අම්මා කෙනෙක් ලමයෙක් හදන්නේ කොච්චර අමාරුවෙන්ද.එයාට පොඩි කාලේ කවලා පොවලා, ඒ වගේම ලෙඩ දුකට නිදි නැතිව බෙහෙත් පොවලා, ආදරෙන් ඉස්කොලේ අරගෙන ගිහින්.දුක් විඳලා හොයපු සල්ලි වියදම් කරලා ලොකු මහත් කරන්නේ මොන තරම් අමාරුවෙන්ද ආදරෙන්ද? එහෙම ලමයෙක් මේ විදිහට ගහලා මැරුවම වේදනාව කොතරම්ද? ඒක මොන තරම් හෙන ගහන අපරාදයක්ද?
මහින්දගේ නාමල්, යෝෂිත ලමයි තුන්දෙනා වෙන කවුරු හරි ඔය විදිහට ගහලා මැරුවොත් මහින්දට ශිරන්තිට ඇතිවෙන වේදනාව කොහොමද? අන්න ඒ වගේ තමයි මේ ලමයගේ අම්මා තාත්තට නේද? බලයෙන් උමතුවෙලා බලය රැක ගන්න මේ වගේ කිසිම දෙයකට සම්බන්ධ නැති අය මරලා මෙයාලා කොහොමද මිනිසුන් විදිහට ජීවත් වෙන්නේ.කොහොමද රටකට ජනතාවකට නායකත්වයක් දෙන්නේ.එහෙම දෙන රටකට හරියනවද? මිනිසුන්ට හරියනවද එහෙම මිනිසුන් පාලනය කරනකොට. ඇත්තටම මේ බොන වතුර පවා විෂ වෙන්නේ අපේ මිනිස්සු දුදන මිනිස්සු රටේ පාලනයට පත් කිරීමයි.ඇමතිවරු ඔක්කොම දුදන දුෂ්ටයන්.කෲර මිනිසුන්.මේ අම්මලා තාත්තලා ඔය පාලකයන් වගේ මහජන මුදල් හොරා කාලා ලමයිව හදලා නෑ.කොමිස් ගහලා ලමයි හදලා නෑ.ඉතින් ඒ අයගේ දරුවන් මේ විදිහට ගහලා මැරුවම ඒ ශාපය අපි සේරටම එනවා.මේ වගේ වැඩ කරන මිනිසුන් එල්ලුම් ගසට යවන්න පුලුවන් නීතියක්,රටක් අපි හදමු.රටක ප්රශ්න මිනිමරලා විසඳන්න ලංකාවේ ඉන්නේ හමුදා කුමන්ත්රණයකින් බලය අල්ලපු ජුන්ටා එකෙක් හෝ සන්නද්ධ විප්ලවයකින් බලය අල්ලපු ඒකාධිපතියෙක් නෙවෙයි.මෙයාලා මහජන චන්දෙන් පත් වුන මිනිස්සු.ඒ වගේ අයට මිනිමරන්න කිසිම අයිතියක් නෑ. ලංකාව කියන්නේ ඒකාධිපතියෙක්ගේ රටක් නෙවෙයි.තවම ප්රජාතන්ත්රවාදය තියෙන රටක්.මැතිවරණ සහිත රටක්. මේ මිනිසුන්ට ඇත්තටම ප්රශ්නයක් තිබුනා. එයාලට බොන්න පිරිසිදු ජලය නෑ.තමන්ගේ ලමයි ඇසිඩ් වතුර බොනවා,ඇසිඩ් වතුර නානවා කාටද බලන්න පුලුවන්.බවුසරයකින් බොන්න වතුර දුන්නට ඇසිඩ් වලින් තමන්ගේ අම්මා,තාත්තා,අය්යා,අක්කා,නංගි,මල්ලි දුව පුතා නානවා ,බොනවා බලන් ඉන්න බැරි නිසා තමයි මෙයාලා පාරට බැස්සේ.එහෙම ගිය අයට වෙඩි තියපු එක මොන දුදන කමක්ද?මේ වගේ එවුන් පාලකයන් ලෙස තියාගෙන ඉන්න ජනතාව වෙන අපිටත් හෙණ ගහනවා.