රනිල්ලාගේ චෙස් සහ NPP දාම්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    කට බොරු කීවත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ මෙන්න මේවගේ අවස්ථා වලට තමයි !

    ධනවාදය හා සමාජවාදය සමාජය තුල ක්‍රියාත්මක වෙන හැටි මේ උදාහරනයෙන්ම පේනවා !

    කහට එකක් බිබී, වැල් බයිලා කියා කියා, ගමේ කඩේ දාම් අදින නුගත් ගන්කබරයන් දන්නේ නැති උනාට චෙස් ඇදපු උන් දන්වා , චෙස් වල වටිනාකමින් අඩුම ඉත්තා වන "පොන්" (pawn) ට උනත් අමාරුවෙන් හරි විරුද්ද පැත්තේ අවසාන පේලියට ලගාවුනොත් චෙස් වල බලවත් කමින් වැඩිම ඉත්තා වන "රැජින" (Queen) ගේ සිට ඕනෑම ඉත්තෙක් ගේ තත්වයට පත් වෙන්න පුළුවන් කියලා.

    ඒක තමයි ප්‍රජාතාන්ත්‍රික සමාජයක ගොඩනැගෙන ධනවාදයේ හරය ! කටින් බතල හිටවන්නේ නැතුව මහන්සිවෙලා වැඩ කලොත්, ඉගන ගත්තොත් සමාජයේ ඉහලටම යන්න පුළුවන්.

    නමුත් සමාජවාදයේ දී හැමෝම එකට දුප්පත් කමේ ගිලිලා අනුන්ට ඉරිශියා කර කරා ඉන්නව . එච්චරයි ! හරියට දාම් වල වගේ. මොන දිහාවට ගියත් ඉත්තා ඒ ඉත්තම තමයි . හැමෝම එක සමානයි . එකට දුක් විදිනවා ...


    කියුබාව දැන් ඉන්න තත්වේ පේනවා නේ ...? නටපු නැටුමකුත් නෑ ..., බෙරේ පලුවකුත් නෑ !!


    zsaol5sztqz61.jpg