රත්නපුර සිට රක්වාන හරහා දෙනියායට

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    මෙන්න හරිම ලස්සන බස් ගමනක්... රත්නපුර සිට රක්වාන හරහා දෙනියායට බස් එකෙන්, මේ පාර නම් හරි ලස්සනයි. පාරවලුත් ලොකු කරන් ලස්සනට හදා ගෙන එන්නේ.

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,727
    113
    TFS.

    වීඩියෝ එක හවස බලනවා.
    1970 විතර ඉඳලා 1986 විතර වෙනකල් අඩුම තරමින් මාස දෙකකට වත් මම වරක් ගිය පාරක්. ඒ කාලේ නම් එකම C type (දොර දෙක) බස් එකක් (ගාල්ල රත්නපුර) විතරයි දිව්වේ. රත්නපුර දෙනියාය බස් ඔක්කොම තනි දොර D හෝ E type.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    TFS.

    වීඩියෝ එක හවස බලනවා.
    1970 විතර ඉඳලා 1986 විතර වෙනකල් අඩුම තරමින් මාස දෙකකට වත් මම වරක් ගිය පාරක්. ඒ කාලේ නම් එකම C type (දොර දෙක) බස් එකක් (ගාල්ල රත්නපුර) විතරයි දිව්වේ. රත්නපුර දෙනියාය බස් ඔක්කොම තනි දොර D හෝ E type.
    ඒ මොකටද ඒ ගියේ????පාරවල් ගොඩක් අබලන් වෙන්න ඇති නේද ඒ කාලේ? C type බස් කියන්නේ මොනවටද??
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,727
    113
    ඒ මොකටද ඒ ගියේ????පාරවල් ගොඩක් අබලන් වෙන්න ඇති නේද ඒ කාලේ? C type බස් කියන්නේ මොනවටද??
    ඒ කාලේ අපේ තාත්තාට බුත්කන්ද, (63 කණුව) බොරළුවගෙඅයින ගමේ තේ ඉඩමක් තිබුනා. හැම මාසෙකම දහ වෙනිදට පස්සේ තියන සෙනසුරාදා වත්තේ ගනු දෙනු බේරන්න එහෙ යනවා.

    මේ වීඩියෝ එකේ පාර පළල් නොකරපු තැන් වල තවමත් තියන අඩි 12-15 වගේ පළලට තමයි මුළු පාරම තිබුනේ. වංගු දහයම රිවස් කරලා තමයි හරවන්නේ. වංගුවට ගිහිං බස් එක නවත්තලා රිවස් කරනකොට කොන්දොස්තර අඩ කොටේ අරං බස් එකෙන් බැහැලා පිටිපස්සේ රෝදෙට අඩේ තියනවා. දවසටම බස් තිබුනේ තුන හතරක් විතරයි. මට මතක හැටියට, රත්නපුරෙන් දෙනියායට අන්තිම බස් එක දවල් 12 ට වගේ කියලයි හිතෙන්නේ.

    ලංගම බස් වල බොඩි ටයිප් එක අනුව ඒවා A.B.C.D.E කියලා වර්ග කරලා තිබුනා. ඩබල් ඩෙකර් A , දොර දෙක ලොකු බස් B, තනි දොර/දොර දෙක (B එකට වඩා පොඩි ඒවා) C, ඊටත් පොඩි තනි දොර D, තනි දොර පුංචිම බස් E type.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,333
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඔය පාරේ දෙවතාවක් ගිහින් තියෙනවා. 2014 වගේ ගියා පාර කඩාගෙන කාපට් කරනවා. මේ අවුරුද්දෙත් ගියා තාම පාර හදනවා. පාර නම් හොඳටම අවුල්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    OQBxpnS.gif

    මරු නේ ආයිබෝං...
    ‍යන්න ඕන ලඟදිම.. ලඟදි ගිය කෙනෙක් නැද්ද මේ පාරෙ

    වාහන දෙකක් මාරු වෙන්න පුලුවන්ද මේ පාරෙ..?
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    ඒ කාලේ අපේ තාත්තාට බුත්කන්ද, (63 කණුව) බොරළුවගෙඅයින ගමේ තේ ඉඩමක් තිබුනා. හැම මාසෙකම දහ වෙනිදට පස්සේ තියන සෙනසුරාදා වත්තේ ගනු දෙනු බේරන්න එහෙ යනවා.

    මේ වීඩියෝ එකේ පාර පළල් නොකරපු තැන් වල තවමත් තියන අඩි 12-15 වගේ පළලට තමයි මුළු පාරම තිබුනේ. වංගු දහයම රිවස් කරලා තමයි හරවන්නේ. වංගුවට ගිහිං බස් එක නවත්තලා රිවස් කරනකොට කොන්දොස්තර අඩ කොටේ අරං බස් එකෙන් බැහැලා පිටිපස්සේ රෝදෙට අඩේ තියනවා. දවසටම බස් තිබුනේ තුන හතරක් විතරයි. මට මතක හැටියට, රත්නපුරෙන් දෙනියායට අන්තිම බස් එක දවල් 12 ට වගේ කියලයි හිතෙන්නේ.

