රතු මරණය සහ අවසන් බාල් නැටුම - 1

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 1

    The+Masque+of+the+Red+Death.jpg


    රතු මරණය විසින් බොහෝ කලක සිට දේශය විනාශ මුඛයට ඇද දමන ලදී. කිසිදු වසංගතයක් මෙතරම් මාරාන්තික හෝ බියකරැ වූයේ නැත. රැධිරය එහි ප්‍රතිමූර්තිය වූ අතර, රැධිරය එහි සංඥාව විය -- රක්ත වර්ණය සහ බියකරැ ලෙය. රෝගය ඇරඹුමේදී හදිසි වේදනාවන් ඇති වූ අතර, හදිසි ක්ලාන්තය එහි ඇරඹුම් ලක්ෂණය විය. මොහොතකින්, සිරැර දිය කරමින් රැධිරය ගලා යෑම ඇරඹෙයි. රෝගියාගේ මුහුනෙහි රතු පැල්ලම් ඇති වූ විට, පලිබෝධයක් හදුනාගත්තාක් මෙන්, ඔහුගේ සහචරයෝ ඔහු අතැර දමති. පරිග්‍රහණය ඇති වූ අතර, රෝගය නිමා වූයේ පැය භාගයක් තරම් කෙටි කාලයකින් සිදුවූ රෝගියාගේ මරණයෙනි..

    මතු සම්බන්ධයි..


    ~ එඩ්ගර් ඇලන් පෝ ගේ "The Mask of The Red Death" කෙටි කථාවෙන් පරිවර්ථනය කරන ලදී.
     
    Last edited:
    Nov 26, 2013
    10
    1
    0
    මේක සත්‍ය කතාවක්ද ? නැතිනම් නිකම්ම හිතලුවක් ද? එ ලෙඩේ ගැන දැනගන්න ආසයි
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මගේ ආසන්නතම අනුමානයට අනුව, මේක 1350 දී ඇතිවුණු "කළු මරණය" නැමති රෝගය පාදක කරගෙන ලියන්න ඇති. කළු මරණයේ ලක්ෂණ මෙහෙමයි:

    * කිහිලි වල සහ රහස් ප්‍රදේශ වල ඇති වන ඇපල් ගෙඩි තරම් ලොකු ගෙඩි
    * පස්සේ මේ ගෙඩි ඇග හැම තැනම පැතිරෙන්න ගන්නවා. ඊලගට පුපුරලා ලේ ගලනවා.
    * තදබල උණ සහ ලේ වමනය යාම
    * රතු පුල්ලි සහ කුශ්ඨ
    * දවස් දෙකක් ඇතුලත රෝගියා මැරෙනවා කියලා තමයි සදහන් වෙන්නේ

    මේකෙන් යුරෝපයේ මිලියන 200ක් මිනිස්සු මැරැණා. DNA පරීක්ෂා වලට අනුව Yersinia pestis කියන බැක්ටීරියාවෙන් මේක ඇති වුනා කියලා අනුමාන කරනවා.


    සමහර විට මේ රෝගය පදනම් කරගෙන කෙටි කතාව ලියවෙන්න ඇති.
     
    Last edited: