රනිල්ද කරුද සජිත්ද

Jun 19, 2013
437
104
0
රනිල්ද කරුද සජිත්ද

rana55.jpg

එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සඳහා සුදුසුම වන්නේ රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගෙන් කවුරුන්දැයි යන්න තෝරා ගැනීමට එළැඹෙන බස්‌නාහිර, දකුණ සහ ඌව යන පළාත් සභා මැතිවරණය ජනමත විචාරණයක්‌ ලෙස යොදා ගැනීමට එ.ජා.ප. ය සැලසුම් කර ඇත.

ඒ අනුව එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී බස්‌නාහිර - රනිල් වික්‍රමසිංහ, දකුණ - සජිත් ප්‍රේමදාස, ඌව - කරු ජයසූරිය යන ලෙස මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකරමින් ජනමතය උරගා බැලිය යුතු බවට යෝජනාවක්‌ ලබන 07 වැනිදා පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේදී අනුමත කර ගැනීමට නියමිතව ඇතැයි එ.ජා.ප. ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පළාත් සභා තුනේදී එජාපය ලබා ගනු ලබන ජයග්‍රහණ සහ ඡන්ද ප්‍රතිශතය සලකා බලා එහිදී ඉදිරියෙන්ම සිටින පුද්ගලයා වෙත එජාප නායකත්වය පවරන ලෙසට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

එතෙක්‌ එජාප නායකත්වයට වත්මන් උප සභාපතිත්වය දරන ජෝශප් මයිකල් පෙරේරා මහතාව තාවකාලිකව පත් කරන ලෙසට ද මෙහිදී යෝජනා කිරීමට සැරසෙන බවද එජාප ආරංචි මාර්ග කියා සිටී.

මෙම යෝජනාව රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස පක්‍ෂපාතී කෘත්‍යාධිකාරි මණ්‌ඩල සාමාජිකයකු විසින් ගෙන එනු ලබන බවද එම ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ලබන 07 වැනි දින පැවැත්වීමට නියමිත එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීම ඉතා තීරණාත්මක එකක්‌ වනු ඇති අතර පසුගිය 21 දා පැවැති පළාත් සභා මැතිවරණයේදී එජාපය ලද පරාජය මෙන්ම පක්‍ෂ නායකත්වය සම්බන්ධව ඇතිව තිබෙන සියලු ගැටලු මෙම කෘත්‍යාධිකාරි මණ්‌ඩල

රැස්‌වීමේදී විසඳෙනු ඇතැයි ද පැවසේ.​

Source :: http://www.divaina.com/2013/09/29/news01.html