රතුපස්වල ප්‍රශ්නයක් නෑ.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කියවල බැලුව එකේ තියෙන්නේ තුන් දෙනෙක් මරුන කියල විතරයි. මම හිතන්නේ හැමදාමත් වගේ මෙදා පාරත් මිනිස්සුම තමා වෙඩි තියාගෙන තියෙන්නේ :lol:
ඔව් ඔව්, තමන්ට වෙඩි කන්න පාර කපාගෙන:lol:
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඔව් ඔව්, තමන්ට වෙඩි කන්න පාර කපාගෙන:lol:

    කොයි රටේද බන් කොච්චර ගල් ගැහුව්වත් live ammo දාල වෙඩි තියන්නේ. rubber bullet දාන්න එපයි. උඹ වගේ එකෙට ඉතින් කොහෙද ඕවා තේරෙන්නේ.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොයි රටේද බන් කොච්චර ගල් ගැහුව්වත් live ammo දාල වෙඩි තියන්නේ. rubber bullet දාන්න එපයි. උඹ වගේ එකෙට ඉතින් කොහෙද ඕවා තේරෙන්නේ.
    ඉතින් උඹට ඒක හමුදාවට කියලා දෙන්න තිබුනනෙ.:lol: දැන් මොකටද:eek:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඉතින් උඹට ඒක හමුදාවට කියලා දෙන්න තිබුනනෙ.:lol: දැන් මොකටද:eek:

    මම නෙමේනේ එක කරන්න ඕනා ජන පුක තුමානේ බන්. කොහොම උනත් මිනිස්සු මරපු එක මොකෙන්වත් සාදාරනය කරන්න බැහැ.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම නෙමේනේ එක කරන්න ඕනා ජන පුක තුමානේ බන්. කොහොම උනත් මිනිස්සු මරපු එක මොකෙන්වත් සාදාරනය කරන්න බැහැ.
    ලන්කාවෙ මිනිස්සුන්ට දෙයක් තේරුම් කරන්න පුලුවන් උන්ඩෙන් විතරයි, ඒ නිසා මම මේක අනුමත කරනවා:nerd:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ලන්කාවෙ මිනිස්සුන්ට දෙයක් තේරුම් කරන්න පුලුවන් උන්ඩෙන් විතරයි, ඒ නිසා මම මේක අනුමත කරනවා:nerd:

    හිට්ලර්, ගඩාෆි , සදාම් වගේ අයත් හිතුවේ එහෙම තමා :dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හිට්ලර්, ගඩාෆි , සදාම් වගේ අයත් හිතුවේ එහෙම තමා :dull:
    නෑ, චීනෙ කියුබාවෙ වගේ
    11.gif
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    HK, mekath kiyawapan,

    ආණ්‌ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති මෙන්ම සංවර්ධන කටයුතු පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් නිර්දය ලෙස විවේචනයට ලක්‌ කරන ජනතා විමුක්‌ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සමග අපි වත්මන් ආර්ථික හා සමාජ ගැටලු පිළිබඳව කතා කළෙමු. "දිවයින ඉරිදා සංග්‍රහය" ඔහු සමග කළ ඒ සාකච්ඡාවයි මේ.

    ප්‍රශ්නය - රටේ සංවර්ධනය ඇස්‌ පනාපිටම පෙනෙන්නට තිබෙන බව ආණ්‌ඩුව කියනවා. ඒත් ජ.වි.පෙ. පවසන්නේ සංවර්ධනයත් ආර්ථිකයත් හැකිළිලා කියලයි. ජනතාව කාවද විශ්වාස කරන්නේ?

