රත් දෝතලු මල්

monson

Well-known member
  • May 7, 2007
    26,095
    29,829
    113
    මෝඩ අනුරත් ඒ පාරේම :lol:

    තහනම් මලක් ජනපති රුවන්වැලි සෑයට පුදලා


    gotabhaya-rajapaksha-545.jpg

    255918625_10224602878072371_5571030882693049246_n.jpg


    - https://www.news19.lk/president-offers-a-forbidden-flower-to-ruwanweli-seya/
     
    • Like
    Reactions: AKI-SL

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,895
    40,019
    113
    Homagama
    කැපීම, විකිණීම, ප්‍රවාහනය තහනම් රත් දෝතලු මල්

    හාලා ඉතින්. ඔය දෝතළු මල් නෙවෙයි කියලා විද්‍යාවත් වෙනස් කරන නව සොයාගැනිමක් කරයි ගැන්සිය.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    බුදුන් පුදුන්න කිසිම තහනමක් මේ රටේ තියෙන්න බෑ. මේක බෞද්ධ රටක්.
     
    • Love
    Reactions: lankalk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මට ආසයි උඹේ ගෙදර පන්සලට පුජා කරන්න :love:
    ජනාදිපතිතුමාගෙ තියෙන බෞද්ධකම එක්ක මෙච්චර වෛර ඇයි බන්. හිතාගන්නත් බෑ බන්. වෛර කිරීමට හේතුව ජේවීපී බෞද්ධ හිතවාදී වීම නම් කමක් නෑ ඉතිම් :(
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,733
    14,412
    113
    ජනාදිපතිතුමාගෙ තියෙන බෞද්ධකම එක්ක මෙච්චර වෛර ඇයි බන්. හිතාගන්නත් බෑ බන්. වෛර කිරීමට හේතුව ජේවීපී බෞද්ධ හිතවාදී වීම නම් කමක් නෑ ඉතිම් :(

    එතුමාගේ බෞද්ධකම නිසානේ මේ ඔක්කොම කෙනහිලි :(
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,422
    30,277
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිලිවෙල රටක කරානං ජනාදිපති කතා නෑ පගයට දඩ ගහල හිරෙත් දාල.

    මදැයි මිට්ටෝ ටික පරණ ආන්ඩු වලට රිද්දන්න ෆේල් වුන ගල්කටස් ත්‍රස්තවාදියෝ ටිකක් ගෙනාවා🤣
     
    • Like
    Reactions: AKI-SL

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,317
    113
    රත්නපුර, මොරගහයට ප්‍රදේශයේ දී විකිණීම සඳහා සූදානම් කළ රත්දෝතළු මල් 10ක් සන්තකයෙහි තබා ගත් පුද්ගලයන් දෙදෙනකු සහ යතුරුපැදියක් අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත්වී ඇත.

    පසුගිය 04 වැනි දා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් අතර රත්දෝතළු ශාකයට හානි කිරීමේ චෝදනාව මත මෙම සැකකරුවන් රත්නපුර මහේස්ත්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    ​


    රත්දෝතළු ශාකය (Loxococcusrupicola) ශ්‍රී ලංකාවට ආවේණික ඉතා දුර්ලභ ශාකයක් වන අතර වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව ආරක්ෂිත ශාකයක් ලෙස නම් කර ඇත. 2020 ලෝක වනජීවී දිනය නිමිත්තෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මුද්දර කාර්යාංශය එක්ව නිකුත් කරන ලද තර්ජනයට ලක්වූ ශාක සහ සතුන් ඇතුළත් මුද්දර පෙළෙහි රත්දෝතළු මල් සහිත මුද්දරයක් ද නිකුත් කෙරිණි.

    මෙම රත්දෝතළු මල් බුදුන්ට පූජා කිරීමට ඇතැමුන් කටයුතු කරන බව වනජීවී නිලධාරීන්ට වාර්තා වී ඇති අතර තිබෙන අතර දැඩි ලෙස තර්ජනයට ලක්වූ මෙවැනි ශාකයක් රැක ගැනීම ජනතාවගේ වගකීමක් සහ යුතුකමක් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. එබැවින් අති දුර්ලභ රත්දෝතළු ශාකයට හානි කරන යම් පුද්ගලයකු පිළිබඳ තොරතුරක් වේ නම් '1992'- වනජීවී හදිසි දුරකතනයට ඇමතුමක් ලබාදෙන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
    ( බුද්ධිකා ඉඹුලාන)
    ​

    4.jpg
    Similar threads වල තිබුණ එකක්.

    ප. ලි. :- බුද්ධ පූජාවට මගේ විරුද්ධත්වයක් නෑ.
     
    Last edited:
    • Haha
    Reactions: SLK_sri