    ලංගම බස් වල බොඩි ටයිප් එක අනුව ඒවා A.B.C.D.E කියලා වර්ග කරලා තිබුනා. ඩබල් ඩෙකර් A , දොර දෙක ලොකු බස් B, තනි දොර/දොර දෙක (B එකට වඩා පොඩි ඒවා) C, ඊටත් පොඩි තනි දොර D, තනි දොර පුංචිම බස් E type.
    පට්ට නේ. ඔයාලගේ ගෙවල් තිබ්බේ කොහෙද ඒ කාලේ. දැන් ඔය කියන ඉඩම් නැද්ද??? 80 ගණන් වල වෙනකොට ඔය පැත්තේ බිශනේ පටන් ගන්න කාලේ නේද????
    @dhanuka kumara උඹලයි ලයින් එක නේද බන් මේ... පට්ට
     
    • Like
    Reactions: NRTG

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පට්ට නේ. ඔයාලගේ ගෙවල් තිබ්බේ කොහෙද ඒ කාලේ. දැන් ඔය කියන ඉඩම් නැද්ද??? 80 ගණන් වල වෙනකොට ඔය පැත්තේ බිශනේ පටන් ගන්න කාලේ නේද????
    @dhanuka kumara උඹලයි ලයින් එක නේද බන් මේ... පට්ට
    ඊයේ නුවර ඉඳන් අද රක්වානේ අවමචන්, මේ දවස් ටිකේ වැස්ස නැතිවෙන්න..
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,727
    113
    පට්ට නේ. ඔයාලගේ ගෙවල් තිබ්බේ කොහෙද ඒ කාලේ. දැන් ඔය කියන ඉඩම් නැද්ද??? 80 ගණන් වල වෙනකොට ඔය පැත්තේ බිශනේ පටන් ගන්න කාලේ නේද????
    @dhanuka kumara උඹලයි ලයින් එක නේද බන් මේ... පට්ට
    මේ ඉඩම තිබුනේ බොරළුවගෙඅයින උප තැපැල් කන්තෝරුව පිටිපස්සේ කන්ද උඩට වෙන්නයි. ලංකාවේ මම දැකපු ලස්සනම දර්ශනයක් ඒ ගෙයි මිදුලට පේනවා. නැගෙනහිර පළාතේ ඉඳලා බස්නාහිර පළාත වෙනකම් මුළු දකුණු මුහුදම පේනවා. රෑට, ලයිට් හවුස් ගණනාවක (මතක හැටියට 14 වගේ) එලි පේනවා. ලස්සන නිසා තාත්තා මේක තියාගෙන හිටියට ලොකු ආදායමක් ලැබුනේ නැහැ.
    මේක බලා ගන්න කංකානම කෙනෙක් ගත්තා. එයා 71 කැරැල්ලට සහභාගී වෙලා, පොලිසියට බාර නොවී හැංගිලා ඉන්න කෙනෙක් කියලා අපි දැනගත්තේ බොහෝ කාලයකට පස්සෙයි. මිනිහා සෑහෙන කලක් හොඳින් හිටියා. නමුත් 1985 විතර වෙනකොට මිනිහා ගමේ යනවා කියලා ගිහිං සුමාන ගනං එන්නේ නැහැ කියලා දළු කඩන අය කියනවා. ඒ හැර, JVP අය නිතර ආවා ගියා කියලත් පස්සේ දැනගත්තා. 1985/86 විතර කාලේ JVP දෙවනි කැරැල්ලට සුදානම් වෙනකොට මිනිහා බඩු ගන්න කඩේ ටයි, අපේ තාත්තාටයි පොල්ල තියලා වත්තේ ගෙයි තිබුන දේවලුත් සුද්ද කරගෙන මාරු උනා. එතකොට තමයි මිනිහාගේ JVP අතීතය හෙළි උනේ. ඊට පස්සේ ඒ ඉඩම විකුනලා දැම්මා.

    අපේ තාත්තාට, ඒ මිනිහා JP (සාම විනිසුරු) පදවියකුත් දීලා තිබුනා. ඒකත් ලස්සන කතාවක්.
    එයාට කඩෙන් බඩු ණයට ගන්න, තාත්තා කඩේ මුදලාලිට ලියුමකින් දන්වනවා, අහවල් දේවල් දෙන්න කියලා. මේ මිනිහා, අපේ තාත්තා ලියුම් ලියන කඩදාසියේ Letter Head එකට සමාන එකක් හොරට ප්‍රින්ට් කරගෙන, තාත්තාගේ නමට යටින් ""සාම විනිසකරු"" කියලත් අච්චු ගහලා. ඒක අපි දැක්කේ කඩේ මුදලාලි "මේ තියෙන්නේ මහත්තයා එවාපු ලියුම්" කියලා ඒ ලියුම් පෙන්නුවාමයි. දැන් JVP ආණ්ඩුවක් තියන නිසා ඕනෑ තරම් JP ලා පත් වෙයි. නමුත් JVP කාරයෝ පත් කරපු පළමුවෙනි JP අපේ තාත්තා.
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මම දෙණියායෙ ඉදලත් ආසම පැත්ත ඒ
    හිත පොඩ්ඩක් නිදහස් කරගන්න හිටි ගමන් බයික් එකෙන් ගිහින් එන්න යනවා අමුතු වයිබ් එකක් තියෙන්නෙ ඒ පාරවල් වල ඉදන් හවස් වෙන්න තමයි පට්ට