    පිළිතුර - ජනතාවට ඔය දෙකම විශ්වාස කරතෑකි. දැන් ආණ්‌ඩුව කියනවා නම් හොරකම, දූෂණය, නාස්‌තිය, වංචාව, දේශපාලන සංස්‌කෘතිය පිරිහීම තමයි සංවර්ධනය කියලා ඒක ඇස්‌ පනාපිටම පෙනෙන්න තියෙනවා. ඉහළ සිට පහළ ප්‍රාදේශීය සභා මට්‌ටම දක්‌වා මැරකම්, හොරකම්, අල්ලස, දූෂණය, කප්පම්, මහජන දේපළ කොල්ලකෑම් තියෙනවා. දිනපතා පුවත්පත්වල ප්‍රවෘත්ති ලෙස මේවා පළවෙනවා. කෝප් කමිටුව හෙළි කළ නාස්‌තිය කොතරම්ද කියලා පෙනෙනවා. රටේ රුපියල් කෝටි 13,300 ක්‌ රාජ්‍ය ආයතන පහකට විනාශ කළ හැකි නම් ඒක තමයි සංවර්ධනය කියලා හිතනවා නම් ජනතාවට ඒක පිළිගන්නත් පුළුවන්. ජනතාවට බදු බර පටවන එක සංවර්ධනය නම් ඒක පිළිගන්නත් පුළුවන්. කලින් විදුලි බිල අඩුවෙන් ගෙව්වා. ඒ ඒකක ගණනටම දැන් වැඩියෙන් ගෙවනව නම් ඒක පොහොසත්කම කියලා කියතැකි. ඒත් ඒක ඇත්ත නොවෙයිනේ. ඒ පොහොසත්කම පෙන්වන්න ජනතාව වේල් කීයක්‌ බඩගින්නේ ඉන්න ඕනැද? ඇමරිකාවේ ආර්ථිකය ගැන උගන්වද්දී රොකෙµලර් පවුල ගැන උදාහරණයට ගන්නවා. අදටත් ඒ ළමයින්ට දියුණු වෙන හැටි උගන්වන්නේ මේ රොකෙµලර් පවුල උදාහරණයට අරගෙන. හරියට අපේ දුක දිනා ජයගත් මුදලාලිලා ගැන කියනව වගේ. ඒත් මේ රොකෙµලර් දියුණු වෙද්දී කීදාහක්‌ මිනිස්‌සු සූරාකෑමට ලක්‌ කළාද... පීඩාවට පත් කළාද? රොකෙµලර් නිසා වැටුණු ව්‍යාපාර කොතරම්ද කියා ඒ ළමයින්ට උගන්වන්නේ නෑ. අන්න ඒ වගේ තමයි අපේ රටේ සංවර්ධනයත්. අධිවේගී මාර්ග, ගොඩබිම හාරලා වරායන් හැදීම, මුහුදු ගොඩකරලා වරාය හැදීම, ගුවන් තොටුපළවල් සෑදීම... ඇත්ත.. ඒත් ඒ උදෙසා අපි ගෙවන ණය, එක්‌ පුද්ගලයෙක්‌ ගෙවන ණය ප්‍රමාණය කොතරම්ද? විදුලි බල මණ්‌ඩලයට ආණ්‌ඩුව සහනාධාර දෙන බව කියනවා. විදුලි බිල වැඩි කරන ප්‍රමාණයටම සහනාධාර දෙනවා කියලනේ කියන්නේ. ඒත් ඒ සහනාධාරය ගෙවන්නෙත් ජනතාව. ජනතාව බදුත් ගෙවනවා. වැඩිවන විදුලි බිලත් ගෙවිය යුතුයි. ආණ්‌ඩුව විදුලි බල මණ්‌ඩලයට දෙන සහනාධාරයත් ගෙවිය යුතුයි. ඊට අමතරව විදුලි බල මණ්‌ඩලයේ පාඩුව දරාගන්න වෙන්නෙත් අවසානයේදී ජනතාවටමයි. එම නිසා මෙතැන මවා පෙන්වන විඡ්ජාවක්‌ තියෙනවා. මේ මවා පෙන්වන විඡ්ජාවට වඩා යථාර්ථය ඉතා භයංකාරයි. ආණ්‌ඩුව අද පවතින්නේ ඉදිරි දැක්‌මක්‌ සහිතව නොවේ එදාවේල පැවැත්ම වෙනුවෙන්නෙ.

    ප්‍රශ්නය - ආයෝජකයන් එනවා. සංචාරක හෝටල් ඉදිවෙනවා. මේවායේ ප්‍රතිඵල... වාසිය දැනෙන්න කල්ගත වෙනවා නේද?

