රත්නමාලී ගාථා යන්ත්‍රය - Rathnamalee Gatha Yanthraya

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්නමාලී ගාථා යන්ත්‍රය - Rathnamalee Gatha Yanthraya

    [FONT=&quot]රත්නමාලී ගාථා අද බොහෝ දෙනා භාවිත කරන අතර, රත්නමාලී යන්ත්‍රය තමාගේ මෙන්ම, තම දරු පවුල් කෙරෙහි ආරක්ෂාව උදා කර ගැනීම වෙනුවෙන් භාවිත කරයි. තවද මෙම ගාථා කෙරෙහි දැඩි විශ්වාසයක් සමාජය තුළ පැවතීම තුළ මිනිසුන් කෙතරම් රත්නමාලී ගාථා සහ යන්ත්‍රයට සමීප දැයි හැඟේ.

    [/FONT]
    [FONT=&quot]බුදුරජාණන් වහන්සේ ධර්මය අනුව ජීවිත හැඩගස්වා ගත් එදා මිනිසුන් උන් වහන්සේගේ පිරිනිවන් පෑමත් සමග, කාලයක් යාමේදී එදා ඉන්දීය සමාජයේ ගොඩනැගුණු මලයාලි යන්ත්‍ර මන්ත්‍රවලට යොමු වුණා.

    [/FONT]
    [FONT=&quot]බොහොම කාලයක් ගතවීමේදී කණිෂ්ක රජ්ජුරුවන්ගේ කාලයේ රජතුමා බෞද්ධාගමට මුල් තැන දෙමින් බෞද්ධ යන්ත්‍ර තුළින් ජීවිතයට ආරක්ෂාව ලබා ගැනීමට කටයුතු කිරීමත් සමග තමයි, බෞද්ධ යන්ත්‍ර ක්‍රම සමාජයට පැමිණියේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 400ක් ගතවෙලා.

    [/FONT]
    [FONT=&quot]කණිෂ්ක රජ්ජුරුවො මුල් තැන දුන් දේ අපේ රටටත් පැමිණුනා. වලගම්බා රජ්ජුරුවන්ගේ කාලයෙදී තමයි ලංකාවේ බෞද්ධ යන්ත්‍ර භාවිතය ප්‍රචලිත වුණේ.

    [/FONT]
    [FONT=&quot]දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයෙදී ලංකාවට පැමිණි බෞද්ධ යන්ත්‍ර දුටුගැමුනු රජතුමාත් මහ ඉහළින්ම පිළිගෙන, රජතුමා රත්ත්‍රං තහඩුවක රත්නමාලී යන්ත්‍රය ලියා රුවන්වැලි සෑයේ තැන්පත් කර ඇති බවට ජනප්‍රවාදයේ පවතිනවා.

    [/FONT]
    [FONT=&quot]දැනට දළදා හාමුදුරුවන්ගෙ ළග රන් තහඩුවක සටහන් කළ රත්නමාලී පිරිත දකින්නට ලැබෙනවා.

    [/FONT]
    [FONT=&quot]ශ්‍රී ලංකාවේ පිරිත් සහ යන්ත්‍ර ක්‍රම බොහෝමයක් ප්‍රචලිත වුණේ මහා පරාක්‍රමබාහූ රජ්ජුරුවන්ගෙ කාලෙ. පිරුවානා පොත් වහන්සෙ සකස් කළේත් ඒ කාලයේමයි.

    [/FONT]
    [FONT=&quot]මහා පරාක්‍රමබාහු රජතුමා තමන්ගෙ ජීවිතයේ සියලු කටයුතු සදහා පිරිත් සජ්ජායනාවට මුල් තැන දී කටයුතු කළා. ඒකට විශේෂ හේතුව වුණේ ඒ වකවානුව තුළ මහායාන ආගම ඉදිරියට පැමිණිම. ඉන්දියාවේ ඒ සදහා විශාල යොමුවීමක් තිබුණා. ඒ උණුසුම් අපේ රටටත් ගලාගෙන ආවා.

    [/FONT]
    [FONT=&quot]එවිට සමාජයේ මිනිසුන් පරලොව ගැන සිතීම වෙනුවට ලෞකික ජීවිතයට ආරක්ෂාව ලබා ගැනීම වෙනුවෙන් පිරිත්, යන්ත්‍ර බොහෝ සේ ජීවිතයට එකතු කර ගැනීමට වුණා.

    [/FONT]
    [FONT=&quot]ඔන්න ඔය ආකාරයට තමයි අද දක්වා පිරිත් සහ බෞද්ධ යන්ත්‍ර සමාජය තුළ ස්ථාපිත වී තිබෙන්නේ. එ අතුරින් රත්නමාලී ගාථාවලට අද සමාජයේ මූලික තැනක් ලැබී තියෙනවා.

    [/FONT]
    [FONT=&quot]රත්නමාලී ගාථා ආරම්භ වන්නේ [/FONT]“[FONT=&quot]සං[/FONT]”[FONT=&quot] ශබ්දයෙන්. එය අවසාන වන්නේත් [/FONT]“[FONT=&quot]සං[/FONT]”[FONT=&quot] වලින්. සැබැවින්ම [/FONT]“[FONT=&quot]ස[/FONT]”[FONT=&quot] කියන්නෙ ලෝකයේ තිබෙන හොදම අක්ෂරය ලෙසයි පිළිගැනෙන්නේ.

    [/FONT]
    [FONT=&quot]රත්නමාලී ගාථා මගින් නිරෝගී බව දීර්ඝායුෂ මෙන්ම ආරක්ෂාව ලැබෙනවා. එහි ඇති බලය කියා නිම කරන්නට බැරි තරම්.[/FONT]


    [FONT=&quot]
    RathnamaliYanthraya3.jpg
    [/FONT]



    [FONT=&quot]
    rathnamali.jpg
    [/FONT]



    පස් පවින් වැළකි පිරිසිදු වී උදේ සවස බුදුන් වැඳීමෙන් පසුව රත්නමලා ගාථා හත් වර බැගින් කීමෙන් ඔබේ නිවසට කර්මාන්තශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ. නවග්‍රව අපල වලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපද්‍රවයන්ද ඉවත් වී මෙලොව ජිවිතය නිරෝගීව වසානාවන්තව ගතකිරීමට ඉඩ සැලසේ.








    බාගතකර ගැනීමට
    (5 munites, 5MB)




    buddha-007animated.gif


    ෴සැමට තෙරුවන් සරණයි෴

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thanks buddy :) Rep+3

    ස්තුතියි වටින ත්‍රෙඩ් එකක්.....

    බොහොම ස්තුතියි මචංලා ප්‍රතිචාර වලට.. ඕක මම අද උදේ පාන්දර දැම්මෙ.. ඒත් බලලා තිබුණෙ 70යි ඒ වෙනකොට..:yes: මේ වගේ ත්‍රේඩ් එකක් දැම්මට බලන්නෙ නෑ කවුරුවත්.. ඔන්න ආගමකට බැනලා ත්‍රේඩ් එකක් දැම්මොත් අම්මට සිරි වෙන්න එනවා කට්ටිය.. ඒකයි ඇත්ත තත්වෙ.. බම්ප් එකක්වත් නොදාන්නෙ ඒකයි.. නිකන් ත්‍රේඩ් එක පුරාවට බම්ප් කියන එක විතරයි තියෙන්නෙ අන්තිමට.. :yes: