රතුපස්වල නඩු තීන්දුව අද..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ZH8wnQC.jpeg


    පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

    මීට වසර 11කට පෙර මෙම සිදුවීම වාර්තා වූ අතර, නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.

    https://sinhala.adaderana.lk/news.php?nid=196707


    රටම කැළඹූ රතුපස්වල ඛේදවාචකයේ නඩු තීන්දුව වසර 11කට පසු ලැබෙයි ❗


    වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) නියෝග කළේය.

    ඒ, ඊට අදාළ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කරමින්.

    ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් පිරිසිදු පානීය ජලය ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවැත්වූයේ 2013 වසරේ අගෝස්තු 01 වනදාය.

    එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරින් වෙඩි තැබීම් සිදුකර තිබූ අතර වෙඩි වැදීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි.

    අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් එවකට යුද්ධ හමුදා බ්‍රිගේඩියර්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා 94ක් යටතේ නඩු පවරනු ලැබීය.




    mehema kohomada ban? Nidoskota Nidahas


    http://sinhala.adaderana.lk/news.php?nid=196715
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හොද වැඩේ හමුදා පකයින්ට. උන් හිතන්නේ ලොක්කෝ කියලා. දැන් බලන් හිටපන් වෙඩි තියන්න එන දුන්න රාජපක්ෂලා එයි බේර ගන්න.
    command එක දුන්න එකා කියනවා මම command කලේ නෑ. එයාලට fire කියලා ඇහිලා වෙඩි තිබ්බ ලු. පැයක් විතර වෙඩි තියනකම් මූ ඵඛ් ගැහුව ද
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වෙලා තීන්දු විතරක් අපේ වෙන්නෙ නෑ. ඒවත් හාමුදුරුවන්ගේ තමයි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කවුද් දන්නෑ වෙඩිතියන්න අණ දුන්නේ @N A K A M U R A @netudara

    දැන් සැපද?තොපේ කඩාකප්පල්කාරී ජෙප්පොන්ට දැන් පිරිසිඳු වතුර බිබී ඉන්න කියපන්..ඕක තමා ඵදා ඉඳන්ම කරේ තොපේ ජෙප්පෝ.මිනිස්සු අවුස්සලා උන් උන්ගේ වැඩේ කරගත්තා.පෝර ගූ කරෙත් ගොවියන්ට ගොවිතැන ඵපා කරවලා රට අවුලවන්න..ඒ වුනාට කියවන්නේ අවුරුදු 70 ගැන..🤣👇

    ෆැකටරියේ මැශින් ගලවලා අරන් ගිහින් දැන් වියට්නාම් වල වැඩ....
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අධිකරණයේ දූෂිත විනිසුරුවරු අයින් කරලා සුද්ද කරපු දවසක ඔය නඩු ආයේ අහන්න ඕනේ වෙඩි තියන්න අණ දීපු ගෝඨාභයත් චූදිතයෙකු විදියට නම් කරලා
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    දැන් සැපද?තොපේ කඩාකප්පල්කාරී ජෙප්පොන්ට දැන් පිරිසිඳු වතුර බිබී ඉන්න කියපන්..ඕක තමා ඵදා ඉඳන්ම කරේ තොපේ ජෙප්පෝ.මිනිස්සු අවුස්සලා උන් උන්ගේ වැඩේ කරගත්තා.පෝර ගූ කරෙත් ගොවියන්ට ගොවිතැන ඵපා කරවලා රට අවුලවන්න..ඒ වුනාට කියවන්නේ අවුරුදු 70 ගැන..🤣👇
    උද්ඝෝශනේට වෙඩි තිබ්බ එකේ මුකුත් වැරැද්දක් නැද්ද රෙක්රූට් පොන්නයෝ