    පිළිතුර - අපේ රටේ ආර්ථිකය පදනම් වෙන්නෙම කෘෂිකර්මාන්තය හා කර්මාන්තය මතයි. ලංකා සිතියම තියෙන්නේ ඒ විදිහටයි. පරිසරය, දේශපාලන සාධක, භූගෝලීය පිහිටීම සැකසී තිබෙන්නේ ඒ විදිහටයි. යටත් විජිත අධිරාජ්‍යවාදීන් පවා එය දැක්‌කා. ශ්‍රී ලංකාව ස්‌වභාවික සම්පත්වලින් අනූන රටක්‌ බව ඔවුන් දුටුවා. ලංකාව සංචාරක පාරාදීසයක්‌ ලෙස නොවේ ඔවුන් දුටුවේ. වසර පුරාම ඵලදාව නෙළාගත හැකි රටක්‌ ලෙසයි ශ්‍රී ලංකාව දැක්‌කේ. තේ, කෝපි, රබර්, පොල් ලංකාවේ වැවිලි භෝග ආර්ථිකය ලෙස හඳුනාගත්තේ එනිසයි. සුද්දා ලංකාවෙන් ගියත් ඒ වැවූ වැවිලි භෝගවල ප්‍රතිලාභ අසූව දක්‌වා ලැබුණා. එනිසා අපේ අපනයන ආදායම අංක එකට තිබුණේ තේ, පොල්, රබර් අපනයනයෙන්. අද දරුවෝ ඒක දන්නෙ නෑ. පසුව තමයි විවෘත ආර්ථිකය සමග එය ඇඟලුම්, විදේශ රැකියා සහ ක්‍රීඩා තරග ලෙස වෙනස්‌ වුණේ. කෘෂිකර්මාන්තයේ සිට සේවා ආදායම දක්‌වා අපි ගියා. ලාංකීය ශ්‍රමය දේශීය ලෙස ඇඟලුම්වලටත්, විදේශීය ලෙස ගෘහ සේවයටත් යොදාගෙන විදේශ විනිමය ඉපයුවා. නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය නිසා අද තියෙන්නේ ඒ නිෂ්පාදනත් සේවා ආදායමත් අතහැර දැමූ විනෝද ආර්ථිකයක්‌. මේක සූදු ආර්ථිකයක්‌. ඒ මහින්ද චින්තනයට මෙය සම්පූර්ණයෙන්ම පටහැනියි. මෙතුළ තිබෙන දේ තමයි ඉක්‌මනින් මුදල් උපයන්නේ කෙසේද කියන එක. උපායමාර්ගික පනතක්‌ සම්මත කරගෙන ඒ අනුව මිශ්‍ර ව්‍යාපෘති තමයි අද ආණ්‌ඩුවේ අංක එකේ ආදායම් මාර්ගය. ලොව හොඳම කැසිනෝ සූදුකරු ලංකාවට ගෙන්වන්නේ කොහොමද, ලොව ලාභම ව්‍යාපාර ලංකාවට ගෙන්වන්නේ කොහොමද? ඔවුන්ට ලබා දෙන බදු සහන මොනවද, ඔවුන්ට ලබා දිය හැකි ඉඩම් කොහේද තියෙන්නේ. මේවා තමයි ආණ්‌ඩුවේ උපාය මාර්ගික සැලසුම්. එක පැත්තකින් උතුරේ සංවර්ධනය මුවාවෙන් ඒ භූමියේ සම්පත් සූරා කෑම ඉන්දියාවට භාරදීලා. පලාලි ගුවන් තොට, ඉන්දියාව අපි වෙනුවෙන් ගොඩනගන්න හදනවා. මඩුතලේ, මන්නාරම දුම්රිය මාර්ගය අපිට හදා දෙනවා. උතුරේ මාර්ග පද්ධතිය හදනවා. මේ හැම දෙයක්‌ම අපිටනේ කියා හිතුවාට ඒක වැරැදියි. ඉන්දියාව අද උතුරේ කරන්නේ යටත් විජිත සුද්දා ඉතිහාසයේදී රටට කළේ දේම තමයි. සුද්දා පාරවල් හැදුවේ අපේ දේවල් ප්‍රවාහනය කරගන්න වගේම සාම්පූර් බලාගාරයේ නිෂ්පාදන, පරන්තන් කෙමිකල්, ඛනිජ වැලි, මන්නාරම් ෙද්‍රdaණියේ තෙල්ටික ප්‍රවාහනයට තමයි ඉන්දියාව මේවා හදන්නේ. එක පැත්තකින් උතුර ඉන්දියාවේ පාලනයට දෙන ගමන් අනෙක්‌ පැත්ත චීනය ඇතුළුව ලාභ ආයෝජන ඇති කොමිස්‌ වැඩි කොම්පැණිවලට භාර කරමින් ඉන්නවා. කැසිනෝ සූදුකරුවා ලංකාවට එද්දී ආණ්‌ඩුවට ලැබෙන ප්‍රතිලාභය තමයි ඔහු සමග එන ජාවාරම්කරුවන් ලංකාව තුළදී ඩොලර් හුවමාරු කිරීම, සිංගප්පූරුවේ පවා තවමත් තියෙන්නේ කැසිනෝ ශාලා දෙකයි. ඉන්දියාවේ කැසිනෝ තහනම්. පාකිස්‌තානයේ, බංගලාදේශයේ, මාලදිවයිනේ, සෞදි ඇතුළු මැද පෙරදිග රටවල කැසිනෝ නෑ. ඒ නිසා තමයි අද ආණ්‌ඩුව කල්පනා කරන්නේ. ආසියාවේ කැසිනෝ හබ්එක, කැසිනෝ ආශ්චර්යය බවට ලංකාව පත් කරන්න. ඒ තුළ ඇත්තටම කුෂ්ඨ දදයක්‌ කසද්දී ඇති සනීපය තියේවි. ඒත් ඒක වණයක්‌ වුණාම පරිසරයම කුණු වෙලා ගඳ ගසාවි. ලංකාවට වෙන්නෙත් ඒ දේ තමයි.

    ප්‍රශ්නය - එල්ලෙන්න වැල් නැතිව ඉන්න ජ.වි.පෙ. ඇතුළු විපක්‍ෂයට ආණ්‌ඩුව මාතෘකා හදලා දෙනවා. ආසන්නම සිද්ධිය වැලිවේරිය.. ඒත් විපක්‍ෂය එයින්වත් හරියට ප්‍රයෝජන ගන්නේ නෑ කියා සමහරු කියනවා.

    පිළිතුර - ජනතා විමුක්‌ති පෙරමුණ එල්ලෙන්න වැල් නැතිකමට දේශපාලනය කරන පක්‍ෂයක්‌ නොවේ. එල්ලෙන්න වැල් නැත්තේ ඇත්තටම ආණ්‌ඩුවටයි. ඒ නිසා තමයි තමන්ට බොන්න වතුර ටික ඉල්ලන ජනතාවට මෙතරම් නින්දිත ප්‍රහාරයක්‌ එල්ල කරන්නේ. මර්දනය ගෙන එන්නේ. ආණ්‌ඩුවට එල්ලෙන්න වැල් තිබුණා නම් වැලිවේරිය රතුපස්‌වල ජනතාවට වතුර ටික දෙන එක ප්‍රශ්නයක්‌ නොවේ. ආණ්‌ඩුව එල්ලිලා ඉන්නේ ජාවාරම්කරුවන් එක්‌ක නිසා, ආණ්‌ඩුව රකින්නේ ඔවුන් නිසා ආණ්‌ඩුව ඔවුන්ගේ µeක්‌ටරි ආරක්‍ෂා කළයුතු නිසා තමයි ජනතාව මරා දමලා හෝ ඒ උත්තරේ හොයන්නේ. ඇත්ත, ප්‍රශ්නයක්‌ තියෙනවා.. ඒ මෙහෙමයි. අද විපක්‍ෂය කියලා තියෙන්නේ මොකක්‌ද කියන එකයි ඒ ප්‍රශ්නය. ඔබ ඔය කියන දේ වර්තමාන යූ. එන්. පියට අදාළ විය හැකියි. ඒත් ජ.වි.පෙ. අපට ඒක අදාළ නෑ.

    යූ. එන්. පී.ය විපක්‍ෂය වෙනුවට ආණ්‌ඩුවේ විපක්‍ෂය බවට පත්ව ඇති නිසා බැලූ බැල්මට විපක්‍ෂයක්‌ නැති ගානයි කියා ජනතාවට දැනෙනවා. ඒත් වැටුප් වැඩිවීමක්‌ නැති, වැඩ කරන ජනතාව, පොහොර සහනාධාරය, වගාවට නිසි මිලක්‌ නැති ගොවි ජනතාව, රැකියා නැතිව මුහුදෙන් ඉතාලියට, ඔස්‌ටේ්‍රලියාවට පනින තරුණයන්, අයිතිවාසිකම් අහිමි ශිෂ්‍ය ව්‍යාපාරය මේ සෑම දෙනෙක්‌ම විපක්‍ෂය තමයි. පාරට බැස්‌සාම මේ ආණ්‌ඩුවේ තිබෙන නාස්‌තිය, දූෂණය, මැරකම්, පවුල් පාලනය විවේචනයට ලක්‌කරන හැම දෙනාම ආණ්‌ඩු පක්‍ෂය ලෙස සලකන්න බෑ. ආණ්‌ඩු පක්‍ෂයේ අයත් ඒ අතර ඉන්නවා. ඒ හැම දෙනාම පොදු ජන සමාජ ව්‍යාපාරයකට පෙළගැස්‌වීම අපේ වගකීමයි.

