රන්ජන් - රස්පුටින් වගේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රන්ජන් - රස්පුටින් වගේ

    අපේ නිවසේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හදිසියේ රැස් විය. එහි උත්තරීතර මණ්ඩලයේ එකම සාමාජිකාව වන අම්මා වෙනදා මෙන් ම මුලසුන හෙබ වූ අතර පීචං මණ්ඩල සභිකයින් වන අප අහු වුණ ඉඩක වාඩිගෙන අසා සිටියෙමු.
    "මට මේ ප්‍රශ්න වලට තව කාලේ නාස්ති කරන්න බෑ. තව ටිකකින් අර තුර්කි නාට්ටිය පටන් ගන්නවා" අම්මා ස්ථිර හඬින් සභාව ඇමතුවා ය. "චූටි පුතේ ! උඹ දාන් කවදද කසාදයක් කරගන්නේ " ඇය මා වෙත ඇඟිලි දිගු කරමින් ගර්ජනා කළා ය.
    සරණ පාවා ගැනීමට කිසිදු මානවිකාවක් නොමැති බවත් මා දන්නා හඳුනන සියලුම එකියන්ගේ කන් දෙක හොඳින් ඇසීම මගේ අනාගත සහකාරිය සොයාගැනීමට බාධාවක් බව කියා බේරෙන්නට තැත් කළෙමි. නමුත් අම්මාගේ හැසිරීම බිහිසුණු ය.
    "උඹට කසාදයක් කරගන්නේ නැතිව ගෙදරට නාකි වෙන්න ඉඩ තියන්නේ නෑ මං. මොන නවනිංගිරාවක් ද යකෝ ඒ ? අපි කොහොමද පාරේ බැහැලා යන්නේ?"
    "පාරේ බැහැලා යන්න බැරි නම් උමගක් හාරාගෙන යන එකනේ තියෙන්නේ. මෙච්චර කාලයක් නොතිබ්බ ප්‍රශ්නයක් එක පාර මතු වුණේ ඇයි ?" යනුවෙන් පිළිතුරු දුන් මම ලංකාවේ වෙසෙන අවිවාහක කලාකරුවන් ගැන උදාහරණ දක්වන්නට වීමි. " චාන්දනී සෙනෙවිරත්න බැඳලද ? යශෝධා විමලධර්ම බැඳලද ? දමිතා අබේරත්න බැඳලද ? " මම ඇසීමි
    "මූකලන් බස්සෝ" අම්මා මේසය මත වූ පිඟානෙන් දමා ගැසූ අතර සුපුරුදු පරිදි එය පතිත වූයේ තාත්තාගේ හිස මතය. "ඒ මදිවට රන්ජන් රාමනායකත් බැඳලා නෑ. උඹ හදන්නේ රන්ජන් කෙනෙක් වෙලා අපේ පවුල් වල දැලිගාන්න ද ?" අම්මා අඩි පොළවේ හප්පන්නට වූවාය. සැමදාමත් අම්මාට මුට්ටි අල්ලන අක්කා හොරෙන් හඬ අවදි කරන්නට වූවාය.
    "මෙයාට කියන්න අම්මේ බඳින්න බැරිම නම් ඔය වාසගම වෙනස් කරගන්න කියලා. අපිටත් එක්ක ලැජ්ජයි" ඇය ඉකි බිඳින්නට වූවාය. "අපේ එක්කෙනාගේ පැත්තේ අය අහනවා ඔයාලගේ මල්ලි තාම බැඳලා නෑ නේද , හැම තිස්සෙම ෆෝන් එකෙන් කෝල් ගන්නවා නේද කියලා". එක්වරම අක්කා ද දුම්මල වරම අතට ගත්තාය. " තමුසෙත් රන්ජන් වගේ වෙන වාසගමක් දාගන්නවකෝ ඕයි. ඒ යකාත් අල්පොන්සු කියලා තිබ්බ වාසගම රාමනායක කියලා වෙනස් කරගන්න ඇත්තේ ගෙදර උන් ඒ කාලෙම අනාගතේ ගැන හිතලා රන්ජන්ට බල කරපු නිසා වෙන්න ඇති" ඇය කෑ ගෑවාය.
    "තමුසෙලාට පිස්සුද ? මේ ගෙදර උන් බීලා ද අයිසේ ඉන්නේ" මම කේන්තියෙන් කෑ ගෑවෙමි.
    "අයිසේ ? " අක්කා ජනේල් රෙද්දෙන් මූණ වසාගත්තාය. "බලන්න අම්මේ.. දැන් නම් රන්ජන්ගේ වචනමයි." ඇය ඉකිබිඳින්නට වූවාය.
    "ඔල්මොරොන්දම් ද හලෝ" මම තෝරා බේරාගත් වචන වලින් ඇයට දමා ගැසීමි. " මම කොහෙද ඕයි රන්ජන් වගේ වෙන්නේ ? මට රඟපාන්න පුළුවන්ද ?"
