රතු මරණය සහ අවසන් බාල් නැටුම - 4
..එහි තිබූ කාමර ඉතා අක්රමවත් ලෙස විසුරැවා තිබූනේය. මෙහෙයින් කෙනෙකුට එක්වරකට දැකගත හැකි වූයේ ඉතා සුළු ඉඩක් පමණි. සෑම යාර විස්ස තිහකටම වරක් කොරිඩෝර වල තියුණු නැම්මක් දැකගත හැකි විය. ඒ නැමි වලින් කෙනෙකු හැරැනු විට දැකගත හැකිවනුයේ පෙර තිබුනාට වඩා වෙනස්ම දර්ශණයකි.
සෑම වම් සහ දකුණු බිත්තියක් මතම, උසැති සහ පටු ගොතික් හැඩයේ ජනේලයක් දැකගත හැකි විය. මෙම සෑම ජනේලයකටම අනෙක් පසින් වූයේද, ආගාරයන් වලින් යුත්, දගර ගැසෙමින් ගමන් කරන තවත් වැසූ කොරිඩෝර මාර්ගයකි. ජනේල වල වර්ණය, එම ජනේල විවර වන ආගාරයන් හි අලංකරණ වල පැහැයට සම වන සේ යොදා තිබිනි.
උදාහරණයක් ලෙස, නැගෙනහිර අන්තයෙහි තුබූ ජනේලයන් හි වර්ණය, වර්ණවත් නිල් පැහැයෙන් යුක්ත වූයේ ය. ඉන්පසු තුබූ දෙවැනි ආගාරය, රෝස පැහැති අලංකරණ සහ තිර රෙදි වලින් යුක්ත වූයෙන්, එහි ජනේල ද එම පැහැය ගති. තෙවැන්න පලාශ වර්ණවත් වීය. මෙහෙයින් එහි ජනේලද කොල පැහැති වූයේ ය. සතරවැන්නෙහි තුබූ සියළු බඩු භාණ්ඩ සහ ආලෝකයන් තැඹිලි පැහැයෙන් යුතු විය. එමෙන්ම පස් වැන්න ශ්වේත වර්ණයෙන්ද, සය වැන්න දම් පැහැයෙන් යුක්ත වූයේ ය.
මතු සම්බන්ධයි.
~ එඩ්ගර් ඇලන් පෝ ගේ "The Mask of The Red Death" කෙටි කථාවෙන් පරිවර්ථනය කරන ලදී.