    ප්‍රශ්නය - ජ.වි.පෙ. උතුරු පළාත් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ වගකීම පක්‍ෂය විසින් ඔබට පැවරුවේ ඔබ උතුරේදී ගුටිකාපු නිසාද?

    පිළිතුර - නෑ... නෑ... කොහෙත්ම නෑ. එහෙම දෙයක්‌ නෑ. එහෙම ගුටි කන එක මැතිවරණ ව්‍යාපාරයක්‌ භාර දෙන්න තරම් සුදුසුකමක්‌ නොවේ. ඒක නොවේ හේතුව. අපි පක්‍ෂයක වගකීම් බෙදාගනිමින් කටයුතු කරන්නේ. ඒ අතර උතුරේ මැතිවරණය අපිට විශේෂයි. පළාත් සභා හඳුන්වා දුන් මොහොතේ සිට ඒක උතුර හා නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට ඇත්ත විසඳුමක්‌ නොවේ කියන මතයේ ක්‍රියාශීලීව සිටි පක්‍ෂය තමයි ජ.වි.පෙ. අද දහතුන් වැනි ව්‍යවස්‌ථාවට විරුද්ධව බොරුවට කෑගසන බොහෝ අයට වඩා ක්‍රියාකාරීව ජීවිත පූජාවෙන් අපි දහතුන අහෝසි කරන්න, පළාත් සභා අහෝසි කරන්න වැඩ කළා. හැබැයි එහෙම කළේ දෙමළ ජනතාවට විරුද්ධව, මුස්‌ලිම් ජනතාවට විරුද්ධව ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදෙන්න එපා කියලා ජාතිවාදී පදනමකින් නොවේ. ඒ නිසා දෙමළ ජාතිවාදයටත්, සිංහල ජාතිවාදයටත් එක ලෙසම විරුද්ධව, ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කරන්නේ ජ.වි.පෙ. බව උතුරේ ජනතාවට දේශපාලන පණිවුඩයක්‌ ලෙස ගෙනයැම අපේ මෙවර මැතිවරණ තේමාවයි. උතුරේ අපේ මැතිවරණ තේමාව වන්නේ ජාතික සමගිය වෙනුවෙන් ජ.වි.පෙ. දිනවන්න කියන එකයි. ඒ සඳහා වන සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක්‌ අපි සැලසුම්කර තිබෙනවා. විවිධ බාධා මැද වුවත් අපි ඒ කටයුත්ත කරගෙන යනවා.

    ප්‍රශ්නය - රාජ්‍ය අංශයේ දූෂණ වංචා හෙළිකිරීමට ජ.වි.පෙ. විසින් සංවිධානයක්‌ සාදා ගත්තා. ඔබත් එහි සාමාජිකයෙක්‌. ඒ සංවිධානයට මොනවද වුණේ. ඉන් කළ දෙයක්‌ තියෙනවද?

    පිළිතුර - ඉතාම පැහැදිලිව කළ දෙයක්‌ තියෙනවා. රටේ සිදුවන ආණ්‌ඩුවේ ඉහළ සිට පහළ ප්‍රාදේශීය නායකයන් දක්‌වා දූෂණ, වංචා, අක්‍රමිකතා ප්‍රමාණයේ හැටියට නම් අපේ සංවිධානය ප්‍රමාණවත් නෑ. අපට තිබෙන සීමිත සම්පත්වලින් කළ හැකිදේ සීමා සහිතයි. විශේෂයෙන්ම මාධ්‍ය හරහා, උද්ඝෝෂණ ඔස්‌සේ හඬක්‌ නැගීම අපට කළ හැකි වුණා. උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරු මහජන මුදල් කෝටි ගණනක්‌ නාස්‌ති කරලා රට සවාරි යන්න හදපු වෙලාවේ ඒක වළක්‌වා ගත්තේ අපේ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාගේ මැදිහත්වීමෙන්. ඒත් අද සිදුවන නාස්‌තියට, දූෂණයට එරෙහිව මීට වඩා පළල් බහුජන ක්‍රියාකාරිකමක්‌ විද්වත් මැදිහත් වීමක්‌ අවශ්‍ය වී තිබෙනවා. විශේෂයෙන්ම මේවා සිද්ධවන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළෙමයි. එවැනි දූෂණයන්ට එරෙහිව හඬනගන කටවල් අද බියවද්දා නිහඬ කර තිබෙනවා. එනිසා අපි ඔවුන් හැම දෙනාගෙන්ම ඉල්ලන්නේ පළල් සමාජ විරෝධයක්‌ තුළ මෙවැනි දූෂණ වංචා අහෝසි කිරීම සම්පූර්ණයෙන්ම කළ නොහැකි වුණත් පාලනයක්‌ කළ හැකියි. ඒ සඳහා මූලික වන්න කියා ඉල්ලනවා.

