රට කඩනවෝ .... පාවාදෙනවෝ ........ කියන සටන් පාටය වැඩිපුරම පාවිච්චි කරන කොටස් දෙකක් ඉන්නව.
එක කට්ටියක් හාමුදුරුවරු පිරිසක්. හැමෝම නෙවෙයි. අන්තවාදී, ජාතිවාදී අදහස් දරන ඉතාමත්ම සුළු පිරිසක්. හැබැයි ඒ අය නගන හඬට, මේ කියන්නෙ පට්ට පල් බොරුවක් නේද කියල හිතාගන්න තරම් තර්කනයේ හැකියාවක් නැති, තර්ක බුද්ධියෙන් අඩු තවත් පිරිසක් ගොදුරු වෙනව. ඉතින් මෙහෙම හඬ නගන හාමුදුරුවරුන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ සමාජය සාම්ප්‍රදායිකව තමන්ගෙ පාලනය යටතෙම තියාගන්න. මොකද මිනිස්සු නිදහස්ව හිතන්න ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තම ඒ අයගෙ වැරදි ආස්ථාන ප්‍රශ්ණ කරන්න පටන් ගන්න එක නවත්තගන්න.
දෙවෙනි කණ්ඩායම තමයි ඔය ලොකු ලොකු නිල දරාගෙන ඉඳල පෙන්ශන් ගිය සමහර හමුදා නිලධාරි මහත්වරු. ඒ අයට නම් උවමණා තමන්ගෙ දේශපාලන හාම්පුත්තුන්ව බලයට ගෙනල්ල මොකක් හරි තණතුරක් ලබා ගැනීම. මොකද ඒ අයට තනතුරු, බලය, පරිවාර සෙනඟ සහ වාහන නැතුව අපි වගේ සාමාන්‍ය විදියට ඉන්න අමාරුයි. ඒක 'අහම' අවශ්‍යතාවයක්. Ego need.
ඉතින් මේ දෙගොල්ලම තමන්ගෙ සැඟවුන න්‍යායපත්‍ර වෙනුවෙන් රට ගිනි තියනව. මේ කියනදේවල් වල සත්‍ය අසත්‍ය තාවය ගැන දෙපැත්තට දාල තර්ක කරල අවබෝද කරගන්න තරම් බුද්ධිමය හැකියාවක් නැති සාමාන්‍ය ජනතාවගෙන් කොටසකුත් මේ අයගෙ ප්‍රචාරයට ගොදුරු වෙනව.
ඉතින් ඒ සාමාන්‍ය ජනතාවට තේරුම්ගැනීමේ හැකියාවක් නෑ රටේ දැනට තියෙන ව්‍යවස්ථාව වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුවෙ 2/3 කුත්, මහජනයගෙ ජනමත විචාරනයකිනුත් අනුමත වෙලා එන්න ඕන බව. ඒ මිනිස්සු හිතාගෙන ඉන්නෙ හොරෙන් ඇතුලෙ ලියවිල්ලක් හදල ඒකට කවුරුහරි අස්සනක් ගහපුවම නිකම්ම රට කෑලි වලට කඩන්න පුළුවන් කියල.
අනික කාටද එහෙම අවශ්‍යතාවයක් තියෙන්නෙ? එහෙම රට කඩල ආයෙ ඡන්දෙ ඉල්ලන්නෙ කොහොමද ප්‍රධාන පක්ශයක්? පුළුවන් අය මෙන්න මේටික මහජනයට තේරුම් කරල දෙන්න . මහජනයත් ඔය වේදිකා උඩ නැගගෙන කෑගහන උන් කියන දේවල් ඔළුවට දාගන්නෙ නැතිව තමන්ගෙ තර්ක බුද්ධියට දාල විමසල බලන්න ඕන උන් කියන දේවල් වල වියහැකියාවක් තියෙනවද කියල.
තමන් හිතන්න ඕන එකම තර්කය මෙච්චරයි. ලoකාවෙ ප්‍රධාන ප්‍රවාහයෙ තියෙන කිසියම් දේශපාලන පක්ශයක් දෙමල පළාත් කඩල වෙනම ඒ අයට දුන්නොත්, එහෙම කරපු පක්ශෙට ආයෙ කවදාවත් සිoහල පළාත්වල මහජනතාව ඉදිරියට ඇවිල්ල ඡන්දෙ ඉල්ලන්න පුළුවන්ද? කියන තර්කයයි. ඉතින් එහෙම කරන්න තරම් උන් මෝඩද? උන්ට එහෙම කරන්න තියෙන රුදාව මොකක්ද? කියන ටිකත් හිතන්න.
හැබැයි ශීලාචාර විදියට සාකඡ්චා කරල නොබෙදුනු රටක් තුල බලය බෙදීමකට නම් පොදුවෙ කවුරුවත් විරුද්ධ වෙන එකත් වැරදියි. අවසාන වශයෙන් එක දෙයක්, අපේ රටේ මිනිසුන් තේරුම් ගන්න අවශ්‍යයි ඇත්තටම රටට ආදරේ බොරුවෙන් රට ගිනිතියල බලය පැහැරගන්න හදන මිනිස්සුද? නැත්නම් රට ගිනිතියනවට විරුද්ද, සියළුම ජාතීන් අතර සාමය සoහිඳියාව ප්‍රාර්ථනය කරන පිරිසද කියන එක.
ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න