    ලගදි ගියා පාර හදන නිසා ටිකක් අමාරැයි ඒත් කවදා හරි පාර හදලා ඉවර උනු දාක පට්ටම ලස්සන පැත්තක් වෙනවා ඇල්ලට නොදෙවෙනි පුදුම ලස්සන සීනරි ටිකක් තියෙන්නේ පාරට උනත්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    මේ ඉඩම තිබුනේ බොරළුවගෙඅයින උප තැපැල් කන්තෝරුව පිටිපස්සේ කන්ද උඩට වෙන්නයි. ලංකාවේ මම දැකපු ලස්සනම දර්ශනයක් ඒ ගෙයි මිදුලට පේනවා. නැගෙනහිර පළාතේ ඉඳලා බස්නාහිර පළාත වෙනකම් මුළු දකුණු මුහුදම පේනවා. රෑට, ලයිට් හවුස් ගණනාවක (මතක හැටියට 14 වගේ) එලි පේනවා. ලස්සන නිසා තාත්තා මේක තියාගෙන හිටියට ලොකු ආදායමක් ලැබුනේ නැහැ.
    මේක බලා ගන්න කංකානම කෙනෙක් ගත්තා. එයා 71 කැරැල්ලට සහභාගී වෙලා, පොලිසියට බාර නොවී හැංගිලා ඉන්න කෙනෙක් කියලා අපි දැනගත්තේ බොහෝ කාලයකට පස්සෙයි. මිනිහා සෑහෙන කලක් හොඳින් හිටියා. නමුත් 1985 විතර වෙනකොට මිනිහා ගමේ යනවා කියලා ගිහිං සුමාන ගනං එන්නේ නැහැ කියලා දළු කඩන අය කියනවා. ඒ හැර, JVP අය නිතර ආවා ගියා කියලත් පස්සේ දැනගත්තා. 1985/86 විතර කාලේ JVP දෙවනි කැරැල්ලට සුදානම් වෙනකොට මිනිහා බඩු ගන්න කඩේ ටයි, අපේ තාත්තාටයි පොල්ල තියලා වත්තේ ගෙයි තිබුන දේවලුත් සුද්ද කරගෙන මාරු උනා. එතකොට තමයි මිනිහාගේ JVP අතීතය හෙළි උනේ. ඊට පස්සේ ඒ ඉඩම විකුනලා දැම්මා.

    අපේ තාත්තාට, ඒ මිනිහා JP (සාම විනිසුරු) පදවියකුත් දීලා තිබුනා. ඒකත් ලස්සන කතාවක්.
    එයාට කඩෙන් බඩු ණයට ගන්න, තාත්තා කඩේ මුදලාලිට ලියුමකින් දන්වනවා, අහවල් දේවල් දෙන්න කියලා. මේ මිනිහා, අපේ තාත්තා ලියුම් ලියන කඩදාසියේ Letter Head එකට සමාන එකක් හොරට ප්‍රින්ට් කරගෙන, තාත්තාගේ නමට යටින් ""සාම විනිසකරු"" කියලත් අච්චු ගහලා. ඒක අපි දැක්කේ කඩේ මුදලාලි "මේ තියෙන්නේ මහත්තයා එවාපු ලියුම්" කියලා ඒ ලියුම් පෙන්නුවාමයි. දැන් JVP ආණ්ඩුවක් තියන නිසා ඕනෑ තරම් JP ලා පත් වෙයි. නමුත් JVP කාරයෝ පත් කරපු පළමුවෙනි JP අපේ තාත්තා.
    පට්ට ස්ටෝරියක්නේ එක. පොරට මොකක් උනාද කියල ආරංචි උනේ නැද්ද??

    ලගදි ගියා පාර හදන නිසා ටිකක් අමාරැයි ඒත් කවදා හරි පාර හදලා ඉවර උනු දාක පට්ටම ලස්සන පැත්තක් වෙනවා ඇල්ලට නොදෙවෙනි පුදුම ලස්සන සීනරි ටිකක් තියෙන්නේ පාරට උනත්
    ඔව් දැනටත් හරිම ලස්සනයි බන් පාර මෙහෙම තිබ්බත්...
    ------ Post added on Dec 3, 2024 at 6:01 PM