    ප්‍රශ්නය - මේ සාකච්ඡාව අවසන් කිරීමට පෙර කියන්න ඇයි ජනතා විමුක්‌ති පෙරමුණ ඉන්දියාවටත්, චීනයටත් මෙතරම් බිය කියා?

    පිළිතු=ර - නෑ. අපි බය නෑ. රටක්‌ කිsසිම විදිහකින් තව රටකට බියවිය යුතු නෑ. ඉන්දියාව අපි සලකන්නේ අපේ බොහෝ උරුමයන්ගේ මුල් පුරුක්‌ තිබෙන මව් බිමක්‌ ලෙසයි. චීනය සලකන්නෙත් ඉතිහාසය ඉහළම සංස්‌කෘතික බැඳීම ඇති සමාජවාදයේ ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදාගත හැකි මිත්‍රයෙක්‌ ලෙසයි. ඒත් දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඉන්දියාවේවත් චීනයේවත් ජනතාව හෝ ඒ රටවල් හෝ නොවේ. ඒ රටවල පාලකයන් සමග මේ ආණ්‌ඩුව කරන බාල ගනුදෙනු සහ ඒවායින් අපේ රටට සිද්ධ වන අහිතකර බලපෑම්. ඔය රටවල් දෙකෙන්ම ගන්නා ණය, පොලිය සමග ගෙවන්න වෙන්නේ අපේ රටේ ජනතාවටමයි. ඒ කොම්පැනි සමග ගසන ගිවිසුම් බලපාන්නේ අපේ රටේ අනාගතයට. ගැටලුව තියෙන්නේ මේ ආණ්‌ඩුවේ විදේශ ප්‍රතිපත්තිය සමග මිසක ඒ රටවල් එක්‌ක නොවේ. ඒ රටවල් දෙකම මීට වඩා සාධාරණ ලෙස ගනුදෙනු කරන ගිවිසුම් වෙනත් රටවල් සමග ඇති කරගෙන තිබෙන බව අපි දැක තිබෙනවා.

    සාකච්ඡා කළේ - අජිත් අලහකෝන්


    Source: Divaina
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රතුපස් වලටම ඕක ගිහින් ඔය ටික කියපන්කො බන් ගොනා වගේ මේකේ මෝඩ කම ප්‍රදර්ශණය කරන්නේ නැතුව :lol::lol::lol::lol::lol:
    ඇයි පත්තරේ රතුපස්වල මිනිස්සු බලන්නෙ නැද්ද? නිකන් හිටහන් ගොන්සන්:lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    වැලිවේරිය ජල ප‍්‍රශ්නයට විසඳුම් - කම්හල වෙනත් තැනකට ගෙන යයි



    ආන්දෝලනයට තුඩුදුන් වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාව වෙනත් තැනකට ගෙනයා යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබේ.

    එසේම මහා පරිමාණ නව කම්හල් මින් ඉදිරියට ඉදිකරන්නේනම් ඒවා ආයෝජන කලාප තුළ පමණක් ඉදිකළ යුතු බවට ජනාධිපතිවරයා අදාළ අංශ වලට උපදෙස් ලබා දී ඇත.

    අද (12) දහවල් ජනාධිපති කාර්යාලයේ දී රතුපස්වල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් සහ අදාළ ආයතනවල නිලධාරීන් හමු වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වැලිවේරියේ පානීය ජල ප‍්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණ ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන්ය.