    අම්මා කඩා පැන්නාය. "උලමා. උඹ හිතං ඉන්නේ රන්ජන්ට රඟපාන්න පුළුවන් කියලාද ? අනේ උඹ දන්න බම්බුව"
    " හා ! එහෙනම් මට සිංදු කියන්න පුළුවන් ද ? බෑනේ" මම ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කළෙමි.
    " චූටි පුතේ. කවුරු හරි ඔයාව ලොකු බොරුවක් කියලා රවට්ටලා" තාත්තා කරුණාවෙන් පවසමින් අයියා දෙස හැරුණේය. "ලොකූ ! ඇත්ත කියපං. රන්ජන්ට සිංදු කියන්න පුළුවන් කියලා උඹ නේද චූටි මල්ලිව රැවැට්ටුවේ?"
    "මට නටන්නත් බෑ යකෝ" මම කෑ ගසා කීවෙමි.
    "නෙළුම් කොළ ගොඩේ කොරවක්කෝ දුවනවා වගේ ජල්ලි අල්ලන එක නැටුම් නෙමේ" අක්කා ගැස්සුවාය.
    "ඉතිං එහෙනම් මට මොකද කරන්න කියන්නේ" මම අඬන්නට වීමි.
    අම්මා එක අතකින් කොස්සක් ද අනික් අතින් කඩදාසි මිටියක් ද රැගෙන ආවාය. "නාඬා හිටපං. අපි උඹට ගෑණියෙක් බැලුවා. මේ බලපං' යනුවෙන් පැවසූ ඇය බයෝ ඩේටා පත්‍රයක් දිගු කළාය. රෙදි ඉස්කෝලෙකින් පේෂ කර්මය පමණක් උගත් හතළිස් පස් හැවිරිදි යුවතියක් ඒ කඩදාසි අතරින් මට විරිත්තුවාය.
    " මේ මොකක්ද අම්මේ !" මම ඉකි ගැසුවෙමි. "මම බලාගෙන හිටියේ විසාකා එකේ කෙල්..." වචනය ඉවට වන්නට පෙර කොසු පහරක් වැදිණි. මුළුතැන්ගෙය අන්තයේ සිට කොස්සෙන් පහර දෙන දකුණත් පිතිකරු අපේ අම්මා ය.
    "වහපිය කට !" ඇය නැවතත් කොස්ස එසවූවා ය. "මූ නරක් වෙලා තියෙන තරම ? විසාකා එකෙන් ගෑණු හොයන්න තොට විලි සංගේ නැද්ද යකෝ. මූ නම් දැන් රන්ජන් මයි" අම්මා ද අක්කා ද එකතුව මට කොසු ඉදල් වලින් පහර දෙන්නට වූ බැවින් මම ගේ පුරා දිව ගොස් පුටුවක් හරහා බාල්කය උඩට නැග දිවි ගලවා ගතිමි.
    "විසාකා එක නරක මොකෝ අනේ" මම බාල්කයේ සිට ඇසුවේ ඇත්තටම ඇති වූ කුතුහලය නිසා ය. "ඒක මේ ඕල්කට් පාසලක්නේ"
    "ඉඳා !" අම්මා සපත්තුවකින් දමා ගැසුවා ය. "ඕල්කට් ? තෝ ඒ පාර හදන්නේ මොකෙක් හරි තේ උඩිච්චියෙක්ව එල්ලගන්නද ? ඇහුණා නේද එක වසරේ ඉඳන් විසාකා ගිහිං ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට් වෙලා හිටිය උන්ගේ හැදියාව ?" අම්මා එවර වළඳකින් පහර එල්ල කළා ය. "බලන්න ! අපේ තියෙන හැදියාව !" පියාඹන පීරිසි , කෝප්ප , ගුරුලේත්තු සහ තාච්චි රැසකින් පහර කා අවසානයේ මම බයෝ ඩේටාවේ සිටින අවිවාහක යුවතිය විවාහ කරගන්නට කැමැත්ත පළ කළෙමි.
    "ඒකනේ අනේ ! මම කිව්වේ." අම්මා සතුටින් තාත්‍තා දෙස බැලුවාය. " මූ හරකෙක් වුණාට රන්ජන් වගේ බටු ගෝනෙක් නෙමේ කියලා" යනුවෙන් පැවසූ ඇය අර කඩදාසි මිටිය බිමට බැස සිටින මට දිගු කළා ය. "මෙන්න බලපං. ඔක්කොම ලිය කියවිලි"
    මම කැමති වන්නත් පෙර ඇය දේපොළ ද මට පවරා ඇතැයි සිතා ඒවා ඉල්ලා බැලුවද එහි තිබුණේ කුමක්දැයි මට නොතේරිණ. මම අම්මාගෙන් බයෙන් ඒ ගැන විමසීමි.
    "ඔතන තියෙනවා ඔය ගෑණු ළමයාගේ අවුරුදු පහක ඩී ටේල්ඩ් ෆෝන් බිල්ස්. එතකොට මේ ළමයට රන්ජන්ගෙන් කෝල් එකක් ආවේ නෑ කියලා CRT එකෙන් සහතික කරපු ලියුම" ඇය මගේ හිස අත ගෑවාය. "අද කාලේ රන්ජන්ගෙන් කෝල් එකක් ආපු නැති කෙල්ලෙක් හොයා ගන්න ලැබෙනවා කියන්නේම පුදුම වාසනාවක් චූටි පුතේ. ගමේ උන් ඉරිසියාවේ පැලෙයි " ඒ අතර අක්කා වහා කුස්සියට දිවගොස් කබලක මිරිස් බදින්නට වූයේ ඇස්වහ පුච්චනු පිණිසය.
    "දැන් මේ ළමයා රන්ජන් එක්ක මගේ කෝල් රෙකෝඩිං නෑ කියලා සහතිකයක් ඉල්ලයි ද ?" රන්ජන්ගේ ඉන්ඩස්ට්‍රියල් වොෂින් මැෂිමට ගෑණු පිරිමි දෙපාර්ශ්වයම දායක වී තිබුණු බව ද මම ඇයට මතක් කර දුනිමි.
    "ඒවා ඕනේ නෑ. එහෙම රෙකෝඩිං එකක් නෑ කියලා ඒ ගෑණු ළමයා ඉන්තේරුවෙන් ම දන්නවා" අම්මා නොසැලකිල්ලෙන් පැවසුවාය. ඒ දන්නේ කෙසේ දැයි මම විමසා සිටියෙමි. "උඹ ඔය දොඩෝන හැටියට රන්ජන් උඹගේ කෝල්ස් රෙකෝඩ් කළා නම් ඒ යකාගේ ඔක්කොම කෝල් රෙකෝඩිං වලට ගිය ස්පේස් එක වගේ දෙගුණයක් ඕනේ උඹේ එක කෝල් එකක් රෙකෝඩ් කරන්න. පැහෙන් නැතුව හිටු" අම්මා සැර කළාය.
    "රන්ජන් ට කවදා හරි වෙන්නේ රස්පුටින්ට වුණ දේ ම තමයි" මේ අතර අයියා සිය විද්වත් අදහසක් ගෙන හැර පෑවේය.
    "තමුසේ කියන්නේ ඌට ගෑණු වසඟ වෙයි කියලා ද ?" අක්කා කඩාගෙන පැන්නාය. "ඔය හැට්ට ඇඳං බාගෙට හෙළුවෙන් ඉඳගෙන බබා, බබා ගගා ඕප දූප හොයන සෙවලයට ? ඊයා"
    "සාර් පෙළපතේ උදහසට ලක් වෙයි කියලාද ලොකූ කියන්නේ ?" ඒ අම්මාගේ අදහසය. "මේ යකාට නම් සාර් නෙමේ ; පැදුරක් ඔතන් මිසක් රෙද්දක් ඇඳං ගෙදරකට ගොඩ වෙන්න වෙන්නේ නෑ ඕං" අම්මා කම්පා වුණා ය.
    තාත්තා කාලාන්තරයකට පසු හඬ අවදි කළේ ය. " රන්ජන්ට රැවුල වැවෙයි කියලාද කියන්නේ ? රස්පුටින්ට වගේ ? වැඩක් නෑ ඒත්" ඔහු පසුතැවිලි ස්වරූපයෙන් හිස වැනුවේය.
    "මං දන්නවා. මං දන්නවා" මම කෑ ගැසීමී. "තමුසේ කියන්නේ ඒ යකාට කවුරු හරි වහ දෙයි කියලා නේද ?" රස්පුටින් ගැන දන්නා බව පෙන්නීමට සමත් වූ සතුටෙන් මම අසන්නෙමි.
    අයියා ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් හිස වැනීය. "මේ යන විදියට .... " ඔහු අවධාරණය කළේ ය. " මේ යන විදියට අද හෙටම මොකෙක් හරි රන්ජන්ගේ පුරුෂ නිමිත්ත කපලා බෝතලේක දාලා මහජන ප්‍රදර්ශනයට තියනවා. රස්පුටින්ගේ වගේ"
    - සහන් කසීර වික්‍රමසිංහ -
     
    • Like
    Reactions: The Hacker

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පුක් ෂොට් නොකවුට්..අනුන්ගේ කුණු හොය හොය හිටියා ජෙප්පො එක්ක සෙට් වෙලා තමන්ගේ ගූ ඇග පුරාම තියාගෙන.දැන් හරි නේ..:D