***රන් ආභරණ මිලදී ගැනීමට බලාපොරොත්තු වනවානම්88

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    ඔබ රන් ආභරණ මිලදී ගැනීමට බලාපොරොත්තු වනවානම් ඊට පෙර මේ ගැනත් දැනගන්න.


    1. මිලදී ගැනීම සිදු කරන දවසේ රන් මිල ගනන් ගැන දැනගන්න.
    2020/10/21 මිල
    24K-102,500.00
    22K-94,000.00

    2. ඔබ තෝරාගත් රන් ආභරණයේ කැරට් ගනන කීයද කියා අසා දැනගන්න

    (මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් ප්‍රමිති මුද්‍රා සහිත ආභරණ මිලදී ගැනීමට උත්සාහ කරන්න. ප්‍රමිති මුද්‍රාව නොමැති අවස්තාවක එය මිලට ගැනීමට පෙර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් පරීක්ෂා කර ප්‍රමිති මුද්‍රාව සහිතව ඔබට ලැබෙන්නට සලස්වන ලෙස ඉල්ලා සිටින්න.)

    3. ඔබ තෝරාගත් රන් ආභරණයේ නියම බර දැනගන්න.
    උදා: පවුම් එක හමාරයි මන්චාඩි 2
    ඒ කියන්නේ
    [8g + 4g + (300mg x2)] = 12.600g

    4.
    රන් පවුමක මිල ගනන් (ග්රැම් 8ක)
    (මේකට ගොල්ඩ් සවරින් එකක් කියලත් බාවිතා වෙනවා)

    2020/10/21 මිල
    24K-102,500.00
    22K-94,000.00

    5. ඔබ තෝරා ගත් රන් ආභරණය 22K නම්

    ඔබ තෝරාගත් රන් ආභරණයේ බර 12.600 (12 ග්රැම් 600 මිලිග්රැම්) නම්

    ඔබ තෝරාගත් රන් ආභරණයේ නියම වටිනාකම

    #22K රන් පවුමක(ග්රැම් 8) මිල- 94,000.00

    #22K රත්තරන් ග්රැම් එකක වටිනාකම-94000/8=රු. 11750.00 කි

    # ඒ අනුව ඔබ තෝරාගත් 12.600 බර ඇති රන් ආභරණයේ රන් ලෝහයේ නියම වටිනාකම-
    11,750x12.600=රු.148,050.00වේ

    මෙය ඔබ ගණනය කළ පසුව මුදලාලි මහතාගෙන් එහි විකුණුම් මිල අසා දැනගන්න.

    6. නියම වටිනාකම සහ විකුණුම් මිල අතර වෙනස වන්නේ
    වැඩ කුලිය (craftsmanship),
    අපතේ යන ප්‍රමානය (Wastage)
    වෙලදසැල් ලාභාංශ (Sales profit)

    ගණනය කර බලා ඒ රන් ආභරණය මිලදී ගන්නවාද නැද්ද ඔබ තීරණය කරන්න.

    තව කෙනෙක් දැනගැනීම සඳහා LIKE FOLLOW , SHARE කරන්න අමතක නොකරන්න
    Gold cylon උපුටා ගැනීමක්
     

    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    Good post machan
    Normally weda kuli , wastage , profit margin monawage rates walinda tiyannee
    ex per pound
    weda kuli = 15%
    westage = 2%
    profit = 20%
     
    • Love
    Reactions: hacker T

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    මොන විදියට රත්තරන් බඩු කාරයෝ හැදුවත් .
    බැංකුවට තියන්න ගිය දවසට තමා දන්නේ කැරට් කියාද කියලා ..
    බැංකුවේ උනුත් බලන්නෙම බාල්දු කරන්න ..
    අර උඩ එක කිව්වා වගේ අනිවාර්යෙන් මැණික් හා ස්වර්ණන්=බරණ අදිකාරියෙන් ටෙස්ට් කරන්න,
    මොන රත්තරන් බඩු කාරයත් මේකට පදිරි ...අනිවාර්යෙන් කැරට් 22 හරි බරට දෙන්න ඕනේ ..
    මම කරලා තියෙනවා අත්දැකීමෙන් කියන්නේ ...