    ජනාධිපතිතුමා ප‍්‍රදේශවාසීන්ගේ, කම්හල් නියෝජිතයන්ගේ සහ නිලධාරීන්ගේ සවිස්තර තොරතුරුවලට සහ පැහැදිලි කිරීම්වලට සවන් දීමෙන් පසු ප‍්‍රශ්නය සමථයට පත්කරනු පිණිස පහත සඳහන් විසඳුම් ඉදිරිපත් කළේය.

    01. ප‍්‍රදේශයේ ජනතාවට ආරක්‍ෂා සහිත පානීය ජලය සම්පාදනය කිරීම අදාළ නිලධාරීන්ගේ ප‍්‍රමුඛතම වගකීම විය යුතුය.

    02. රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව ජලය පරීක්‍ෂා කොට වාර්තාවක් නිකුත් කරනු ඇත.

    03. කම්හල වැරදි ලෙස ක‍්‍රියාකර ඇති බව වාර්තාවෙන් සනාථ වුවහොත් එය වහාම වසා දමනු ලැබේ.

    04. කම්හල නියමිත රෙගුලාසි අනුව ක‍්‍රියාකර ඇති බව වාර්තාවෙන් හෙළි වුවහොත් එය ආයෝජන මණ්ඩල කලාපය තුළ ප‍්‍රතිෂ්ඨාපනය සඳහා සාධාරණ කාලයක් ලබා දෙනු ලැබේ.

    මේ නිශ්චිත විසඳුම්වලට අමතරව යළිත් වරක් මෙවැනි ගැටළු වැළැක්වීම පිණිස ශ‍්‍රී ලංකාවේ අලූතින් ස්ථාපනය කෙරෙන ඕනෑම කම්හලක් ආයෝජන මණ්ඩල කලාපය තුළ ඉදිකළ යුතු බව ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා පැවසීය.

    කම්හලේ මෙහෙයුම් නතර කිරීමට පෙර නිෂ්පාදිත භාණ්ඩ ප‍්‍රයෝජනයට ගැනීමට කම්හලට ඉඩදීමටත්, වාර්තාව ප‍්‍රසිද්ධ කරනතුරු ආයතනය පවත්වා ගෙන යෑමට කම්හල් පරිපාලනයට ඉඩදීමටත්, ප‍්‍රදේශවාසීහු සහ කම්හල් නියෝජිතයෝ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව එකඟ වූහ.

    සාකච්ඡාවේදී එළඹගත් විසඳුම් පිළිබඳ සතුට පළකළ ප‍්‍රදේශවාසීහු ප‍්‍රශ්නය සමථයකට පත් කිරීම සඳහා නිලධාරීන් සමඟ එක්ව වැඩ කිරීමට කැමැත්ත පළ කළහ.


    අනාගතයේ දී ප‍්‍රශ්නයක් ඇති වූ විට නීතිය සියතට ගැනීමෙන් වළකින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා ගැටළු සාකච්ඡා මඟින් විසඳීමට උපරිම උත්සාහය ගන්නැයි සියලූ පාර්ශවයනට දැනුම් දුන්නේ ය.

    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරු, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරු, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු සහ රජයේ සෙසු ඉහළ පෙළේ නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.
    adaderana

    සොරි වෙන්න ඔන බන් උබලගේ තාත්තට මෙච්චර දවසක් බැන්නට..:( රත්තරන් මනුස්සයා:)
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ලන්කාවෙ මිනිස්සුන්ට දෙයක් තේරුම් කරන්න පුලුවන් උන්ඩෙන් විතරයි, ඒ නිසා මම මේක අනුමත කරනවා:nerd:

    මම උබෙ නම Ponest-Killer කියල මීට කලිනුත් කියල තියනවනෙ...නමේ හැටියට හසිරෙන්න උබ හොදට දන්නව .....
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි පත්තරේ රතුපස්වල මිනිස්සු බලන්නෙ නැද්ද? නිකන් හිටහන් ගොන්සන්:lol:

    ඒක ඒ මිනිස්සු බලාගනී. උඹට මොකෝ එක සැරේම කරුණාවක් ආවේ රතුපස් වල මිනිස්සු ගැන?? උඹම නේද ඒ මිනිසුන්ට බැන්නේ උඹ ධම්මිකගේ බිජ්ජ කටට ගන්ඩ යද්දී පාර වහගෙන හිටපු එකට? :lol::lol::lol::lol::lol: