රන්වැටක් නැත්නම් බෝ ගස වැනසේද?
රන්වැටක් නැත්නම් බෝ ගස වැනසේද?
මෙම ලිපිය සකසන මා බෞද්ධයෙකු බව පළමුවෙන්ම පවසා සිටිමි.
දැන් කාලේ ගොඩක් නගරවල තිබෙන දැන් වීම් නම් අසවල් පන්සලේ රන්වැට සඳහා පිංවතුන් ආධාර කරන ලෙසයි. නැත්නම් ආසියාවේ දිගම/විශාලම පිළිමයට ආදාර දෙන ලෙසයි. (මේ වගේ එකක් දුම්රියෙන් යන විට මග්ගොන හරියෙත් තියෙනවා)
ඇත්තටම සාමාන්‍ය ශාඛ මෙන් බෝ ගසටත් ස්වභාවික සම්පත් හැරෙන්නට මෙවැනි අමුතුම සත්කාර අවශ්‍ය ද?
විශේෂයෙන් හිසට සෙවනක් කුසට අහරක් නැති අය සිටින මෙරටේ ගසක් වටේ මෙවැනි වැටක් ගහන්න ඇයි මෙලෙස වියදම් කරන්නේ?
ගසේ ආරක්ෂාවට නම් මම හිතන්නේ කම්බි වැටක් තරම් තවත් දෙයක් නැ.
තෘෂ්ණාව නැති කරන්න කියලා හැම පෝය දිනකදීම යකඩ කටින් කියවන අපේ ගමේ පොඩි හාමුදුරුවන්ගේ ජංගම දුරකතනය ලගදි හොරු අරන්.
මම හිතන්නේ බුදුන් දෙසු දහමේ සිට අපේ හාමුදුරුවෝ හොරාට මෛත්‍රි කරන්න ඇති නේද?
පිස්සුද මේ හාමුදුරුවෝ පන්සල වටේ තාප්පය ගහන්න ගිහින් අල්ලපු වැටේ මනුස්සයට විරුද්ධව පොලිසි ගියා..
(මා දන්න කාලයක සිට ඒ ගෙදර වැසියන් යන්න එන්න ගියේ ඒ පාරෙන්...)
දෙයියනේ පන්සලට තාප්පයක් මොකටැ..
ඔය කියන හොරා ආවෙත් තාප්පේ ගැහුවම හැබැයි.
හරි නම් පන්සල් වලින් ගිහියන්ගේ අපහසුකම් වලට සහනයක් දෙන්න ඔනා. දැන් ඇත්තටම පන්සලේ අපහසු කම් වලට ගිහියන් සහනය දෙනවා. ටයිල් නැති සිමෙන්ති පොලවේ වෙසෙන ගිහියන් පන්සලේ ටයිල් ඇතිරීමට ආදාර දෙනවා.
දෙන්න සල්ලි තියෙනවා නම් නැති කෙනෙක්ට ගෙයක් හදලා දෙන්න. ඇයි බැරි?
අන්‍ය ආගම් වලට හරවනවා කියලා අපි කැගැහුවට අපේ පන්සල් වලින් අර ආගමට යන අයට මොනවද උනේ?
දැන් පන්සල් අතර තියෙන්නේ තරගයක්.. එකකට එක්ක නොදෙවෙනි වෙන්න සරසන එක..
ඔවා ගැණු අයගේ වැඩ.. අල්ලපු ගෙදරට වඩා තමන්ගේ ගෙදර ලස්සනට සැරසීම.
ඇත්තටම මේ කාරණාව වරක් ගමේ පන්සලේ බෝධි පූජාවකට වැඩම කළ ස්වාමින් වහන්සේ නමක් කිව්වා ගමටම ඇහෙන්න. සාදු! සාදු!
2007 වසරේ ඉංදියාවේ මුම්බායිහි 100,000 දෙනා බුද්ධාගමට හැරවීමක් සිදු උනා..
ඒ අඩු කුලයේ අයව බුද්ධාගමේදි/ බුද්ධ දර්ශනයට අනුව කුලය නිසා වෙනස් කමකට ලක් නොවන නිසා.
එත් අපේ රටේ තවම නිකාය බේදය තියෙනවා නේද?
ඇත්තටම දේශපාලකයින්ට කඩේ යන එකත් අතඇරලා හාමුදුරුවන්ට තමන්ට නියමිත වැඩ කරගෙන ඉන්න බැරිද?
තවදෙයක්.. ගිහියන් අරපරිස්සමින් විදුලි පාවිච්චිකර ඉතුරු කළත් පන්සලේ දේවාලයේ පැය 24 විදුලි සඳහා මුදල් දෙනවා....
ඇත්තටම මේ වෙන්නේ සද්ධාව පිටින් දමා ගසා කැමක්ද? මොකද ඔය කියන තැන් වල පැය 24ක විදුලිය භාවිතයක් නැ.
නමුත් විදුලිය තියා බොන්න පැන් බිදක් වත් නොමැතිව පන්සලේ සිල්වත්ව වෙසෙන ස්වාමින් වහන්සේලා මෙරටේ නැත්තා නොවේ!

උපුටා ගත්තේ :http://danishkanavin.blogspot.com/2009/04/blog-post_26.html