිබෙන බව දන්නෙත් කිහිප දෙනයි කියලයි කියන්නේ. තැඹිලි සහ රතු මිශ්‍ර දුඹුරු පැහැයක් තිබෙන මේ පාෂාණය විද්‍යාඥයින් සොයාගන්නේ 1950 ගණන් වලදීයි. ඔවුන් පවසන ආකාරයට මේ වර්ගයේ පාෂාණ පළමුවෙන්ම හමුවී ඇත්තේ මියන්මාරයෙන්ලු.
ග්‍රෑම් 01 ක මිල (දළ වශයෙන්) : රු.1,375,000.00
8. ටාෆෙයිට් (Taaffeite)
ටාෆෙයිට් කියන්නේ නිල්සහ රතු මිශ්‍ර වර්ණ සහිත කිරින්චි වර්ගයකටයි. ආලෝක කදම්බයක් එල්ල කලවිට ඇතිවන ද්විත්ව වර්තනය වීම් නිසා ඔවුන් මෙය සාමාන්‍ය කිරිංචි වර්ගයක් ලෙස වර්ගීකරණය කලත් පසුව එහි පවතින සුවිශේෂී බව නිසා මේ සොයාගෙන තිබෙන්නේ ලොව පවතින දුර්ලභම කිරින්චි වර්ගයක් බව තේරුම් අරන් තිබෙනවා. මෙන්න මේ හේතු නිසා ලොව පුරා මැණික් එකතුකරන්නන්ගේ ප්‍රධාන සිහින වලින් එකක් ලෙස ටෆෙයිට් පාෂාණයක් සොයා ගැනීම පෙන්වා දෙන්නට පුලුවන්.
ග්‍රෑම් 01 ක මිල (දළ වශයෙන්) : රු.3,051,800.00
කැරට් 01 ක මිල : රු.610360.00
9. දියමන්ති (Diamond)
වෙන මොනවත් අටුවා ටීකා ටිප්පනි මොකටද මෙතෙක් කාලයක් ලොව සොයාගෙන තිබෙන ශක්තිමත්ම කාබනික බන්ධනයක් තිබෙන මේ පාෂාණය කිසිවකින් බිඳ හෙලන්නට නොහැකි බව පැවසෙනවා. ඒ වගේම දියමන්තියක් කපන්නට භාවිතා කරන්නේ දියමන්තියක් පමණක් බවද පැවසෙනවා.
ග්‍රෑම් 01ක මිල (දළ වශයෙන්) : රු. 8,400,000.00
10. කැලිෆෝර්නියම් (Californium)
කැලිෆෝර්නියම් ගැන කියන්නට හැකි පහසුම කෙටිම ක්‍රමය තමයි රසායනාගාර පරිසරයක නිර්මාණය කල ලොව වටිනාම රසායනික මුලද්‍රව්‍යය යනුවෙන් එය හඳුන්වා දීම. එයට මේ නම ලැබෙන්නේ මේ සොයාගැනීම කරන විශ්වවිද්‍යාලය පිහිටා තිබෙන්නේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ නිසාවෙන්.
කැරට් 01 ක මිල : රු. මිලියන 4122
11. ප්‍රතිපදාර්ථය (Antimatter)